Tuesday, March 31, 2009

මේ දවස් වල......

මේ දවස් ටිකම ගෙවිල යන්නෙ assignment එක්ක.එකක් ඉවර වෙන කොට තව assignment එකක්.semester එකත් මේ සතියෙ ඉවර වෙනව.අප්‍රේල් 20ට කලින් assignment ටික submit කරන්න ඕනෙ.Final exam එකත් අප්‍රේල් 22 පටන් ගන්නව.ඊට කලින් මේ වැඩ ගොඩ ඉවර කරගන්නෙ කොහොමද කියලයි හැම තිස්සෙම කල්පනා වෙන්නෙ.හැබැයි ඉතින් වැරැද්ද තියෙන්නෙත් මගේ අතේම තමයි.අන්තිම දවස වෙනකම් ඉන්නව assignment කරන්න පටන් ගන්න.හැබැයි ඉතින් අන්තිමට වැඩ ගොඩ ගැහිල කරන කොට තමයි මට නම් පොඩි kick එකක් එන්නෙත්.කලින්ම assignment ඉවර කලා නම් කිසි ගතියකුත් නෑ.

අප්‍රේල් තුන් වැනිද අපි සංවිධානය කරල තියෙනව "Musical Stars" නමින් සංගීත ප්‍රසංගයක්.පැවැත්වෙන්නෙ SLIIT Auditorium හි.සවස 5.30ට ආරම්භ වන්නෙ.පහත පල කරල තියෙන්නෙ මේ සංගීත ප්‍රසංගය ගැන විස්තරයක්.




මේ ඉරිදා කාලෙකට පස්සෙ horror ෆිල්ම් එකක් බැලුව."Black Water".කථාව මේකයි.Grace, Lee හා Adam යන තිදෙනා කිඹුලන් බැලීමට කිඹුලන් සංරක්ෂණය කර ඇති ස්ථානයකට යනව.පසුදින මොවුන් ගගක මාලු බෑම සදහා පිටත්ව යනව.බොහෝ දුරක් ගගේ පැමිනි පසු කිඹුලෙකු විසින් මොවුන් පැමිණි බෝට්ටුව යටිකුරු වන සේ පෙරලා දමනවා.ඉන්පසු කිඹුලා මග පෙන්වන්නාව මරා දමනු ලබනව.අවසානයේ ඉතිරි වන්නේ Grace, Lee හා Adam යන තිදෙනා පමනයි.මොවුන් තිදෙනාගෙන් ද අවසානයේ ඉතිරි වන්නේ Lee පමනයි.පසුව Grace හා Adam වද කිඹුලා විසින් මරා දමනු ලබනවා.අවසානයේ Lee විසින් කිඹුලාව මරා දමනු ලබනවා.මේ චිත්‍රපටියේ කිඹුලා විසින් මිනිසුන් මරා දමන දර්ශණ හා කිඹුලා විසින් මරා දමනු ලැබූ මිනිසුන්ගේ ශරීර කොටස් ඇතුලත් දර්ශණ තිබෙනවා.ඒ නිසා මෙම චිත්‍රපටිය ටිකක් වැඩිහිටියන්ට සුදුසුයි කියල කියන්න පුලුවන්.

ඔන්න ඔය ටික තමා මේ සතියේ කරපු, කරන හා කරන්න තියෙන වැඩ වල විස්තර.අද බ්ලොග් සටහනට ලියන්න තියෙන්නෙ මේ ටික තමයි.හැමෝටම ජය වේවා!!!








4 comments:

  1. මචෝ, ෆිල්ම් එකක් ගැන කියද්දි මෙච්චර විස්තර වීඩියෝ දෙන්න එපා වගේම මුළු කතාවම කියන්නත් එපා.

    ReplyDelete
  2. @ බින්කු - ඇත්ත තමයි මචෝ, මේ වීඩියෝ ටිකත් ඇති ෆිල්ම් එක ගැන අවබෝධයක් ලබා ගන්න.අනිත් පාර ෆිල්ම් එකක් ගැන ලියන කොට ෆිල්ම් එකේ විස්තර කුතුහලය ඇවිස්සෙන විදිහට ලියන්නම්...:)

    ReplyDelete
  3. බොහොම හොදයි! වැඩ වැඩී කිය කිය ෆිල්ම් බලන්න..! එහෙම තමයි හොද ළමයි.!

    ReplyDelete
  4. @ malee - හොද ලමයින්ගෙ ලක්ෂණයක් තමයි විභාගෙ ලග එද්දි වැඩි වැඩියෙන් ෆිල්ම් බලන එක.මලී අක්කට විතරයිනෙ ඕක තේරුම් ගන්න පුලුවන් උනේ...:P

    ReplyDelete