Wednesday, January 14, 2009

Well done Bangladesh



බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවතිච්ච එක් දින තරගය ඉවර වෙච්ච ගමන්මයි මේ සටහන ලියන්නෙ.වෙන මොකකටවත් නෙමේ.හිතේ තියෙන සතුටට.

අවුරුදු කීපයක් අධ්‍යාපනය ලබපු රට දැන් ලබල තියෙන දියුණුව දැක්කම ඇතිවෙන සතුට වචන වලින් කියන්න බැහැ.ඒත් ලංකාව පරාජය ලැබුවම සියුම් දුකකුත් හිතේ ඇති වුනා.ඒත් බංග්ලාදේශය අවුරුදු කීපයක් තුල ලබා ඇති දියුණුව දැක්කම ඊටත් වඩා සතුටක් හිතේ ඇති වෙනව.

වෙනම සංස්කෘතියක්, වෙනම භාෂාවක්, වෙනම ආගමක් අදහන රටක ලබපු අත්දැකීම් ජීවතය ගොඩ නගා ගන්න උදව් වුනා.නමුත් ඔවුන් කිසි දිනෙකත් අපට අනෙකුත් විදේශිකයන්ට සලකන ආකාරයට සැලකුවෙ නැහැ.ලාංකිකයන් හට ඉතාමත් උසස් ලෙස සලකන එකම රට විදිහට කියන්න පුලුවන් බංග්ලාදේශය විතරයි.එසේ වී ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ උසස් රැකියාවල තනතුරු හොබවන්නේ ලාංකිකයන් වීම නිසා.

නමුත් ඔවුන් ලංකාවට වඩා ඉතා සීග්‍ර දියුණුවක් ලබමින් තියෙනව.ස්වභාවික විපත් නැත්නම් ඔවුන් ආසියාවේ ඉතාමත් දියුණු රටක් බවට දැනටමත් පත් වී හමාරයි.

මෙම එක් දින තරගාවලියේ අවසන් තරගයේ ජයත් බංග්ලාදේශ කණ්ඩායමට ලැබේවායි පතමින් මේ සටහන නිමා කරනවා.

6 comments:

  1. මුහම්මද් හසන්January 14, 2009 at 7:42 PM

    විමල් වීරවංශ මේ සටහන කියෙව්වොත් කියාවි ඔයත් එන්.ජී.ඕ ආධාර ලබන දේශද්‍රෝහියෙක් කියලා :)

    ReplyDelete
  2. මට නම් පේන්නේ බංගලාදේශය ලැබුව ජයග්‍රහනයකටත් වැඩිය ලංකාව ලැබුව පරාජයක් විදියට. හොදට තිබුණු ලංකාවේ ක්‍රිකට් වලටත් නරක කළ දසාවක් ලබල. බංගලාදේශ කණ්ඩායම අපේ කණ්ඩායම අපේ කණ්ඩායම තරම් අත්දැකීම් , පහසුකම් තියෙන කණ්ඩායමක් නෙවෙයි. (හැම ක්‍රීඩකයම වයසින් අවු 25ට අඩුයි) කොහොම උනත් බංගලාදේශයේ ධෛර්යවන්ත ක්‍රීඩා විලාසය අගේ කරන්න ඕන. විශේෂයෙන්ම නායක
    Mohammad Ashraful අතිදක්ෂ නායකයෙක් මම හිතන විදියට. අපේ නායකයා විවේචනය කරනවා නෙවෙයි මහේල හොඳ නායකයෙක් ඒත් ළකුණු අතර හිටිය නම් මීටත් වඩා හොඳ නායකයෙක් වෙයි.

    ReplyDelete
  3. මට මැච් එක බලන්න වාසනාව නො ලැබුනාට ඔයාගේ විවෘත සටහන අගයනවා!

    ReplyDelete
  4. මට ඉතිං ඔයා‍ට‍ වගේ බංගලිදේශයත් එක්ක සම්බන්දයක් නැති හින්දා අපේ රට පැරදුන එක ගැන දුකයි.. ‍ඒක පැරදුනාට කමක් නෑ.. ලංකාව අවසන් තරගය දිනනවාට නම් මම කැමතියි!

    ReplyDelete
  5. @ පහන් - බංග්ලාදේශ කණ්ඩායමට අත්දැකීම් අඩු බව නම් පිලිගන්නව.ඒත් පහසුකම් අතින් නම් බංග්ලාදේශ කණ්ඩායමෙයි, ශ්‍රී ලංකා කණ්ඩායමෙයි එතරම් වෙනසක් දැන් නම් නැහැ.

    @ malee - මට මතක විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයෙදි ලබපු දෙවෙනි පරාජය තමයි මේ ලැබුවෙ.මීට කලින් මට මතක විදිහට 2006 දි Chittagong වලදි ශ්‍රී ලංකා කණ්ඩායම මීටත් වඩා අන්ත විදිහට පරාජයක් ලැබුව.

    ඒ වගේම තමයි 2007 තිබ්බ ලෝක කුසලානය දවස්වලත් මම හිටියෙ බංග්ලාදේශයෙ.එදා ඔවුන්ගෙ රටට පස්සෙ සහයෝගය දීපු එකම රට වුනේ මුස්ලිම් රටක් වෙච්ච පාකිස්ථානයවත්, අල්ලපු රට වෙච්ච ඉන්දියාව වත් නෙමේ.ලංකාව දිනනව බලන්න ඔවුන් ඉතාමත් කැමැත්තෙන් හිටියෙ.එදා සේරම පත්තර වලත්, රූපවාහිනී වලත් ගියෙ ලංකාවට සහයෝගය දක්වපු දැන්වීම්.මම හිතන්නෙ ලංකාවෙදිවත් එච්චර සහයෝගයක් අපේ කණ්ඩායමට නොලැබෙන්න ඇති කියලයි.

    මලී අක්කටත් වෙලාවක් ලැබුනොත් බංග්ලාදේශයට ගිහින් එන්න.ගොඩක් අය හිතාගෙන ඉන්නෙ බංග්ලාදේශය කියන්නෙ දුප්පත් රටක් කියල.ඒත් ගියාම තමයි තේරෙන්නෙ බංග්ලාදේශය, ලංකාවටත් වඩා දියුණු රටක් කියල.

    ReplyDelete
  6. @ මුහම්මද් හසන් - මම ශ්‍රී පාදස්ථානයටයි, සීගිරියටයි ගිහින් තියෙනව.ඒ නිසා මම විමල් වීරවංශට වඩා දේශප්‍රේමියෙක් කියලයි මට නම් හිතෙන්නෙ....:D

    @ බින්කු - ඔබේ අදහසට බොහොම ස්තූතියි.

    ReplyDelete