Thursday, November 20, 2008

SLIIT ජීවිතේ

අද මට හිතුන SLIIT එකේ ගෙවන ජීවිතේ ගැන බ්ලොග් එකේ දාන්න.

මම හිතන්නෙ ඕන එක්කෙනෙක්ගෙ ජීවිතේ හොදම කාලෙ තමයි පාසල් කාලය.ඊට පස්සෙ හොදම කාලෙ තමයි කැම්පස් එකේ ගෙවෙන කාලෙ.

තාම මම ඉන්නෙ පලවෙනි වසරෙ.ජනවාරි ඉදන් දෙවන වසරෙ.

SLIIT ගැන කියනකොටම මතක් වෙන්නෙ get together එක.මගේ බැච් එකේ ඉන්න සියුමැලි තමා මේ අවුරුද්දේ Miss.SLIIT උනේ.ඒත් ඉතින් එදා get එක ඉවර උනේ නම් ලමයෙක්ගේ බඩේ Coca-Cola බෝතලයක් නැවතිලා.....:( කෑවම බිව්වම ඔහොම තමා.මොනව කරන්නද?මේක ලංකාවනේ!

SLIIT ගැන කියනකොට Chandrika මැඩම් වත් අමතක කරන්න බැහැ.මැඩම් තමා පලවෙනි lecture එක කලේ.වචනයක් වත් lecture එක වෙලාවෙදි කතා කරන්න බැහැ.Handphone එකත් off කරලයි තියා ගන්න ඕන.Silent දාල වත් තියා ගන්න බැහැ.බැරි වෙලා වත් ring උනොත් රාජ සන්තක තමා....:(

SLIIT ගැන විස්තර තව පස්සෙ කියන්නම්.දැන් පාන්දර 4 යි.අද second semester එකේ results දෙනව කියල ආරංචියක් තියෙනව.ඒ නිසා උදෙන්නම යන්න ඕන.ආපහු ඉක්මනින්ම බ්ලොග් එකක් ලියන්නම්.....:)

25 comments:

  1. මේ වෙනකොට second semester එකේ results ඇවිත් ඇති කියලා හිතෙනවා.. ;)

    ReplyDelete
  2. ඔබේ අධ්‍යාපන කටයුතු වලට සුබ පතමි.

    ReplyDelete
  3. මල්ලියේ රිසල්ට් වලට මක්කැයි උනේ?

    ReplyDelete
  4. මම දන්න තරමින් SLIIT කියන්නේ කැම්පස් එකක් නෙවෙයි. ආයතනයක්(Institute)
    හ්ම් කමක් නෑ මල්ලි උසස් අධ්‍යාපන ආයතනයක් නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ කැම්පස් එකක් :)

      https://www.google.lk/#q=sliit+

      Sri Lanka Institute of Information Technology
      University in Sri Lanka

      Delete
  5. malee - අද උදේ results දුන්නෙ නැහැ.හවස results දුන්නලු.තාම බලා ගන්න බැරි උනා.සෙනසුරදා ගිහින් බලනවා.හෙට යන්න කම්මැලියි......:D

    ReplyDelete
  6. SLIIT is a campus.

    "SLIIT is recognized by the University Grants Commission under the Universities Act for the awarding of Bachelors & Masters Degrees in the field of IT."
    http://www.sundaytimes.lk/081116/Education/eu604.html

    Its the same act under other universities under SL were implemented.

    ReplyDelete
  7. if its possible how students in government universities do SLIIT degree also. Dhanu SLIIT means Sri Lanka institute of Information and Communication Technology.
    :D
    any way "podi ekage asawane" campus kiyapu den.
    :D
    :D

    ReplyDelete
  8. @ Anonymous - SLIIT යනු Sri Lanka Institute of Information Technology යන්න බවත් එය Sri Lanka Institute of Information and Communication Technology යන නමින් හදුන්වනු නොලබන බවත් සදහන් කිරීමට කැමැත්තෙමි.මෙය රජයට අයත් ආයතනයක් වන අතර උපාධි හා පශ්චාත් උපාධි සදහා මුදල් අය කරනු ලබයි.උපාධි පාඨමාලා විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිලිගෙන ඇත.වැඩි විස්තර සදහා පහත වෙබ් අඩවි සදහා යොමු වන්න.
    www.sliit.lk
    www.ugc.ac.lk
    http://en.wikipedia.org/wiki/Sri_Lanka_
    Institute_of_Information_Technology

    ReplyDelete
  9. මොනව කරන්නද ඉතිං මෝඩ කමට බෙහෙත් නෑ කියනවානේ.

    ReplyDelete
  10. to charith,
    " SLIIT kiyannae traditional campus ekkakin ehata giyapu ekk kiyana eka(not state university) me modayanta watahenna thawa kalayake yayi.

    Dont care....budu hamuduruwantath devadaththa hamuduruwo harahata hitiyalune...."

    SLIIT was established from parliment Act in 1999 and Its under university grant commission(Act 1978 no 16 ) and ministry of science and Technology.

    ReplyDelete
  11. මේක දැක්කේ දැන්...

    කමක් නෑ... ආසාවටවත් කැම්පස් එකක් කියන්නකෝ... ඒත් ඔය කියන සංස්කෘතිය නම් කැම්පස් වල නෑ.. ගොන් හරක් වගේ පිස්සු නටලා "fun ගත්තා" කියන සංස්කෘතිය

    ReplyDelete
  12. අනේ Anonymous... අපිට කියලා දෙන්නකෝ ඔය traditional campus කියන්නේ මොකද්ද කියලා‍... අපිනම් දන්නේ නෑ....
    පොෂ් මල්ලිලා ටිකක් කොහෙද කාන්තාරයක් අස්සට ගිහින් එතනට කැම්පස් කිය කිය නටනවා... අපි නම් ඉතින් 25 කෑම එක කාලා ඉන්න ගො‍ඩේ මිනිස්සුනේ.. අපිට තේරෙන්නේ නෑ ඔය traditional campus වලින් එහාට ගිය ඒවා... හැබැයි පුතෝ බලාගෙන.. වැඩිය එහාට ගිහින් ගැට්ටෙන් එහාට වැටෙන්නත් පුලුවන්...

    ReplyDelete
  13. SLIIT කියන්නේ recognized institute මිසක් කැම්පස් එකක් විදියට වරදවලා ගන්න එපා.

    http://www.ugc.ac.lk/funded_institutions/other_recognized.html

    SLIIT කියන්නේ රජය පිලිගත් උපාධි පිරිනමන ‍Company Act යටතේ ලියාපදිංචි කල කොම්පැනියක්. UGC site එකේ දාපු ගමන් උඩ පනින්න එපා දැන් අපි කැම්පස් කියලා

    http://www.ugc.ac.lk/universities%20&%20institutions.html

    මෙතනත් UNIVERSITIES AND INSTITUTES යටතේ ඔයාලගේ SLIIT එක තියෙනවද බලන්න... තියෙන්නේ other institutes යටතේ.

    අර traditional campus කතාව කියපු යෝදයාට හොඳ උත්තර ලැබිලා තියෙනවා... මමත් කියන්නම්...

    traditional campus කතාවෙන් තේරෙන්නේ SLIIT කැම්පස් නොවේ කියන එකනේ. දැන් කාලේ මිනිස්සු රවට්ටන්න තියෙන හොඳම ගොන් පාට් එක ඕක තමයි. මහ උජාරුවෙන් කියනවා "හ්ම් මේක අළුත් ජාතියේ"... සක්විතියයි අර තව ජාවා විකුන්න කන එකයි කියන්නෙත් ඔය ටිකමනේ...

    ReplyDelete
  14. කැම්පස්වල නම් (institute වල නෙවෙයි) phone රාජ සන්තක කරන්න කවුරුවත් නෑ මොකද එහෙම කරන්න තරම් අවශ්‍යතාවයක් නොමැති නිසා. කාගෙවත් phone එකක් දේශනයකදී ring නොවන නිසා. එහෙම කරන්නේ කාටවත් තියෙන බයකට නෙවෙයි lecturer කෙරෙහි තියෙන ගෞරවයට. නිකම් විභාග පාස්වෙලා කොළ කෑල්ලක් ගත්තට වැඩක් නෑ විනයක් නැත්තම්. උගතෙක් වුනාට වැඩක් නෑ බුද්ධිමතෙක් වුනේ නැත්තම්.

    ReplyDelete
  15. @ Chamila - ගොන් හරක් වගේ වැඩ කරන්නේ අප පමනද? email එකක් නිසා ගුටි කෙල ගත්තේ අපද?මෙම email එකෙහි නිරවද්‍යතාවය UCSC මගින් වත් පරීක්ෂා කර බැලීමට වත් ඔබේ විශ්ව විද්‍යාලයේ සිසුන්ට මොලේ තිබ්බේ නැහැ නේද?
    රැකියා බන්දේසියක තබා නිවසටම ගෙනවිත් බලා සිටින්නේ කවුරුන්ද?
    රණවිරුවන්ට උපහාර පිණිස එල්ලූ බැනරයක් ඉවත් කිරීමට තරම් පහත් සිසුන් සිටින්නේද ඔබ විශ්ව විද්‍යාලයේම නොවේද?
    සිසුවකුට පහරදී මරා දැමුවේ ජ'පුර සරසවියේ නේද?ඉන්පසු මාස ගනනක් වසා තැබුවා නේද?
    පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට කටයුතු කලේ විශ්ව විද්‍යාල සිසුන් නොවේද?අලුතෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ඉඩ නොදෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් නොවේද?
    නේවාසිකාගාරයකට Sir Ivor Jennings මහතාගේ නම යෙදූ විට එය ඉවත් කිරීමට තරම් පහත් සිසුන් සිටින්නේ ඔබද අයත් විශ්ව විද්‍යාල ප්‍රජාව විසින් නොවේද?

    ReplyDelete
  16. 1. මම දන්න SLIIT විදිහට කියන්නෙ අර්ධ රාජ්‍ය ආයතනනයක්.

    2. ළමයි 2-3 ඉන්න හොර උපාධි කඩ වලටත් University කියන එකේ SLIIT වලට campus කිවුවම මොකෝ.

    3. පිටරටවල දියුණු විශ්ව විද්‍යාල එක්ක අපේ විශ්ව විද්‍යාල නිකමට සංසන්දනය කරල බලන්න.
    සුද්දෙක් අපේ පොඩි විශ්ව විද්‍යාලයක් එයාලගෙ ලොකු විශ්ව විද්‍යාලයක් එක්ක සංසන්දනය කරල අපිට නෝන්ඩියක් දැම්මොත් අපිට කොච්චර දුක හිතෙයිද ?


    ඔය හැම අධ්‍යාපන ආයතනයකම ( විශ්ව විද්‍යාල, පෞද්ගලික ආයතන , පාසල්, ටියුෂන් හැම එකකම ) හොඳ ළමයිනුත් ඉන්නවා, නරක ළමයිනුත් ඉන්නවා.

    නරක ළමයි කරන නරක වැඩ ගැන මේ ඉන්න හොඳ ළමයි රණ්ඩු වෙන්න එපා.

    ReplyDelete
  17. SLIIT kiyanne lankawe international quality ekata thiyena ekama campus eka. eke thiyena facilities pitin balana modayinta penne ne.eka athulatama gihin balanna ona.Lankawe campus studentsla hithanne unta witharai degree thiyenna ona kiyala. eth wena ratawala meson baaslatath degree ekak deela standard ekakata gannawa.eth meke inna ewunta wena ekek degree ekak gannawa kiyanne ehe katu anenawa wage.irisiyawai. oka lankawe minissunge hetiyak.ekek ihala naginakota thawa 10k kakulen adinawa.government campus porawal awurudu 5k 6k gaha maragena charter kaagena enakota SLIIT kollo 4 years walin degree ekath aragena honda job ekakuth karanawa.okata thiyena irisiyawa thamai oya kattiya daala thiyena comments walin penne. Lankawe minissunge heti!!!!!!

    ReplyDelete
  18. ඇනෝනිමස් ඇයියේ
    international quality එක ගැන මේකත් බලලම කතා කරමුකෝ. ඉංග්‍රීසි වාක්‍ය දෙකක් ගලප ගන්න බැරුව මොන international quality ද හලෝ.

    ReplyDelete
  19. sahodaraya, mama international quality eka kiwwe, studentslage quality eka nemei. campus eke thiyena facilities gena. :)

    I don't wanna argue with u here. becoz if i put another comment,u'll also put another one.But as Sinhalese,as buddhists,as Sri Lankans,we have a huge task to do for our mother country in this moment, other than arguing about useless things.
    * apita ona kathawa adu, weda karana kollo,kello tikak.
    If u wanna contact me, I'm here

    www.youtube.com/bravelion007

    ReplyDelete
  20. oya campus gena boru waada karana eka atha erala thamange rata wenuwen wedak karapalla. Lankawe SLIIT eka kiyala campus ekak thibune nethath, salli thiyena eka pitarata gihilla hari degree eka gannawa. eka nawaththanna oya moka kegehuwath be.ehema pitarata yanne mehe nidahas adyaapanayen,ape rate duppath minissunge salli walin igenagaththu ewun.mehe private campus thiyena eken un rata yana eka adu karanna puluwan.ape rate sampath ape rata diyunu karanna paavichchi karanna puluwan.
    eka therum ganna uthsaha karanna.
    mama ayeth methana comments daanne ne. Bcoz i have much work to do.
    Visit my youtube channel & see what SLIIT students can do.

    www.youtube.com/bravelion007
    www.youtube.com/wenupriya1

    Plz don't put reply comment here. Bcoz i won't visit this page again.

    Budusaranai.
    Prabuddha.

    ReplyDelete
  21. ඔය ඕනෑවට වැඩිය රට ගැන කතා කරපු කෙනෙක් මේ ළඟදී දවසක හොඳ වැඩක් කලා රට වෙනුවෙන්... software එකක් crack කරලා හොර එකක් හදලා කිව්වා මෙන්න ශ්‍රී ලාංකීය අභිමානය කියලා.... නොදකින් විතරක් .. දැන් ඒ මනුස්සය පස්සේ රහස් පොලීසිය පන්නනවා කියලා ආරංචියි..... ඒ මනුස්සයා නියෝජනය කරපු ආයතනය මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ.... මෙතන හුඟක් වෙලා තියෙන්නේ මඩ නේ... මට ඕනේ නෑ මඩ ගහන්න...

    චරිත්ට අනුව පෞද්ගලික ආයතන වල සිසුන් සිල්ගත් මහත්වරුන්ය... රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් මැරයින්ය.... චරිත්, ඔබ රට පිළිබඳ දන්නා පොඩ්ඩ මෙයින් පැහැදිලි වේ.... ඔබ එක් එක් සිද්ධි ඈඳාගෙන මුලු විශ්ව විද්‍යාල ප්‍රජාවටම දොස් නගා එම නිසා පෞද්ගලික අධ්‍යාපනය හොඳයි කියනවානම් ආචාර්ය (ආචාර්ය ද නැද්ද යන්න හරියටම නොදන්නෙමි) සමීර පෙන්වා අපි කියන්නම් මෙන්න පෞද්ගලික අධ්‍යාපනයේ ගුරුවරුන්ගේ තත්වය කියා.... සමීරගේ අභිමානවත් browser එක බොරුවක් කියා පෙන්වද්දී එයට විරුද්ධව කෑ ගැසූ අයගේ විනය මෙතන විදහා දැක්වීමට බැරි තරම්ය... කුණුහරුප පුරවා ගත් comment ප්‍රසිද්ධ ස්ථානයක දමා තිබූ හැටි මෙතන පෙන්වන්නේ නැත... අඩුම තරමේ සමීර මහතාගේ email එක වත් ප්‍රසිද්ධ ස්ථානයක පෙන්විය හැකි එකක් නොවේ... විශ්ව විද්‍යාල දෙකක් අතර ගැටුමක් ඇති කිරීමට නිරර්ථක හා පහත් උත්සහයක් ගත් හැටි මෙතන කියන්න බැරිය.. එමනිසා විනය ගැන කතා කිරීම පසෙක ලන්න... ඔබට උගන්වන ගුරුතුමන්ගේ විනය අපි දනිමු...

    http://dasunsameera.blogspot.com/2008/10/xaurora-world-fastest-web-browser.html

    http://sinhala.kalingasblog.com/2008/10/20/xaurora-browser/

    http://gravitypost.wordpress.com/2008/10/20/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB-%E0%B6%AF-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-xaurora-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%80/
    මේකත් බලන්න
    http://gravitypost.wordpress.com/2008/11/18/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB-%E0%B6%AF-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-xaurora-sliit-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B6/

    මේ blog post එකේ දෙවෙනි Dr. කවුද කියලා දන්නෝ දනිති
    http://mahazonianzone.blogspot.com/2008/11/blog-post.html

    පටන් ගෙන කුඩා කලකින් මෙහෙම දෙයක් රටට කරපු මනුස්සයෙක් බිහි කලා නම් අවුරුදු 50ක් රටට උගත් බුද්ධිමත් දරුවන් බිහි කරපු විශ්ව විද්‍යාල වල වැරදි කිහිපයක් අල්ලා ගෙන නටන නාඩගම කුමක්ද?

    දැන් කියන්නම් විශ්ව විද්‍යාල රටට කරන සේවය.. ඔය රට ගැන බොරු කැක්කුමක් පෙන්නන අය මේ වගේ එක දෙයක් ඇත්තටම රටට කරලාද කියලා දැනගන්න පුළුවන් පොඩ්ඩක් හොයලා බැලුවොත්... සමීර කරපු හරියම මදෑ...

    http://sinme.wordpress.com/2008/08/28/sl-genius-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80/

    SLGenius කියන්නේ රටේ ඉන්න දුප්පත්ම දරු දැරියන් ඉඳන් පොහොසත්ම දරුවන් වෙනකම් සහාභාගී වෙලා තමන්ගේ මොලෙන් තරඟ කරන්න පුළුවන් අවස්ථාවක්... මේ ගැන මම වැඩි විස්තර කරන්න යන්නේ නෑ... මොළේ තියෙන අය දන්නවා.. නැති අය කෑ ගැහුවට කමක් නෑ...පහළ තියෙන පිටුවට ගිහින් බලන්න කොහොමද රටට සේවය කරන්නේ කියලා... මේ හැම එකක්ම සිසුන් සංවිධානය කරනවා මිසක් සල්ලි දීලා පිට අයට කියන්නේ නෑ සංවිධානය කරපන් කියලා

    http://blogs.sinhalabloggers.com/?s=Genius

    පහුගිය දවස් ටිකේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් සංවිධානය කරපු ප්‍රදර්ශනය තැන මම කියන්න ඔනේ නෑ...

    වෛද්‍ය ශිෂ්‍යන් විසින් රට පුරා ගෙන යන වැඩමුළු, සේවා ගැන මම කියන්න යන්නේ නෑ...

    මොරටුව, පේරාදෙණිය, කොළඹ හා අනෙකුත් විශ්ව විද්‍යාල වල තොරතුරු තාක්ශණ සිසුවන් විසින් රටට ගෙන එන කීර්තිය ගැන මම කියන්න යන්නේ නෑ...

    මේ හැම එකක්ම දන්න අය දන්නවා... නැවත කියන්නේ, නැති අය කෑගැහුවට කමක් නෑ.. ඒ වගේම මේ වගේ රට වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කරපු දේවල් කියලා ඉවර කරන්න බෑ.. රූපවාහිනියෙන් පමණක් විශ්ව විද්‍යාල දැක ඇති අයට ඒවා කියලා වැඩක් නෑ.. පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මගේ මතය දැන ගන්න
    පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නරියාගේ මිදි

    මට කියන්න රට වෙනුවෙන් ඔබ කරලා තියෙන දේ????

    ඉහත සඳහන් වෙන්නේ මඩ නොව සත්‍ය කරුණු (facts) බව මොළෙ ඇති කෙනෙකුට පෙනුනත් එසේ නොපෙනෙන අය "මඩ" යැයි කියමින් කෑ නොගසන ලෙස ඉල්ලා සිටිමි

    ReplyDelete
  22. මචන් මමත් colombo campus එෙක් studentෙකෙනක්. ඒත් අපි ෙමාකටද private campusවල උදවියට ඊර්ශයා කරන්ෙන.් අපි අෙප් degreeඑක අරගමු. ඒගොල්ලො ඒගොල්ලන්ෙග් degree එක ගනියි.

    නදීශ්

    ReplyDelete