Monday, November 24, 2008

අහෝ!!!!....මාගේ විභාග ප්‍රතිඵල

සිකුරාදා විභාග ප්‍රතිඵල ආවට අද තමා ගිහින් බැලුවෙ.හැමදාම එන ප්‍රතිඵලේම තමා මේ පාරත්......:((((

මම විභාගයක් එක පාරම සමත් උනේ අ.පො.ස. සා/පෙ විතරයි.අනිත් සේරම ඉතින් repeat තමා.මුලින්ම වෙනිය දැම්මෙ හතරෙ පංතියෙදි.පලවෙනි පාරම 34 වෙනිය උනා....:D හයේ පංතියෙදි විතරක් කුමක් හෝ වාසනාවකට මට පංතියෙ තුන් වෙනිය වෙන්න දෙපාරක් ලැබුන.ඒත් මම ගැන අනිත් අය හිතගෙන ඉන්නෙ මම හරි bright ලමයෙක් විදිහට.මොකද මම වැඩ කලේ නැතත් කරනව වගේ පෙන්නනවනෙ.....:P ඒ වගේ වැඩට නම් මම පංතියෙ පලවෙනිය.....:D

ඔන්න ඉතින් අද ප්‍රතිඵලත් බලල බැංකුවට සල්ලිත් ගෙවල repeat exam එකට register උනා.පුදන කොටම ගහපි යකා කිව්ව වගේ විභාග කාලසටහන දැක්කම තමා දෙයියො සිහි උනේ.....:(((( අනිද්දට තමා repeat exam පටන් ගන්නෙ.මොනව කරන්නද?....:((( එන විදිහකට මුහුන දෙනව කියල හිතාගෙන ගෙදර ආවා.දැන් ඉතින් නින්ද නැතිව රැය පහන් කරන්න තමා වෙලා තියෙන්නෙ...:((((

මටත් වඩා විභාගෙ ප්‍රතිඵල ගැන අමාරුව තියෙන්නෙ අනිත් උන්ට.හැම එකාම ප්‍රතිඵල අහනව.මොනව කරන්නද?උන් pass වෙච්ච අමාරුවටනෙ එහෙම අහන්නෙ....:(((( මාත් කවදා හරි pass වෙච්ච දවසට උන්ගෙන් පොලියත් එක්කම ගන්න ඕනෙ batch top වෙලා....:))) ඒත් ඒ දවස කවදා උදා වෙයිද කියල නම් දන්නෙ නැහැ....:((((

මොනව උනත් මේකෙන් උනේ නිවාඩු කාලෙත් පාඩම් කරන්න වෙන එකයි.එක අතකට නිකන් ඉන්නවට වඩා මේකත් හොදයි.....:))) මොනව හරි දෙයක් පාඩම් කෙරෙනවනෙ.....:))))

ලබන සැරේවත් එක පාරම පාස් වෙනවයි කියල හිතාගෙන අද බ්ලොග් සටහන නිමා කරනව.  

"විභාගෙ, විභාගෙ එහෙ බැලුවත් විභාගෙ, මෙහෙ බැලුවත් විභාගෙ
විභාගේ තමයි අපේ......."

ප.ලි. : තමන් විභාග වලට පවත්නා කැමැත්ත අනුව පහත ගීතය සම්පූර්ණ කර ගත හැක.මොකද හැමෝම මම වගේ විභාග fail නොවන නිසා.....:))))

7 comments:

  1. හික්ස් මට සාපේකෂව ඔයා හොදයි මොකද මම විභාගයක් ෆේල් උනොත් ආයේ කරන්නේ නෑ.. :D දැන් ඉතිං බ්ලොග් එක පැත්තකින් තියලා පාඩම් කරනවා‍ හොදයි!

    ReplyDelete
  2. දන්න කියන දෙවි කෙනෙකුට පහනක් පත්තු කරලාවත් කියන්න පාස් කරලා දෙන්න කියලා ;)
    අනිද්දාට තව කල් තියෙනවනේ.. මම ඔයා වුණා නම් අද යනවා හොඳ ෆිල්ම් එකක් බලන්න.. හරි හරි කොහොම හරි රිපීට් එක ගොඩ දාගෙන එන්න.. ජයවේවා ! එහෙනම් ..

    ReplyDelete
  3. විභාගෙ පාස්වෙන එකයි, විශයය දැනගැනීම අතරෙයි ලොකු වෙනසක් තියෙනව. හොඳට විශයය දන්න අය ෆේල් වෙනව. අවාසනාවකට අපේ රටේ මිනුම් දණ්ඩ "විභාගෙ" වෙලා. අවුරුදු ගනන් උගන්වන දේවල් පැය තුනකින් කොහොම ලියන්නද?
    නමුත් මෙතන පොඩි ට්‍රික් එකක් තියෙනව. multiple choice paper එකක් නම් සාධාරණයි කියන්න පුලුවන්, ප්‍රශ්න ගොඩාක් තියෙන නිසා. ප්‍රශ්න සීමා සහිත, ඒ කියන්නෙ 5ක් හෝ 6ක් නම් මෙහෙම කරන්න. බොහොම වෙලාවට, එකම ප්‍රශ්නය නැවත නැවත මතු වෙනව. එහෙම නාවත් ඒහා සමාන ප්‍රශ්නයි එන්නෙ. අවුරුදු 5ක විතර පරණ ප්‍රශ්න පත්තර හොයා ගෙන පොඩි වර්ගීකරණයක් කරන්න, මොනවද අහල තියෙන්නෙ කියල. උදාහරණයක් වශයෙන් මට කියන්නත් අමාරුයි පුතාගෙ විශයයන් මම දන්නෙ නැති නිසා. ප්‍රශ්නය අවම වශයෙන් තුන්පාරක් වත් හොඳ සිහියෙන් කියවන්න. එතකොට හිතාගන්න පුලුවන් හරියටම මොකක්ද ප්‍රශ්නෙ කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ "ඉස්සාගේ ස්නායු පද්ධතිය විස්තර කරන්න" කියල නම් තියෙන්නෙ ඒක පමණක් විස්තර කරන්න, වෙන දේවල් ලියන්න එපා. අනිත් එක ටයිම් කරන්න පුරුදු වෙන්න, නැත්නම් අනවශ්‍ය දෙවල් ලියල කාලෙ නාස්ති වෙනව. තවත් හොඳයි පරණ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියල හොඳ මාස්ටර් කෙනෙකුට කියල හරිවැරදි බලව ගන්න. එහෙම කරොත් පුතා ඊළඟ සැරේ ඉහලින්ම පාස් වෙයි. බුදු සරණයි

    ReplyDelete
  4. එල එල . බය වෙන්න එපා. කොහොමහරි ගොඩ දාමු.. හොඳට පාඩම් කරමු :) ජය වේවා

    ReplyDelete
  5. සරත් ගුණතුංග doctor uncle ගෙ reply එක නම් ගොඩක්‌ වටිනවා මටත්!

    :) ඔයා දැන් කට පාඩම් method එකට නොගිහින්, පුලු පුලුවන් තරමින් තෙරුම් අරන් විභාගෙ ලියන්න බලන්න! :)ඔබට ජය!

    ReplyDelete
  6. අපෝ විභාග නම් මතක් කරන්න එපා ඊට හොඳයි මරණය සිහිකරනවා. මොකො කවුරුත් ප්‍රතිඵල අහන්න එන්නේ නැහැනේ. පාස් උනත් ෆේල් උනත් අපිටමනේ.

    ReplyDelete
  7. @ සරත් ගුණතුංග මහත්මයා

    හැමදාම අපිත් එක්ක ඉන්න ඔබතුමා අපිට ගොඩක් වටිනවා. ජය...

    ReplyDelete