Monday, January 19, 2009

රාජ්‍ය නොවන සංවිධාන හා අන්‍යාගම්කරණය

අද දෙරණ රූපවාහිනී සේවයේ ගිය ප්‍රවෘත්තියක් දැකලයි මේ බ්ලොග් සටහන ලියන්න හිතුනෙ.ප්‍රවෘත්තියෙ තිබ්බෙ රාජ්‍ය නොවන සංවිධාන ගැන පත් කරපු පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ගැන.

මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට ලංකාවේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන මගින් කරන ප්‍රධානම කාර්යය වන්නේ දුප්පත් ජනතාවට මුදල් හා වෙනත් ද්‍රව්‍යමය ආධාර දී ඔවුන් වෙනත් ආගම් වලට හරවා ගැනීමයි.මෙම අන්‍යාගම්කරණය බොහෝ විට යුද්ධය පවතින ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන අතර අනෙක් ප්‍රදේශ වලද තවමත් නිදහසේ කරගන යනු ලබනවා.විශේෂයෙන් යුද්ධය පවතින ප්‍රදේශවල ජීවත්වන හිංදු ආගම අදහන ජනතාවත්, අනෙක් ප්‍රදේශවල බෞද්ධයන් ඉලක්ක කර ගෙනත් මෙම අන්‍යාගම්කරණය සිදු කර ගෙන යනු ලබනවා.

නමුත් මෙම දුප්පත් ජනතාවට සම්පූර්ණ වැරැද්දේ බර පැටවීමෙන්ද වැඩක් නැත.මන්ද ඔවුන් වෙනත් ආගමකට යන්නේ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ සලකා බලා නිසාය.එදා වේල කන්න නැති, හරි හමන් රස්සාවක් නැති අයකු හට මුදල් දුන් විට වෙනත් ආගමක් ඇදහීමට ඔහු අනිවාර්යයෙන්ම පෙලබෙනවා ඇත.

එසේම මෙම රාජ්‍ය නොවන සංවිධාන අප රටෙහි පාසල් විෂයයන්ද වෙනස් කිරීමට පටන් ගෙන ඇති බව මෙම ප්‍රවෘත්තියෙහි සදහන් විය.මෙසේ අප රටෙහි අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයට අත ගැසීමට ඔවුන්ට අයිතියක් තිබේද යන්නත් බරපතල ගැටලුවකි.එසේම මොවුන් අප රටෙහි ඉතිහාසය විකෘති කොට පාසල් විෂය පද්ධතියට ඇතුලු කර තිබුනද ඒ ගැන පුදුම විය යුතු නැත.

එමෙන්ම මොවුන් කොටි ත්‍රස්තවාදීන් හටද උදවු දුන් බව ඕනෑම කෙනෙක් දන්නා කාරණාවකි.ඔවුන්ගේ කුරුම්බැට්ටි ගුවන් යානා සෑදීමටද, කොටි ගුවන් විදුලියට අවශ්‍ය උපකරණ ලබා දීමටද මොවුන් කටයුතු කර ඇත.එමෙන්ම මොවුන් කොටි පාලන ප්‍රදේශවල සිට පැමිණීමේදී මොවුන් සතු රථ වාහන, පරිගණක හා අනෙකුත් ද්‍රව්‍ය කොටි සංවිධානයට ලබා දී පැමිණි බවද ඕනෑම කෙනෙකු දන්නා කරුණකි.

එමෙන්ම මොවුන්ගේ ක්‍රියාවලට විරුද්ධව වැඩ කරන පුද්ගලයින් අභිරහස් ලෙස ඝාතනයටද ලක් වේ.පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් මෙයට නිදසුනකි.මහාචාර්ය සේනක බිබිලේ මහතා තවත් නිදසුනකි.

අවසාන වශයෙන් කිව යුත්තේ අප මෙම රාජ්‍ය නොවන සංවිධානවලට බිය වී කටයුතු කිරීම දැන් අවසන් කල යුතු බවය.නමුත් අප තවමත් සංවර්ධනය වන රටක් නිසා මෙවැනි සංවිධාන වලින් අවශ්‍ය තාක්ෂණික දැනුම ආදිය ලබා ගත්තාට වැරැද්දක් නොමැත.නමුත් ඔවුන් අන්‍යාගමකරණය හා ත්‍රස්තවාදීන්ට උදවු දීම වැලකිය යුතුය.

3 comments:

  1. 'මගේ මතය' හි 'දේශපාලන විසඳුම හා යුධ විසඳුම' සටහනේ පෙන්වා දුන් පරිදි මෙම ගැටළුවටද තිබෙන්නේ ආර්ථික විසඳුමකි.
    කුසට අහරක්, ඉනට වස්ත්‍රයක්, හිසට නිවසක්, බීමට ජල බිඳක් වැනි මූලික අවශ්‍යතා නොමැතිව දුක් විඳිනා පුද්ගලයකු ආගම, ජාතිය, රට, රටේ ස්වාධීනත්වය වැනි ද්විතීය තත්වයන් පවා දී හෝ මූලික අවශ්‍යතා සපුරා ගැනීම මෙම ගැටළුවේ යථාර්තයයි. එබැවින් රටේ ජනතාව යම් මට්ටමකට ආරිථික වශයෙන් ඔසවා තබන තුරු මේ 'අන්දවා ගැනීමේ' ව්‍යාපාර නතර නොවනු ඇත.

    ReplyDelete
  2. බනදුල මහත්මයා කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ.. බඩගින්නේ ඉදගෙන සංස්කෘතිය ආගම් රකින්න කවුරුවත් සූදානම් කියලා මම හිතන්නේ නෑ..!

    ReplyDelete
  3. @ බන්දුල

    ඔබ "මගේ මතය" තුල ඉදිරිපත්කර තිබූ අදහස මා එතරම් දුරට පිළිනොගත් නමුත් අන්‍යාගම්කරණය සදහා නම් ප්‍රධාන වසයෙන් බලපානු ලබනුයේ ආර්ථික ගැටළු බව ඔබ දක්වා ඇති මතය ඉතාම වැදගත්.

    "එබැවින් රටේ ජනතාව යම් මට්ටමකට ආරිථික වශයෙන් ඔසවා තබන තුරු මේ 'අන්දවා ගැනීමේ' ව්‍යාපාර නතර නොවනු ඇත."

    @ මලී

    බඩගින්නේ ඉදගෙන හරි රට,ජාතිය,ආගම රකින්න සූදානම් මිනිස්සු අදත් ඉන්නවා ඉදිරියේදිත් ඉදීවී කියල මට විස්වාසයි.

    ඒත් රටක එකම විදියේ මිනිස්සු බිහිවෙන්නේ නෑනේ .බහුතරයක් ඉන්නේ සල්ලි මත සියල්ල තීරනය කරනමිනිසුන්. ඒක නම් ඇත්ත කථාව.

    ReplyDelete