Tuesday, December 2, 2008

GIA, මෝස්තර නිරූපණය, සමාජ සම්බන්ධතා හා AIDS

ම ලගදි බලපු ෆිල්ම් 1ක් තමා GIA.සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරල තියෙන්නෙ.ෆිල්ම් එකේ තියෙන්නෙ Gia Marie Carangi නම් මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඉතා අඩු වයසින් මෝස්තර නිරූපණයට ඇවිත් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා මිය යන හැටි.නමුත් ඇය මිය යන්නෙ AIDS රෝගයෙන්. එමෙන්ම ඇගේ විශේෂත්වය තමයි ලෝකයේ මුලින්ම AIDS වැලදී මිය ගිය ප්‍රසිද්ධ කාන්තාව වීම.

දෙසැම්බර් 1 වෙනිදට ලෝක AIDS දිනය යෙදිල තිබුන.අපේ රටෙත් එන්න එන්නම AIDS හා HIV ආසාධිතයන් ගනන එන්න එන්නම වැඩි වේගෙන යනව.මෙයට එක් හේතුවක් හැටියට මට පෙනෙන්නෙ බොහෝ දෙනෙක් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වල යෙදීමයි.රූපවාහිනි නාලිකාවෙහි මේ ගැන කල වැඩසටහනකදී සදහන් වූයේ බොහෝ විට පාසල් සිසුන්ද ගණිකාවන් කරා පැමිනෙන බවය.නමුත් බොහෝ විට මෙම කාන්තාවන් පාසල් සිසුන් සමග ලිංගික ක්‍රියාවල නොයෙදුනත් සමහර අවස්ථාවලදී මෙම කාන්තාවන්ගේ පහස ලැබෙන බවද සදහන් විය.

ශ්‍රී ලංකාවේද දැන් දැන් මෝස්තර නිරූපණය ජනප්‍රිය වෙමින් පවතී.නමුත් මේ සදහා පැමිනෙන බොහෝ කාන්තාවන් ලිංගික කටයුතු වල යෙදෙන බව ප්‍රසිද්ධ රහසකි.එමෙන්ම ඔවුන්ගෙන් සමහරෙක් විවිධ මත් ද්‍රව්‍ය ද භාවිතයට ගනිති.

ශ්‍රී ලංකාව තුල ලිංගික සේවා ලබා ගැනීමද අපහසු කටයුත්තක් නොවේ.අවන්හල්, රාත්‍රී සමාජ ශාලා, කැරොකේ ආයතන, සම්භාහන මධ්‍යස්ථාන ආදියෙහි සිදු වන්නේ ලිංගික සේවා ලබා දීමේ කටයුත්තය.මෙය නගරබදව මෙන්ම ගම්බදව ද දැකිය හැකි කාරණාවකි.

මත්ද්‍රව්‍ය භාවිතය නගරයත්, ගමත් ගිල ගනිමින් තිබේ.මත් ද්‍රව්‍ය ගෙන නොසන්සුන් වූ සිතකට හරි වැරද්ද නොතේරේ.මෙයින් සිදු වන්නේ තමාගේ ගතත්, සිතත් රෝගී වීමත්, මුදල් පසුම්බිය හිස් වීමත්, පවුල් සංස්ථාව බිද වැටීමත් පමණි.

විවාහයට පෙර සබදතා ද, විවාහයට පසු සබදතා ද දැන් විලාසිතාවක් වී තිබේ.මෙයට එක් හේතුවක් විය හැක්කේ රූපවාහිනියෙන් පෙන්වන ටෙලි නාට්‍යය.බොහෝ ටෙලි නාට්‍යය අනියම් සබදතා ඉස්මතු වන සේ නිපදවා ඇත.ටෙලි නාට්‍යය බැලීමට හුරු වී ඇති ශ්‍රී ලාංකීය ජනතාවට අනියම් සබදතා යන්න සාමාන්‍ය කරනය වී ඇත.බොහෝ දෙනෙකුට අනියම් ඇසුරක් නොමැති වීම මදිකමක් ලෙස සැලකීමටද මෙම ටෙලි නාට්‍යය දායක වී ඇත.

එමෙන්ම විදේශ රැකියා සදහා යන්නන්ද බොහෝ විට අනියම් ඇසුරක් සදහා යොමු වේ.විදේශ ගත වූ විට තම සමීපතමයන්ගෙන් වෙන් වන නිසා බොහෝ විට මොවුන්ට වැඩි නිදහසක් ලැබීම මෙයට හේතුව යයි සිතිය හැක.

අවසාන වශයෙන් කිව යුත්තේ අප රට පාලනය කල ජනාධිපතිවරයෙකු කීවාක් මෙන් තමාගේ ආරක්ෂාව තමාම සලසා ගන්නේ නම් AIDS මෙන්ම අනෙකුත් සමාජ රෝගයන්ගෙන් ද අපට ගැලවිය හැකි බවයි.

4 comments:

  1. හොද සටහනක්.. ඇත්තටම අපි බුද්ධිමත් වෙනවා නම් බොහෝ‍ දේවලින් වැ‍ලකෙන්න පුළුවනි.

    ReplyDelete
  2. මේච්ච්‍ර දැනුවත් කරද්දිත් මේකට අහුවෙන එක තමා මට පුදුමේ.

    ReplyDelete
  3. දැනුවත් කිරීම් කොපමන කලත් මිනිසුන් නොයෙක් නොයෙක් රැවටීම් වලට ලක් වෙනව.

    මම සිතන්නෙ බොහෝ අයට තනියෙන් සිතල තීරණයක් ගන්න අමාරුයි හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියා. ඒ නිසා මම සිතන්නෙ මේ යන රැල්ලට අහුවනව.

    ReplyDelete
  4. බුදු හාමුදුරුවො තමයි ඕකට හොඳම විසඳුම දීල තියෙන්නෙ. කොහෙද.... බෞද්ධ දර්ශනය පිළිපදින අයත් දැන් වඳවෙලා යන සත්‍ව කොට්ඨාශයක් වෙලානෙ

    ඒකනෙ, ඒ වගේ රතු දත්ත පොතට ඇතුල් වුන මනුසතෙක් දැක්කම සමහරු "වෑයෙන් රැහැල පොරෝ පාරක් ගහ ගනින්" කියන්නෙ

    එක අතකට ඕවට කම්පා වෙලත් බෑ. අබුද්දස් කාලේ ලබුත් තිත්තයි කියනවානේ.......

    ReplyDelete