Tuesday, February 10, 2009

ටෙලිනාට්‍යය හා රූපවාහිනිය බැලීම

ඔන්න අද තිබ්බ 20-20 තරගයත් සුපුරුදු විදිහටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුනා.ඒත් අද හොද තරගයක් ඉන්දීය කණ්ඩායමට දෙන්න ලැබිච්ච එක ගැන නම් සංතෝෂයි.ඒ වගේම පොඩි දුකකුත් තියෙනව අද තරගය බලන්න යන්න බැරි වෙච්ච එක ගැන.අද ඔක්කොම යාලුවො match එක බලන්න යද්දි මම විතරක් හවස lecture එකට හිටපු නිසා ඒ අවස්ථාව මග හැරුන.ඒත් ඉතින් හවස ගෙදර ඇවිත් ඔක්කොම තරගය රූපවාහිනියෙන් බැලුව.කොහොම බැලුවත් එකයිනෙ.....:D

අද ලියන්න හිතා ගෙන ආවෙ ජාතික රූපවාහිනියෙන් මේ දවස් වල රාත්‍රී 9ට පෙන්වන පරණ ටෙලිනාට්‍යය ගැන ලියන්න.ඇත්තටම මට නම් හිතෙන්නෙ කාලෙකට පස්සෙ හොද ටෙලිනාට්‍යයක් බලන්න ලැබෙන්නෙ දැන් තමයි කියලයි.නැත්නම් හැමදාම බලන්න ලැබෙන්නෙ මෙගා නාට්‍යයනෙ.ඒවයිනුත් ගොඩක් ඒව ඉන්දියාවෙ හදපු නාට්‍යයවල කොපි.නැත්නම් හඩ කවල පෙන්වනව.

මම හිතන්නෙ ඔය ඉන්දීය නාට්‍යය පෙන්වීම මුලින්ම පටන් ගත්තෙ "සිරස" නාලිකාව කියලයි.ඊට පස්සෙ ඒක අනිත් නාලිකා වලටත් බෝ වුනා.දැන් ශ්‍රී ලාංකීය අභිමානය ගැන කථා කරන ස්වර්ණවාහිනියෙත් ඉන්දීය නාට්‍යයක් යනව.ඒ වගේම අනිත් නාලිකා වලත් මෙගා නාට්‍යය ඕන තරම් පෙන්වනව.

දැන් දැන් ලාංකීය නිෂ්පාදකයනුත් මෙගා නාට්‍යය නිපදවන්න පටන් අරන්.ඒ ගොල්ලො නම් කියන්නෙ අපේ රටේ ගැමි පරිසරය, සමාජ අසාධාරණයට විරුද්ධව නැගී සිටින කාන්තාවන් ගැන මේ නාට්‍යය වලින් පෙන්වනවාය කියල.නමුත් අවසානයට මොවුන් බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ රසවින්දනය මොට කිරීම විතරයි.

මෙගා නාට්‍යය ගැන කථා කරන කොට සිරසෙ "රන් දෙපැය" ගැනත් කථා නොකරම බැහැ.මේ දෙපැයෙන් වෙලා තියෙන්නෙ මාපිය, දූදරු සබධතා කැඩී යාම විතරයි.බලන මිනිස්සු හිතන්නෙ මේව ඇත්තටම ලෝකෙ සිද්ධ වෙන දේවල් කියල.අන්තිමට ඔවුනුත් නාට්‍යය වල වගේම අනියම් සම්බන්ධතා ආදිය පවත්වා ගනිමින් තමන්ගේ පවුල් ජීවිතය කඩා කප්පල් කර ගන්නව.අන්තිමට ඉතුරු වෙන්නෙ මනෝ ලෝකෙක ඉතුරු වෙච්ච පවුල් ප්‍රශ්ණ ටිකක් විතරයි.

ඒත් මේ දැන් පෙන්වන නාට්‍යය වලට වඩා කොච්චර හොද නාට්‍යය රූපවාහිනිය බිහි වෙච්ච මුල් යුගයේ නිර්මාණය වුනාද කියල ඒව දැක්කම හිතෙනව."කන්දෙ ගෙදර", "අසල්වැසියො", "පලිගු මැණිකෙ" ආදිය මීට නිදසුන් කීපයක්.දැන් ඔයවගේ නාට්‍යය බිහි නොවන්නෙ නිර්මාණකරුවන්ගෙ තියෙන බංකොලොත්භාවය නිසාද, එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාගෙ රස වින්දනය අඩු වී තිබීමද කියල හිතෙනව.ඒත් මෑත කාලයෙ නිර්මාණය වෙච්ච "ඉසුරු යෝගය", "බෝගල සවුන්දරිස්" වගේ නාට්‍යය වලට ලැබිච්ච ප්‍රතිචාර දැක්කම හිතෙන්නෙ තවමත් හොද රස වින්දනයක් සහිත දේවලට අපේ රටේ තැනක් තියෙන බවයි.

අන්තිමට කියන්න තියෙන්නෙ තමන්ට වැදගත් වෙන දේවලට විතරක් රූපවාහිනිය නැරඹීමට යොදා ගන්නා ලෙසයි.

10 comments:

  1. පට්ටපල් ඇත්ත.
    සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  2. කෙලෙහි ගුණ නොදත් ඉන්දියානු නායකයා මුබාරක්ට ස්තුති කරන්න අමතක කරල

    ReplyDelete
  3. මම නම් ටෙලිනාට්‍ය බලන්නේ නෑ. තියෙන ප්‍රශ්න මදිවට අනුන්ගේ ප්‍රශ්න ඔළුවට දාගෙන හිත හිත ඉන්නවා ඊළඟ කොටස පෙන්නනකම්.

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත...! මමත් දවස් දෙක තුනක්ම කන්දේ ගෙදර බැලුවා.. හාස්‍යත් එක්ක අපූරු ජිවිත පාඩමුත් කථාවේ යටිපෙල දිගේ ගලායනවා කියලා හිතෙනවා ඒවා බලද්දි...අළුත් ටෙලි නාට්‍ය ගැන නම් ඉතිං අනේ මන්දා කියන්න දෙයක් නෑ.. සේරම ‍එකයි..!

    ReplyDelete
  5. ඔව්ව බලන අපේම මොට්ට මිනිස්සුමයි ඉතින් ඔය ජවාරම ගෙනියන්න දෙන්නේත්. කියලා වැඩක් නෑ, මාත් ටෙලි නාට්‍ය බලන්නෙත් නෑ, මොලේ විකල් කර ගන්න ඔනේ නෑනේ ඉතින් බලලා.පොඩිකාලේ බලපු නෑදෑයෝ දුදරුවො නම් තාම මතකයි මට. ආයිත් කාවදා එන්නද ඉතින්?

    ReplyDelete
  6. මමත් ටෙලි නාට්‍ය බලන්නෙ නෑ දැන්. ෙවල‍ාවකුත් නෑ. නමුත් කට්ටිය බලන ඒව ඇහෙනව. දුකයි තමයි ඒත් ඕක ගැන අපිට දැණුන කියල ඇති වැඩක් නෑ. මේක දැන් බිස්නස් වෙලානෙ නේද?

    ReplyDelete
  7. මමත් දැන් ටෙලි නාට්‍ය බලන්නෙ නෑ. බලන්න දෙයක් යන්නෙ නෑනෙ. මම බලපු හොඳම ටෙලි නාට්‍ය අකාල සන්ධ්‍යා ඊළඟට දඩුබස්නාමානය.

    ReplyDelete
  8. මෑච් එක වගේද , මම දෑක්කා ලස්සන අක්කලා ටිකක් වටකරගන හවස ලෙක්ච්ර්‍ එකට වාඩිවෙලා ඉන්නවා. මෑච් එකක්නම් ආයේ කවදා හරි බලාගන්න පුලුවන්නේ....

    හ්ම්ම්... මම නම් නාටය එච්චර බලන්නේ නෑහෑ. ඔයාගේ කතාවනම් සහතික ඈත්ත. අද තියන සමහර නාටය වල කිසිම රසවින්දනයක් නෑහෑ.විශේශයෙන්ම ලගදි ගිනිගත්තු නාලිකවේ ටෙලිනාටය නම් සත පහක වෑඩක් නෑහෑ. එත් අපේ රටේ බුරු ප්‍රෙක්ශකයො තවමත් කට ඈරන් එවා බලනවා. ඉතින් පිටරට සමාගම් දියුනු වෙනවා, අපේ රට තව දුප්පත් වෙනවා...

    ReplyDelete
  9. @ Chanaka, පහන්, malee, බින්කු, H , Susitha - මමත් දැන් ටෙලිනාට්‍ය බලන්නෙ නැහැ.බලන්න හිතුවත් හොද නාට්‍යය ඇත්තෙත් නැහැ.වැඩි හරියක් තියෙන්නෙ ඉන්දීය ටෙලිනාට්‍යයවල කොපි.නැත්නම් ඒව එහෙමම හඩ කවල පෙන්වනව.

    @ Priyankara - ඒකනෙ මල්ලි මැච් එක බලන්න නොගියෙ.මැච් එක වගේද ඒ කෙල්ලො ටික.ආපහු ඔය වගේ chance එකක් කවද එයිද දන්නෙත් නැහැනෙ.ඉතින් මැච් එක නොබැලුව කියල පාඩුවක් වුනෙත් නැහැනෙ....:P

    ReplyDelete