Thursday, January 29, 2009

මගේ විනෝදාංශය

අද මට හිතුන මගේ විනෝදාංශය ගැන බ්ලොග් සටහනක් ලියන්න.ඔන්න ඉතින් මගේ විනෝදාංශය තමයි movies එකතු කරන එක.අද ඔන්න 600 වෙනි එකත් එකතු කලා.

වැඩියෙන්ම මම බලන්න කැමති හිංදි චිත්‍රපටි.ඊට පස්සෙ ඉංග්‍රීසි චිත්‍රපටි.ඒත් ඉතින් මගෙ ගාව වැඩියෙන් තියෙන්නෙ නම් ඉංග්‍රීසි චිත්‍රපටි.තව සිංහල චිත්‍රපටි කීපයකුත් තියෙනව.

මගේ මේ චිත්‍රපටි එකතු කරන වැඩේ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ඉදල.මුලින්ම මිලදී ගන්න ගියෙ බම්බලපිටියෙ Eagle එකට.එතන DVD එකක් රු.80ක් නිසා ඉස්සර හැමදාම වගේ ගෙදර යනකොට DVD එකක් අරගෙන යන්න අමතක කරන්නෙ නැහැ.ඒත් දැන් නම් ගන්නෙ වෙන තැන් වලින්.

මම චිත්‍රපටි ගන්න කොට ගොඩක් වෙලාවට බලන්නෙ මම ආස කරන නිළියක් ඒකෙ රගපානවද කියල.මම කැමති නිළියො දෙන්න තමයි Kate Winslet හා Angelina Jolie.Kateගෙ Titanic වලට පස්සෙ ආපු හැම චිත්‍රපටියක්ම වගේ එකතු කරල තියෙනව.වෙන මොන නිසාවත් නෙමේ.Kate මගේ ප්‍රියතම නිළිය නිසා.Titanic, Holy Smoke, Romance & Cigarettes, Little Children, The Holiday, Revolutionary Road මේ චිත්‍රපටි ටික තමයි මට හිතෙන විදිහට Kateගෙ හොදම චිත්‍රපටි ටික.ඒ වගේම Angelina Jolieගෙ Gia, Gone in Sixty Seconds, Original Sin, Beyond Borders, Mr. & Mrs. Smith, A Mighty Heart, Wanted, Changeling කියන චිත්‍රපටි වලට ආසයි.

හිංදි චිත්‍රපටි වලින් වැඩියෙන්ම කැමති Fashion, Bachna Ae Haseeno, Om Shanti Om, Chak De India, Taare Zameen Par, Bhool Bhulaiyaa, Fanaa කියන චිත්‍රපටි වලට.Fashion තමයි ආසම හිංදි movie එක.

මුලින් මුලින් චිත්‍රපටි download කලත්, පස්සෙ ඒත් එක්ක සමහර වෙලාවට නොමිලේම එන virus නිසා download කරන එක එපා වුනා.ඒ නිසා දැන් නම් සල්ලි දීල තමා ගන්නෙ.ඒත් දැන් නම් චිත්‍රපටි බලන්න වෙලාවක් හොයා ගන්න තියෙන අමාරුව නිසා දැන් නම් මිලදී ගන්නෙ කලාතුරකින්.

සිංහල චිත්‍රපටි වල මිල වැඩි නිසා මිලදී ගන්නෙ නම් කලාතුරකින්.ඒත් දැන් අඩුවට මිලදී ගන්න තැනක් හම්බවෙච්ච නිසා දැන් සිංහල චිත්‍රපටිත් එකතු කරනව.සිංහල චිත්‍රපටි වලින් නම් ආස මචං, අබා, නිධානය හා සරුංගලය කියන චිත්‍රපටි වලට.ලගදිම ලීඩර් බලන්න යන්නයි හිතාගෙන ඉන්නෙ.තාම වෙලාවක් ලැබුනෙ නැති නිසා යන්න බැරි වුනා.රන්ජන්ගෙ පාර්ලිමන්ට් ජෝක්ස්-1 වලට නම් මම වැඩිය කැමති නැහැ.ඒත් වන් ෂොට් වන් වලට නම් මම කැමතියි.

මේව ඇරෙන්න මම බලපු ඒවයින් ආසම චිත්‍රපටි තමයි Basic Instinct, Basic Instinct 2, Hotel Rwanda, Catch Me If You Can, 13 Going On 30, Sense and Sensibility, The Sleeping Dictionary, Mean Girls, Material Girls, Awake, Border Town, Eurotrip, The Eye කියන ඒව.

දැන් ඉතින් ඇතියි කියල හිතෙනව මගේ මේ විනෝදාංශය ගැන ලියපු ටික.හෙට මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ 2009 වසරට අලුතින් බදව ගත්ත ශිෂ්‍යයින් හට දෙන Freshers Day එකත් පැවැත්වෙනව.හෙට ඒකටත් යන්න ඕන.ඒ වගේම තමයි මගේ ජීවිතයේ මුහුන දෙන පලවෙනි සම්මුඛ පරීක්ෂණය යෙදිල තියෙන්නෙත් හෙට.Dialog වල තමා තියෙන්නෙ.මොනව අහයිද දන්නෙත් නැහැ.රස්සාව ලැබුනත්, නැතත් ඕන දෙයක් වෙන්න ගිහින් බලනව.තාම මට දරු පවුලක් නෑනෙ නඩත්තු කරන්න.ඒත් ඉතින් ඊට වඩා වියදමක් යනව පෙම්වතියගෙ අවශ්‍යතාවලට.ඒ නිසයි දැන්මම රස්සාවකට යන්න කියල හිතුවෙ.

ගිහින් එන්නම්.හැමෝටම ජය වේවා!!!!

8 comments:

  1. Don't say nonesense and support NGOs to protect SriLanka from monster Mahinda

    ReplyDelete
  2. මම නම් කරන්නේ බලන්න හිතුනම් CD Rent එකට ගෙනත් බලන එක. හොඳ එකක් නම් හාඩ් එකට දා ගන්නවා.

    ReplyDelete
  3. මාත් හෝ ගාල Download කරනව . ඉස්සර සල්ලි වලට ගත්ත දැන් නම් Download කරනවා විතරයි මොකො සමහර වෙලවට සල්ලි වලට ගන්න එවට වඩ හොඳයි Download කරන ඒව.මන්වත් දන්නේ නැහැ මන්ගව තියෙන Fiml මොනාද කියලා. කාටවත් ගෙනියන්නනම් දෙන්න එපා. මොකෝ ගෙනිච්චොත් ආපහු ගෙනත් දෙනනේ නැහැ. මගේ එවත් ගොඩක් දැන් අතුරුදහන්

    ReplyDelete
  4. @ චරිත - මාත් කාලයක් rent එකට ගෙනත් බැලුව.ඒත් දැන් එකතු කරන එක පුරුද්දක් වෙලා නිසා සල්ලි දීල ගන්නව.

    @ ම - මම නම් ගන්නෙ original කොපියක්ම තමයි.මම නම් කවදාවත්ම මගෙ ගාව තියෙන movies කාටවත් දෙන්නෙ නැහැ.සමහර දීපු ඒවා තාමත් ලැබිල නැහැ.ඉල්ලන්නත් බැහැ තරහ වෙයි කියල.යාලුකම වටිනවනෙ DVD එකකට වඩා.

    ReplyDelete
  5. අපි ඉක්මනටම 1000 වෙනි එකටත් ලගාවෙමු. අම්මෝ මාගාවත් තියනවා 200 විතර කිට්ටුවෙන්න , ඔක්කොම ඩ්වුන්ලෝඩ් කරපුවා (torrent) aXXo, උපසිරස සහිතව ( ඉංග්‍රිසි ). සල්ලිවලටනම් ගන්නවා ගොඩක් අඩුයී. කවුරුහරි ඉල්ලුවොත් කොපියක් දෙනවා මිසක් ඔරිජිනල් එක නම් දෙන්නේ නෑහෑ.

    “ඒත් ඉතින් ඊට වඩා වියදමක් යනව පෙම්වතියගෙ අවශ්‍යතාවලට”

    අනේ අපිට නම් නෑහෑ ඔයවගේ ප්‍රශ්න ! , හම්මෝ SLIIT පෙම්වතියක් නඩත්තු කරන්න නම් බරගානක් යයී මාසේකට. පෙම්වතිය කිව්වේ ඔයා කෑන්ටි එකේදි පෙන්නපු අක්කා ගෑනද ?

    සම්මුඛ පරික්ශනයට කොහොමෑයී ?

    ReplyDelete
  6. @ Priyankara - 1000 වෙනි එකට ලගා වෙන්න හිතන් ඉන්නෙ මේ semester එක ඉවර උනාම.එතකන් ටිකක් DVD ගන්න එක අඩු කරල තියෙන්නෙ.මාස දෙකක විතර නිවාඩුවක් ලැබෙනවනෙ exam වලින් පස්සෙ.එතකොට ඕන තරම් බලන්න පුලුවන්.

    එදා පෙන්නුව අක්ක තමයි කලින් පෙම්වතිය.දැන් ඒ සම්බන්ධය නැහැ.හැබැයි මොනව උනත් හොද කෙල්ලෙක්.

    ReplyDelete
  7. අබා චිත්‍රපටිය මිලදී ගන්න හරි download කරන්න හරි තැනක් කියන්නකෝ.

    email එක dimuster@gmail.com

    කරුනාකරල කවුරු හරි උදවු කරන්න.

    ReplyDelete
  8. @ Dimu - දැනට මා දන්නා ආකාරයට අබා චිත්‍රපටිය අන්තර්ජාලයෙන් භාගත කර ගත හැකි වෙබ් අඩවියක් නොමැත.නමුත් මෙම වසර තුල එය වෙලද පොලට නිකුත් කල හැක.බොහෝ විට ටොරානා ආයතනය මගින් අබා චිත්‍රපටිය වෙලද පොලට නිකුත් කරනු ඇත.

    ReplyDelete