ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
චරිත්ගෙ සිතුවිලි
Thursday, January 26, 2012
Monday, December 26, 2011
O/L, A/L ICT ටියුෂන්
දැන් ඉතින් SLIIT එකේ ඉගෙන ගෙන ඉවර නිසාත්, කර කර හිටපු රස්සාවෙන් අයින් වුණු නිසාත් අලුතෙන් මොකක් හරි කරන්න හිතුවා. අන්තිම අවුරුද්දෙ "Entrepreneurship" කියන විෂය ඉගෙන ගත්තු නිසා මමම බොස් වෙලා මොකක් හරි පටන් ගන්නයි ආසාව වුණේ.
ඉතින් ඒ අනුව මම හිතුව ටියුෂන් කරන්න පටන් ගන්න. කරන විෂය තමයි O/L සහ A/L ICT. හිතුව විතරක් නෙමෙයි, දැනටමත් පටන් අරන් තියෙන්නෙ. කලින් කර කර හිටියෙ ගෙදරටම ගිහින් ටියුෂන් කරන්න. ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ස්ථිර ස්ථාන දෙකක ඉදල ටියුෂන් කරන්නයි ඉන්නෙ.
ඉතින් ඔය වැඩේට ඕන කරන වැදගත්ම දේ වෙන ප්‍රචාරණයට මම පාවිච්චි කළේ hand bill බෙදන එකයි, පෝස්ටර් අලවන එකයි. මේ දෙකම අන්තිම අසාර්ථකයි මේ කාලෙ නම්. Hand bill බෙදන එවුන් ඒව විසි කරල යනව. පෝස්ටර් ගැහුවම පාප්ප වේලෙන්නත් කලින් වෙන මොකෙක් හරි ඒකෙ උඩින් අලවනව. නැත්නම් පහුවදාට නගර සභාවෙන් ගලවන් යනව.
ඉතින් ඔය හේතුව නිසා මම හිතුව ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට බ්ලොග් එක පාවිච්චි කරන්න. ඉතින් කාට හරි O/L ICT වලට හරි, A/L ICT වලට හරි ටියුෂන් ඕන නම් මට email එකක් දාන්න, තමන්ගෙ දුරකථන අංකයත් එක්ක මෙන්න මේ email address එකට.
charithsriyan@gmail.com
මේ පාර A/L කරපු අයගෙන් ICT වලට revision කරන්න ඕන අයටත්, Chemistry වෙනුවට ICT කරන්න ඉන්න අයටත් ටියුෂන් ඕන නම් ඉහත email address එකට email එකක් දාන්න.
පානදුරේ ටියුෂන් කරන්නෙ "U.E.S." කියල තැනක. 10,11 පන්ති තියෙන්න ඉරිදා හවස් වරුවෙ. 10 ශ්‍රේණියට සවස 2 - 4 දකවාත්, 11 ශ්‍රේණියට 4 - 6.30 දක්වාත් පන්ති පැවැත්වෙනවා.
දෙහිවල කරන්නෙ "සිප්සර" කියල තැනක. 10 ශ්‍රේණියට සෙනසුරාදා උදේ 8 - 10 දක්වාත්, 11 ශ්‍රේණියට සෙනසුරාදා 10 - 12.30 දක්වාත් පන්ති පැවැත්වෙනවා.
ඉතින් කාටහරි O/L, A/L ICT වලට ටියුෂන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉහත email address එකට email එකක් දාන්න කියල ඉල්ලනව. හැබැයි බොරුවට email කිරීමෙන් වළකින්න කියලත් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Monday, November 14, 2011
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?

ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල තිබෙන ඔවුන්ගේ ලාංකීය කාර්යාලයෙන් මට දුරකථකන ඇමතුමක් දී යෝහෝවාගේ පණිවිඩය ගැන මා හට දැන්වීමට කෙනෙකු එවීමට මගේ නිවස පිහිටා තිබෙන ස්ථානය ගැන විමසනු ලැබුවා.
පහත දැක්වෙන්නේ එසේ ආ යොහෝවාගේ සාක්ෂිකරුගෙන් මා දැන ගත් කරුණුයි.
යොහෝවාගේ සාක්ෂිකරුවන් යනු යොහෝවා නමැති දෙවියන් අදහනු ලබන ජනතාවයි. යොහෝවා යනු ජේසු තුමන්ගේ පියා නොහොත් මේ ලොව මැවූ දෙවියන්ය. ඔහුගේ නම "යොහෝවා" ය. ඔවුන් එක් රැස් වී යාඥා කරන ස්ථානය හැදින්වෙන්නේ පල්ලියක් හෝ දේවස්ථානයක් ලෙස නොව "යොහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව" (Kingdom hall) ලෙසය.
සාතන් විසින් පාලනය කරනු ලබන මේ ලොව අනාගතයේදී ජේසු තුමන් විසින් විනාශ කරනු ලබන බවත්, ඉන්පසු දැනට ජීවත් වන අයගෙන් හා මියගිය අයගෙන් තෝරා ගත් 1,44,000ක් මගින් මේ ලොව පාලනය කරන බවත්, ඉතිරි අය විනිශ්චයකට ලක් කොට පාරාදීසයක් බවට හැර වූ පොළොව මත සදාකලික ජීවනයක් ලබා දෙන බවත් ඔවුන් පවසා සිටියා.
එමෙන්ම ඔවුන් විශ්වාස කරන ආකාරයට ජේසු තුමන් මරා දැමුවේ කුරුසයක ඇණ ගැසීමෙන් නොවේ. ඔහුව ඇණ ගසා මරා දමන ලද්දේ තනි ලී කණුවක අත් දෙක ඉහලට සිටින සේ එල්ලා තැබීමෙනි.
මේ ඔවුන් විසින් නොමිලේ දෙන ලද පත්‍රිකා හා පොත් පත් කිහිපයය.
මොවුන් විසින් පුන පුනා පැවසුවේ යොහෝවාගේ සාක්ෂිකරුවන් කිසි දිනෙක මුදල් දී අන්‍යාගමිකයන් යොහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් නොකරන බවත්, ලෙඩ රෝග ආදිය සුව නොකරන බවත්ය. එමෙන්ම ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇති "බයිබලසේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු" යන පොතෙහි ඇති පාඩම් 19 නොමිලේ නිවසටම පැමිණ ඉගැන්වීමටද ඔවුන් විසින් කැමැත්ත පළ කරන ලදී. මෙම පාඩම් මාලාවෙන් පසු තමාට අවශ්‍ය නම් පමණක් බෞතිස්මය ලබා යොහෝවාගේ සාක්ෂිකරුවෙකු වීමට හැකි බවද ඔවුන් විසින් පවසන ලදී. එමෙන්ම ඔවුන්ගේ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන යාඥා මෙහෙයන් සඳහා පැමිණෙන ලෙසද ආරධනා කරන ලදී.
පහත දැක්වෙන වීඩියෝවේ ඇත්තේ යොහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සංක්ෂිප්ත විස්තරයකි.

Sunday, October 30, 2011
Tuesday, September 20, 2011
සෙනසුරාදත් ගියා, හෙටත් යනවා
පොත් ප්‍රදර්ශනේ පටන් ගත්ත දවසෙ උදේ 10 වෙද්දිම ප්‍රදර්ශනය බලන්න ගියත් කිසිම පොතක් ගත්තෙ නම් නෑ. ඒකට හේතුව වුණේ එදා අතේ සල්ලි නොතිබීමත්, හදිස්සියෙම යන්නට සිදු වීමත්. ඉතින් හෙට තමයි පොත් ගන්න යන්න හිතන් ඉන්නෙ.
හෙට ගන්න හිතන් ඉන්න පොත් තමයි මේ.
උපුල් ශාන්ත සන්නස්ගලගෙ පොත් කීපයක් ගන්න උවමනාවක් තිබ්බත් පොත් ප්‍රදර්ශනයෙන් නම් එයාගෙ පොත් ගන්න එක ලාබ නෑ. එතන ලැබෙන්නෙ 20%ක විතර වට්ටමක්නෙ. ඊට වඩා 40%ක වට්ටමකට එයාගෙ පොත් හා සංහිඳ එකෙන් ගහපු අනික් පොත් ගන්න පුළුවන්, නුගේගොඩ තියෙන සංහිඳ මුද්‍රණාලයට ගියාම. ගිය පාර ප්‍රදර්ශනයෙන් සන්නස්ගලගෙ පොත් අරන් ඔය මෝඩකම කරපු නිසා, මේ පාරනම් එයාගෙ පොත් නම් ගන්නෙ නෑ.
තව ගන්න ඉන්න පොත් තමයි සයිමන් නවගත්තේගම ලියපු පොත් වලින් දැනට මුද්‍රණය කරල තියෙන පොත් තුන. මේ ගැන ලිපියක් කලින් ලියපු නිසා ඒ ගැන මෙතනින් බලන්න.
තව පොත් ගන්න හිතන් ඉන්න ලේඛකයො තමයි කේ. ජී. කරුණාතිලක, ජයසේන ජයකොඩි, සුගතපාල ද සිල්වා වගේ අයගෙ පොත්. ඒ ඇරෙන්න අනෝමා ජනාදරීගෙ "පුනරුක්ති" කියන පොතත් හිතුනොත් ගන්නව. හැබැයි වැඩක් තියෙන පොතක් කියල නම් හිතන්න බෑ. සල්ලි ඉතුරු වුණොත් විතරක් ගන්නව. තව "නිරුවත් වානරයා" පොතත් ගන්න හිතන් ඉන්නව. සමින්ද ලංකා සමරසිංහ ලියපු "බැමි" කියන පොතත් ගන්න හිතා ගෙන ඉන්නව.
මේ පාර පොත් ගොඩක් ගන්න බලාපොරොත්තුවක් නෑ. ගොඩක් අරන් තියා ගන්න තැනකුත් නෑ. ඒ නිසා අවශ්‍යම පොත් ටිකක් විතරයි ගන්න හිතන් ඉන්නෙ.
තව ගන්න හොඳ පොත් තියෙනවනම්, ඒ ගැන කියල comment එකක් දාල යන්න.

Monday, September 19, 2011
සයිමන් නවගත්තේගමගෙ පොත්වලට ආස කවුද?
සුභ ආරංචියක් කියන්න තියෙනව. කාලයක් හොයා ගන්න බැරුව තිබ්බ සයිමන් නවගත්තේගම මහත්මයගෙ පොත් කීපයක නැවත මුද්‍රණයක් "ෆාස්ට් පබ්ලිෂින්" ආයතනය කරල තියෙන්ව. 25%ක වට්ටමක් පොත් ප්‍රදර්ෂණයෙ දෙනව. මරදානෙ සුරස පොත් හලෙත් 25%ක වට්ටමක් මේ මාසෙ පුරාම දෙනව. දැනට මුද්‍රණය කරල තියෙන්නෙ "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා", "දඩයක්කාරයාගේ කතාව" සහ "සුභ සහ යස" කියන පොත් තුන විතරයි. ලබන මාසෙදි "සංසාරණ්‍ය අසබඩ" හා "සුද්දිලාගෙ කතාව" කියන පොත් දෙකත් මුද්‍රණයෙන් පිට වෙනවලු.
පුළුවන් අය මේ පොත් ටික අරන් කියවන්න. වෙනස් විදිහක සිංහල නවකතා කියවන්න කැමති අයට හොඳ පොත් ටිකක් තමයි මේ. ඒ වගේම අවුරුදු ගාණකට මේ පොත් ටික ආපහු මුද්‍රණයකින් පිට වෙයිද කියල හිතන්නත් අමාරුයි.

Friday, September 9, 2011
රස්සාව
topjobs වල කරක් ගහල vacancies ගොඩකට apply කළා.
එයින් එකක interview ගිහින් අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තා.
Training එකටත් ගියා.
Production එකට ගිහින් දවස් තුනකින් නොදන්වාම නිවාඩු 2ක් ගත්තා.
ආපහු රස්සාවට යන්නද? එපාද? නැත්නම් දැනටමත් මාව රස්සාවෙන් අයින් කරල ඇද්ද?
පළවෙනි රස්සාවෙ මේ වගේ අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දීල යන්න.
Subscribe to:
Posts (Atom)