Friday, March 20, 2009

පුද්ගලික විශ්ව විද්‍යාල

ලංකාවෙහි පුද්ගලික විශ්ව විද්‍යාල හෝ වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීමට විරුද්ධව පල වෙච්ච බ්ලොග් සටහන් කීපයකට පිලිතුරක් විදිහටයි මේ බ්ලොග් සටහන ලියන්නෙ.

ලංකාවෙහි බහුතරයක් ශිෂයයන් හට උසස් පෙලින් පසු වි.වි. වරම් හිමි නොවේ.මෙයට එක් හේතුවක් ලෙස වි.වි. සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමිත වීමත්, රජය උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය අවම වීමත් දැක්විය හැකිය.මෙයට යෙදිය හැකි එකම පිලියම වන්නේ පුද්ගලික අංශයට ඒ සදහා අවස්ථාවක් ලබා දීම වේ.

මෙවිට තවත් පිරිසක් දුප්පත් ලමයින් හට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අහිමි වන බව කිව හැක.නමුත් ඔවුන් හට අධ්‍යාපනය ලැබීමට ර.වි.වි. වලින් පුලුවන.රටේ බහුතරයකට මුදල් නැතැයි කියා අනෙක් අයට ඇති අවස්ථාව අහිමි නොකල යුතුය.

ර.වි.වි. වලට සිසුන් බදවා ගැනීමේදී උසස් පෙල ඉහල ප්‍රතිඵල ලබා ගත් කොටසකටත් දිස්ත්‍රික්ක කුසලතා මත බදවා ගැනීම නිසා අසාධාරණයක් සිදුවේ.කොලඹ දිස්ත්‍රික්කයෙන් A 3ක් ගෙන වෛද්‍ය විද්‍යාලයකට යා නොහැකි සිසුන් සිටිද්දී අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යයි සලකනු ලබන දිස්ත්‍රික්කයක සිසුන් අඩු ප්‍රතිඵල ගෙන වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වෙයි.මෙය අසාධාරණයක් නොවේද?එසේ නම් එම සිසුන්ට කල හැකි එකම පිලියම වන්නේ නැවත උ.පෙ. කිරීම හෝ වෙනත් පාථමාලාවක් සදහා ඇතුලත් වීම හෝ විදේශ රටක වි.වි.ක වෛද්‍ය විද්‍යාව හැදෑරීම පමනි.මෙවැනි සිසුන් සුලුතරයකට හෝ යම් පමනක අවස්ථාවක් පු.වි.වි. පිහිටුවීමෙන් නොලැබේද?එමෙනම ලංඩන් උ.පෙ. කල සිසුන්ට ර.වි.වි.
ලට ඇතුලත් විය නොහැකි නිසා ඔවුන්ට මෙරට සිට උසස් අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් නැත.එසේ නම් ඔවුන්ටද ඇති එකම පිලියම පු.වි.වි. නොවේද?

විවෘත වි.වි. හා නීති විද්‍යාලය මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු ආයතන වේ.විවෘත විශ්ව විද්‍යාලයට සා.පෙ. සමත් නොවී වුවද ඇතුලක් විය හැක.පු.වි.වි. පිහිටුවීමට විරුද්ධ වන්නන් මෙම ආයතන දෙකට විරුද්ධ නොවන්නේ ඇයි?ඔවුන් කියන ආකරයට මෙයින්ද දිය යුත්තේ නොමිලේ අධ්‍යාපනය නොවේද?

පුද්ගලික අංශය සෑම විටම ක්‍රියා කරන්නේ ලාබ ලැබීමේ අපේක්ෂාවෙනි.එම නිසා පු.වි.වි. පිහිටු වුවහොත් ඒවායේ අධ්‍යාපනය ලැබීමට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු බව සැබෑවක්ය.බහුතර කොටසකට අසාධාරණයක් වන බව ද සැබෑවක්ය.නමුත් සමාජවාදී රටවල් වන චීනය, වෙනිසියුලාව, කියුබාව වැනි රටවල් වලද පු.වි.වි. තිබේ.එසේ නම් අප රටෙහි පු.වි.වි. ඇරඹීමට විරුද්ධ වන්නේ අප ඔවුන්ටත් වඩා සමාජවාදී විය යුතු නිසාද?

පු.වි.වි. පටන් ගත හොත් ර.වි.වි. වලට ඒවා සමග තරග කල නොහැකි නිසා වැසී යන බව තවත් සමහරුන්ගේ මතයකි.එසේ නම් කල හැක්කේ ර.වි.වි. වලටද වෙනත් ආදායම් මාර්ග සාදා ගැනීමයි.මුදල් ගෙවා ර.වි.වි. කින් අධ්‍යාපනය ලැබීමට කැමති කොටසකට එම අවස්ථාව සලසා දීමෙන් යම් ආදායමක් ලබා ගත හැක.බාහිර උපාධි එක් විසදුමකි.

පු.වි.වි. ආරම්භ කල හොත් ඒවායෙහි සේවය කිරීමට ර.වි.වි. වල ආචාර්යයවරුන් යා හැකි යයි කියන නිසා ර.වි.වි. වැසී යන බව තවත් පිරිසක් කියයි.නමුත් මෙම ආචාර්යයවරුන්ද අධ්‍යාපනය ලබා ඇත්තේ ර.වි.වි. වලම නිසා ඔවුන්ටත් පු.වි.වි. වලට විරුද්ධ වන්නන්ගේම චිංතනය පිහිටා තිබිය යුතුය.එක්කෝ විශ්ව විද්‍යාලයෙන් පිට වන විට එම අදහස් නැති වී ගොස් ඇත.වැඩි පඩියක් දෙන්නේ නම් ඔවුන් පු.වි.වි.ක සේවය කිරීමට අකමැති නොවේ.දැන්ද පශ්චාත් උපාධි සදහා විදේශ ගත වන ර.වි.වි. වල ආචාර්යයවරුන් බොහෝ විට එම රටවලම නැවතී වැඩි පඩියකට සේවය කරයි.මෙයට විසදුම ර.වි.වි. වල ආචාර්යයවරුන්ගේ පඩි වැඩි කිරීම මිස පු.වි.වි. විවෘත කිරීමට විරුද්ධ වීම නොවේ.එමෙන්ම කලක් පු.වි.වි. වලට විරුද්ධව හඩක් නැගූ ආචා
ර්යය, මහාචාර්යය වරුන්ම දැන් පු.වි.වි. ඇරඹීමට විරුද්ධ නොවන්නේ ඔවුන්ගේ අදහස් වෙනස් වී ඇති නිසා නොවේද?

ලොව තිබෙන සෑම පලමු පෙලේ වි.වි. කම අධ්‍යාපනය ලැබීමට නම් ඒවාට මුදල් ගෙවිය යුතුවේ.නමුත් එම රටවල මුදල් නොමැති ජනතාව ඒවාට විරුද්ධව වසා දැමිය යුතු යයි කියා හෝ නිදහස් අධ්‍යාපනය දිය යුතු යැයි කියන්නේද?අපේ රටෙහි කිසිදු වි.වි.ක් ආසියාවෙහි හොදම වි.වි. 100 අතර හෝ නොමැත.එසේ නම් කල යුත්තේ පු.වි.වි. ක් හෝ මෙරට ආරම්භ කිරීමට ඉඩදී එය හොදම වි.වි. 100 අතරට හෝ ගෙන ඒම නොවේද?

පු.වි.වි ආරම්භ කල හොත් ඒවායෙහි අධ්‍යාපනය ලැබීමට විදේශ රටවල සිසුන්ද මෙරටට පැමිනේ.එමගින් අප රටට විදේශ විනිමයද උපයා ගත හැක.

මැලේසියාව, වියට්නාමය වැනි රටවල වෙනත් රටවල් වල ඇති විශ්ව විද්‍යාලවල ශාඛා ආරම්භ කර තිබේ.මේවායෙහි ලාංකීය සිසුන්ද විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි.මෙවැනි ක්‍රමයක් මගින් හෝ අධ්‍යාපනය ලැබීමේ වරම අප රටෙහි නැත.මෙවැනි ආයතන කිහිපයක් ලංකාවෙහි ඇතත් ඒවායින් බොහොමයක අධ්‍යාපනය ලැබිය හැකි වන්නේ සීමිත පාථමාලා කීපයක් සදහා පමනි.

දැන් ලංකාවෙහි ඇති තත්වය අනුව ආණ්ඩුව හට අධ්‍යාපනය වෙනුවෙන් වැය කල හැකි මුදල සීමා වෙමින් පවතී.එයට කල හැකි එකම පිලියම වන්නේ පුද්ගලික අංශය සදහාද අවස්ථාවක් ලබා දීම පමනි.නමුත් එම අවස්ථාව හිමි විය යුත්තේ "ජාවා කඩයකට" හෝ මැර දේශපාලඥයන්ට ආචාර්යය උපාධි පිරිනමන වි.වි. කට නොවිය යුතුය.

42 comments:

  1. දැනටමත් සමහර පුද්ගලික අධ්‍යාපන ආයතන (royal institute) උපාධි ප්‍රදානය කරනවනේ ලංකාවෙ ?? ඒවා සදහා පන්ති ආදියත්, ලංඩන් ඒ ලෙවල් වලින් පාස් අයත් බදවා ගන්නේ යම් ප්‍රමිතියකට නේ??

    දැන් පුද්ගලික ජාත්‍ය්න්තර් පාසැල් තියෙන්නෙ. හැමෝම පොර කන්නෙ ලමයව ලයිසියමට දාගන්න?? ඒක් කොහොමද මේකෙන් වෙනස් වෙනස් වෙන්නේ?? ඉතින් ඇයි මේ ඩබල් ස්ටෑන්ඩර්ඩ්??

    ReplyDelete
  2. Sarath KarunaratheMarch 20, 2009 at 8:52 PM

    ඉරිසියාවෙන් මැඬී තමන්ගේ පුද්ගලික අවශ්‍යතා මත අනුන්ට වළ කපන්නට බලා ඉන්නා ආත්මාර්ථකාමීන් පිරුණු රටක, ඔබේ වෑයම අගය කරමි.

    පුද්ගලික අධ්‍යාපනය සඳහා විරුද්ධ වන්නේ නම් එය විය යුත්තේ මොන්ටිසෝරියේ සිටය. මන්ද මොන්ටිසෝරි වලටත් මුදල් අය කරන බැවිනි. පුද්ගලික විශ්ව විද්‍යාල ගැන දැඩි කැසිල්ලකින් යුතුව විරුද්ධ වන පිරිසට ඇති එකම ප්‍රශ්නය ඒවායින් නිකුත් කරන තත්වයෙන් ඉහළ උපාධි සහතික ඉදිරියේ තමන්ට ලැබෙන තත්වයෙන් පහළ සහතිකටය තැනක් නැතිවේය කියන බියයි. මින් හට ගන්නා දැඩි ඉරිසියාවෙන් මඬනා ලද මේ පිරිස් හැකි උපරිම ශක්තිය යොදා හොඳින් හෝ නරකින් තමන් අභිභවා වෙන කෙනකු උඩ එනවාට විරුද්ධව කටයුතු කරති.

    මෙවන් ආත්මාර්ථකාමීන්, ඉරිසියාකාරීන් පිරුණු රටක් කවදා දියුණු වේද යන්න මට ඇති ප්‍රශ්නයයි.

    ReplyDelete
  3. සරසවි අධ්‍යාපනය නිකම් ලැබෙන දෙයක් නොවේ.
    කවුරු හරි කෙනෙක් ඒ වියදම දැරිය යුතුමයි.
    මම දන්න ගොඩාක් විදේශ රටවල්වල ගොඩක් ශිෂ්‍යයො තමන්ගෙ අධ්‍යාපන වියදම දරන්නෙ තමන්මයි. ගොඩක් දෙනා මේ වියදම හොයා ගන්නෙ පාට් ටයිම් ජොබ් කරලා.
    ඒ අතින් අපේ රටේ ළමයි ගොඩාක් වාසනාවන්තයි.
    එයාලගෙ වියදම් ගැන කරදර වෙන්න දෙයක් එයාලට නැහැ. එයාලගෙ වියදම් දරන්නෙ රටේ ජනතාව.

    ප්‍රශ්නෙ ඒක නෙවෙයි. එයාල හිතන් ඉන්නෙ එයාලගෙ අතෙන් වියදම් වුනේ නැති හින්දා එයාල ලබන සියලුම දේවල් නොමිලේ ලැබෙනව කියලයි. රටේ ජනතාව එයාල වෙනුවෙන් වියදම් කරනව කියල එයාලට පෙනෙන්නෙ නැහැ.

    ඉතින් මේ අය රටේ ජනතාවගේ මුදල් වලින් යැපෙන ගමන් සමාජ විරෝධී වැඩ වල යෙදෙන එක මම අනුමත කරන්නෙ නැහැ. එච්චරයි මගේ අදහස.

    අනිත් එක මගේ අකමැත්තක් නැහැ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ගැන. මොකක් හරි ක්ෂේත්‍රයක ඒකාධිකාරයක් තිබුනම සැපයෙන සේවාවෙ ගුණාත්මක බව පිරිහෙනවා කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  4. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය වැනි හැගුම් අවුස්සන වචන මාලා හැර වෙනත් පදනම් සහිත තර්කයක් කිසිවෙකුත් මේ වනතුරු ඉදිරිපත් කර නැත.

    ප්ලූටෝ හට කිව යුත්තේ මුලින්ම ළමයා රජයේ පාසැලකට දමා ගන්න බැරිව ඉන්පසු දෙවැනි විකල්පය ලෙස ලයිසියම වැනි ජාත්‍යන්තර පාසැල් සොයන බවයි. මාතෘකාව වන තෘතීයික අධ්‍යාපනය මොන්ටිසෝරි තර්ක වලින් සංවාදයට ගත නොහැක.

    ReplyDelete
  5. චානක වෙත,
    ඔබ වෙත කලිනුත් මේ ප්‍රශ්නය යොමු කලා. සමාජ විරෝධි වැඩ පිළිබඳ චෝදනාව මම ප්‍රතික්ෂේප කරලා නෑ‍. නමුත් පුද්ගලික වි.වි. එයට විසඳුමද නැද්ද?
    ක්ෂේත්‍රයක ඒකාධිකාරයක් එහි ගුණාත්මක බව අඩු කරනවා කියන එක මම පිළිගන්නවා. එහෙත් පු.වි.වි. ඇති කිරීමෙන් රා.වි.වි වලට ඇතිවෙන බලපෑම ගැන ඔබ දක්වන අදහස පවසන්න. ඉන්පසු ඒකාධිකාරය ගැන සංවාදයක් ඇති කරන්න පුලුවන්.

    ReplyDelete
  6. @ chamila

    රාජ්‍ය විශ්ව විද්‍යාල වල කාබන් කොපි පෞද්ගලික විශ්ව විද්‍යාල ඒකට විසඳුමක් නෙවෙයි. විශ්ව විද්‍යාල සිසුන්ව සමාජ විරෝධීන් කිරීමේ ප්‍රශ්නය වෙනමම ප්‍රශ්නයක්. අනික පෞද්ගලික විශ්ව විද්‍යාල දැනට තියෙන විශ්ව විද්‍යාල ආදර්ශයට අරන් ඒවා අනුගමනය කරන්න පටන් ගත්තොත් තියෙන ප්‍රශ්නෙ ඩබල් වෙයි.

    සමහර අය හිතන් ඉන්නවා එයාල තමයි විශ්ව විද්‍යාල සිසුන්ගේ එකම නියෝජිතයා කියලා. එයාල කැමති නැහැ පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් හෝ, එහෙම නැත්තන් එයාලට අවනත නොවෙන රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් හෝ එයාලගෙ මේ තියෙන ඒකාධිකාරය කැඩෙනවට. එයාල විරුද්ධ වෙන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විතරක් නෙවෙයි. එයාලට අවනත් නොවෙන රාජ්‍ය විශ්ව විද්‍යාල හා පීඨ විද්‍යාල හා පීඨ වල කටයුතු කඩාකප්පල් කරන්න එයාල නොයෙකුත් දේවල් කරනවා. මේ ඒකාධිකාරයේ අතුරු ප්‍රතිපලයක් තමයි ගුණාත්මක බව පිරිහීම.

    දැනට තියෙන මේ රාමුවෙන් පිට පෞද්ගලික හෝ වේවා රජ්‍ය හෝ වේවා විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් වෙයි කියලයි මට හිතෙන්නෙ.

    දැන් තියෙන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ බල්ල පිදුරු කන්නෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැති එක. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට එන තමන්ගෙ පාඩුවෙ ඉගෙනගෙන රටට වැඩක් කරන්න කැමති අයට වුනත් ඒක කරන්න නොදෙන ප්‍රශ්නයක් දැන් තියෙන්නෙ. එහෙම අයට දැනට විකල්පයක් නැහැ.

    විකල්පයක් ඇති වුනොත් අනිත් ප්‍රශ්නත් ( මුදල් ) කොහොම හරි විසඳෙයි.ශිෂ්‍යත්ත්ව ක්‍රම එහෙම තියෙන්න මුදල් නැති නමුත් දක්ෂ අයට උදවු කරන්න.

    මේක එක දවසෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඕනෙම දෙයක් පටන් ගන්නකොට අඩුපාඩුකම් තියෙයි. ඒව විසඳෙන්න කාලයක් යයි.

    ReplyDelete
  7. නිකම් පැනල යන්න එපා චමිල.

    අදටත් යුනිවසිටි ඔෆ් ලන්ඩන් වල බාහිර උපාධිය රෝයල් ඉන්ස්ටිටියුට් එකේ මාකට් කරනවානේ. ඒකටත් හැමෝටම ගෙවන්න බෑ නේ. නමුත් මැදපංතියේ අය ඒක කරනව නේ? ඇයි ඒක අසාධාරණයක් නොවෙන්නත්මේක අසාදාරනයක් වෙන්නත් හේතුව. අනේ පැහැදිලි කරනවද??

    ඉන්ටනැශනල් ඉස්කෝලත් අහසින් ආවේ නැහැ. අපි මහත්වරු වගේ කතා කරමු. ඒව ආවේ රජයේ ඉස්කොල වලට තියෙන නාගරික ප්‍රදෙශවල ඉල්ලුම පුරවන්න බැරිවෙනකොට. හැමොටටම යන්න බැරිවන කොට අලුත් විකල්පයක්, මේක ධනවාදයේ විසදුම. ඉල්ලුම හා සැපයුම. ද්විතීකද තෘතීකද නෙවේනේ? ආපු දවස් වල අපිත් බැන්න, කොලිටි එක ප්‍රශ්න කලා. ඒත් අද? ලයිසියම් එකට දාගන්න පුලුවන් නම් රජයේ ඉස්කොල දිහා බලන්නේනෑ වියදම දරන්න පුලුවං කෙනෙක්.
    ඒ නිසා මොන්ටිසෝරි තර්ක කියල අපහාස කරන්නේ නැතුව මේව සමාජ ආර්තික ප්‍රවනතා ඇතුලේ විස්තර කරන්න බලමු.

    ReplyDelete
  8. @ ප්ලූටෝ - බොහෝ ජාත්‍යන්තර පාසල් වල පහසුකම් රජයේ පාසල් වලට වඩා වැඩිය.යම් කිසි මුදලක් අය කරන නිසා ඔවුන්ට එම පහසුකම් හිමි වේ.එමෙන්ම රජයේ පාසලකට ඇතුලත් කරනවාට වඩා පහසුවෙන් පුද්ගලික පාසලකට දරුවෙකු ඇතුලත් කල හැක.පාසලේ සිට නිවසට ඇති දුර ආදිය මෙහිදී බාධාවක් නොවේ.හොර සහතික ආදියද ඉදිරිපත් කල යුතු නොවේ.එමෙන්ම විදුහල්පතිවරුන්ට දරුවාව ඇතුලත් කර ගැනීම සදහා පගාව ද දිය යුතු නොවේ.එනිසා මෙවැනි පුද්ගලික පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමෙහි වරදක් නැත.පාසලට ගෙවන මුදලින් රජයට යම් බදු මුදල් ප්‍රමාණයක් හිමි වේ.එම මුදල් මගින් රජයේ පාසල්වල අධ්‍යාපන තත්වය දියුණු කල හැකිවේ.

    @ Sarath - දැන් තිබෙන තත්වය අනුව පු.වි.වි. ඇති වීම කාටවත් වැලැක්විය නොහැක.දැනටමත් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි ආයතන මෙරට ඇති බැවිනි.සෑම වසරකම මෙම ආයතනවලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය ඉහල යාමෙන්ම එය සනාථ වේ.

    @ Chanaka sir - අපේ රටේ වි.වි. ශිෂ්යයන් බහුතරයක් සිතා සිටින්නේ සෑම දෙයක්ම නොමිලේ දිය යුතු යැයි කියාය.නේවාසිකාගාර, පොත්පත් ආදී සියල්ලම නොමිලේ සැපයීමට කිසිදු රජයකට නොහැක.රජය වියදම් කරන මුදලද සොයා ගනු ලබන්නේ මහජනතාවගෙන් අය කර ගනු ලබන බදු මුදල් වලිනි.නමුත් මේ ගැන හැගීමක් බොහෝ වි.වි. සිසුන්ට නැත.

    පු.වි.වි. මගින් මූල්‍යමය අපහසුකම් සහිත සිසුන්හට ශිෂ්‍යත්ව ලබා දීමෙන් එම සිසුන් හටද මෙම ආයතන තුල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දිය හැක.එය වෙනත් රටවල ද ක්‍රියාත්මක වන ක්‍රමයක් නිසා එයින් යම් ප්‍රමාණයකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ටත් හිමිවේ.එමෙන්ම ර.වි.වි. තබා ගෙන සිටින මෙම ඒකාධිකාරියද නැති කල යුතුය.එසේ කිරීමෙන් තවත් සුලු පිරිසකට හෝ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවේ.

    @ චමිල - - ඔබට කීමට ඇත්තේ මෙපමනයි.මගේ විමසීමකින් තොරව මගේ බ්ලොග් එකෙහි ලියා තැබූ දේවල් කොපි කර ඔබගේ බ්ලොග් එකෙහි දැමීමෙන් වලකින ලෙසයි.මෙහි මා විසින් ලියනු ලබන සියලුම දේවල අයිතිය මට ඇති නිසා මගෙන් නොවිමසා ඔබගේ බ්ලොග් එකෙහි පල කිරීම සදාචාර විරෝධීය.මා ලියා තැබූ දෑ වලින් උපුටා ගත් කොටස් ඔබගේ බ්ලොග් එකෙන් ඉවත් කරන මෙන්ද ඉල්ලමි.

    ReplyDelete
  9. චානක,

    හරිම ලස්සනට මම නොදකින පැත්තක් ඔයා විස්තර කලා. ඇත්ත, චානක මොනපොලි එකක් තියන කොට කොලිටි එකට කෙලවෙන බව කියන්න ඕන් නෑ නේ. ඔය යොජනා කරන ශිශ්යත්ව, බ'සරි වගෙ ඒවා ඇති කරං අපේ කට්ටිය කොහොම හරි කර ගනී, අනිත් එක පුද්ගලික වි.වි වුනත් කැමති වෙයි දක්ශ ලමයා ට තැනක්, ශිශ්යත්වයක් දෙන්න. අපේ පන්සල්, පල්ලි ගොඩ ගහන සල්ලි වලින් ෆවුන්ඩේශන්, ස්කොලශිප් 1000ක් දෙන්න බැරියැ..?

    ReplyDelete
  10. චරිත්,

    ඔයා කලබල වෙන්න එපා. ඔයා හොද ප්‍රවේශයක් අරන් බය නැතුව මේක ඉදිරිපත් කරල තියෙනව. හරිම වැරදියි ඔයගේ පොස්ට් එකෙන් කෑලි අරන් ඒකට උත්තර මේ පෝස්ට් එකේ නොදීම නම්.

    ReplyDelete
  11. ප්‍රශ්නයට මුහුණ දී ගැනීමට බැරි වූ විට මෙවැනි ගොන් කතා කීමට වුවද පෙළඹෙන්නන් රාජකීයයන් ලෙස පෙනී සිටින්නේ ඇයි දැයි මට පුදුම සිතේ. R-O-Y-A-L කියමින් කෑ ගසන විට එහි තත්වයවත් රැක ගත යුතු බව යෝගට් මොළයට තේරුණේ නැද්ද? අප රාජකීයයන් ව සිටි කාලයේ මෙවැනි නිවටයින් සිටි බවක් මතක නැත.

    කෙසේ වුවද ඔබගේ මෙම කුණු ගොඩ තුල copyrights සඳහන් කර නැත. ඔබට විවේචන දිරවන්නේ නැද්ද? එහෙනම් මෙය පිටස්තරයින්ට නොපෙනන ලෙස වසා දමන්න. තමන්ගේ ගෙදරටම වී සුරතේ පහස විදින්නට ඕනෑ තරම් අවසර තිබේ. මින්පසුව ඔබගේ කුණු ගොඩ ඇවිස්සීමට නොපැමිණෙන අතර මෙවැනි ගොන් බට්ටෙක් කියා දන්නවානම් මෙම සටහනටද පිළිතුරු නොසපයා සිටින බව පැවසීමට කැමැත්තෙමි. තවද මම දැනටමත් ප්‍රකාශ කර ඇති සටහනක් ඔබ නිසා වෙනස් කිරීමට ද සූදානම් නැති බවත් එය වෙනස් කිරීම මට අවශ්‍යනම් පමණක් කරන බවත් දන්වමි.

    ReplyDelete
  12. හරිම ලාමක නොමේරු ප්‍රතිචාරයක්, ඔය සැලෙන්න එපා. චමිලට පිලිතුරු නැති වුනාම පැනල යන්න හේතුවක් නැතුව හිටියෙ, ඔයගෙ පෝස්ට් එකෙන් වුනේ අඩන්න හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක්.

    ReplyDelete
  13. @ චමිල - ඔබගේ රාජකීය තත්වය මට පෙන්වන්නේ Google Talk මගින් ද?e-mail මගින් මා මෙහි ලිවිය යුතු දෑ ගැන පැවසීමට ඔබට ඇති අයිතිය කුමක්ද?මගේ බ්ලොග් එකෙහි comment නොදමන බව පවසා e-mail එකක් එවූ ඔබ දැන් මෙසේ comments දමන්නේ ඇයි?

    ReplyDelete
  14. නැත. එම රාජකීයයත්වය කොඩි දමා ප්‍රසිද්ධියේ පෙන්වීමට මට ඇම්මක් නැත. ඔබට කියපු දේ පෞද්ගලිකව පැවසුවේ එම නිසයි.

    මා ඔබට එවූ email එකද පළ කිරීමට ඔබට පූර්ණ අයිතිය ඇත. copyrights ගැන කතා කරන ළදරුවන්ගේ මානසිකත්වය email ප්‍රසිද්ධියේ පළ කිරීම බව ඔප්පු කරම පෙන්වීම ගැන ස්තූතියි.

    ඔබ comments දමා තිබු හේතුව මම උඩින් පැහැදිලි කර ඇත. ඒ ඔබ ගොන් බට්ටෙක් බව නොදන්නා නිසාය. දැන ගෙන සිටියානම් කිරි ඉල්ලා අඬන බබ්බුන්ට උත්තර දෙන්න යන්නේ නැත.

    අවසානයේදී මෙය ඔබ ලබන අධ්‍යාපනයේ තරම බව පෙනී යයි. එය මෙය බලන සැමදෙනාගේම මනසට යැවීමට උදව් කිරීමට ද ස්තූතිය.

    ReplyDelete
  15. පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා අධ්‍යාපන අවස්ථා වැඩි වෙනවනම් ඒක හොඳයි කියලයි මගේ හැඟීම. හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පරිහාණියට පත් වීම ( ප්‍රවාහන වගේ ක්ෂේත්‍ර වල වුනා වගේ ) හෝ හිතාමතාම පරිහාණියට පත් කිරීමක්නම් සිදු නොවිය යුත්තක්. සිදු විය යුත්තේ ඒකාධිකාරය අහෝසි කර තරඟකාරීත්වය මගින් ගුණාත්මක බව වැඩි කිරීමයි.

    හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් අනිවාර්යයෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල පරිහාණියට පත් වෙනවා කියන එකනම් අතාර්තිකයි. ඒක හුඹස් බියක් කියලයි මට හිතෙන්නෙ. එහෙම වෙනවානම් වෙන්නෙ රාජ්‍ය විශ්ව විද්‍යාල වල තියෙන පරිපාලන අඩුපාඩුවක් හින්දා. ඒක වෙනම විසඳාගත් යුතු ප්‍රශ්නයක් කියලයි මම හිතන්නෙ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල පරිපාලනය දුර්වල වීමේ ප්‍රශ්නෙට විසඳුම පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරුද්ධ වීම නම් නෙවෙයි.

    ReplyDelete
  16. ආ...චමිල උගුඩුව ආයෙත් නාගෙන නේද..හ්ම්ම්.. මේ පාර ඇදගෙන නාලා තියෙන්නේ ඉස්කොලෙ එකෙක්ගෙන්ම බාල්දිය ඉල්ලං..
    බට්ට, ගොන් බට්ට..ශා මරු වචන සෙට් එක..අනේ උගුඩුවට වෙච්ච දෙයක්

    ReplyDelete
  17. ඔව්.. මේකා අර චරිත් හරකා දාපු ගොම බෙට්ටක් පෑගුවනේ

    ReplyDelete
  18. චානක,

    මම කොලඹින් ( science )අවුට් වෙලා වැඩි කල් නැහැ.. ඔබ හරියටම හරි. මේක ඉකොනමික්ස් වලින් නියමෙට විස්තර කරන්න පුලුවං. පරිපාලනයට වුනත් එක්සිස්ට් වෙන්න නං තරගයට අනුව හැඩ ගැහෙන්න වෙයි..අනික් අන්තිමේදි වෙන්නේ දක්ශ ලමයට ඔප්ශන් දෙකක් තුනක් ලැබීමයි. මොකද පුද්. වි.වි වලට මාකට් කරන්න වෙන්නෙත් කොලිටිය සහ රිසල්ට්ස් ම් තමයි.

    ReplyDelete
  19. සිංහල බ්ලොගවකාශයේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි කැසිල්ලක් පෙන්වූයේ පිං විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන තිදෙනෙකු පමණකි. (රාමචන්ද්‍ර, චමිල, කසුන්) මින් රාමචන්ද්‍රට කොමියුනිස්ට් ඇජෙන්ඩාවක් තිබේ. චමිල හා කසුන් නව පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පුද්ගලිකව බියපත්ව සිටිති. මේ තිදෙනා හැරුණු විට වෙන කිසිවෙක් මේ මතය අනුමත කොට නැත.

    මේ තිදෙනා ඉදිරිපත් කරන්නේ තමන්ගේ පුද්ගලික අදහස්ය. ඒ ඔවුන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා විනා පොදු සමාජ යහපත උදෙසා නොවේ. මේ තිදෙනාට එරෙහි නැඟුනු පොදු විරෝධය ඔවුන් නිහඬ කිරීම මා සියුම් සතුටකට පත් කරයි. එහෙත් අප ඔවුන් අව තක්සේරුවකට ලක් කළ යුතු නැත. ඔවුන්ගේ ඉරිසියාව ප්‍රබලය. එය ලෙහෙසියෙන් යටපත් වන්නක් නොවේ. මේ නිසා ඇස හැර සිටින්න.

    ReplyDelete
  20. කොමියුනිස්ට් ඇජෙන්ඩා තියෙන කෙනා දන්නේ නැද්ද මේක ධනවාදයේ තුන්වන කාර්තුව බව? ඕනම දෙයකට මුදල් වටිනාකමක් තියෙනවා. ඒක කවුරු හරි ගෙවන්න ඕනේ. රජය ඒක ගෙවන්න නං බදු වශයෙන් අය කරගන්න ඔනේ..එතකොට කෙරිල තියෙයි... කරන්න බැරි මනස්ගාත.. අවස්තා වැඩි කරන්න පුලුවං නම් අපිත් කැමතියි..ඒත් ඒක කරන්නේ සල්ලි අච්චු ගහලද??
    එකම විසදුම පුද්ගලික ආයෝජනයට ඉඩ දීම පමනයි. ආණ්ඩුවට ඔනේම් නං රෙගියුලේට් කරන්න පුලුවං විභාග..

    ReplyDelete
  21. ඔය චමිල අයියා පොරවෙන්නයි ඉරිසියාවටයි ලියන්නේ. UCSC එකේ සල්ලි ඔක්කොම අර දොස්තර රුවන් වීරසිංහ සහ හර්ෂ (මහත කණ්නාඩි දාන සර්) ගිල ගන්නවා.

    මූන් ඒවා එලිපිට කිය්නනේ නැ නපුන්සක කමට. කොන්දක් තියෙනවනම් කටක් ඇරලා කියන්නකෝ අයියේ.

    ඔය BIT එක ගැන පාරම් බැවට මේ අයියලා බස් වල කියවන ඒවා අපිටත් ඇහෙනවා.
    මේ අයියලා දන්නේ BIT එක විතරනේ. ඔය BIT එකට වඩා ටෙක් එකේ හොදට උගන්වනවා.

    BIT එකට කව්ද උගන්වන්නේ. පිටතැන්වලින්. එතකොට ප්‍රමිතිය කොහොමද?
    අනේ අයියේ ඔයා හැබැටම මීබෙට්ටක් වත් මොලේ තියෙනවද? චමිල අයියා තරහා උනාද මන්දා.


    UCSC එකේ උගන්වන්නේ නැ හරියකට. නැත්නම් චමිල අයියගේ යාලුවෝ පිට තැන්වලට Java කරන්න යනවද? :D
    මේවා බොරුද සුදු අයියේ?

    එයාලට ආන්ඩුවෙන් වියදම් කලාට එයාල පිට තැන් වලට යනවා. එගමන් අනිත් අයට බනිනවා. විලි ලැජ්ජාවක් නැද්ද මෙහෙම කරකර UCSC කොටපු හැට්ට ඇදන් යන්න අයියේ.

    සමරවීර කියන පරිඝනක පියා කියලා කියාගන්න ගහපු ගැහිලි මේ අයියලා දන්නේ නැ. දැන් දොස්තර රුවන් සර් කරන්නේත් එකම තමයි.

    NPSC - නපුන්සක School of Computing

    ඒක නෙමේ,..
    රොයල් එකට ගනින්නේ ඔයාලා අක්කලට කරන දෙවල් රොයල් එකේ පැවිලියන් එක පිටිපස්සට පේන නිසා නේද?

    එත් ඔයාට ආදරේ කරන්න චමිල අයියේ තව අයියා කෙනෙක් නේද? අපි දැක්කා ඔය දෙන්නව.

    ReplyDelete
  22. මේක ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.මෙතනදි වෙන්නෙ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය අයිතිය අත්හැරීමක්.රාජ්‍යයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක.ඒ අවශ්‍යතාවයට යටත්වයි මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනෙ.ඒ නිසා "රාජ්‍ය වි.විද්‍යාල වල පරිපාලනය හරියට කරගෙන ගියොත්"වගේ කතන්දර මේ දේ සාධාරනීකරනය කරන්න ගෙනෙන සුරංගනා කතා.
    ප්‍රවාහන ක්ෂේත්‍රයේ රාජ්‍ය අයිතිය අත්හැරියා.ලංගමට වුනේ මොකක්ද?
    ගෑස් ක්ෂේත්‍රයේ රාජ්‍ය අයිතිය අත්හැරියා.අද වෙලා තියෙන්නේ මොකක්ද?
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය අයිතිය අත්හැරියා.අද කැමති වුනත් නැති වුනත් රුපියල් 700 800 ගෙවාගෙන චැනලින් යන්න වෙලා.රජයේ රෝහල් ප්‍රතිපාදන නැතිව වේලෙනවා.
    රජය බලන්නෙ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් හෙමිහිට මග හරින්න.ආසියානු සංවර්ධන බැංකුව,ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල නය දෙන්නේ ඒ පදනම මත.
    අන්තිමට ප්‍රතිපාදන හිගයෙන් වේලෙන රාජ්‍ය වි.විද්‍යාල සැකිල්ලක් සහ අධිලාබ ලබන සුපිරි පු.වි.විද්‍යාල පද්දතියක් ඉතිරි වෙයි.අරවින්දගේ වචනවලින් කියනවා නම් දුප්පතුන්ට "පිං"විශ්ව විද්‍යාල.පොහොසතුන්ට සියලු වරප්‍රසාද සහිත සුපිරි වි.විද්‍යාල.ඊට පස්සෙ පොහොසතුන්ගේ උපාධිය සහ "පිං"උපාධිය කියල standards දෙකක් හැදෙනවා.මෙතෙක් කල් සමාජ පිරමීඩයේ පතුලේ උන්නු මිනිසුන්ට ඉහල නගින්න තිබුන ඉනිමග තමයි නිදහස් අධ්‍යාපනය.අර විදියෙ standards දෙකක් හැදෙද්දි අවවරප්‍රසාදිත කොටස්වලට තිබුන කේවල් කිරීමේ බලය තව තවත් අඩු වෙනවා.
    අරවින්ද බබා නොදන්නවා වුනාට මේක දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ එහෙමයි.අපි උත්සාහ කලේ ඉහල මධ්‍යම පංතික හැඩයක් තියෙන මේ කතිකාවට non-elite පැතිමානයක් අරගෙන ඒම.ඒ නිසා ඉතාම සාධාරන විසදුම තමයි නිදහස් අධ්‍යාපන පද්ධතිය වැඩි වැඩියෙන් ශිෂ්‍යන්ව අවශෝෂනය කරගන්න පුලුවන් විදිහට පුලුල් කිරීම

    ReplyDelete
  23. ඒකෙදි ප්ලුටෝ කියුව ආකාරයට මුදල් නැතිනම් කියන ප්‍රශ්නෙ එනවා.
    මෙතන තියෙන්නෙ ඇත්තටම දේශපාලන ක්‍රමය ගැන අවුලක්.මම නම් පෞද්ගලිකව හිතන්නෙ දේශපාලන සමාජ ක්‍රමයේ සීරියස් වෙනසකට යන්නෙ නැතිව නිදහස් අධ්‍යාපනය ප්‍රශස්ත ලෙස පලල් කරන්න බැහැ.
    නමුත් මේ තියෙන ක්‍රමය තුල වුනත් කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා.අවශ්‍යතාවය තියේ නම් සල්ලි හොයාගන්න එක කරන්න පුලුවන්.ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වැය කරන ප්‍රතිශතය ගත්තම ලංකාව ඉන්නෙ 2%මට්ටමේ.ඉතියෝපියාවත් අපිට ඉදිරියෙන් ඉන්නවා.6%එක්සත් ජාතින්ගේ සම්මත මට්ටම වන අතර කියුබාව වගේ රටක් 8%මට්ටමෙයි ඉන්නෙ.
    ඊයෙ තිබුන දේශපාලන සංවාදයකදි විදුලි බල මන්ඩල‍යේ අක්‍රමිකතා නිසා අහිමි වුන මුදල් ගැන මන්ත්‍රීවරයෙක් හෙලිදරවු කලා.මේ සංඛ්‍යාලේඛන ඇත්තටම පුදුම දනවන සුලුයි.ඒ එක ආයතනයක විතරයි.මේ වගේ කොයිතරම් නාස්ති වෙනවාද/හොරා කනවද?වැට්වංචාව,හෙජින් ගිවිසුම,මිහින් එයාර්,කෝප් වාර්තාවේ සිදුවීම-කෝටි ගනන් වලින් මේ කාබාසිනියා වෙන්නේ රටේ අධ්‍යාපනයට සෞඛ්‍යට දාන්න තියෙන සල්ලි.හරියට බදු ටික එකතු කරගත්ත නම් එතනින්ම කොතරම් ආදායමක් එනවද?
    යහපාලනය හා නිවැරදි අධික්ෂනය කියන දේ පැවතුනොත් ඇත්තටම අධ්‍යාපනය වගේ ජාතික ප්‍රමුඛතා සංවර්ධනයට සැලකිය යුතු තරම් ධනයක් හොයාගන්න පුලුවන්.නමුත් ප්‍රශ්නය රාජ්‍යයට මේ සදහා උවමනාවක් නොමැති වීම.තමන්ගේ හිතවතුන්ගේ මන දොල සපුරන මිහින් එයාර් එකද නිදහස් අධ්‍යාපන පද්ධතිය ප්‍රසාරනයද වගේ තෝරාගැනීමකදි ආන්ඩුව නිරායාසයෙන්ම ගන්නේ පලමු වරනය මිස දෙවැන්න නෙමෙයි.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඔවු.සමහරවිට ආන්ඩුව මේ වැඩේ කරයි.හැබැයි පු.වි.විද්‍යාල ස්ථාපනය වුනාම පස්සෙ ඔය කියන සියලු දෝෂ නිවාරනය වෙයිද කියල බලමු.අමෙරිකාවේ පු.වි.විද්‍යාලවල ලමයි ගාස්තු අඩුකරන්න කියල උද්ඝෝෂන කරන හැට් මම යූ ටියුබ් හරහා දුටුවා.වලකට වැටෙන එක මොලේට ලාබයක් කියල කියනවා.හැබැයි නුවන ලැබීමේ එකම මග බවට වලවල්වලට වැටීම පත්කරගත්තොත් ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ.අපි රටක් විදිහට ප්‍රවාහනයේදි,සෞඛ්‍යයේදි,ගෑස් බෙදාහැරීම්දී,පුද්ගලිකකරනයේ වලේ වැටිල රිදව ගත්තා.මේකත් දැන් යුද්ධයේ උනුසුම එක්ක කරයි.නමුත් ධනවාදය ගොදුරු බිමක් බවට යමක් පත්කරගන්නේද එතැනම අරගල බිමක්ද නිර්මානය වේ.88 තරුන කැරැල්ල වැන්නක් පුපුරද්දි පුද්ගලික වි.විද්‍යාල ස්ථාපනය එක්ක එහි ලොකු සම්බන්ධයක් තිබුන බව අමතක කරන්න හොද නැහැ.මේකෙන් වෙන සමාජ විෂමතාවේ විපාක එචිචර සුන්දර වෙන එකක් නැහැ.

    ReplyDelete
  24. සියළු දෙනා වෙතටයි,

    මේ තේරුමක් නැති විවාදය වෙනුවෙන් තව බොහෝ දෙනකු වටිනා කාලය නාස්ති කරගන්නට මත්තෙන් සාරාංශ කළ පහත කරුණු කිහිපය කියනු කැමැත්තෙමි.

    1. පුද්ගලික ව්‍යවසාය රටකට අත්‍යාවශ්‍ය දෙයකි. විශේෂයෙන් දියුණු කර්මාන්ත අංශයක් (Industrial Sector) නැති සේවා ආර්ථිකය පදනම් කොට ගත් ශ්‍රී ලංකාව වැනි රටකට පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භයෙන් ලද හැකි ප්‍රයෝජන විපුලය. එහි තර්කයක් නැත.

    2. බොහෝ දෙනකු විරුද්ධ වී ඇති සෙයක් පෙනුනද ඇත්තටම පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරුද්ධව අදහස් පළකොට ඇත්තේ දැනට පිං විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන තිදෙනකු පමණකි. ඉන් රාමචන්ද්‍ර නැමැත්තාට කොමියුනිස්ට් ඇජෙන්ඩාවක් ඇත, මේ නිසා ඔහු කොහොමටත් පුද්ගලික ව්‍යවසායට විරුද්ධය. චමිල ද අල්විස් නැමැත්තාටද ඊට විරුද්ධ වීමට පුද්ගලික උවමනාවක් ඇත. දැනට බ්ලොගවකාශයේ හෙළි වී ඇති කරුණු අනුව මේ පුද්ගලයා UCSC වෙතින් තමා ලබන උපාධි සහතිකය ගැන හීන මානයකින් පෙළෙන්නේ එය SLIIT සහතිකයට බාල බව දන්නා නිසාය. මෙය රැකියා වෙළඳපළේදී ඔහුට විශාල ගැටළුවක් වෙයි. මේ නිසා තව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භය යනු ඔහුගේ පෑරෙන තුවාල වලට හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් දැමීමකි.

    3. මේ පුද්ගලයන් හා කළ විවාද වලදී ඔවුන්ගෙන් මා ඇසූ සරල ප්‍රශ්න වලට වත් උත්තර දී ගන්නට ඔවුන්ට නොහැකි විය. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇඹිලිපිටියට අළුතින් වන අසාධාරණය ඇසූ විට රාමචන්ද්‍ර වල්පල් කියා මඟහරියි. ඔහුට ඊට උත්තර නැත. සාම්ප්‍රදායික අධ්‍යාපනය සේම හෝ අද ඊටත් වඩා වැදගත් ඉන්ටර්නෙට් පිවිසුම පුද්ගලික අංශය මඟින් පලනය වනු ඔහු ඉවසන්නේ මන්දැයි ඇසූ විටද ඔහුට උත්තර නැත. ගිරවකු මෙන් මාක්ස්වාදය දොඩවනවා හැරෙන්නට මේ පුද්ගලයා කිසිම වැදගත් තර්කයක් ගෙනෙන්නේ නැත. (මින් අදහස් කරන්නේ චමිල ද අල්විස් හා කසුන් නැමැත්තන් වැදගත් තර්ක ගෙනෙන බව නොවේ.)

    4. රාමචන්ද්‍ර නැමැත්තා තමන්ට උත්තර නැති වූ විට ලිංගික අපහාස කිරීමට පෙළඹේ. මේ වටිනා සිරිත ඔහු උගත්තේ මාක්ස්ගෙන්ද, ලෙනින්ගෙන්දැයි අපි නොදනිමු. චමිල ද අල්විස් නැමැත්තා ලිංගික අපහාස නොකළත් සත්තු වත්තේ ඉන්නා හැම සතාගේම නම්, තවත් නම් රාශියක් සමඟ තමන් හා මතවාදීව විරුද්ධ වන්නන් කෙරෙහි භාවිතා කරයි. මෙයම ඔවුන්ගේ අදහස් අතින් බංකොළොත් බවට උදාහරණය.

    5. මේ අය පුන පුනා ගෙනෙන එකම තර්කය පුද්ගලික විශ්ව විද්‍යාල වල දුප්පතුන්ට ඉගෙන ගන්නට බැරි බවය. මෙය මහා සොයා ගැනීමක් නොවේ. අතේ සල්ලි නැත්නම් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙනීම තියා ආපන ශාලාවකින් බත් එකක් වත් දෙන්නේ නැත. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ඒ සඳහා ගෙවන්නට මුදල් ඇති අයටය. ඊට වත්කම් නැතියවුන්ට පිං විශ්ව විද්‍යාල තිබේ. ඒවා වහන්නටය කියා කවුරුත් කියන්නේ නැත.

    6. පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නේ දුප්පතුන් සඳහා නොවෙතත් ඒවායේ අධ්‍යාපනය දුප්පතුන්ට නොලැබී යතැයි බිය ඇති කරගත යුතු නොවේ. කොළඹ නීති විද්‍යාලය හැමදාම ඉගැන්නුවේ මුදලටය; UCSC මෙන් පිනට නොවේ. එහත් අද නීතිඥයන් වී ඉන්න හැම කෙනෙක්ම පොහොසත් පවුල් වලින් ආ ඇත්තෝ නොවෙති. මෙසේ වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලද ශිෂ්‍යත්ව, රැකියා කරන ගමන් ඉගෙනගැනීම, ඉගෙන පසු ගෙවීම වැනි ක්‍රම මඟින් ආර්ථිකව සවිමත් නැත්තන්ට ඕනෑ තරම් අවස්ථා සපයන නිසාය. මේවා පුද්ගලික විශ්ව විද්‍යාල විනාශ කිරීම තම එකම අභිප්‍රාය කරගත් පෙර කී තිදෙනාගේ විෂය පථයට හසු නොවේ.

    මේ නිසා ඉරිසියාව හා වෛරය පදනම් කරගෙන වාදයට එළඹ ඇති මේ තිදෙනා සමඟ වාදයට යාම අර්ථ විරහිතය. මේ ප්‍රතිගාමීන් අමතක කර අපි අපේ ඉදිරිගමන යමු.

    ReplyDelete
  25. තාර ඩි මෙල්March 21, 2009 at 10:14 AM

    "6. පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නේ දුප්පතුන් සඳහා නොවෙතත් ඒවායේ අධ්‍යාපනය දුප්පතුන්ට නොලැබී යතැයි බිය ඇති කරගත යුතු නොවේ. කොළඹ නීති විද්‍යාලය හැමදාම ඉගැන්නුවේ මුදලටය; UCSC මෙන් පිනට නොවේ."

    ඇයි නැත්තේ? BIT කියන්නේ ගැරිල්ල.
    අනික අර ජාවා, ලිනක්ස්, php/mysql, Graphics ඒවා කරන්නෙත් ගරන්න නේ.

    ඔච්චර සානු කම්පිත නම් UCSC එකෙන් හරි පුලුවන් තැනකින් නොමිලේ හැමෝටම MSc දෙන්නකෝ.

    ReplyDelete
  26. ane me moda aravinda/???????????
    mu me loke nemeyda kohedo inne....

    ReplyDelete
  27. lol
    රාමචන්ද්‍ර නැමැත්තා පු.වි.විද්‍යාලවලට විරුද්ද "කොමියුනිස්ට් ඇජෙන්ඩාවක්"හින්දාය.(මේ අරවින්ද මහතා ස්වේච්ඡාවෙන් ඇලවූ ලේබල් එකකි)
    චමිල ඒකට විරුද්ද උපාධිය ගැන "හීනමානය" නිසාය.
    බලාගෙන යද්දි මේ හැමෝටම තියෙන්නෙ හරි පටු පරමාර්ථ.දැන් ඉතින් අරවින්ද මහතා පැහැදිලි කරන්නකො ඇයි එයා පු.වි.විද්‍යාලවලට ඔච්චර පක්ෂ කියල.එතුමාගේ තියෙන පුලුල් මානව හිතවාදී දැක්ම නිසා වෙන්න ඇති මම හිතන්නෙ.අපිටත් ආසයි දැනගන්න එයාගෙ පුද්ගලික පැටිකිරිය.
    විවාදයක් මෙහෙම මිනිසුන්ගේ පැටිකිරිය හොයන පුද්ගලික මට්ටමකට වැටීම ඇත්තටම කනගාටුයි.
    මොනව උනත් සාරාංශය මෙහෙමයි.
    විකල්ප දෙකක් තියෙනවා.
    1.පුද්ගලික වි.විද්‍යාල ස්ථාපනය(ධනවත් කොටස් වලට වැඩි වරප්‍රසාද ලැබීම,සමාජ විෂමතාවය පුලුල් වීම,අවවරප්‍රසාදිත බහුතරය අතර අසහනයක් නිර්මානය වීම,රාජ්‍ය වි.විද්‍යාල පද්ධතිය අනෙක් පුද්ගලිකකරනයට ලක්වූ ක්ෂේත්‍ර වගේම හැකිලී යාම,උසස් පෙල පෙන්වන කුසලතාවය අතාර්කික වී ගෙවීමේ හැකියාව පෙරට ඒම කියන සියලු ප්‍රතිවිපාකයන් සහිතව)
    2.සල්ලි තිබුනත් නැතත් දක්ෂතාවය පෙන්වූයේ නම් උසස් අධ්‍යාපනය ලබාගත හැකි වන පරිදි නිදහස් අධ්‍යාපන රාමුව විස්තාරනය කිරීම
    (කරනව නම් කරන ආකාරය ගැන අදහස් පල කොට තිබේ.සිය ආර්ථික හැකියාවෙන් හිස උදුම්මාගත්,නිදහස් අධ්‍යාපනයට "පිං"අධ්‍යාපනය යැයි ගරහන අරවින්ද වැන්නන් හැර-එතුමා ගිය ඉස්කෝලේ රජයේ එකක්ද දන්නෙ නැහැ.එහෙනම් ඒකත් "පිං","ලෝ ‍කොලිටි"එකක්ද කියල අපිට කියන්න-පුලුල් ලෙස මේ ප්‍රශ්නය දිහා බලන වෙනත් අය සමග අවශ්‍ය නම් 2 ගැන සාකචිඡාව ඉදිරියට ගන්න පුලුවන්.

    ReplyDelete
  28. @රාමචන්ද්‍ර,

    අංක 2. කරන ආකාරය විස්තර කළාට පළක් නැත. පසුගිය අවුරුදු විසි ගණනක් තිස්සේ ඔබ වැනිම පිරිසක් කටින් විසදුම් දුන්නද ප්‍රශ්නය විසඳී නැත. එනිසා කරලම අපට පෙන්වන්න. එවිට පිළි ගනිමු. මොකද කියන්නේ? මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා රජයෙන් ප්‍රතිපාදන වෙන් කරලා දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් නොලබන 98% ටම බැරිනම් කොටසකට හෝ වරම් දිය හැකිද? අභියෝගය භාර ගන්නවාද?

    මෙච්චරකල් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන් නොකළ මේ ධනේශ්වර රජයන් දැන් එය කරයි කියා ඔබට සහතිකයක් දිය හැකිද?

    බැරිනම් ඒ ගැන කතා නොකර ඉන්න.

    දැන් අවශ්‍ය සාකච්ඡා කරමින් කාලය නාස්ති නිරීම නොව ප්‍රශ්නය විසඳීමය.

    ඒ සඳහා ඇත්තේ එක මාර්ගයකි.

    (මගේ ප්‍රශ්න එකකටවත් උත්තර දීමට නොහැකි වූ ඔබට මේවාට උත්තර දීමට හැකි යැයි මට විශ්වාසයක් නැත.)

    ReplyDelete
  29. මා පුද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂ ඇයි? මේ ප්‍රශ්නයට දැනටමත් පිළිතුරු දී ඇත. එහෙත් එය නොතේරී යළි අසන නිසා අන්තිම සැරයටත් පුනරුච්චාරණය කරමි.

    1. පුද්ගලික ව්‍යවසාය රටක ආර්ථිකයේ අත්‍යාවශ්‍ය අංගයකි. පුද්ගලික ව්‍යවසායෙන් තොරව දියුණු වූ රටවල් ලොව නැත. විශේෂයෙන්ම දියුණු නිෂ්පාදන ආර්ථිකයක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල් තම සේවා ආර්ථිකය නැංවීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතුය. අපට තරගකාරී වාසියක් (competetive advantage)ඇති අධ්‍යාපනය වැනි ක්ෂෙත්‍ර එහි ලා ප්‍රධානය.

    2. පුද්ගලික විශ්ව විද්‍යාල නිසා සරසවි වරම් අහිමි වූ විශාල පිරිසකට අවස්ථා සැලසේ. බොරු පඬි ටෝක් දීමෙන් ඒ අවස්ථා ලැබෙන්නේ නැත.

    3. පුද්ගලික විශ්ව විද්‍යාල නිසා දැන් විදේශ අධ්‍යාපනය සඳහා එතෙර ඇදී යන මුදල් මෙරට ඉතිරි වේ.

    4. පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මෙරට විශාල පිරිසකට අළුතින් රැකියා අවස්ථා ලැබේ. ආචාර්ය වරුන්ට දැන් ලැබෙන හිඟන පඩිය වෙනුවට වැඩි වැටුප් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

    5. පුද්ගලික විශ්ව විද්‍යාල වලට විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකර්ශනය කර ගැනීම තුළින් රටට විශාල විදේශ විනිමයක් හිමිවේ.

    6. පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ලබාදෙන උපාධි සහතිකයේ තත්වය ඉහළය. දැනට ලංකාවේ කිසිම පිං විශ්ව විද්‍යාලයක් ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල සියය තුළ නැත. අපට මේ ඉලක්කය සපුරා ගත හැක්කේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම තුළින් පමණකි.

    රාමචන්ද්‍රගේ මනෝ රාජික, ප්‍රයෝගික නොවන, පිං විශ්ව විද්‍යාල විස්තාරණය තුළින් මේවායින් සපුරා ගත හැකි වන්නේ (ඒ කියන්නේ කළ හැකියැයි උපකල්පනය කළත්) එක්තරා මට්ටමකට මෙයින් අංක 2 ට පමණි. එහෙත් එය විසඳුමක් නොවන්නේ එවැන්නක් තුළින් පිං විශ්ව විද්‍යාල උපාධි සහතිකයේ වටිනාකම තවත් පහළ බැසීමේ අනතුරක් ඇති නිසාය.

    ඒ නිසා ඔහු කියන හැටියට විකල්ප දෙකක් නැත. ඇත්තේ එකම විසඳුමකි.

    ReplyDelete
  30. චමිල දන්නේ නැ අපි ළමයි ඉස්කොලෙට දාන විදිය. ප්‍රින්සිපල්ටයි ඇමතිටයි... ගැනියෙක් දුන්නම ළමයා ඇතුලේ. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

    අපේ වගේ වැඩ මොරටු කැම්පස් ලෙචාලා කරන්න ගිහින් කොල්ලන්ගෙන් ගුටි කැවා...

    අපි දැනගත්තා ලැබ්වල කෙල්ලෝ තියාගත්තම ඔවා වෙනවා කියලා..

    ReplyDelete
  31. @ අරවින්ද,

    පුද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම ගැන මට අමුතු බියක් නම් නැත. එහෙත් පවතින දේශපාලනික-ආර්ථික තත්වයන් තුල මේවායේ ක්‍රියාකාරීත්වය මඟින් මතුවිය ගැටළු සම්බන්ධයෙන් නම් ඇත්තේ දැඩි කණස්සල්ලකි.

    අරවින්දg අනුව පු.විවි වලට විරුද්ධවන්නන් සුවකල නොහැකි ඉරිසියාවෙන් පෙලෙන්නන් ය. නැතිනම් ඔවුන් එසේ විරුද්ධවන්නේ ඔවුන්ගේ 'සිය පුද්ගලික සුඛ විහරණය' උදෙසා ය. ‍එහෙත් පු.විවි වලට දක්වන විරෝධය මේ 'පුද්ගලික සුඛ විහරණය' හා සම්බන්ධ වන්නේ කෙසේදැයි මට නම් ගැටළුවකි. ඉරිසියාව ගැන කිව්වහොත් කීමට ඇත්තේ අනෙකා සැමවිටම තමන් සතු දේට ඉරිසියා කරනු ඇතැයි සිතා භීතියෙන් කටයුතු කිරීම නම් සුවකල නොහැකි මානසික ව්‍යාධියක් බවය.

    ඒ හැරෙන්නට පු. වි.වි වල අධ්‍යාපනය කෙරෙහි අමුතු ඉරිසියාවක් මට නැත. මගේ විරෝධය එල්ල වන්නේ පුද්ගලික විවි. බිහිවීම තුලින් ලංකාවේ සිසුන්ගේ අධයාපන අවස්ථා පිළිබඳ ගැටළුව විසඳෙන්නේ යැයිද, එමඟින් විදේශ විනිමය ඉතිරි වන්නේ යැයිද නැගෙන හිස් තර්කයන්ට එරෙහිව මිස රාජ්‍යයේ කුදු මහත් හැම දෙයක්ම සඳහාම රජය මැදිහත් විය යුතුය යන විශ්වාසය හරහා නොවේ.
    මට අනුව වත්මන් සමාජ තත්වයන් සමඟ බිහිවන පු.විවි. මඟින් අධ්‍යාපන අවස්ථා පිළිබඳ ගැටළුව තව තවත් උග්‍රකරවනු ඇති අතර එයින් ඇතිවන සමාජ අසමානතාව තුල බිහිවන අසහනය අතිශය විනාශකාරී විභවයක් අත්පත්කර ගනු ඇත.
    --

    @ චරිත්,

    පවතින අධ්‍යාපන ක්‍රමය තුලත්, විවි. ප්‍රවේශ ප්‍රතිපත්ති තුලත් ඇති දුර්වලතා හා අඩුපාඩු නිසා බහුතරයකට විවි. පුවේශය අහිමි වෙයි. තර්කයකින් තොරව මම එය පිළිගනිමි. එහෙත් ඊට විසඳුමක් ලෙස පු. විවි. ඇති කිරීමෙන් ගැටළුව විසදේ ද?
    නැත.
    ඉහල මධ්‍යම පාංතික හා ඉන් ඉහල වත්කමක් ඇති පවුල්වල දරුවන්ට දැනුදු රා. විවි. ප්‍රවේශය නොලැබීම ගැටළුවක් නොවේ. ඔවුන් මෙරට සිට හෝ විදේශගතව හෝ අදාල පාඨාමලා හැදෑරීමෙන් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගනියි. සමරවිට ඔවුන්ට ඇති එක් ගැටළුවක් නම් විදේශගතවන්න්ට ඒ හේතුවෙන් තම පවුලෙන් වෙන්ව දිගු කාලයක් ගත කිරීමට සිදූවීම වැනි පුද්ගලික අවශ්‍යතා මූලික කරගත් ඒවා මිස පොදු ගැටළු නොවේ .
    එසේ නම් පු.විවි. ඇති නොකිරීමෙන් මුදල් ඇත්තන්ට ලැබිය යුතු අවස්ථාවන් නැති කරන බවට නඟන තර්කය සැබෑවක් ද?

    දැන් මේ සමඟම නැගෙන අනෙක් ප්‍රශ්නය වන්නේ මේ විදේශගත අධ්‍යාපනය නිසා නැතිවන 'අතිමහත්' ජාතික ධනය ගැනය. එහෙත් මේ ආකාරයට පිටරටට ඇදී යන්නේ මේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් විදේශගත වීම හරහා පමණක් නොවේ. රටේ ආර්ථික ප්‍රතිපත්ති හා තවත් පුද්ගල පරිභෝජන රටා හේතුවෙන් නිකරුනේ විදේශවලට ඇදී යන අතිමහත් ධනස්කන්දය ගැන වචනයක් කතා ‍‍නොකර මේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් වැයවෙන මුදල් ගැන මේ තරම් කිඹුල් කඳුලු හෙලන්නේ ඇයි?
    එසේම මේ විදේශවල ඉගෙන ගැනීමට යන සිසුන් බොහෝමයක් කරන්නේ ඉගෙන ගන්න එක පමණක් නොවන අතර, ඔවුන් අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවකද නියුක්ත වෙයි, ඒ උපයන මුදල් ද විදේශ විනිමය ලෙස ලංකාවට ලැබේ.
    අනික දැනට පිහිටුවීමට යන වෛද්‍ය විද්‍යාලය ගත්තද, එහි පාඨමාලාව පවත්වාගෙන යන්නේ රුසියානු විශ්වවිද්‍යාලයක් මඟිනි. එමඟින් ද පාඨමාලා ගාස්තුවෙන් වැඩි කොටසක් විදේශයකට ඇඳී යයි. එවිට එය ගැටළුවක් නොවේද?

    පවතින ක්‍රමයේ සහ රාජ්‍යයේ ස්භාවය අනුවම මේ බිහිවන පු.විවි. සමඟ තරඟකාරීත්වයේදී රා. විවි. බිඳවැටෙන එක අනිවාර්්‍යයකි. චරිත්ට අනුව එයට විසඳුම 'රා.විවි. සඳහා ආදායම් මාර්ගයක් සලසා ගැනීමට ඉඩ සැලසීම හා එක් කොටසකට පමණක් මුදල් ගෙවා පාඨමාලා හැදෑරීමට ඉඩදීම ය.' ඉතිං ඔය දේ කරන්න ඕන නම් අළුතෙන් පු.විවි. ඇති කල යුතුද? එසේ නොමැතිව ඔය වැඩපිළිවෙල ක්‍රියාත්මක කල නෙහැක්කේද?

    අචාර්්‍යවරුන් සම්බන්ධ ගැටළුව ගැන චරිත්ගේ විසඳුම වෙන්නේ 'පු.විවි. තරමටම රා.විවි. වල ආචාර්්‍යවරුන්ටද වරපුසාද හා වැඩි වැටුප් දීලා ඔවුන්ව රඳවා ගත යුතුය' යන්නය. ඒ මුදල් ද යොදා අධ්‍යාපන අවස්ථා වැඩිකොට අධ්‍යාපනය ගුණාත්මක කිරීම වඩා හොඳ නැත්ද?

    ලංකාවේ අධයාපනය කියන තරමේ ගුණාත්මක නැති බවත්, බොහෝ දුර්වලතා ඇති බවත් පිළිගතයුතු ඇත්තකි. එහෙත් ඊට විසඳුම එය ගුණාත්මක කිරීමට වැඩපිළිවෙලක් යොදන එක මිස, පු.විවි. සමඟ තරඟකාරීත්වය නිසා ඒවා ගුණාත්මක වෙනු ඇතැයි පූර්ව නිගමන ඇතිව ක්‍රියා කිරීම නෙමෙයි. රටේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක් සමඟ සූදු කෙලීම කෙතරම් යහපත් විය හැකිද?

    අවලාද හා අපහාස වලින් තොරව ප්‍රශ්නය ගැන නිරවුල්ව සිතා බැලූ විට මේ අවශ්‍යතා පසුපස තියෙන්නේ වෙළඳපොල උවමනා එපාකම් මිස අනිකක් නොවන බව පෙනී යනු ඇත.
    --

    ReplyDelete
  32. @kasun,

    මේවන විට කිහිප වතාවක් නිශේධ කර ඇති ගොන් තර්ක මිස ඔබට අළුත් දෙයක් කියන්නට ඇත්තේම නැද්ද?

    කණගාටුයි, මම සිසුවකුගේ හීන අවබෝධතා ශක්තිය ගැන අනුකම්පාකොට එකම දෙය පුනරුච්චාරණය කරන ගුරුවරයෙක් නොවෙමි.

    පුද්ගලික විශ්ව විද්‍යාල නිසා ඔබ ඔය ඇති වෙනවායැයි කියන ප්‍රශ්න ඇති වූ රටවල් තුනක් (වැඩිය එපා) සංඛ්‍යා ලේඛන, දත්ත ඇසුරින් පෙන්නා දෙන්නේ නම් මට පිළිතුරු දීමට පිළිවන.

    ReplyDelete
  33. "අනික දැනට පිහිටුවීමට යන වෛද්‍ය විද්‍යාලය ගත්තද, එහි පාඨමාලාව පවත්වාගෙන යන්නේ රුසියානු විශ්වවිද්‍යාලයක් මඟිනි. එමඟින් ද පාඨමාලා ගාස්තුවෙන් වැඩි කොටසක් විදේශයකට ඇඳී යයි. එවිට එය ගැටළුවක් නොවේද?"

    මේ කියන්නට ඇති ඔක්කොම ගොන් තර්ක නඟා ඒත් බැරි වූ විට ගහන අන්තිම තුරුම්පුවය. ඒකත් පුහු තර්කයකි.

    අඩුගානේ 50% ක් වත් ලංකාවේ නතර වුනොත් ඒක රටට ඉතිරියක් නේද?

    අනික් අතට එහෙම නම් මලයාසියානු සමාගමක් කියලා ඩයලොග් එකත් වහන්න එපායැ.

    ReplyDelete
  34. පුද්ගලික වි.විද්‍යාල නොව නිදහස් අධ්‍යාපන පද්දතිය ප්‍රමානාත්මකව හා ගුනාත්මකව පුලුල් කිරීම කියන විකල්පයට ගියොත් අරවින්ද කියන 1 හැර(ඒක අධ්‍යාපනයට සෘජුව අදාල නොවන ආර්ථික සංකල්ප ගැන ප්‍රවාදයක්)අනෙත් සියලු දේවල් ඉටු කර ගත හැක.
    2.(ඒක ඉටුවෙනවා කියල අරවින්ද පිලිගන්නවා)
    3.සිසුන්ට ඇතුල් වෙන්න විශ්ව විද්‍යාල පහසුකම් රජයෙන් ප්‍රමානවත්ව දෙනවා නම් විදේශ මුදල් ඇදී යාමේ අවශ්‍යතාවයක් පැන නොනගී
    4.රජයේ වි.විද්‍යාල පද්ධතිය පුලුල් කරාම එතනත් අලුත් රැකියා අවස්ථා ඇතිවේ.(අලුතින් දාන faculties වලට කථිකාචාර්යවරු,අනධ්‍යන කාර්ය මන්ඩල එහෙම ඕනෙ වෙනවනෙ)
    5.ගුනාත්මකව හොද තත්වයට රාජ්‍ය වි.විද්‍යාල ක්ෂේත්‍රය ගෙනාවම විදේශ සිසුනුත් ඕනෑ නම් ගෙන්වාගත හැක.අරවින්ද නොදන්නවා උනාට දැනටත් එහෙම විදේශ සිසුන් ලංකා‍වේ වි.විද්‍යාලවලට එති."පිං"වි.විද්‍යාලවලට යන එක ස්වකීය පාංතික මහන්තත්වයට මදිකමක්ද දන්නෙ නැහැ.නමුත් පොඩ්ඩක් පේරාදෙනියේ වෛද්‍ය පීඨයට එහෙම ඇවිත් බැලුවොත් විදේශ සිසුන් ඒවගේ ඉගෙන ගන්නවා බලන්න පුලුවන්.කොහෙම වුනත් පද්ධතියේ ගුනාත්මකබව ඉහල දැමීමෙන් තවත් අයව ගෙන්වා ගැනීම අපහසුවක් නෙමෙයි.
    6.පුද්ගලික වි.වි.වලින් වඩා "කොලිටි"අධ්‍යාපනයක් ලැබීම ගැන-ඕකටත් උත්තරය ජාතික වි.විද්‍යාල පද්ධතියේ විෂය මාලා වල ගුනත්වය නැංවීම.අනෙක ආයතනයක් "පුද්ගලික"වූ පමනින් ඒක "කොලිටි"කියල හිතන එක හරිම පසුගාමී පුරුද්දක්.මම නැවතත් මතක් කරන්න කැමතියි මර්වින් සිල්වාටත් ආචාර්ය උපාධියක් දුන්නේ පුද්ගලික වි.විද්‍යාලයක්.පුද්ගලික අංශයේ ඔය කියන "කොලිටිය"අනිවාර්යයක් නෙමෙයි.(ආසම නම් පාරේ දුවන පුද්ගලික බස් එකක යන්න පුලුවන්.නැගල බලන්න.ඒ.සී කාර් එකේ යනවාට වඩා ඒක වෙනස් අත්දැකීමක්)
    නිසි නියාමනයක් තිබේ නම් "කොලිටි"අධ්‍යාපනයක් දෙන්න ජාතික වි.වි වලට බැරි නැහැ.වෛද්‍ය උපාධිය කොලිටි නම් ඉංජිනේරු උපාධිය කොලිටි නම් නීති පාඨමාලාව කලමනාකරන පාඨමාලා ආර්ථික විද්‍යා ඉංගිීසි භාෂා හා වාග්විද්‍යා පාඨමාලා කොලිටි නම් අනිත් ඒවා විතරක් ඒ තත්වයට ගේන්න තියෙන අපහසුව ‍කුමක්ද?
    ඒ නිසා අරවින්ද තමන්ගෙ අන්තිම තුරුම්පුවට යනවා.එනම් අපේ යෝජනාව "මනේරාජික"එකක් බව.තියෙන සිස්ටම් එක තුල අවශ්‍ය නම් ප්‍රතිපාදන හොයාගන්න ආකාරය ගැන සදහන් කලා.සිස්ටම් එක වෙනස් කලොත් මීටත් වඩා ප්‍රතිපාදන හොයාගන්න ආකාරය අපිට පෙන්වන්න පුලුවන්.සම්පත් අතින් අපිට වඩා ඉතාම පසුගාමී තැනක ඉන්න කියුබාව දල දේශිය නිමැවුමේ 8%ක් අධ්‍යාපනයට වෙන් කර‍න‍්නේ කොහොමද?ඒවා මැජික් නෙමෙයි.වෙනස් දේශපාලන ආර්ථික ක්‍රමයක් විසින් සමාජයට ලබාදෙන ශක්‍යතාවයන් තමයි ඒ.
    කල යුතු නිවැරදි දේ නොකර පුද්ගලික වි.වි වගේ ගොඩ වෙදකම් තියෙන ප්‍රශ්නය තව උග්‍ර කරනවා විතරයි.මේ ගැන වඩා විධ්මත් සංවාදයක් beyondframe ගේ බ්ලොග් එකේ යනවා.

    පලි-පැහැදිලි කල යුතු දෙකක් තිබේ
    1.අරවින්ද කියන විදියට සියලු පුද්ගලික ව්‍යවසායන්ට විරුද්ද වීමේ අසනීපයක් මට නැත.අධ්‍යාපනය ගුනාත්මකව වෙනත් වෙලද භාන්ඩවලින් වෙනස් ප්‍රපංචයක් නිසායි එම ක්ෂේත්‍රය අදාල වෙනස් ප්‍රවේශයක් අදාල වෙන්නෙ
    2.කියවන සෙසු අයට-සාමාන්‍යයෙන් මගේ ස්වරයට වඩා ඇතැම්විට මේ විවාදය තුල මගේ ස්වරය වෙනස් වූවා විය හැක.එහි අවිනීත බවක් තිබුනි නම් ඒ පිලිබද කනගාටුව ප්‍රකාශ කරම්.නමුත් ඇතැම් සාහිත්‍යයික යෙදීම් වලට වැරදි අර්ථකතන දෙන්න අරව්න්ද දරන ලද උත්සාහයද සාවද්‍ය බව ඒ සමගම කිව යුතුයි.

    ReplyDelete
  35. රට හදන ජාවා බලකායMarch 21, 2009 at 4:00 PM

    "චමිල ද අල්විස් නැමැත්තාටද ඊට විරුද්ධ වීමට පුද්ගලික උවමනාවක් ඇත. දැනට බ්ලොගවකාශයේ හෙළි වී ඇති කරුණු අනුව මේ පුද්ගලයා UCSC වෙතින් තමා ලබන උපාධි සහතිකය ගැන හීන මානයකින් පෙළෙන්නේ එය SLIIT සහතිකයට බාල බව දන්නා නිසාය."


    SLIIT විතරක් නෙමේ UCSC කට උඩින් තව කීයක් තියෙනවද? :D

    අපි නැත්නම් UCSC කොල්ලන්ට ජොබ් නැ. එකනේ උන් අපි ගාවට ටියුශන් එන්නේ.

    ReplyDelete
  36. 1980 ගණන් වලට පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතුනු ප්‍රශ්නයමයි අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන්නේ.

    එක පැත්තකින් තිබුණු පෞද්ගලික රෝහල් ගණනින් අඩු වූ අතර (ඩර්ඩන්ස්, සුලෙයිමාන්ස්, සෙන්ට්‍රල්) ඒවායේ අයකළ අධික ගාස්තුව සාමාන්‍ය කෙනෙකුට දැරිය නොහැකි විය.

    අනෙක් අතින් පිං රෝහල් වලට දැවැන්ත ඉල්ලුම සපුරා ලීමට කිසිසේත් හැකියාව නොතිබුණි.

    මේ ප්‍රශ්නය විසඳුනේ ආසිරි, නවලෝක, ඕඅසිස්, ඩෙල්මන් ආදී පෞද්ගලික රෝහල් හඳුන්වා දීමෙනි.

    මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවූ විප්ලවය පුදුම සහගතය.

    1. පොදුවේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා වැය කළ යුතු මිළ පහත වැටිනි. මේ නිසා දුප්පතුන්ටත් වඩා හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට ඉඩ සැලසිණි. (අද පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගන්නෝ ධනවතුන්ම නොවෙති.)

    2. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ඉහළ ගියේය. තරගකාරීත්වය නිසා පිං රෝහල් වල සේවාවේ ගුණාත්මක භාවද ඉහළ ගියේය.

    3. රෝගීන්ට විකල්පයක් ඇතිවිය.

    4. රෝගීන්ට පිටරට නොයා මෙහිදීම ශල්‍යකර්ම කර ගැනීමේ අවස්ථාව ලැබුණේය. මේ නිසා පිට රටට ඇදී ගිය විශාල මුදල් සම්භාරය නතර විය.

    5. අපේ රටේ වෛද්‍යවරුන්ට පිං රෝහල් වල පිං පඩි නොව වැදගත් පඩියක් ලබා ගැනීමට ඉඩ සැලසුනේය. තවත් විශාල පිරිසකට රැකියා ලැබිණි.

    6. සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට රජයට ඇති බර අඩු විය.

    අද පුද්ගලික රෝහල් ගැන චෝදනා කරන්නෝ නොවෙති. සියළු දෙනාම ඊට පක්ෂය.

    මේ යහපත් වෙනස අප අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඇති නොකරන්නේ මන්ද?

    ReplyDelete
  37. He Who Must Not Be NamedMarch 22, 2009 at 9:15 AM

    මේක අතුරු කතාවක්. නමුත් UCSC එකත් පුද්ගලික විශ්වවිද්‍යාලත් ගැන කෙරෙන කතාවකට අදාළයි. දැනට සටහන් වී ඇති සමහර වැරදි මත නිවැරදි කිරීම සඳහායි මේ ලියන්නේ.

    කලින් ICT එක නමින් හඳුන්වපු UCSC එක පටන් ගත්තේ තමන් ලංකාවේ පරිගණක විද්‍යාවේ පියා කියා හිතාගෙන හිටපු වී. කේ. සමරනායක (VKS) කියන මහාචාර්යවරයා. කොළඹ විශ්ව විද්‍යාලයේ කොටසක් විදියට මේක පටන් ගත්තේ ජපන් ආධාර යටතේ. ඒ ආධාර ගන්න VKS ලොකු මෙහෙවරක් කළ බව සැක නෑ. නමුත් මීයක් කඩන්නේ අත ලෙවකන්නද කියලා කියනවා වගේ ඔහු ඒ තුළින් තමන්ටත් යම් යම් වරප්‍රසාද ලබා ගත්තා. එකක් තමා විශ්‍රාම යනතුරු එහි අධ්‍යක්ෂ පදවිය තමාවෙත තබා ගැනීමේ වරප්‍රසාදය. මේක කළේ වක්‍රව. කොළඹ විශ්ව විද්‍යාලයේ අනෙක් පදවි දෙන්නේ චක්‍රාකාරව (rotational basis) නිසා පොඩ්ඩක් ඒ වගේ කියා පේන්න ඔහු තමන්ගේ අතිජාත මිත්‍රයා මහාචාර්ය ඈපාසිංහට වසරකට හෝ දෙකකට ඒක ලබා දුන්න. නමුත් යාළුවා කියලා බැලුවේ නෑ ඒ කාලෙන් පස්සේ වහාම ආපහු ගත්ත. රුවන් වීරසිංහට ඒ පදවිය ලැබුනේ VKS මැරෙන්න ඔන්න මෙන්න තියලා විශ්‍රාම ගිය නිසා.

    ඒ වගේම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ අනෙක් මහාචාර්යවරු ලබන පඩිය වගේ කිහිප ගුණයක පඩියක් මෙයින් ගත්තා. UCSC එක සරසවි සිසුන්ට අධ්‍යාපනය දීමට අමතරව බිස්නස් අතේ වැඩත් කළ නිසා (අදත් කරනවා) එයින් ලද ලාභය බෙදා ගන්න profit sharing plan එකක් හැදුවා. මෙයින් ඔවුන් කළ හැම ව්‍යාපෘතියකින්ම VKSට කොටසක් ගියා ඔහු සම්බන්ධ වුනත් නොවුනත්.

    මේ නිසා UCSC එක රජයේ විශ්ව විද්‍යාලයක් හැටියට හඳුන්වන්න අමරුයි. ඒකත් පොඩි ප්‍රයිවෙට් ශොප් එකක්, රාජ්‍ය විශ්ව විද්‍යාලය ඇතුළේ. එතනත් හිටියෙත් ඉන්නෙත් මුදලාලිලා තමයි.

    දැන් රසම කතාවට එමුකෝ.

    පසුව SLIIT කියා නම් කරන ලද තොරතුරු තාක්ෂණයට වෙනම විශ්ව විද්‍යාලයක් හදන්න මුදල් වෙන් වූ අවස්ථාවේ පටන් VKS ඒක ගන්න නොදාපු වෑයමක් නෑ. නමුත් ලැබුනේ නෑ. ඒක ගියේ ඇමතිවරයාගේ බෑනා (son-in-law) වෙච්චි ලලිත් ගමගේට. මාමාත් බෑනට සල්ලි නොදී වෙන අහක යන මිනිහෙකුට දෙන්නේ නෑහැනේ. ඉතින් VKS මේක ගැන වෛර බඳගත්තා කියමුකෝ.

    ඉතාම නින්දාසහගත වැඩේ තමා ඔහු SLIIT එක විවේචනය කරන්න යොදාගත්තේ මේ ‘නිදහස් අධ්‍යාපන’ මන්තරය. මොකද කොටසකට හරි UCSC එකේ අධ්‍යාපනය දුන්නේ නොමිළේ. ඉතින් ඔහු තමන්ට සමාජයේ ලැබී තුබුණු සිවිල් බලයත් උපයෝගීකරගෙන SLIIT ඉතාම නරක විදියට හෙළා දුටුවා. ඒකෙ පාඨමාලා වලට මුදල් අය කරනවාය කියා දිගින් දිගටම විවේචනය කළා, සමච්චලයට ලක් කළා. මට මතකයි ඔහු වරෙක තමන්ට පරිගණක සංගමයේ වාර්ෂික සැසිවාරයේ keynote address එක කරන්න තමන්ට ලැබුණු අවස්ථාව SLIIT එකට මඩ ගහන්න යොදා ගත්තා, SLIIT එකේ කිසිවකුට ඒක ප්‍රශ්න කරන්න අවස්ථාව නැති බව හොඳිම දැන දැන. මේ ගලා ගෙන ආවේ තමන්ට එක නොකරන්න ලැබීමෙන් ඇතිවූ වෛරය හා ඉරිසියාව. නමුත් ඒකෙ නිරුවත වැහුවේ ‘නිදහස් අධ්‍යාපනය’ කියන සළුවෙන්.

    UCSC එකේ අද ඉන්න ගෝල පිරිසත් තමන්ගේ පුරෝගාමියා අනුගමනය කිරීම ලොකු පුදුමයක් ලෙස මා දකින්නේ නෑ. කවුද හරියටම කිවා වගේ SLIIT එක ඔවුන්ට රැකියා වෙළඳ පළේ ලොකු තරගයක් දෙනවා. SLIIT එකෙන් දෙන අධ්‍යාපනයේ ප්‍රමිතියට රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කිට්ටු කරන්න ටිකක් අමාරුයි.

    ඒත් මේ පුද්ගලික තරහ මරහා පිරිමහා ගන්න ජාතික ප්‍රශ්න පටලවා ගත යුතුයි මා හිතන්නේ නෑ. අපට UCSC එකත් ඕනෑ, SLIIT එකත් ඕනෑ. ඔය දෙකෙන් එකක් වත් වැහෙනවාට අප කැමැති නෑ. ඒ නිසා අපි විවෘතව හිතමු. නිදහස් අධ්‍යාපනය රැක ගන්නය කියලා SLIIT එක වැසිය යුතුය කියන සටන් පාඨයට වැඩිය හොඳ සටන් පාඨ අපට නැත්ද?

    ReplyDelete
  38. ඔය රාජ්ය විශ්ව විද්‍යාල කියන ප්‍රසිද්ධ ඒවා දෙකක තොරතුරු තාක්ශන උපාධිය කරන කිහිප දෙනෙක් ම මං ලඟට (ගෙදරට) ටුයිශන් එනවා, සල්ලි දීලා හිර වුනු තැන්, අපැහැදිලි තැන් අසා දැන ගන්න සහ ව්යාපෘති පැවරුම් කරගන්න උදවු ගන්න (සල්ලි දීලා) මම SLIIT B.Sc. in IT Undergraduate!

    මේකෙන් පැහැදිලි වෙනවා කාගේ උපාධියද වඩා ගුණාත්මක කියලා.

    ReplyDelete
  39. මේ අය හැම තිස්සෙම බලන්නේ "ජොබ් එකක් හොයාගන්න". තනිවම මහන්සි වී "ගානක් හොයා ගන්න ශක්‍යතාවයක් නැහැ"! අපි තමයි ඉතින් ව්යාපාර ඇති කරන්න ඕනේ. ඒකට ඉතින් අපිත් තාක්ශනය ඉගෙන ගන්න ඕනිනේ! නැතිනම් කොහොමද අපේ පුංචි රට දියුනු කරන්නේ!

    ReplyDelete
  40. @ අරවින්ද

    මා ගෙන හැර දැක්වූ කරුණු ඔබ කොතැනක හෝ නිශේධ කොට නැත. සැමවිටම ඔබ කර ඇත්තේ එයට මම මීට පෙර පිළිතුරු දී ඇතැයි කියමින්, වෙනත් ප්‍රශ්නයකින් එය වසා දැමීමය.

    මා කතාකරන්නේ ලංකාව ගැන මිස අනෙකුත් රටවල් ගැන නොවේ. පැහිදිලිවම මීට පෙරත් මා කියා ඇති පරිදි මා විරුද්ධවන්නේ පු.වි.වි. ඇති කරීම සඳහා එය වෙනුවෙන් ගෙනහැර දක්වන (බොහෝ) තර්කයන්ගේ හිස් බව සම්බන්ධයෙනි. ඒවාට ඔබ කසිවිටක පිළිතුරු දී නැත.

    -
    රුසියානු වෛද්‍ය පීඨයේ මැදිහත් වීම මම උදාහරණයට ගත්තේ ජාතික ධනය විදේශයට ඇඳීයාම සම්බන්ධයෙන් වන තර්කය නිශ්ප්‍රභ කරනු සඳහා මිස, 'මෙයින්ද අපේ රටේ මුදල් පිටරටවලට ඇඳී යන බැවින් එයට විරුද්ධ විය යුතුය' යන පටු අර්ථයෙන් නොවේ. ඔබ සුපුරුදු ලෙසම වාක්‍ය ඛන්ඩයක් පමණක් වෙන්කොට එය එසේ යැයි පෙනෙන්නට සලස්වයි.
    එය එසේ කරන්නේ අරවින්දගේ හීන අවබෝධතා ශක්තිය නිසා හෝ කපටිකම නිසා විය හැක.

    {QUOTE from previous comment}
    [...] පවතින අධ්‍යාපන ක්‍රමය තුලත්, විවි. ප්‍රවේශ ප්‍රතිපත්ති තුලත් ඇති දුර්වලතා හා අඩුපාඩු නිසා බහුතරයකට විවි. පුවේශය අහිමි වෙයි. තර්කයකින් තොරව මම එය පිළිගනිමි. එහෙත් ඊට විසඳුමක් ලෙස පු. විවි. ඇති කිරීමෙන් ගැටළුව විසදේ ද?
    නැත.
    ඉහල මධ්‍යම පාංතික හා ඉන් ඉහල වත්කමක් ඇති පවුල්වල දරුවන්ට දැනුදු රා. විවි. ප්‍රවේශය නොලැබීම ගැටළුවක් නොවේ. ඔවුන් මෙරට සිට හෝ විදේශගතව හෝ අදාල පාඨාමලා හැදෑරීමෙන් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගනියි. සමරවිට ඔවුන්ට ඇති එක් ගැටළුවක් නම් විදේශගතවන්න්ට ඒ හේතුවෙන් තම පවුලෙන් වෙන්ව දිගු කාලයක් ගත කිරීමට සිදූවීම වැනි පුද්ගලික අවශ්‍යතා මූලික කරගත් ඒවා මිස පොදු ගැටළු නොවේ .
    එසේ නම් පු.විවි. ඇති නොකිරීමෙන් මුදල් ඇත්තන්ට ලැබිය යුතු අවස්ථාවන් නැති කරන බවට නඟන තර්කය සැබෑවක් ද?

    දැන් මේ සමඟම නැගෙන අනෙක් ප්‍රශ්නය වන්නේ මේ විදේශගත අධ්‍යාපනය නිසා නැතිවන 'අතිමහත්' ජාතික ධනය ගැනය. එහෙත් මේ ආකාරයට පිටරටට ඇදී යන්නේ මේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් විදේශගත වීම හරහා පමණක් නොවේ. රටේ ආර්ථික ප්‍රතිපත්ති හා තවත් පුද්ගල පරිභෝජන රටා හේතුවෙන් නිකරුනේ විදේශවලට ඇදී යන අතිමහත් ධනස්කන්දය ගැන වචනයක් කතා ‍‍නොකර මේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් වැයවෙන මුදල් ගැන මේ තරම් කිඹුල් කඳුලු හෙලන්නේ ඇයි?
    එසේම මේ විදේශවල ඉගෙන ගැනීමට යන සිසුන් බොහෝමයක් කරන්නේ ඉගෙන ගන්න එක පමණක් නොවන අතර, ඔවුන් අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවකද නියුක්ත වෙයි, ඒ උපයන මුදල් ද විදේශ විනිමය ලෙස ලංකාවට ලැබේ.
    අනික දැනට පිහිටුවීමට යන වෛද්‍ය විද්‍යාලය ගත්තද, එහි පාඨමාලාව පවත්වාගෙන යන්නේ රුසියානු විශ්වවිද්‍යාලයක් මඟිනි. එමඟින් ද පාඨමාලා ගාස්තුවෙන් වැඩි කොටසක් විදේශයකට ඇඳී යයි. එවිට එය ගැටළුවක් නොවේද? [...] {QUOTE end}

    ReplyDelete
  41. මේ ගැන මගේ අදහස් මෙසේය.

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළාට කමක් නැත. (බුදුන්ගේ කාලයේද අනේපිඬු සිටාණන් වැනි මුදලාලිලා සිටියහ.) නමුත් පහත කොන්දේසි යටතේය.

    1. නියම සිංහල ක්‍රමයට පිරිමි ළමුන් අමුඩයද ගැහැණු ළමුන් ළමා සාරියද ඇඳ ආයුතුය. (දැන් කැළණිය විශ්ව විද්‍යාලයේ මේ ක්‍රමය අත්හදා බලන්නට සැරසීමක් ඇත.)

    2. ඉගැන්විය යුත්තේ සිංහලෙන් ජාතික චින්තනය හා සම්බන්ධ විෂයන් පමණකි. බටහිර විද්‍යාව ඉගැන්වීම තහනම්ය.

    3. කාර් වැනි බටහිර විච්චූර්ණ වලින් නැතුව නියම සිංහල ක්‍රමයට ගොන් කරත්තයෙන් හෝ පයින් සිසුන්ද ගුරුවරුන්ද පැමිණිය යුතුය.

    4. කැන්ටින් එකේ, වැරදුනා, ආපන ශාලාවෙහි අලෙවි කළ යුත්තේ සිංහල ක්‍රමයට සැකසූ හැලප, කැවුම්, කැඳ වැනි ආහාර ද්‍රව්‍ය පමණකි. කොකා කෝලා අලෙවිය සම්පූර්ණයෙන් තහනම්ය.

    5. හැම කාල පරිච්ඡෙදයක් අවසානයේම සිසුන් ගුරුවරයාට බුලත් අතක් දී ආචාර කළ යුතුය.

    6. අවසානයට නියම ජාතික චින්තනයෙන් යුතු ගුරුවරයකු පමණක් (හරියට මහාචාර්ය නලින් ද සිල්වා බඳු ) උපකුලපති කළයුතු අතර, සුද්දන්ට දෙවැනි නොවීම සඳහා හාවඩ්, ඔක්ස්ෆර්ඩ් වැනි විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන්ට ගෙවන පඩියට සමාන පඩියක් ඩොලර් වලින් ගෙවිය යුතුය.

    මහාචාර්‍ය නලින් ද සිල්වා,
    නිර්මාතෘ, ජාතික චින්තනය,
    කැළණිය විශ්ව විද්‍යාලය

    ReplyDelete
  42. පරණ පෝස්ට් එකක් වුනත් මම අද දැක්කේ.. දිග කමෙන්ටුවක් දෙන්න නම් බෑ. මගේ අදහස නම් මේවා තියෙන්න ඕන කියන එක තමයි..

    ReplyDelete