Friday, December 12, 2008

අපෙන් සමු ගත් සෝම හිමි

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී අද දිනට වසර පහක් සපිරෙයි.නමුත් උන්වහන්සේ දෙසූ නිර්මල බුදු දහම බොහෝ දෙනෙක්ගේ මනස තුල තවමත් රැදී පවතී.

1948 වසරේදී උපත ලබා 26 වෙනි වියේදී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ දූගී පැලටද, මහා මන්දිරයටද එකසේ වැඩම කොට ධර්මය දේශනා කල සේක.කිසි විටෙකත් මුදල් හෝ වෙනත් වස්තුව කෙරෙහි ලොල් වෙමින් ධර්මය දේශනා කිරීමට නොපැමිනි උන්වහන්සේ, මේ මගින් නූතන භික්ෂූන් වහන්සේලාටද ඉමහත් ආදර්ෂයක් ලබා දුන් සේක.

ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක.අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.

එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි.බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක.නමුත් දැන් බොහෝ දෙනාට උන්වහන්සේ දේශනා කල ධර්මය අමතක වී ඇත.පසුගිය දිනෙක ආරම්භ කල සාමාන්‍ය පෙල විභාගයට පෙර හෝ ශිෂ්‍යත්ව විභාගයකට පෙර දේවාලයක් ඇති පන්සලකට ගොස් බැලුවහොත් මෙහි සත්‍යතාව වැටහේ.

එමෙන්ම නැසී ගිය අමාත්‍යවරයකු වූ අෂ්රොෆ් මහතා සමග කල රූපවාහිනී විවාදයේදී උන්වහන්සේ මෙන්ම එම අමාත්‍යවරයාද රටටම ආදර්ෂයක් වන ලෙස එම විවාදය කිරීමෙන්, විවාද කල යුත්තේ ගහ මරා ගැනීමෙකින් තොරව බවට ආදර්ෂයක් ලබා දුන්හ.මෙය නූතන මැති ඇමති වරුන්ටද ආදර්ෂයට ගත හැකි සිද්ධියකි.

උන්වහන්සේ අපවත් වූ පසු උන්වහන්සේගේ නම විකුණා ගනිමින් එක්තරා කොටසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවටද පත් වූහ.නමුත් ඔවුන් නිසා බොහෝ විට වූයේ භික්ෂූන් වහන්සේලාට ඇති ගෞරවය හෑල්ලු වීම පමණකි.

තවදුරටත් දුකින් බර වුනු අප හදවත් දහමින් සන්තර්පණය කරන්නට, අප නෙත් අග රැදි කදුලු අමා දහමින් පිස දමන්නට ඔබ හිමි තව දුරටත් අප අතර නැත.එනමුත් අප හදවත් තුල රනින් කැටයම් කළා සේ ඔබ නාමයත්, ඔබ දෙසූ අමා දහමත් සදා පවතිනු ඇත.

සෝම හාමුදුරුවනේ, නිවන් දකින්නට පෙර තවත් එක් වරක් අප අතර ඉපදී නැවතත් අප හදවත් අමා දහමින් නහවනු මැන.


"මාගේ ගත දුවන මුලු රුධිරයෙහිම ඇත්තේ සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්ය.සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් දිවි පුදන්නට වුවද මම සූදානම්......සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් දෙකක් නොවේ, එකක්මය.එය හරියට ගහට පොත්ත, පොත්තට ගහ මෙන් අතීතයේ සිට පැවතියකි."
-අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.

5 comments:

  1. වැදගත් ලිපියක්.
    මේ වගේ දේවල් අමතක වීම අපිට තියෙන ජාතික රෝගයක්

    ReplyDelete
  2. ස්තූතියි ලිපියට

    ReplyDelete
  3. සෝම හාමුදුරුවෝ අපවත් කරළා අවුරුදු 5 ක් ගෙවුනත් උන්වහන්සේව මතක් වෙන මිනිස්සු ,ගුණානුස්මරණය කරන මිනිස්සු එකේක් දෙන්නෙක්වත් සිංහලයන් අතරේ ඉන්නවයි කියලා දැනගත්ත එකටත් සතුටුයි.

    මොකද ලොකු ඇත්තන්ට උන්වහන්සේව මතක් වෙන්නේ නැවත මහ මැතිවරණයක් ආපු දවසට තමයි.

    ReplyDelete
  4. Charith kiwwa hari. Soma hamuduruwo hadunwanna thiyena hondama nama thamay ANUBUDU kaiyana eka. Aththatama soma hamuduruwo nam anububu kenekma thamay! mokada unwahanse thamay lankawen tiken tika athurudahan wewee giya aththama budu dahama apata samepa karawala thawath awurudu gaanakata pawathina tharamata stheera kale. ithin e wage uththamayan wahanse namakata anubudu kiyan thanathura galapena eka amuthuwen kiyanna oni deyaka newey neda?
    Mata nam Soma Hamuduruwange wadagathma de thamay lesiyen pahadili karanna bary eth awabodayenma danagannan awashya darama karunu wadi denekuta therena widiyata wisthara karapu eka. Eka nam lokuma pudumayak.

    ReplyDelete
  5. මැතිවරණයක් එහෙම තිබ්බනම් මේ දවස් වල බලන්න තිබ්බ සෝම හාමුදුරුවන්ගේ ගුණ සැමරුම්

    ReplyDelete