Friday, November 21, 2008

Loving Star

ඊයෙ රෑ 9.30ට ස්වරණවාහිනියෙ ගිය ස්ටාර්ස් වැඩසටහන තමයි Loving Star.සුරාජ් මාපාගෙ හිත ගත්ත යුවතිය තෝරන එකයි කරන්නෙ.තෝරන්නෙත් SMS වලින්.අනිත් ස්ටාර් වැඩසටහන් වගේමයි.වෙනසකට තියෙන්නෙ සුරාජ් මාපාට නොමිලේම සහකාරියක් ලැබෙන එකයි......:P

කවදාවත් පෙම්වතෙක් නොවෙච්ච මට කෙල්ලන්ගෙ මායම් 64 ගැන මනා වැටහීමක් මේ වැඩසටනෙන් ලැබෙනව.ඒ වගේම පෙම්වතෙක්, පෙම්වතියක් වෙන්න ඉන්න අයටත් මේ වැඩසටහන බොහොම වැදගත් වේවි.මොකද මේ වැඩසටහනේදි කෙල්ලො ආස කරන දේවල්, පෙම්වතෙක් තමන්ගෙ පෙම්වතියගෙන් බලාපොරොත්තු වෙන දේවල් හොදට කියල දෙන නිසා.ඒ වගේම තමන්ගෙ මායම් 64 පාවිච්චි කරන්න ඕන හැටි ගැන වැටහීමක් කෙල්ලන්ටත් ලබා ගන්න පුලුවන්.ඒ වගේම පෙම්වතිය සකස් කරපු කෑම පෙම්වතාට එපා උනොත් වෙන දේත් බලා ගත්තෑකි....:P

මේ වගේ වැඩසටහන් තව වැඩි වැඩියෙන් තියෙන්න ඕන.නැත්නම් මම වගේ තනිකඩයන්ට කෙල්ලො ගැන වැටහීමක් ලැබෙන්නෙ කොහොමද?ඒ වගේම සල්ලි වැඩි අයට SMS කරල බහු ජාතික සමාගම් පොහොසත් කරන්නත් පුලුවන්නෙ.ඒ වගේම ශ්‍රී ලාංකීය අභිමානයත් තරුණ පරපුර අතර තව තවත් වැඩි වෙනවනෙ.

මටත් ඉක්මනින්ම පෙම්වතියක් ලැබේවායි කියල මටම කියා ගන්න ගන්න ගමන් අද සටහන ඉවර කරනවා....:P මම වගේ අනික් තනිකඩ අයටත් ඉක්මනින්ම තමන්ගේ සහකරු හෝ සහකාරිය ඉක්මනින්ම ලැබේවා!!!!

16 comments:

  1. ප්‍රාර්ථනාව නම් බොහොම අගෙයි! මමත් ඒ වැඩසටහන බැළුවා ඒ ගැහැණු ළමයි හතර දෙනා ගැන නම් හරිම දුකයි அப்பா!

    ReplyDelete
  2. අඩේ! ඕක වැලක් බලනවට වඩා ආතල්!! :P

    ReplyDelete
  3. රූපවාහිනි චැනල් එකට බිස්නස් තියෙන්නත් එපායැ. මල කෝලං.......

    ReplyDelete
  4. apoooo... mata penne okath thawa kunu godak wage. record karapu episode ekak thiyanawanam apitath bala ganna YouTube ekata danna

    chk these links
    http://en.wikipedia.org/wiki/Rock_of_Love_with_Bret_Michaels
    http://en.wikipedia.org/wiki/Farmer_Wants_a_Wife_(U.S._TV_series)
    http://en.wikipedia.org/wiki/The_Bachelor_(TV_series)
    http://en.wikipedia.org/wiki/The_Bachelorette

    ReplyDelete
  5. නොමිලේ සහකාරියක් ලැබෙනවා කිව්වේ? :S දැන් ඒ කියන්නේ ආදරේ කරන්නත් ටීවී එකේ උගන්නනවාද? මරුනේ එකටත් බලන අය එස් එම් එස් යවන්නත් ඕනිද? මරුනේ.. බලන් යනකොට තව ඉස්සරහට මොන මොන ස්ටාර් ලා එයිද දන්නේ නෑ

    ReplyDelete
  6. මම හෙට අනිද්දා මහන වෙන්න හිතාන ඉනන්නේ. ඕක බැලුවොත් මගේ අදහස වෙනස් වෙයිද මන්දා?

    ReplyDelete
  7. "මේ වගේ වැඩසටහන් තව වැඩි වැඩියෙන් තියෙන්න ඕන.නැත්නම් මම වගේ තනිකඩයන්ට කෙල්ලො ගැන වැටහීමක් ලැබෙන්නෙ කොහොමද?ඒ වගේම සල්ලි වැඩි අයට SMS කරල බහු ජාතික සමාගම් පොහොසත් කරන්නත් පුලුවන්නෙ.ඒ වගේම ශ්‍රී ලාංකීය අභිමානයත් තරුණ පරපුර අතර තව තවත් වැඩි වෙනවනෙ."

    100%ක් ඇත්ත. එළට කියලා තියෙනවා.

    දැන් ලංකාවෙත් ආදරේ එස්.එම්.එස් වලට යටවෙන එක ගැන නම් තියෙන්නේ පුදුම දුකක්. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ පෙම්වතිය අනුන් විසින් තෝරාදීම නම් මහා චාටර් වැඩක් :(

    ReplyDelete
  8. Girls for sale! 100% off for Suraj Mapa.
    අහෝ ‍ඛේදයකි! :(

    ReplyDelete
  9. @ Kawshala - සහතික ඇත්ත.තව තව ඔය වගේ වැඩසටහන් කලොත් රූපවහිනී නාලිකා වලට තව බිස්නස් වැඩි කරගන්න පුලුවන්.අපේ ශ්‍රී ලාංකීය අභිමානයත් ඒ එක්කම වැඩි වෙනවනෙ.

    @ malee - ඉස්සර කේන්දර ගැලපෙනවද කියල හොයල බැන්දෙ.දැන් SMS වලින් තමයි තමන්ගෙ සහකරු හෝ සහකාරිය හොය ගන්නෙ.ඒක short and sweet method එකක් නෙමේද මලී අක්කි?ගැලපෙන කෙනා තෝර ගන්නෙත් බහුතර කැමැත්තෙන්නෙ.ඒ නිසා හරියටම ගැලපෙන කෙනා ලැබෙනවනෙ...:P
    මේ විදිහ හොද නැද්ද මලී අක්කි?

    @ දසුන් සමීර - ඔබට මෙම භවයේදීම සසරින් එතෙර වීමට කැමති නම් ඒ සදහා මෙවැනි වැඩසටහන් උපකාරී වනු ඇත.....:P
    එමෙන්ම පිලිකුල් භාවනාව කිරීමටද මෙම අඩ හෝරාව ඔබට උපකාරී වනු ඇත......:P

    ReplyDelete
  10. ස්වර්ණවාහිනියෙ අනිත් 'ස්ටාර්' වැඩසටහන් ටිකත් මේ වගේම තමා. අල! ශ්‍රී ලාංකේය අභිමානයට මක් වෙලාද?

    ReplyDelete
  11. බැන්දට පස්සේ කන්න බොන්න දීම ඇතුළුව අනිත් එකී මෙකී නොකී ;)සියල්ලත් sms වලින්ද දන්නේ නෑ කෙරෙන්නේ නේද මල්ලී යේ....

    ReplyDelete
  12. කොහොමත් දැන් හාමුදුරුවන්ට උපහාර පැකේජ් එක දීලා තියෙන්නේ. ඒක තමා එකම අඩුවකට තිබ්බේ.

    තැන් ලංකාවේ ඔක්කොම හාමුදුරුවරු සසරින් එතෙරවෙයි.
    අනික දැන් සමහරක් හිමිවරු දුම්රියේ වෙන් කර ඇති අසුනට එන්නේ නැතිව පෙට්ටියේ මැද යන්නේ. :D

    ReplyDelete
  13. @ malee - ඉස්සරහට ඒ වගේ ක්‍රමයක් එයිද දන්නෙත් නෑ නේද අක්කේ?....:P

    ReplyDelete
  14. සුරජ් මපා මොකද - අපි මොකද ? ඇයි අපේ කියල මොනාද අඩු.. මම කියන්නෙ මචන්ලා.. මේ කෙල්ලොන් 4 දෙනාගෙ ගෙවල් දිහායින් අපිට පොඩි කාමරයක් ගත්තොත් ආතල් එකක් අරගෙන ..කෙල්ලොයි කාමරෙයි පැයට රේට් එකට කුලියට දීල ගානකුත් හොයාගන්න පුලුවන්. මොකද කියන්නෙ ? සෙට් වෙමුද වැඩේට ?

    ReplyDelete
  15. දසුන් : අහල නැද්ද පොත් රාක්කෙ පිරිත් පොත නැති වුණාට වහලෙ ඇන්ටනාව තියෙනව කියලා. මට මතකයි එක නිළිය‍කගේ වෙබ් අඩවියක් හැදු වෙලේ ඒකට ඈත පන්සලක අපේ හාමුදුරුකෙනෙක් එවා තිබුණ ලිපි.. ඔයා අඬනකොට අපිටත් ඇ‍ඬෙනවා වගේ ඒවා ..එහෙම අයත් ඉන්නවා ඉතින් සාසනේ ඇතුළෙ..
    මමත් ගමේ ගිය වෙලේ අහම්බෙන් ඕක දැක්කා දවස් දෙකක්..

    මට නම් ඒ ළමයි කියන කතා ඇහුවාම හෙන සංවේගයක් පහළ වෙනවා..

    අනේ කාලේ වනේ වාසේ කිවුවලු :D

    ReplyDelete