Thursday, January 1, 2009

2009

හැමදෙනාටම ලැබුවා වූ නව වසර කිරියෙන්, පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවායි පතමින් මේ වසරේ පලමු බ්ලොග් සටහන තබනව.

අද දෙවන වසරේ පලමු සමාසිකය පටන් ගත්ත.ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දෙ විභාග කටයුතු හොදට කරන්නයි හිතා ගත්තෙ.ඒක ඉතින් සිතිවිල්ලකට පමණක් සීමා නොවී ක්‍රියාවේ යොදවන්න ලැබෙන්නයි කියල තමයි මම නම් පතන්නෙ.

ඊයෙ රෑ ඉදලම කලේ Facebook මගින් හා SMS මගින් යාලුවන්ට සුභ පතපු එකයි.SMS වලට නම් හොද ගානක් වියදම් උනා.ඒත් ඉතින් අවුරුද්දට එක සැරයක් නැත්නම් දෙසැරයක්නෙ ඔය වගේ SMS යවන්නෙ.ඒ නිසා ඒක ගැන නම් දුකක් නැහැ.කාලෙකට පස්සෙ විදේශ ගතව අධ්‍යාපනය ලබන ගැණු ලමයි දෙන්නෙකුත් කථා කලා.යාන්තම් තාමත් ඒ ගැණු ලමයි දෙන්නට තාම මාව මතක තියෙනව....:P

අද හවස යාලුවොත් එක්ක කොත්තුවක් කන්න හිතා ගෙන ගියා.නමුත් අවාසනාවකට හැමදාම යන කඩේ අද වහල.අලුත් අවුරුද්දෙ මේ මිනිස්සු වැඩ කරන් නැතුව කම්මැලි කමට නිදි ඇති ගෙවල් වලට වෙලා.නැත්නම් ඊයෙ රෑ හොදට බීල තාමත් වෙරි මරගාතෙන් නිදා ගෙන ඇති.මේ වගේ කම්මැලි මිනිස්සු ඉන්න රටක් කවද දියුණු වෙයිද මන්දා....:(

ඔන්න අද කාලෙකට පස්සෙ Loving Star බලන්නත් ලැබුන.අලුත් අවුරුද්දෙ මුලින්ම බලපු වැඩසටහන තමා Loving Star.අද වැල්ලෙ මාලිගාත් හැදුව.ඒත් එක කෙල්ලෙක්ගෙ එක හොද නැහැයි කියල කියපු නිසා මනමාල මහත්තයගෙ ඇදුමයි, කැප් එකයි ගලවල මුහුදට වීසි කරල දැම්ම.අද කාලෙ ඉන්න මේ වගේ කෙල්ලෙක් මටත් ලැබුනොත් වෙන්නෙ ඒ කෙල්ලට යට වෙලා ජීවත් වෙන්න තමා.නැත්නම් ඉතින් ගුටිත් කන්න වෙයි....:(

අපේ රටේ බැංකු පද්ධතිය ගැනත් තියෙන විශ්වාසය දැන් නැති වේ ගෙන වගේ යන්නෙ.සක්විතියයි, දඩුවම් මුදලාලියි රටෙන් පැන්න.නිකම් නෙමේ.අහිංසක දුප්පත් මිනිස්සුන්ට වගේම හොරකමින්, වංචාවෙන් මුදල් හම්බ කල මිනිසුන්ටත් දඩුවමකුත් දීල.කොතලාවල මහත්තයත් කොයි වෙලේ හරි රටින් පනීද දන්නෙ නැහැ.මහ බැංකුවෙ ලියාපදිංචි වෙලා තිබ්බ සෙලාන් හා ප්‍රමුඛ බැංකු කඩා ගෙන වැටුන නම් මිනිස්සුන්ට බැංකු ගැන තියෙන විශ්වාසය නැති වෙයි.ඒ නිසා මේ අවුරුද්දෙ හොදට හිතල මතල ඉතිරි කිරීම් ගැනත් හිතන්න වෙයි.

2009 අවුරුද්දෙ ලියන පලමු බ්ලොග් සටහන නිමා කරනව.

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි, බලාපොරොත්තු ඉටුවන වසරක්ම වේවා!!!!!!!!!!!!!!!

2 comments:

  1. කොතලාවල මහත්තයට රටින් පිටවීම තහනම් කරලා. පැන්නොත් හොරෙන් තමා. එහෙම උනොත් ඒක ලංකාවේ ලොකුම මුදල් වංචාව වේවි.අනික් එක ලංකාවේ මිනිස්සු හුඟකට කෙලවෙනවා.

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දක් වේවා...! මේ පාර රිපීට් නැතුව විභාග කරගන්න මොලේ පැදේවා :P හැබැයි ඉතිං වැල්ලේ මාළිගා හද හද ඉදලා නම් හරියන්නේ නැතෝ...,!
    හික් හික් ඉතිරි කිරීම් ගැන නම් මම බය නැ. මො‍කෝ මම ඉතිරි කරන්නේ නැහැනේ කරන්නේ නැහැ නෙවෙයි ඇත්තම කියනවා නම් ඉතිරි වෙන්නේ නෑ....හැබැයි මගේ කාර්යාල ලාච්චුවෙ නම් අවුරුද්ද අන්තිමේ රු 349ක් ඉතිරි වෙලා තිබ්බා.. බස් වල ඉතුරු ලැබෙන සල්ලි එකතු කරලා..

    ReplyDelete