Monday, January 12, 2009

2009 දෙවන බ්ලොග් සටහන

ජනවාරි පළවෙනිද තමයි මේ අවුරුද්දෙ පලවෙනි බ්ලොග් සටහන දැම්මෙ.ඊට පස්සෙ ලියන පළවෙනි බ්ලොග් සටහන තමා මේක.

පහුගිය දින කීපයෙදිම අපේ හමුදාව විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලැබුව.කිළිනොච්චි, අලිමංකඩ ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත්ත.දැන් තියෙන්නෙ ඉතුරු ප්‍රදේශ ටිකත් අල්ලගෙන යුද්ධය නිමා කරන එකයි.නමුත් හමුදාව ජයග්‍රහණය ලබන කොට රතිඤ්ඤා පත්තු කරපු එකට වඩා ඒ මුදල් වලින් රණවිරුවන් හට නිවාස තනා දුන්න නම් හොදයි කියලයි මට නම් හිතුනෙ.ඒ වගේම ආබාධිත රණවිරුවන්හටත්, රණවිරු පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනුත් යමක් කලා නම් හොදයි කියලයි මට නම් හිතුනෙ.අපි ඉපදෙන කොටත් යුද්ධය තිබ්බ.ඒත් මේ යුද්ධය අපේ ඉදිරි පරම්පරාවට දායද නොකිරීමට පාලකයන් ක්‍රියා කල යුතුයි.

ඊට පස්සෙ ඉතින් සිරස මාධ්‍යය ජාලයට පහර දීපු එක නම් අනුමත කරන්න බැහැ.ඔවුන් කරන හැම දේම 100%ක් අනුමත කරන්න බැරි උනත් මාධ්‍යය ආයතනයකට පහර දෙන එක නම් හොද දෙයක් නෙමෙයි.නමුත් මේ වගේ මාධ්‍යය ජාලයක ආරක්ෂාව ගැන එම ආයතනයේ පාලකයින් එතරම් හොදින් කටයුතු නොකර සිටීම නම් පුදුමයට කරුණක්.

ඊටත් පස්සෙ ලසන්ත වික්‍රමතුන්ග මහත්මයාව වෙඩි තබා ඝාතනය කලා.කවුරු කලත් මේකත් අනුමත කරන්න බැහැ.මොකද මනුස්සයෙක් මරන්න ලේසි උනත්, කිසිම මනුස්සයෙක් මරන්න අපිට අයිතියක් නැති නිසා.

Dream Starත් ඉවර උනා.ඒත් මේ වගේ වැඩසටහන් වලින් වැඩිපුරම ලාභ ලබන්නෙ ජංගම දුරකතන සමාගමුයි, මේ වැඩසටහන් කරන මාධ්‍යය ආයතනයි.දිනපු අයත් තව ටික කාලෙකින් නැතුව යයි.දැන් තියෙන Star වැඩසටහනුත් වැඩියි කියලයි මට නම් හිතෙන්නෙ.පොඩි ලමයිනුත් බලන්නෙ තරුවක් වෙන්න.මොනව උනත් මේ වගේ වැඩසටහන් වලින් ඉදිරියට එන එක් තරගකරුවෙකු හරි මතකයේ රැදෙන දෙයක් කලොත් තමා මේ වැඩසටහන් වටින්නෙ.කියන්න අමතක උනා.මේ සතියෙ සෙනසුරාදා Dancing Star අන්තිම තරගය.ඒකත් කැමති අය බලන්න හොදේ...:D මොනව උනත් මට නම් රූපවාහිනිය බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ.ඉදල හිතල තමා බලන්නෙ.ඒත් කවදාවත් SMS නම් කරන්නෙ නැහැ....:D

දැන් ඉතින් මේ බ්ලොග් සටහනත් ලියල ඉවර කරන්න වෙලාව ඇවිල්ල.ආපහු ඊලග බ්ලොග් සටහනින් හමු වෙමු.

3 comments:

  1. හුග දවසකින් දැක්කේ..!

    ReplyDelete
  2. @ malee - කාලෙකින් තමා ලිව්වෙ.ඒත් හැමදාම බ්ලොග් නම් කියවනව....:D

    ReplyDelete
  3. starsලා නම් දැන් වැහි වහලා. මුලු අහසම බිම

    මම අමුත්තෙක්!බ්ලොග් සටහන් තුළින් හඳුනා ගැනීම සතුටක්. දිගටම ලියන්න...

    ReplyDelete