Sunday, November 30, 2014

කියවන්න පොත් 8ක්

සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.


ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් මෙන්න මේ පොත් ටික හොයා ගෙන කියවල බලන්න කියල ඉල්ලා හිටිනව.



1. පිච්චමල


2. අරලියමල් ආරාමය


3. මහමෙර


4. උපේකා


5. පින්කෙත


6. සිල් සුවඳ


7. සුදු නෙළුම


8. තෙර තරණය

Sunday, September 14, 2014

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2014 - Colombo International Book Fair 2014

September 10

අද ගත්ත පොත්

මුල්ම දවසෙම ප්‍රදර්ශනේට ගියා. පොත් 5යි ගත්තෙ. වෙනද නම් අතින් කටින් එල්ලන් එන්නෙ. පොත් වලට ගිය මුළු වියදම රුපියල් 1840. කෑම, බීම, ටිකට් එකට, බස් ගාස්තු එකතු වුණාම සම්පූර්ණ වියදම වුණේ රුපියල් 2033.




https://www.facebook.com/groups/134123179997191/permalink/706758049400365/




September 10

අද මුල්ම දවසෙම පොත් ප්‍රදර්ශනේට ගියා. ගත්ත පොත් ගැන විස්තරයක් පින්තූරත් එක්කම දැන්ම. ලේඛකයො කීප දෙනෙක්මත් හම්බ වුණා. මුලින්ම මුණ ගැහුනෙ සේනාරත්න වීරසිංහ මහත්මයව. ඪීන් තෙ ඹූක්මන් බර්ගඉන් පොත් කඩේදි මුණ ගැහුනෙ. මනෝරාම ගැනත් ඇහුව. (හරියට මං දන්න කියන කෙනෙක් වගේ. කිසිම දවසක දැකලවත් නෑ. කතා කරලත් නෑ. හැබැයි දාන පොස්ට් නම් කියවනව. ඒ ඇඳුනුම් කමටයි ඇහුවෙ.)

ඊට පස්සෙ හම්බ වුණා ටී. අන්ද්‍රාදි මහත්මයව. ඒත් බර්ගඉන් පොත් කඩයක් වෙච්ච Sඅරත් ඹූක්ස් වලදි.

ඊට පස්සෙ දැක්කෙ මෙන්න මේ ලේඛකයන්ව. මොහාන් රාජ් මඩවල, මහින්ද කුමාර දළුපොත, මහාචාර්ය ජේ. බී. දිසානායක, නාලන් මෙන්ඩිස්. (නාලන් මෙන්ඩිස් ක්‍රිකට් ගැන පොතක් ලියල තියෙනවා.) කැළණියේ පන්සලේ ලොකු හාමුදුරුවන් වන මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේත් වැඩල හිටිය.

සමස්තයක් විදිහට කියන්න තියෙන්නෙ පොත් කඩවලට වඩා කෑම කඩ හොඳයි කියලයි. දැන් පොත් ප්‍රදර්ශනේ බහින කාලය ඇවිල්ලයි කියලයි මට හිතෙන්නෙ.





September 11

මම මුලින්ම පොත් ප්‍රදර්ශනේට ගියේ මතක විදිහට 2005දි. ඒ අවුරුද්දෙ නම් බියර් විකුණන්නත් තිබ්බ. ඊට පස්සෙ නම් බියර් විකිණිල්ලක් දැක්කෙ නෑ.

අවුරුදු 9ක් තිස්සෙම පොත් ප්‍රදර්ශනේට ගිය කෙනෙක් විදිහට මට පේන්නෙ පොත් ගන්න එන අයට වඩා පොත් බලන්න එන අය ප්‍රමාණය වැඩි වෙලා කියලා. සමහරු ඇත්තටම පොත් ගන්න උවමනාව තිබ්බත් සල්ලි නැති නිසා පොත් බලල යන්න එනවා. ඒ වගේම කෙල්ලෙක්ව සෙට් කර ගන්න එන අය, කන්න බලන්න එන අය වගේ අයත් දකින්න පුළුවන්. ඉස්සරත් එහෙම අය හිටියට දැන් ඒ ප්‍රමාණය වැඩි වෙලා.

ඒ වගේමයි අපිට දෙන වට්ටමත් එන්න එන්නම අඩු වෙලා. ඉංග්‍රීසි පොත් විකුණන්න තියෙන කඩ ප්‍රමාණයත් සංඛ්‍යාත්මකව අඩු වෙලා. අපේ රටේ ජාතික භාෂාවක් වෙච්ච දෙමළ පොත් කඩ කීයද තිබ්බෙ? ඒ නිසා දෙමළ පොත් කියවන දෙමළ, මුස්ලිම් ජතිකයන්ගේ ප්‍රමාණයත් සාපේක්ෂව අඩු වෙලා. ඉස්සර මීට වඩා ප්‍රමාණයක් දෙමළ, මුස්ලිම් අය බලා ගන්න පුළුවන් ප්‍රදර්ශනේදි. ප්‍රදර්ශනේ දැක්කම මට හිතෙන්නෙ මේක සිංහල පුළුවන් මිනිස්සුන්ට විතරක් තියෙන ප්‍රදර්ශනයක් කියලයි.

තව ටික කාලෙකින් මේ වගේ දේවලුත් ප්‍රදර්ශනේදි දකින්නට ලැබෙයි. කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳේ බයිසිකල් පැදීම, තාරාවට වළලු දැමීම වගේ දේවලුත් දකින්නට ලැබුණොත් පුදුමයක් නෙමෙයි.





September 12

දෙවෙනි වතාවටත් පොත් වන්දනාවේ යාම.

අදත් පොත් ගන්න ගියා. මේ තියෙන්නෙ ගත්තු පොත් වල මිල ගණන් එක්ක ගත්තු තැන ගැන විස්තරයක්.

1. මුලින්ම ගියේ ඵෙරෙර-Hඋස්සේන් කුටියට. ඹ්ලුඑ කියන පොත ගත්තෙ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු පොතක්. මම පොත මිලදී ගන්නකොට ඇමීන Hඋස්සේන් මහත්මිය පොඩි විහිළුවකුත් කළා මට ඔය පොත ගන්න තරම් වයසක් නෑ කියලා. ඇමීන Hඋස්සේන් මහත්මිය පොත අත්සන් කරලම දුන්නා. පොතේ මිල වුණේ රුපියල් 560.

2. ඊට පස්සෙ පොතක් ගත්තෙ Sඅරත් ඹූක්ස් වලින්. E.M. Fඔර්ස්ටෙර්ගෙ ඇ ඵස්සගෙ ඨො ඓන්ඩිඅ පොත. මිල වුණේ රුපියල් 250.

3. අන්තිමට පොත් ගත්තෙ Wඅර්නසුරිය ඹූක් ෂොප් වලින්. පොත් 3ක් ගත්තා. ඵ්.S. ඓ ළොවෙ ‍යොඋ, Eඅට්, ඵ්‍රය්, ළොවෙ අන්ඩ් ථෙ Oතෙර් ඹොලෙය්න් ඝිර්ල්පොත් 3ම මිල රුපියල් 1300.

පොත් වලට විතරක් වියදම ගියා රුපියල් 2110. නාරං කැවුම් 1යි, වැලි තලප කෑලි 1යි, ස්ට්‍රෝබෙරි බීම එකටයි රුපියල් 170ක් ගියා. බස් ගාස්තු රුපියල් 23. ටිකට් එකට එකට රුපියල් 20. අද මුළු වියදම වුණේ රුපියල් 2323. පොත් ප්‍රදර්ශනේට ගිය දවස් දෙකේම මුළු වියදම රුපියල් 4356. ඉරිදත් යන නිසා තව රුපියල් 2000කට කිට්ටු ගාණක් ඕකට එකතු වෙයි.










September 12

පොත් ප්‍රදර්ශනේ තුන්වෙනි දවස වෙච්ච අද, මම දෙවෙනි වතාවටත් නිකන් ඉන්න බැරි කමට ප්‍රදර්ශනේට ගියා. මේ ඒකෙදි මට අත්දකින්න ලැබිච්ච අත්දැකීම් ටිකක්.

පළවෙනි දවසට වඩා වැඩි සෙනඟක් අද ඇවිත් හිටියා. පළවෙනි දවසෙ දකින්න හිටියෙ නැති පාසල් ළමුන් ගොඩක් දෙනෙක් අද ඇවිත් හිටියා. ඒත් ගොඩක් ළමයින්ගෙ අතේ තිබ්බෙ පොත් වෙනුවට මැගී නූඩ්ල්ස්. නැත්නම් අයිස්ක්‍රීම්. පොත් අරන් හිටපු ටික දෙනාගෙන් බහුතරයකගෙ අතේ තිබ්බෙ විෂායානුබද්ධ පොත් මිසක් නවකතා වගේ පොත් නෙමෙයි.

ගොඩක් ඉස්කෝලවල ළමයින්ව ගුරුවරු එක්ක ගියේ පෝලිම් ගස්සවලා. හරියට නිකන් සත්තු වත්ත බලන්න හරි, කටු ගේ බලන්න හරි යනව වගේ. කෝච්චියක් යනව වගේ පිටිපස්සෙ කෙනා ඉස්සරහ කෙනාව තල්ලු කරන් යන එකෙන් වෙන්නෙ ඒ ළමයින්ට පොතක් තෝර ගන්නවත්, අඩු ගානෙ පෙරළල බලන්නවත් වෙලාවක් නැති වීම. පොත් ගන්න ආපු අනිත් අයටත් ඒක කරදයක්.

ඕකට විසඳුම විදිහට මට හිතෙන්නෙ ළමයින්ට පොත් ගන්න නිදහස දීල නියමිත වෙලාවකට එක ස්ථානයකට එන්න කියල කීම. ඔය විදිහෙන් පොත් ගන්න ඇත්තටම ආපු අයට පොත් ගන්නත්, පොත් පෙරළල, අත ගාල යන්න ආපු අයට ඒ වැඩේ කර ගන්නත්, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් කන්න ආපු අයට ඒවා කන්නත්, තමන්ගෙ ඉස්කෝලෙ කෙල්ල එක්ක ආපු අයට තමන්ගෙම ලෝකෙක තනි වෙන්නත්, පොත් ගන්න එන අක්කල, ඇන්ටිලව බලන්න ආපු අයට ඒක කර ගන්නත්, කොළඹ රස්තියාදුවක් ගහන්න ආපු අයට රස්තියාදුවක් ගහන්නත් ඔය ක්‍රමයෙන් පුළුවන් වෙනවා.

තව ඉතින් ගැහැනු ළමයෙක්ට ඉන්න තැනකින් එන්න කියල කීප සැරයක් අන්නොඋන්cඑ කරනවත් අහගන්න පුළුවන් වුණා. සමහර වෙලාවට ඒ ළමයා කොල්ලෙක් එක්ක ටික වෙලාවකට ගල් වෙන්න ඇති. නැත්නම් ඇත්තටම අසනීපයක් වෙලා හරි, නැත්නම් අතරමං වෙලා හරි වෙන්නත් ඇති.

මුල්ම දවසෙ යන්න බැරි වෙච්ච චීනගෙ පොත් කුටියටත් ගියා. යන කොටම ලස්සන නංගිලා දෙන්නෙක් ඉදල මාව පිළිගත්තා. ඒත් අනේ ඒකට ගිය මෝඩකම කියල හිතුනේ පොත් දිහා බැලුවමයි. පොත් 5,6ක් ඇරෙන්න ඔක්කොම චීන පොත්. තියෙන ඉංග්‍රීසි පොත් ටිකත් ගිනි ගණන්. අවම මිල ආසන්න වශයෙන් රුපියල් 1500කට වැඩියි. චීන තේ හදල බොන හැටි තියෙන පොතක් රුපියල් 5000ක් විතර. චීනටත් රුසියන් කාරයා වගේ තමන්ගෙ සංස්කෘතිය මෙහෙ පතුරුවන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ ඔය චීන පොත් ටිකක් සිංහලට පරිවර්තනය කරල දාන එකයි. නැතුව ඔය චීන පොත් ලොකු ගාණක් දීල අරන් ගිහිල්ල කඩල කාරයෙකුට විකුණන්නයැ. නැත්නම් අපිත් චීන දන්නවයි කියල ගෙදර පොත් ගොඩ ගහල තියා ගන්නයැ. ඔය චීනට දීල තියෙන ඉඩ ප්‍රමාණය පරණ පොත් විකුණන අයට දුන්න නම් ඔයිට වඩා සේවයක් පොත් ගන්න අයට සිද්ධ වෙනවා.

අර රහත් වෙච්ච හාමුදුරුවො දාල තියෙන පොත් කුටියට නම් වැඩිය සෙනඟක් පේන්න හිටියෙ නෑ. කහ සිවුරු ඇඳ ගත්තු හාමුදුරු දෙනමක් නම් හිට ගෙන ඉන්නව දවස් දෙකේම දැක්කා. හැබැයි එතන වැඩ කරන ගෑනු කට්ටිය නම් හොඳට ප්ලාස්ටික් පුටු වල වාඩි වෙලයි හිටියෙ. අර හාමුදුරුවරු දෙන්න අද නම් හිටියෙ සසර කළ කිරිච්ච මූඩ් එකකින්. හිටගෙන ඉඳලම එපා වෙලා වෙන්න ඇති.

අදනම් ලේඛකයො දෙන්නෙක්ව විතරයි දැක්කෙ. පළවෙනි කෙනා තමා ඇමීන Hඋස්සේන්. මාත් එක්ක විහිළු කර කර, පොත් ගැන විස්තර කිය කියා මිනිත්තු දහයක් විතර ගත කළා. ඇමීන Hඋස්සේන්ගෙන් ගත්තු පොත ගැන වෙනම පොස්ට් එකක් අද දැම්මා.

ඊට පස්සෙ දැක්කෙ සමන් අතාවුදහෙට්ටි මහත්මයව. දැක්ක මිසක් කතා කරන්න ලැබුනෙ නෑ.

ඊළඟට දැක්ක සුවිශේෂම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. දවල් 11ට විතර වාහනෙන් සිරිමාවෝ බණ්ඩාරණායක ශාලාව පැත්තට යනවා දැක්කා. මොනව වුණත් අපිට පේන්න පොත් පෙරළන්නෙ නැතුව පොත් කියවන කෙනෙක් වෙච්ච එක ගැන එකම ඉස්කෝලෙ ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මට නම් සංතෝෂ වෙන්න පුළුවන්.

කෑම කඩ ගැනත් දෙයක් කියන්න ඕනෙ. ඒවල දාල තියෙන පුටු වල ඉඳ ගත්තු මිනිස්සු ආපහු තව කෙනෙකුට කන්න ලේසියෙන් නැගිටින්නෙ නෑ. කාල ඉවර වෙලා නැගිටල යනව නම් තමා හොඳ. මහන්සි වුණත්, කකුල් රිදුණත් පුටුවක වාඩි වෙලා ගොඩක් වෙලා ගත කිරීමෙන් වෙන්නෙ තව කෙනෙකුට කන්න තියෙන තැනක් නැති වෙන එකයි. ඒ ගැනත් වාඩි වෙලා කන බොන මිනිස්සු හිතුවනම් තමා හොඳ.

මනෝරාම වීරසිංහගෙ තාත්තට අයිති පොත් කුටියටත් ගියා. ඒත් ඒක පිහිටල තියෙන තැන නම් පොත් විකුණන්න හොඳ තැනක් කියල හිතන්න අමාරුයි. බහුතරයකට ඒ පොත් කුටිය මඟ ඇරෙන්න තියෙන අවස්ථාව වැඩියි. එඩ්වඩ් මල්ලවආරච්චි මහත්මයගෙ පොත් කුටියත් දකින්න තිබ්බෙ නෑ. මනෝරාමලගෙ පොත් කුටිය වගේ ඒකත් කොහෙ හරි තැනක හැංගිල තියෙනවද දන්නෙත් නෑ.

අද යන්නතම් ගුඉඩෙ මප් එක ලැබුණා. ඒත් ඕකෙන් බල බල පොත් කුටි හොයන් යන පුරුද්දක් මට නම් නෑ. ඝුඉඩෙ මප් එක ගත්තු ගොඩක් අය ඇතුල් වෙන කොටම ඒකෙන් පොත් කුටි හොයා ගන්න උත්සාහයක් ගන්නව දැක්කත් ඊට පස්සෙ නම් ඕක දිහා බලන අය මම දැක්කෙ අඩුවෙන්.

නෙත් FM එකේ බැලුම්ගලෙන් දාපු කුටියක් ළඟ දිග පෝලිමක් තියෙනව දැක්ක. පෝලිම දිග වැඩි නිසා ඒකට ඔළුව දාන්න ගියේ නෑ. ඵොර්ට්‍රඉට් චිත්‍ර අදින කට්ටියටත් මේ පාර හොඳ තැනක් ලැබිල නැති පාටයි. ඒගොල්ලොත් හිටියෙ සිරිමාවෝ එකේ එළියෙ අස්සකට වෙන්න. වෙනද වගේ එළියෙ තැනක නෙමේ.

අන්තිමට කියන්න දේවල් 2ක් තියෙනවා. පළවෙනි එක තමයි ඉංග්‍රීසි පරණ පොත් ගන්නවනම් Wඅර්නසුරිය ඹූක් ෂොප් (Hඅල්ල් ඝ් 255-256) එකට යන්න. හොඳ තත්ත්වයේ ඉංග්‍රීසි නවකතා පොත් රුපියල් 400 - 500 අතර මුදලකට එතන තියෙනවා.

අනිත් දේ තමයි ඔබ ප්‍රසිද්ධ වෙච්ච නවකතාවක් ගන්නකොට ප්‍රකාශකයා හා අනිත් පොත් කඩත් එකම මිලකට, එකම වට්ටමක් දෙනව නම් පොඩි පොත් කඩේකින් ගන්න කියන එක. ඒකෙන් තමන්ටත් නිදහසේ, තෙරපෙන්නෙ නැතුව පොත තෝර ගන්න ලැබෙනවා. ලොකු ලොකු තල්මස්සු වෙච්ච පොත් මුදලාලිලා වගේම පොඩි පොඩි පොත් මුදලාලිලාටත් ඒකෙන් සෙතක් වෙනවා. නැත්නම් ඒ මිනිස්සුත් ප්‍රදර්ශනෙන් ටික ටික හැලිල යාවි.

එදා වේල ටුවර්ස් දුවන මට මේ වෙනකොට රුපියල් 4356ක් වියදම් වෙලා තියෙනවා. ඉරිදත් යන්න ඉන්නවා "හමුවෙමු" ග්‍රොඋප් එකේ යාළුවන්ව මුණ ගැහෙන්න. එදාට ගියාම ගන්න ඉන්නෙ ඵෙරෙර-Hඋස්සේන් එකෙන් තව පොත් ටිකක් ගන්නයි, තව බර්ගඉන් කඩවලින් පොත් ටිකක් ගන්න එකයි තමයි. සල්ලි ඉතුරු වුණොත් ඹ්‍රිටිශ් Cඔඋන්cඉල් පුස්තකාලෙ සාමාජිකත්වයත් ගන්න හිතන් ඉන්නවා.





September 12

ගොඩක් අය පොත් ප්‍රදර්ශනයේ තියෙන බර්ගඉන් පොත් කුටි ගැන අහල තිබ්බ නිසා මේ විස්තරය දාන්නෙ. මං ගිය කුටි අංක තමා පහත දක්වලා තියෙන්නෙ. (මේවයින් මගේ මුල්ම තේරීම වෙන්නෙ Wඅර්නසුරිය ඹූක් ෂොප් එක. පොත් වල තත්ත්වය හොඳයි. ගොඩක් ඒව අළුත් පොතක් වගේමයි. කිසිම වෙනසක් හොයා ගන්න නෑ පරණ පොතක් කියල.)

Warnasuriya Book Shop - Hall G 255-256

Sarath Books - Hall L 310

Deen The Bookman - Hall L 308-309

Samayawardhana, Sarasavi and Vijitha Yapa bargain book stalls - Hall K





September 14

තුන්වෙනි වතාවටත් පොත් ප්‍රදර්ශනේට අද ගියා. පොත් ගන්න නෙමේ, කන්න. අයිස්ක්‍රීම් සිට පොප්කෝන් දක්වාත්, නාරං කැවුමේ සිට පිට්සා කෑල්ලක් දක්වාත්, තැඹිලි ගෙඩියේ සිට කෝක් එකක් දක්වාත්, අවසානයේ ගල්කිස්ස හෝටලයේ ෆ්‍රයිස් රයිස් එකක් දක්වාත් කෑම බීම භුක්ති වින්දා. ගෙදර ගිහින් තේ බොන ගමන් හවසට කන්න ආස්මි එකකුත් අරන් ගියා.

අද බුඩ්ගෙට් එක විදිහට රුපියල් 5000ක් ගෙනිච්චත් කිසිම පොතක් ගන්න කිට්ටු කරන්නවත් බෑ. නිකන්ම තල්ලු වෙලා යනව මිසක් පොතක් තෝරන්න හම්බ වෙන්නෙ නෑ. ඒ නිසා හොඳල කාල බීල ආවා ඒ සල්ලි වලින්. (කන්නත් පෝලිම්. දුක තමා හැමෝම කන නූඩ්ල්ස් මේ අවුරුද්දෙ මට කන්න නොලැබීම.)

දැන් ඉතින් ලබන අවුරුද්දෙ වෙනකම් පොතක් ගන්න ඉන්න වෙනව. එතකල් පුස්තකාල වල පිහිට තමා.

ලබන අවුරුද්දෙ මීටත් වඩා සාර්ථකව කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳේ බයිසිකල් පැදීම, තාරාවට වළලු දැමීම වගේ අංග සහිත, කෑම බීම කඩ වැඩි, පොත් කුටි අඩු, පොත් මිල වැඩි, වට්ටම් අඩු, සම්මාන බලු පොර වැඩි සාර්ථක පොත් කානිවල් එකක් දකින්නට හැකි වේවා!!!

Thursday, August 28, 2014

ෆ්ලෝටින් මාර්කට් ගියෙමි


නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ.

බුලත්, පුවක්, දුම්කොළ විකුණන කාන්තාවකුත් හිටියා. ඒ මිනිස්සුත් තමන්ගෙ රස්සාව කරන්න ඕනෙ කමට ඉන්නව මිසක් ලාබයක් ගන්නවයි කියලනම් හිතන්න බෑ එතන.




එක තැනක තිබ්බ කඩේකින් බඩගින්න නිසා ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් කෑවා. මම ඉල්ලුවෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒත් දුන්නෙ මාළු කෑල්ලක් එක්ක. චිකන් නෑ කිව්වෙ කෑම එක ගෙනත් දුන්නටත් පස්සෙ. මාළු ඇඹුල් තියල් කියල කිව්වෙ. ඒත් දුන්නෙ බල මාළු කෑල්ලක්. කඩේ අයියලගෙ තිබ්බ මරුමුස් පෙනුමත් එක්ක තනියෙන් ගහ ගන්න යන්න බැරි නිසා කාලා ආවා. රුපියල් දෙසීයට ඒ ෆ්‍රයිඩ් රයිස් එක නම් හොඳටම පාඩුයි.



ආපහු නම් ෆ්ලෝටින් මාර්කට් එක පැත්තෙ යන්න කිසිම අදහසක් නෑ. නිකන් ගිහිල්ල ඇවිදල එන්න විතරක් නම් හොඳ තැනක්.



Wednesday, July 30, 2014

පරිවර්තනය vs අනුවාදය - 2

පළමු කොටස මෙතනින් බලන්න.

(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)

අනෙක් අතට

1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත.

2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත පරිදි, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදයෙන් ඉවත් කළ හැකි ය. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමට ද පුළුවන.

3. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම සිංහල අනුවාදයේ දී ඉදිරි පත් කිරීම අවශ්‍ය නැත.

4. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයා ගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘත හෝ කළ හැකි ය. සිංහල ඌරුවට යැ යි කියමින් සිංහල නම් ද යෙදිය හැකි ය.

5. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසය ම හා රචනා ශෛලිය ම අනුගමනය කිරීම අවශ්‍ය නැත. අනුවාදකයාට සිතෙන අන්දමේ නැත හොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැකි ය.

6. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස සම්පූර්ණයෙන් දීම අවශ්‍ය නැත. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය.

7. අනුවාදනයේ දී, එම අනුවාදය මුල් කෘතියෙන් බොහෝ අංගවලින් වෙනස් විය හැකි ය.

8. අනුවාදකයාට පරිවර්තකයාට නො තිබෙන ලොකු නිදහසක් ඇත.

ඉහත දැක්වූ කරුණුවලින්, පරිවර්තනය හා අනුවාදය අතර ඇති ඉමහත් වෙනස මනා ව පැහැදිලි වෙයි. මේ අනු ව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක්, එම ලේඛකයා එය ලියූ අයුරින් ම, භාෂාවේ වෙනස් කම පමණක් ඇති ව, සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව කියවා, පූර්ණ සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථය පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුත්තේ එම ග්‍රන්ථයේ පරිවර්තනයක් ම විනා අනුවාදයක් නම් නො වේ. අනුවාදයක් කියවීමෙන් ලබා ගත හැක්කේ එම ග්‍රන්ථය පිළිබඳ ව අල්ප මාත්‍ර දැනුමක් පමණි. ඇතැම් විට එම දැනුම වැරදි දැනුමක් වීමට ද ඉඩ තිබේ.

දැනය සිංහලයට නැඟී ඇති විදේෂීය සාහිත්‍ය කෘති අතුරෙන් සියයට අනූවකට ද වඩා ඇත්තේ අනුවාද කෘති ය. එයට හේතුව, පරිවර්තනය කිරීමට වඩා අනුවාදය කිරීම ලෙහෙසි හා සුකර කාර්යයක් වීම ය. එ පමණක් නො ව, එහි වග කීම ද අඩු ය. අනුවාදකයාට මුල් කෘතියේ ගැටළු තැනක් හමු වුව හොත්, නැති නම් නොතේරෙන තැනක් හමු වුව හොත්, ඒ තැන අත් හැර දමා, අනුවාදය කර ගෙන යා හැකි ය. පරිවර්තකයාට එ සේ කළ නො හැකි ය.

එම නිසා සිංහලයට නඟන ලද විදේශීය කෘති තෝරා ගැනීමේ දී, පාඨකයා ඉතා පරීක්ෂාකාරී විය යුතු ය: ඉතා විමංසන ශීලී විය යුතු ය. නො එ සේ වුව, පියවරක් පියවරක් පාසා ඇති අනුවාද නමැති බොරු වළවල වැටීමට ඉඩ ඇත.

Saturday, June 21, 2014

නීතියක් නැති රටක සිට ලියමි

දැන් රටේම මාතෘකාව වී ඇත්තේ සිංහල - මුස්ලිම් ප්‍රශ්නය ගැනය. මේ ඒ ගැන මට හිතෙන විදියය.

නීතියක් නැති රටක් කීවාට මා දන්නා තරමින් අපේ රටේ නීති 5ක් ඇත. වෙනත් රටවලත් මේ වගේ මහ ජාතීන්ට වෙනම නීතියකුත්, සුළු ජාතීන්ට වෙනම නීතියකුත් තියෙනවාදැයි නොදනිමි. මොන නීති තිබ්බත් ඒ නීතිය ලොකු ලොකු මෝරුන්ට හා තල්මසුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත. මොන නීතියත් ඇත්තේ හාල්මැස්සන්ටය.

බේරුවල, අලුත්ගම ඇවිලුණු ගින්න තව ටික දිනකින් පාණදුරටත් පැමිණීමට ඉඩ ඇත. (පාණදුර යනු මා උපන්දා සිට සිටින නගරයයි.) අද අළුයම පාණදුර No Limit එකත් ගිනි ගෙන ඇත. එක්කෝ ඔවුන්ම ගිනි තියා ගත්තා විය හැකිය. නැත්නම් මාධ්‍ය ප්‍රකාශ කරන ලෙස විද්‍යුත් කාන්දුවකින් ගින්න හට ගෙන ඇත. තමුන්ම ගිනි තියා ගත්තා නම් ඒ කරන්නට ඇත්තේ සිංහලුන් පිට වරද පැටවීමට විය හැක. ඒ ගමන්ම විශාල වන්දියක්ද ලබා ගත හැක. එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ ලංකාව අපකීර්තියට ලක් කිරීමටද පුළුවන. එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම බිලී බා ගැනීමට පුළුවන. මොවුන්ගේ අතීතය අනුව එවැනි දෙයක් නොකරතැයි කිය සිතා ගැනීමටත් බැරිය.

මේ දවස්වල බුකියේ මුස්ලිමුන්ට දැමිය යුතු නීති ගැන දකින්නට ඇත. එයින් කියවෙන එකක් නම් මුස්ලිමුන්ට දරුවන් දෙදෙනෙකු පමණක් හැදීමට හැකි වන ලෙස නීති පැණවිය යුතු බවයි. මෙවැනි නීතියක් අපේ දේශපාලුවන් විසින් නීති ගත කරනවායැයි සිතීමටවත් බැරිය. ඔවුන්ට හැමදාමත් ලොකු මුස්ලිමුන් නිසාය.

මට හිතෙන හැටියට නම් කළ යුත්තේ මෙවැනි දෙයකි. එය ඉතාමත් පහසු දෙයකි. එනම් මුස්ලිම් ව්‍යාපාර සම්පූර්ණයෙන් වර්ජනය කිරීමයි. මුදල් නැති වන විට හම්බයින්ගේ උපත් පාලනයත් ස්වභාවිකවම සිදු වනු ඇත. ඉතාමත් සුළු ලාබයක් තකා හම්බ කඩ වෙත යාම සම්පූර්ණයෙන් නැවැත්විය යුතුය. මෙය තම තමාගේ කැමැත්ත අනුව සිදු වන්නකි. කාටවත් බල කිරීමක් නැත. කැමැත්තෙන් යන්නන්ට කළ යුත්තේ කුණු බිත්තර ගැසීම නොව ඔවුන්ට කරුණු පහදා දීමය. ඒත් ඔවුන් දිගටම යන්නේ නම් කරන්නට දෙයක් නැත. ඔවුන් කරන වැරැද්දට වන්දි ගෙවන්නට වන්නේ අද සිටින අප නොව අප හැමගේම ඉදිරි පරම්පරාවලටය.

හම්බ කඩ වර්ජනය කිරීම විතරක් මදිය. සිංහල ව්‍යාපාර වල තත්ත්වයද ඉහළ දැමිය යුතුය. සමහර සිංහල කඩයකට ගිය විට පාරිභෝගිකයාට ඔවුන් සලකන්නේ කරදරකාරයකුගේ පැමිණීමක් ලෙසය. මෙවැනි දුර්වලතා වළක්වාගෙන කටයුතු කළහොත් සිංහලයන්ගේ ව්‍යාපාර දියුණු වනවා මෙන්ම හම්බයන්ගේ ආර්ථික ශක්තියද පිරිහීමට ලක් වනු ඇත.



මේ විදිහට ගියොත් තව අවුරුදු කීපයකින් අපට ජීවත් වන්නට සිදු වන්නේ බංග්ලාදේශයේ හෝ ඉන්දුනීසියාවේ සිටින බෞද්ධයින් ලෙසය. දැනටත් එම රටවල සිදු වන දෑට සමාන සිද්ධි මුස්ලිමුන් වැඩියෙන් ජීවත් වන ප්‍රදේශවල සිදුවේ. මේ දිවයින පුවත්පතෙහි පළ වූ එවැනි ලිපියකි.


බේරුවල, අලුත්ගම ප්‍රශ්නයට මුල් වූවා යැයි කියන්නේ පොසොන් පොහෝ දා භික්ෂුන් වහන්සේ නමකට කළ පහර දීමක්ය. නමුත් හැමෝම ඇඟිල්ල දික් කරන්නේ බොදු බල සේනාවේ රැස්වීම දෙසටය. භික්ෂුන් වහන්සේට පහර දුන් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වූවා දැයි නොදනිමි. නමුත් සියළුම හම්බයන් කරන්නට යන්නේ බොදු බලේ සිවුරු ගැලවීමට හැදීමය. මට ඇත්තේ එක ප්‍රශ්නයකි. සිංහලුන්ට එවැනි අවස්ථාවක රැස්වීමක් පැවැත්වීම තහනම් කළ යුතු නම් එසේම දින කීපයක් යන තෙක් හම්බයන්ට පල්ලි යාමද තහනම් කළ යුතු වීමය. සිංහලයන් එක් රැස් වූ එක වරදක් නම් හම්බයන්ද පල්ලි ඇතුලේ එක් රැස් වී කරන්නේ මොනවැදැයි සොයා බැලිය යුතුය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ එවිටය.

එමෙන්ම තවත් කළ යුත්තක් ඇත. ලංකාවේ ත්‍රස්තවාදී සංවිධාන තවදුරටත් ක්‍රියාත්මක වේ නම් ඒවා තම තමන්ගේ ඡන්ද පදනම නොතකා විනාශ කොට දැමීමය. එමෙන්ම ලංකාවට පාකිස්ථනය වැනි රටවලින් පැමිණෙන සරණාගතයන්ව නැවතත් ඔවුන්ගේ රටවලටම පිටුවහල් කිරීමය. මුස්ලිම් රටකට අවශ්‍ය නැති හම්බයන්ව බෞද්ධ රටකට වැද්ද ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගේ පැමිණීමෙන් වන එකම දෙය රට තව තවත් අඳුරෙන් අඳුරට යෑම පමණි.

මේ දවස්වල මුණූ පොතේ සිටින මගේ හම්බ මිතුරෙක් දිනපතාම සිංහලයන්ට විරුද්ධව විවිධ දේ පළ කරමින් සිටියි. රජ්ජුවන්ගේ ඉස්කෝලෙ මාත් එක්ක එකට ඉගෙන ගත් මොහු සා. පෙ. වත් පාස් නැති අයෙකි. දැන් ඔහු බෞද්ධයන් විනාශ කිරීමට අල්ලාගේ ආශිර්වාදය ඉල්ලයි. හැබැයි මේ විදියට ගියොත් 2050 විතර වෙන කොට ලංකාවත් අල්ලාගේ රටක් වීමට බැරි නැත.

මට තවත් එක ප්‍රශ්නයක් ඇත. එනම් හම්බයන් විශ්වාස කරන ලෙස සියළුම දේ සිදු වන්නේ අල්ලාගේ කැමැත්ත අනුවය. එය සත්‍යයක් නම් හම්බ කඩ ගිනි ගන්නේත්, මෙවැනි කලබලයක් ඇති කළේත් අල්ලා විසිනි. එසේ නම් හම්බයන් කළ යුත්තේ වෙච්ච හැම සිද්ධියකටම සිංහලයන්ට චෝදනා කිරීම නොව තමන්ගේම අල්ලාට චෝදනා කිරීමය.

වර්ගවාදයට විරුද්ධ වූවන්ට කිව යුත්තක් ඇත. "Stand Against Racism" කියා අපේ රටේ නම් කිව හැක. ඒත් "Stand Against Racism" කියා බංග්ලාදේශයේ බෞද්ධයින්ට පහර දෙන විට ඔබ කිව්වාද? එවැනි රටක ඔවැනි දෙයක් කීවා නම් සමහර විට ඔබට ලැබෙන්නේ විවෘත මරණ වරෙන්තුවකි. තවමත් බෞද්ධාගම තියෙන අප රටේ එවැනි දෙයක් සිදු වන්නේ නැත. කවදා හෝ අප හම්බයන්ට යටත් වීමට සිදු වුව හොත් "Stand Against Racism" කිය කියා සිටින වුන්ට සිදු වන්නේ වෙනත් රටකට ගොස් "Stand Against Racism" කීමටයි.

හම්බයන් සර්වාගමිකයන් නොවේ. දැන් පෙනෙන විදිහට ඔවුන් 100%ක්ම වර්ගවාදීන්ය. ඔවුන්ට තව දුරටත් මෛත්‍රී කළහොත් සිදු වන්නේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධයන්ට සිදු වූ දේමය. එරටේ සිදු වූ ලෙසම මෙරට ඇති පොළොන්නරුවේ ගල් පිළිම, අවුකන පිළිමය මෙන්ම අනෙකුත් පිළිම වහන්සේලා නිකන්ම නිකන් ගල් හෝ සිමෙන්ති ගොඩවල් කියා විනශා කර දමනු ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගසක් කියා කපා දමනු ඇත. කලින් දෙමළ ත්‍රස්තවාදීන් උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දැමුවා සේ හම්බයන් ලංකාවේ හැම බෞද්ධ සිද්ධස්ථානයක්ම විනාශ කර දමනු ඇත. ඒ ඔවුන්ට පිළිම වලට වන්දනා මාන කිරීම අකැප නිසාය.

සිංහලුන් සිංහලයන් ගැන කතා කිරීම ජාතිවාදය නම් එය හම්බයන්ටත් එකසේ අදාළ විය යුතුය. මෙරටේ ජීවත් වනවා නම් ඔවුන් මෙරට සංස්කෘතිය අනුව දිවි ගෙවිය යුතුය. යන්තම් ඇස් දෙක පමණක් පෙනෙන ලෙස ඇවිදගෙන යන ගෝනිබිල්ලන් දැකීමට කිසිම අයෙකු කැමති නැත. සමහර විට හම්බයන්ට නම් එය මංගල ලකුණක් වීමට පුළුවන. ඇසට ප්‍රිය උපදවන දෙයක් වීමට පුළුවන. ආරක්ෂාවට තර්ජනයක් වන එවැනි දේ තහනම් කළ යුතුය. ප්‍රංශයට එවැනි දෙයක් කිරීමට කොන්දක් තිබේ නම් අපේ රට කරන්නවුන්ට එවැනි කොන්දක් නැත්තේ ඇයි?

මේ විදිහට දිගටම ගියොත් අපට සිදු වන්නේ එක්කෝ කොන කපාගෙන හම්බයෙක් වීමටය. ගෑනුන්ට ගෝනිබිල්ලියක් වීමටය. නැත්නම් වෙනත් රටකට ගොස් ජීවත් වීමටය. එසේත් නැත්නම් හම්බයන්ගේ අඩම්තේට්ටම් විඳිමින් මේ රටේම ජීවත් වීමටය. නැත්නම් කවදා හෝ හම්බයෙක්ගේ අතින් මැරුම් කෑමටය.




මොන කරුමයද තව ඇහැරුණු බවක්        නැහැ
තැන තැන බියව මුලු වැදුමෙන් පලක්        නැහැ
දිනුමත් පැරදුමත් කොකත් කමක්              නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක්             නැහැ

කෙස් ගස් පවා වෙන රටවන මිනිසුන්        නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්         නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්  නේ
ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන්    නේ

Friday, May 30, 2014

පරිවර්තනය vs අනුවාදය - 1

(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)

මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි. අනුවර්තනය කීව ද අනුවාදය කීව ද දෙක ම එක ම ය. වචන දෙකක් වුව ද, වචන දෙකෙන් ම කෙරෙනුයේ එක ම ක්‍රියාවලිය යි. එ බැවින් මේ සාකාච්ඡාවේ දී මින් ඉදිරියට අනුවාදය යන වචනය පමණක් මම භාවිතා කරමි. වඩා ප්‍රචලිත ව ඇත්තේ ඒ වචනය වන හෙයිනි.

මේ තාක් දුරට, මට දකින්ට ලැබී ඇති පරිදි නම්, විදේෂීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථ සිංහලයට නඟන අනුවාදකයන් පරිවර්තනය හා අනුවාදය යන වචන දෙක, එකම අර්ථයක් ඇති වචන දෙකක් ලෙස, නැත හොත් එකම ක්‍රියාවලියක් හඟවන වචන දෙකක් ලෙස, පාඨකයන්ට හඳුන්වා දීමේ සියුම් ප්‍රයත්නයක යෙදී සිටින බව කිව යුතු ව ඇත. ඔවුන් වචනයෙන් මේ පිළිබඳව කිසිවක් නො කියුව ද, ඉඟියෙන් හා ඇතැම් විට ව්‍යංගයෙන් පරිවර්තයත් අනුවාදයත් යන දෙක එකක් ම ය යන අදහස පාඨකයන්ට දී ඇති බවක් ද, දැනුදු එසේ දෙන බවක් ද මට පෙනේ. පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර අහසට පොළොව මෙන් පවත්නා අතිමහත් වෙනස ගැන අනුවාදකයන් දනිතත්, ඔවුහු ඒ වෙනස පාඨකයන්ට නම් දැන ගැනීමට ඉඩක් නො තබති: එ මෙන් ම, එය ඔවුන්ට පැහැදිලි කර දීමට ද අදහස් නො කරති. එ සේ පැහැදිලි කර දීම ඔවුන්ට පාඩුවකි: එයින් ඔවුන්ට සිදු වන්නේ අලාභයකි. එය ඔවුන් පැහැදිලි කර නො දෙන්නේ ඒ නිසා ය. ඒ නිසා ම, පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර පවත්නා බලවත් වෙනස නො දන්නා සාමාන්‍ය පාඨකයා, පරිවර්තනය යැයි කිව ද, අනුවාදය යැ යි කිව ද, දෙක ම එකක් ලෙස සිතති. මේ වචන දෙක ම යෙදෙන්නේ, එක ම ක්‍රියාවලිය සඳහා යැ යි විශ්වාස කරති. එහෙත් මේ ක්‍රියාවලීන් දෙක අතර ඇත්තේ ඉතා බලවත් වෙනසකි.

පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර ඇති බලවත් වෙනස මෙ සේ සම්පිණ්ඩනය කර දැක්විය හැකි ය:

1. පරිවර්තනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟිය යුතු ය.

2. පරිවර්තනයේ දී, මුල් කෘතියේ කිසි ම කොටසක්, යටත් පිරිසෙයින් එක ම අනුච්ඡේදයක් වත්, සිංහල පරිවර්තනයෙන් ඉවත් නොකළ යුතු ය.

3. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම, සිංහල පරිවර්තනයේ දී ඉදිරි පත් කළ යුතු ය.

4. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින් ම සිංහල පරිවර්තනයේ යෙදිය යුතු ය: ඒවා වෙනස් කිරීමක් හෝ විකෘත කිරීමක් නොකළ යුතු ය.

5. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාෂා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්තනයේ තිබිය යුතු ය. මුල් කෘතියේ කතුවරයා, දීර්ඝ වාක්‍යවලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා, රූපක, අනුප්‍රාසාදියෙන් බහුල ආලංකාරික රචනා ශෛලියක් තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද තිබිය යුතු ය. කෙටියෙන් කියතොත්, මුල් කෘතියේ අදහස මෙන් ම, රචනා ශෛලිය ද සිංහල පරිවර්තනයෙන් පිළිබිඹු විය යුතු ය.

6. පරිවර්තනයේ දී, මුල් කෘතියේ අදහස සම්පූර්ණයෙන් ම සිංහලයට නැඟිය යුතු ය.

7. පරිවර්තනයේ දී, මුල් කෘතියෙන් සිංහල පරිවර්තනය වෙනස් විය යුත්තේ භාෂාවෙන් පමණි.

8. පරිවර්තකයාට අනුවාදකයාට තිබෙන නිදහස නැත.