මෙවැනි එක් වෛද්‍යවරයකු ඉංජිනේරු වෘත්තියෙන්, වෛද්‍ය වෘත්තියට පැමිණ ඇත.ඔහු කැලුම් වීරසිංහය.ඔහු කුඩා කල සිටම පෙර භවය ගැන සදහන් කරමින් පවසා ඇත්තේ ඔහු හට ලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ඇති බවය.නමුත් ඔහුගේ පියා ජාතියෙහි වාසනාවට එම මතය ප්‍රසිද්ධියට පත් කර නැත.නැත්නම් කැලුම් වීරසිංහ නමින් නුතන ජීවකයකු බිහි වන්නේ මෙයට බොහෝ කලකට පෙරය.
මොහු මෙම ජාවාරම කර ගෙන යනු ලබන්නේ බුදු දහම මූලික කොටගෙනය.මොහුගෙන් සුවය ලබන රෝගීන් බුදු පිළිමයකට වැද නමස්කාර කල යුතුය.එහි වරදක් නොමැති නමුත් මොහුගේ මෙම ජාවාරමට බුදු දහම එක් කර ගැනීම බුදු දහමට කරන නිගාවක් බව මාගේ හැගීමය.
මා දන්නා තරමින් බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කර ගෙන නොමැත.බුදුරජාණන් වහන්සේ ද ප්‍රතිකාර ගෙන ඇත්තේ ජීවක නම් වෛද්‍යවරයාගෙන් බව පොත පතෙහි සදහන් වී ඇත.නමුත් ඒ බවක් මෙම කැලුම් වීරසිංහ නම් හොර ජීවකයා නොදන්නා බවක් මට හැගේ.
එමෙන්ම මොහුගේ ප්‍රතිකාර ක්‍රමය අවසන් වන්නේ රෝගියාට පහරක් ගැසීමෙනි.මෙය මොහු විසින් සොයා ගත් නවීන වෛද්‍ය ක්‍රමයක් විය හැක.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා මොහුට නොබෙල් ත්‍යාගයද මතු යම් දිනෙක ලැබිය හැක.එසේ වුවහොත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට විදේශ රටවලින්ද රෝගීන් පැමිනෙනු ඇත.එවිට මොහු මගින් විදේශ විනිමයද ලබා ගත හැකි වනු ඇත.එයින් පසු මොහුට සම්මාන කඩයක් මගින් "ආචාර්ය" හෝ "දේශබන්ධු" සම්මානයක් පිරිනමා "නුතන දුටුගැමුණු" මෙන් "නූතන ජීවකයකු" කර මොහු හට කලගුණ සැලකීමට අපට හැකිවනු ඇත.
මොහු සවුදි රජ පවුලටද වෙදකම් කර ඇත.මොහු සවුදි රජතුමාගේ ආරාධනාවකට අනුව සවුදි රජ මැදුරට ද ගොස් ඇත.එමෙන්ම යම් කිසි රෝගයකින් පෙලෙමින් සිටි සවුදි රජ කුමරෙකු ලංකාවට රැගෙන විත් කොළඹ තරු පහේ හෝටලයක නවත්වා ප්‍රතිකාර කර ඇත.එමෙන්ම එම රජ කුමරු හට කොන්දේසියක් ද පනවා තිබේ.එය නම් දිනපතා පංසල් ගොස් බුදුන් වැදීමය.මෙම රජ කුමරු ගංගාරාම පංසලට ගොස් එය ඉටු කර ඇත.
(මා දන්නා තරමින් ඉස්ලාම් දහම අදහන්නන් ප්‍රතිමා වන්දනාවේ නො යෙදෙන අතර මෙවැනි කටයුත්තක් සවුදි රජ පවුලට අයත් පුද්ගලයකු අතින් සිදු වූයේ යයි සිතීම අපහසුය.මෙම කථාවෙහි සත්‍ය අසත්‍යතාව පිළිබදව කිසිවක් මා නො දන්නා අතර මා මෙය දැන ගනු ලැබූවේ ස්වාධීන රූපවාහිනී සේවයේ මොහු ගැන කල වැඩසටහනකදී මොහු කල ප්‍රකාශයක් මගිනි.)
එමෙන්ම මොහු හට ජාතික රෝහලෙහි අධ්‍යක්ෂක තනතුර ද පිරිනැමිය හැක.එවිට රෝගී වී පැමිණෙන්නන් මොහුගෙන් පහරක් කා එවලේම සුව වී නිවස බලා යනු ඇත.එවිට රෝහල් තුල waiting list ඇති නොවනු ඇත.එමෙන්ම රෝහල් නඩත්තු කිරීමට මුදල් වැය නොවනු ඇත. වෛද්‍ය,හෙද හා අනෙකුත් සේවකයන්ට පඩි ගෙවීමට සිදු නොවනු ඇත.එම මුදල් අනෙකුත් සංවර්ධන කටයුතු සදහා යොදා ගත හැකි වනු ඇත.එවිට අප රට ඉතා ඉක්මනින්ම සිංගප්පූරුවක් වනු ඇත.එමෙන්ම සියලුම වෛද්‍ය විද්‍යාල වසා දමා ඒවායේ විශ්ව බලයෙන් ලෙඩ සුව කිරීම ගැන පාඨමාලා ඇරඹිය හැක.එවිට මොහුට එම පීඨයක ප්‍රථම පීඨාධිපති වීමට හැකි වනු ඇත.
මා දන්නා තරමින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභා 3ක් තිබේ.ඒ බටහිර,ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය සභාය.නමුත් මොහු මෙම වෛද්‍ය සභාවක ලිපදිංචි වී නොමැත.එසේ වී ඇත්තේ මොහු හට ලියාපදිංචි වීමට වෛද්‍ය සභාවක් නොමැති වීමය.එසේ නම් රජය කල යුතුව ඇත්තේ විශ්ව බලයෙන් ලෙඩ සුව කරන මෙවන් ජීවකයන් සදහා වෛද්‍ය සභාවක් ඇති කර එහි මුල්ම සභාපති කම මොහුට ලබා දීමය.මොහු වැනි තවත් කිහිප දෙනෙකු විශ්ව බලයෙන් ලෙඩ සුවපත් කරන නිසා මොහු මෙම වෛද්‍ය සභාවෙහි එකම හා අවසාන සාමාජිකයා නොවනු ඇත.
අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මෙවන් එලොවින් ආ ජීවකයන් මගින් රෝග සුව කර ගැනීමට යාමෙන් සිදු විය හැක්කේ, ඔහු ආ එලොවට අපට යාමට වීසා ලැබීම හෝ ජීවිත කාලයම පීඩා විදිය හැකි රෝගාබාධයකට ලක් වීමට සිදු විය හැකි බවය.