Thursday, February 19, 2009

උබුන්ටු පිහිටුවීම

ඔන්න අද කාලෙකට පස්සෙ නිවාඩුවක් ලැබුන.ඒ මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි ප්‍රධානෝත්සවය පැවතිච්ච නිසා.උපාධි ලබා ගත් සියලුම අයියල, අක්කලාට ඔන්න මමත් මගේ බ්ලොග් එකෙන් සුභ පැතුව.

ඔන්න ඉතින් අද නිවාඩු දවස නිසා උදෙන්ම නැගිටල movie එකක් බලන්න හිතා ගෙන පරිගණකය දැම්ම.ඔන්න message එකක් ආවා "NTLAB is missing. Press Ctrl+Alt+Delete to restart" කියල. Restart කලත් ඔය message එකම තමා ආවෙ.XP අල වෙච්ච බව තේරුනා. Format කරන්නත් බැහැ. Backup එකක් තියා ගෙන නැති නිසා.

ඔය වෙලාවෙදි තමයි උබුන්ටු පිහිටට ආවෙ.ආපහු උබුන්ටු දාල restart කලා.ඊට පස්සෙ ඒ මාර්ගයෙන් external hard disk එකකට backup එකක් ගත්ත.යන්තම් උබුන්ටු පිහිටෙන් ගොඩ ගියා.ඒත් තිබිච්ච ඔක්කොම චිත්‍රපටි, සින්දු ආදිය නම් ගන්න බැරි වුනා.ඒත් කමක් නැහැ, අත්‍යවශ්‍ය ඒව බේර ගත්තනෙ.

ඔන්න ඉතින් ඊට පස්සෙ මම OS එක විදිහට උබුන්ටුම ස්ථාඵනය කර ගත්ත. Virus එන්නෙත් නැහැ, virus guard ඕනෙත් නැහැනෙ. VirtualBox අධාරයෙන් XPත් පිහිටව ගත්ත.දැන් ඉතින් අවුලක් නැතුව වැඩ....:D

ස්තූති කරන්නත් දෙන්නෙක් ඉන්නව.ඒ තමයි ප්‍රබුද්ධයි, රුකෂාන් මල්ලියි.ඔන්න ඔය දෙන්න ගැනත් බ්ලොග් එකේ ලිව්ව....:D

අද වෙච්ච මේ සිද්ධිය නිසා වැදගත් තීරණ දෙකක් ගත්ත.එකක් තමයි external hard disk එකක් වහාම මිලදී ගැනීම.අනෙක තමයි මින් මතු දිගටම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම.

අපේ බ්ලොග් ලියන ප්‍රියංකර මල්ලි ගෙනත් දුන්න ඔක්කොම movies ටිකත් දැන් නැහැ.ඒ නිසා ඒ ටික ආපහු ගෙනත් දෙන්න කියලත් කාරුණිකව මල්ලිගෙන් ඉල්ලනව.මල්ලිට ඉතින් pen drive එකකිනුත් වාසියක් වුනානෙ ලගදි...:P

අද දවසෙ කරන්න හිතන් හිතපු වැඩ එකක් වත් කරන්න වුනේ නැහැ මේ කරදරේ නිසා.විභාගෙත් මාර්තු 9.ඉතින් අද ඉදන් පාඩම් කරන්න පටන් ගන්නයි හිතන් හිතියෙ.හැමදේම වගේ ඒකත් හෙටටම කල් ගියා.....:D

අන්තිමට ඉතින් අද උපාධි ලබා ගත්ත අපේ සහෝදර, සහෝදරියන්ට නැවතත් සුභ පතමින් අද සටහන නිමා කරනව.

5 comments:

  1. හික් හික්
    මේ පාරත් පාඩම් දවසින් දවස කල් දාන්නෙයි හදන්නේ?

    ReplyDelete
  2. @ malee - පාඩම් කරන එක නම් මේ පාර මුල ඉදන්ම කලා.ඒ නිසා මේ පාර නම් කොහොම හරි එක පාරම ගොඩ යනව.

    ReplyDelete
  3. දැක්කද ලිනක්ස් වලට මාරු වෙන එක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියල

    ReplyDelete
  4. @ Susitha - ඇත්ත තමයි, හරිම සිම්පල් ප්ලෑන් එකක්නෙ.මීට කලින් ලිනක්ස් පාවිච්චි කලේ VirtualBox ආධාරයෙන්.දැන් ඉතින් දිගටම ලිනක්ස් තමයි.

    ReplyDelete
  5. If you are going to reinstall windows(hope you havent, if you did this might not help you but keep this in mind for future use) the file(ntldr) is situated on C:\ drive (if you have installed windows to C:\) just download the ntldr from the net and copy it(using ubuntu) to your C:\ drive thats it your windows will be good as, you had it :P

    ReplyDelete