Monday, February 23, 2009

මම "ලීඩර්" බැලුවෙමි

ඔන්න අද කොහොම හරි වෙලාවක් හොයා ගෙන ගියා රන්ජන් රාමනායකගෙ "ලීඩර්" චිත්‍රපටිය බලන්න.ඉස්සෙල්ල රන්ජන් කරපු චිත්‍රපටි වල DVD මිලදී අරගෙන බැලුව.ඒත් ඒවයෙත් "ලීඩර්" වලත් කිසිම වෙනසක් තිබුනෙ නැහැ.ඔක්කොම එක වගේ.

චිත්‍රපටිය පටන් ගන්නෙ ගීතමය ජවනිකාවකින්.ඒ ගීතයෙන් කියල තිබ්බ දේශපාලනමය දේවල් නම් ඇත්ත.සමහර විට අර චිත්‍රපටි මණ්ඩලයෙන් වාරණය කෙරුවයි කිව්වෙ ඔය ගීතමය ජවනිකාවෙ තිබ්බ ඒවද දන්නෙ නැහැ.

කදිරගාමර් නමැති මහාචාර්යවරයෙක් දේශපාලනයට පිවිසීමට නාම යෝජනා බාර දෙනව.ඉන්පසු ඔහු පල්ලියකට පැමිණෙනව පියතුමාගෙන් ආශිර්වාදය ලබා ගැනීමට.පල්ලියට යන අතර මගදී ඔහුගේ දියණියට කථා කොට පල්ලියට පැමිනෙන්න යයි පවසනව.මේ අතරතුර තවත් මැරයෙක් නාම යෝජනා බාර දෙනව.ඉන්පසු ඔහුත් පල්ලියට පැමින මහාචාර්යවරයාවත්, පියතුමාවත් මරා දමනව.මෙය මහාචාර්යවරයාගේ දියණිය දකිනව.ඉන්පසු මේ මැරයා වෙහෙසෙන්නේ මේ දියණිය මරා දැමීමට.මෙම කාන්තාවගේ ආරක්ෂාවට පොලිසිය විසින් යොදවන්නේ රන්ජන්වය.අවසානයේදී අනෙක් සෑම චිත්‍රපටියකදී මෙන්ම මොවුන් දෙදෙනා ආදරයෙන් බැදෙනව.ඔන්න ඕක තමා කථාවෙ වෙන්නෙ.

රන්ජන් මේක හදල තියෙන්නෙ ඉන්දියාවෙ ප්‍රේක්ෂකයන් ඉලක්ක කර ගෙන කියලයි මට නම් හිතෙන්නෙ.මෙහි තිබෙන මංගල උත්සවයත් ඉන්දියානු ක්‍රමයේ එකක්.එමෙන්ම සටන් ජවනිකා ආදියත් දෙමළ චිත්‍රපටි වල දක්නට ලැබෙන ඒවයි.ඉන්දියාවෙ රූපගත කිරීම් කල නිසාත්, ඉන්දියානු නිලියක් යොදා ගත් නිසාත්, දකුණු ඉන්දියාවේ ප්‍රදර්ෂනය කරන නිසාත් මෙය ඉන්දියාවට ගැලපෙන ආකාරයට කලා කියලයි හිතෙන්නෙ.

කලින් රන්ජන්ගෙ චිත්‍රපටි දෙක වගේම මේකෙදිත් නපුංසක යයි සිතිය හැකි චරිත හතරක් යොදා ගෙන තියෙනව.ඔවුන් හතර දෙනා රග පාන්නෙ ප්‍රධාන නිලියට සිටින ආරක්ෂකයින් වශයෙන්.නමුත් මොවුන්ගේ රගපෑම් දකින ඕනෑම අයකුට හිතෙන්නෙ ඔවුන් නිකම්ම නිකන් ජෝකර්ල හතරදෙනෙකු වශයෙන් පමණයි.

රන්ජන් කොහොමත් තමන් කරන චිත්‍රපටි වලදි කාන්තා ඇදුම් වලට එතරම් වියදම් නොකරන කෙනෙකු නිසා මෙවරත් ප්‍රධාන නිලියගේ අත්යවශයම ස්ථාන හැර අනෙකුත් සියලුම ශරීර කොටස් ප්‍රේක්ෂකයාට නැරඹීමේ අවස්ථාව උදා දීල කරල තිබ්බ.කොහොමත් සිංහල සිනමාවට ආපු නවක ඉන්දියානු නිලියක් නිසා ඇයගේ ශරීරය දැක ගැනීමට රන්ජන් නොමිලේම අවස්ථාවක් ප්‍රේක්ෂයාට දීල තියෙනව.ඒ වගේම තවත් පියවරක් ඉදිරියට තබමින් මෙම නිලියගේ යට ඇදුම්වල පාට බලා ගැනීමේ අවස්ථාවත් රන්ජන් උදා කරල දීල තියෙනව.සමහර විට රන්ජන්ගෙ ඊලග චිත්‍රපටියෙදි ප්‍රධාන නිලිය නිරුවතින් ඉන්නා දර්ශනයකුත් ඇතුලත් කරන්න පුලුවන් කියල මේ චිත්‍රපටිය දැක්කම මට හිතුන.

අන්තිමට හිතුනෙ ආයි කවදාවත් මේ වගේ චිත්‍රපටියක් බලන්නෙ නැහැ කියලයි.අන්තිමට මේක බලල ලබා ගත්ත දේකුත් නැහැ.වියදම් කරපු රුපියල් සියය ගැනයි, විභාගයක් අත ලග තියාගෙන නාස්ති කරපු කාලය ගැන කනගාටුවකුයි විතරයි ඉතිරි වුනේ.

16 comments:

  1. මගෙත් යාලුවෙක් බලලා ඔය ටිකම කිව්වා.එයා ඉන්ටවල් එකේ නෑගිටලා ඈවිත්.ආපු ගමන් මටත් කතා කරලා බෑලුවද කියලා...මිනිහා කිව්ව හොල් එකටම හිටියෙ 8 දෙනාලු.ඔය මහත්තයගෙ වෑඩ ගෑලපෙන්නේ ඉන්දියාවටම තමයි.අයුක්තිය අසාදාරනය ගෑන කතා කර කර ගෑනුන්ගෙ නිරුවත විකුනනවා.

    ReplyDelete
  2. අනේ චරිත් උබත් මෙවා බැලුවනේ

    ReplyDelete
  3. අනේ මේ තොත්ත බබා මේක බලන්න ගිහින් තියෙන්නේ රන්ජන් ලොක්කා මහා සම්භාව්‍ය කෘතියක් නිර්මාණය කළා කියලා හිතාගෙනනේ. පව්.

    ReplyDelete
  4. අපෝ.. අප‍රදේ ඔය රුපියල් සීයෙන් කාක්කන්ට පාන් අරන් දුන්න නම් ඔයිට හොදයි!

    ReplyDelete
  5. ඊළඟ එකේ ප්‍රදාන නිලිය නිරුවතින්? මම එහෙනං ලීඩර් බලන්නෙ නැතුව රන්ජන්ගෙ ඊළඟ චිත්‍රපටිය බලනව. :D

    යට ඇඳුමක පාට බලාගන්න අමුතුවෙන් ට්‍රයි කරන්න ඕන නෑ. ඔය බම්බා පැත්තෙ පාරෙ ඇවිදගෙන ගියත් නිකංම පේනව කොළ පාට, කලු පාට, රෝස, සුදු පාට මල් මල් ඒව ඩෙනිම් කලිසම් වාටි වලින් එළියට පැනල.

    ReplyDelete
  6. නරියා කිවුවලු නේද මිදි තිත්තයි කියලා.
    පාට පාට ඒවා ( යට ඇඳුම් ) කඩා ගන්න බැරි වෙච්ච නිසා නේද මේක ලිවුවෙ?

    හික් හික්.

    ReplyDelete
  7. මම රන්ජන්ගෙ ගොන්පාට් ආයෙ බලන්නෙ නෑ කියල තීරණය කරල ගොඩක් කල්.

    ReplyDelete
  8. ඇත්තෙන්ම මේක බ්ලොග් එකක විචාරයක් ලියන්න තරම්වත් වටිනාකමක් නැති චිත්‍රපටයක්.

    ReplyDelete
  9. රන්ජන් ගැන දැන දැන එහෙව් එකක් බැලුවේ ඇයි මන්දා. කොහොම වුනත් කට මිස වැඩ නැති අය ඔහු විතරක් නොවේනේ?

    ReplyDelete
  10. මටත් ඔනි.... , හෙට ගෙනත් දෙන්ඩො....!

    ReplyDelete
  11. මටත් ඔනි.... , හෙට ගෙනත් දෙන්ඩො....!

    ReplyDelete
  12. තව එකක් අහන්න අමතක වුණා. ඕකෙ නැද්ද උඩින් යන ලෑන්ඩ් රෝවර්, එකෙකුට ගැහුවාම ඌ කීලෝමීටරයක් විතර ඈතට විසි වෙන ඒවා, රන්ජන් උඩ පැන්නාම විනාඩි පහකින් විතර ආපහු පහළට එනවා.. ඔය වගේ රැජිණිකාන්ත් විසින් සොයාගත් අති නවීන සටන් ක්‍රම? :P

    ReplyDelete
  13. @ nuwan - මේක බලන්නත් ඇවිත් හිටියෙ 10ක් විතර.විවේකයෙන් පස්සෙ හිටියෙ 5ක් විතර.

    @ දිසා - ඔව් අනේ, මාත් මෝඩ කමට ඕක බැලුව.

    @ Sameera - සම්භාව්‍ය චිත්‍රපටියක් නොවන බව නම් මුල ඉදන්ම දැනගෙන හිටිය.රන්ජන්ට පුලුවන් ද සම්භාව්‍ය චිත්‍රපටි කරන්න.එයා දන්නෙ ගෑණුන්ගෙ අඩ නිරුවත විකුනන්නනෙ....:D

    @ malee - ඊලග රන්ජන්ගෙ චිත්‍රපටිය ආවම කාක්කන්ට රුපියල් සියයක පාන් අරන් දෙන්නම්...:D

    @ සංජීව - මාත් ඕන තරම් ගෑණු ලමයින්ගෙ යට ඇදුම් දැකල තියෙනව.දැන් ඉන්න ගෑණු ලමයි යට ඇදුම් අදින්නෙ පාරෙ යන එන අයටත් බලා ගන්න එක්කනෙ....:P

    @ Chanaka sir - :P

    @ Nuwansi - :D

    @ බින්කු - චිත්‍රපටිය නම් වැඩක්ම නැහැ.අද මගෙ දෙමල යාලුවෙකුට චිත්‍රපටියෙ විස්තර කිව්වම යාලුව කිව්ව ඔය වගේම දෙමල චිත්‍රපටියකුත් තියෙන බව.ඔය චිත්‍රපටිය නම් හරි යන්නෙ ඉන්දියාවෙ මිනිස්සුන්ටම තමා.

    @ Priyankara - රන්ජන්ගෙ චිත්‍රපටි නම් ආපහු සල්ලි දීල ගන්නෙ නැහැ.ඔක්කොම එක වගේ වැඩකට නැති ඒව...:D

    @ ශාකුන්තල - මේ චිත්‍රපටිය බ්ලොග් එකක විචාරයක් ලියන්න තරම්වත් වටින්නෙ නැහැ තමා.

    උඩින් යන ලෑන්ඩ් රෝවර්, එකෙකුට ගැහුවාම ඌ කීලෝමීටරයක් විතර ඈතට විසි වෙන ඒවා, රන්ජන් උඩ පැන්නාම විනාඩි පහකින් විතර ආපහු පහළට එන ඒවා නම් ඕන තරම් තියෙනව.රන්ජන්ව ඊලග පාර ඔලිම්පික් යැව්ව නම් දුර පැනීම, උස පැනීම, රිටි පැනීම වගේ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගන්නත් පුලුවන් වෙයි....:P

    දැන් රැජිණිකාන්ත් වයසයිනෙ.ඒ නිසා රන්ජන් හිතන්න ඇති රැජිණිකාන්ත්ට පස්සෙ දකුණු ඉන්දීය සිනමාවෙ වීරය වෙන්න පුලුවන් වෙයි කියල ඔය චිත්‍රපටිය ඉන්දියාවෙ පෙන්නුවට පස්සෙ.ඔහොම ගිහින් රන්ජන් ඉන්දියාවෙම නතර වෙයිද දන්නෙත් නැහැ.ප්‍රධාන නිලියගෙන් විවාහ යෝජනාවකුත් ඇවිත් තියෙනවලුනෙ....:P

    ReplyDelete
  14. රන්ජන් කියන්නෙ කරන්න ඕන දේ ගැන නොදැනුවත් නමුත් යමක් කරන්න පුළුවන් කෙනෙක්. එයාගෙ පාර්ලිමන්ට් ජෝක්ස් නම් මෝඩ ජෝක් වුණාට ඒක ආපු කාලෙත් එක්ක ටිකක් හොඳයි.

    මේක කරල තියෙන්නෙ ඉන්දියාවට තමයි. ඒ වුණාට තව අවුරුදු 5-6 කින් මේ වගේ එකක් බලන්න පුළුවන් රුචිකත්වයක් ලංකාවෙ හැදෙයි. මොකද තවත් ඔය වගේ චිත්‍රපටි දෙකක් විතර ආවොත් හරි. :P

    ReplyDelete
  15. රන්ජන් මේ ෆිල්ම් එක ඉන්දියාවෙ පෙන්නන්න ලෑස්ති ක‍්රනවලු,ඒකට ඉන්දියන් විකට නලුවො 4ක් යොදාගෙන ආයෙ හදනව කියල තමයි ආරංචිය..මේක අහුව වෙලාවෙ හැදුන ඔලුවෙ කැක්කුම තමයි මේ තාම දුවන්නේ!

    ReplyDelete