Wednesday, June 10, 2009

එකමත් එක රටක


ඔන්න අද කොහොම හරි වෙලාවක් හොයා ගෙන ගියා සනත් ගුණතිලකගෙ ප්‍රථම සිනමා නිර්මාණය වන "එකමත් එක රටක" චිත්‍රපටිය බලන්න.චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ "Emile Zola" (1840-1902) නම් වන නවකතාකරුවාගේ ‘Pour une nuit d’amour’ නම් වන කතාව ඇසුරින්.

කතාව මෙන්න මේකයි.මුලින්ම පටන් ගන්නෙ කුඩා පිරිමි හා ගැහැනු ලමුන් දෙදෙනෙක් සෙල්ලම් කරන දර්ෂනයකින්.ගැහැනු ලමයාගේ පියාට මොවුන් සිටින විශාල නිවස අයිති වෙ
ව.පිරිමි ලමයා නිවසේ සේවිකාවගේ(චාන්දනී සෙනෙවිරත්න) දරුවායි.මොවුන් දෙදෙනාගෙන් ශක්තිවන්තයා හැටියට රූප රාමු වලින් පෙන්වන්නෙ ගැහැනු ලමයායි.දිනක් මේ පිරිමි ලමයා, ගැහැනු ලමයාව කර මත තබා ගෙන යන බව දකින ගැහැනු ලමයාගේ පියා, පසුදිනම එම නිවසින් තම බිරිදවද, දරුවා ද රැගෙන පිටත් වී යනව.

මේ සිද්ධියෙන් පස්සෙ අවුරුදු 15කට පස්සෙ සිදු වෙන දේවල් තමයි ඉන්පසු පෙන්වන්නෙ.එවිට මෙම ගැහැනු ලමයාගේ පවුල නැවතත් මුලින් පෙන්වූ නිවසට පදිංචියට පැමින සිටිනව.නමුත් මෙම ගැහැනු ලමයා එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට පිටවී ගිහින්.එමෙන්ම ඇයගේ මව පාදයේ ආබාධයක් නිසා රෝද පුටුවක එක් තැන් වී සිටිනව.පිරිමි දරුවා(රොෂාන් රවින්ද්‍ර) මෙම නගරයේ නීතිඥයෙක් විදිහට කටයුතු කරනව.

මෙම සුවිසල් නිවසේ ඉදිපස නිවසේ සිටින්නේ විරූපී මුහුණක් සහිත, කුදු වූ ශරීරයක් ඇති පුද්ගලයෙක්.(සනත් ගුණතිලක)මොහු ජීවත් වන්නේ ඔහුගේ සුරතලයට ඇති කරන බල්ලාත් සමගයි.මොහු කාර්යාලයට යන විට පාරේ හමු වන සියල්ලන්ටම "good morning"කියමින් යන්නේ.නමුත් අතරමදී ඇතැම් අයගේ උසුලු විසුලු වලට මොහු ලක් වෙනව.කාර්යාලයට යන අතරමග මොහු සංගීත භාණ්ඩ අලෙවිසලක් ලග නතර වී බට නලාවක් දෙස බලා සිටිනව.ඉන්පසු කාර්යාලයට යන මොහු එහි සේවය කරන්නන්ගේද විහිලු වලට ලක් වෙනව.එමෙන්ම මොහු තේ බොන අතරවාරයේදී කාර්යාලයේ බැල්කනියට වී කුනු ගෙනියන ලොරිය දෙස බලා සිටීම පුරුද්දක් කර ගෙන සිටිනවා.මොහුට සිටින හොදම මිතුරා වන්නේ ගොත ගසන මොහු වැනිම තවත් පුද්ගලයෙකුයි.

දිනක් මොහු බට නලාවක් මිලදී ගන්නවා.නමුත් මුලදී එය හරි හැටි වාදනය කිරීමට මොහු නොදන්නා නමුත් කිහිප දිනකට පසු එය වාදනය කිරීමට මොහු පුරුදු වෙනව.

මෙසේ ඔහු රාත්‍රී කාලයේදී බට නලාව වාදනය කරන අතරතුරේදී මුලින් සදහන් කල නිවසේ සිටි ගැහැනු ලමයා(නිරෝශා පෙරේරා) තම කාමරයේ ජනේලයෙන් එබී බලනවා බට නලාව වාදනය කරන පුද්ගලයාව.නමුත් එදින ඇය ඔහුව දකින්නේ නැහැ.නමුත් ඇයව දැකීමෙන් පසු මෙම විරූපී පුද්ගලයා ඇයට සිතින් ආදරය කරන්නට පටන් ගන්නව.එතැන් පටන් මොහුගේ හැසිරීමද වෙනස් වනව.

මේ අතරතුරේදී සේවිකාගේ පුතා මෙම තරුණියට පියානෝ වාදනය පුරුදු කිරීමට නිවසට පැමිනෙනව.එක් දිනක් උදෑසනක මිදුලේ පුටුවක වාඩි වී සිටින අතරතුර තරුණියව කර මත තබා ගෙන යන ලෙස තරුණයාට පවසනව.මෙවිට මොහු මෙම තරුණියව කර මත තබා ගෙන මඩුවකට ගෙන ගොස් ලිංගික ක්‍රියාවක යෙදෙනව.නමුත් එදින සවස තරුණයා පැමින ඇගෙන් සමාව ගන්නව.නමුත් මෙහිදී ඇය පවසන්නේ සිදු වූ දෙය ගැන ඇයට කණගාටුවක් නැති බවත්, සුලු මොහොතකට හෝ ඔහුට යටත් වීමට සිදු වීම ගැන ඇයට කණගාටුවක් ඇති බවත්ය.මින් පසු ඇය සමග සිටීමට අවශ්‍ය වූ විට පැමිනීමට නිවසේ පිටුපස වූ දොරක යතුරක් මොහුට ලබා දෙනව.මොවුන්ගේ මෙම ක්‍රියාව නිවසේ සේවිකාවද දන්නා නමුත් එය වැලැක්වීමට ඇය කටයුතු කරන්නේ නැහැ.

මෙසේ කාලය ගත වෙද්දී මෙම විරූපී පුද්ගලයාගේ හැගීමද ඇයට වැටහී යනව.නමුත් ඇය ඔහුට අකමැති බව ඇය හා ඇගේ පෙම්වතා දක්වන ප්‍රතිචාර වලින් පෙන්වනව.නමුත් එක් දිනක් ඇය මෙම විරූපී පුද්ගලයාට තම කාමරයට එන ලෙස පවසනව.එහිදී ඇය ඔහුව ගෙන්වන්නේ කාමරයේ සිදු වූ හදිසි අනතුරක් නිසා මිය ගිය තරුණයාව කාමරයෙන් ඉවත් කර ගැනීම සදහායි. ඉන්පසු මෙම තරුණයාව කර තබා ගෙන යන මෙම විරූපී පුද්ගලයා වැවක් අසල විවේක ගැනීමට මිය ගිය තරුණයාගේ සිරුර බිම තබා නිදා ගන්නව.මේ අතරතුර සිදු වූ හදිසි අනතුර නිසා සිහි මුර්ජා වී සිටි තරුණයා පියවි සිහිය ලැබ නැගිටිනව.මේ බව දුටු විරූපී පුද්ගලයා මොහුත් සමග පොර බදා ගැනීමේදී මොවුන් දෙදෙනාම වැවට වැටෙනව.පසුදා උදෑසන ගම්මුන් දකිනව මොවුන් දෙදෙනා පොර බදිමින් සිටි ආකාරයෙන්ම මිය ගොස් තිබෙන බව.මෙන්න මේකයි කතාවෙ සාරාංශය.

කතාව නම් කම්මැලි කමක් නැතිව දිගටම බලා ගෙන ඉන්න පුලුවනි.පොඩි පොඩි විහිලු කෑලි වගේකුත් තියෙනව.ඒවගේම තමා චිත්‍රපටියට උචිත විදිහට යොදා ගෙන තිබෙන පසුබිම් සංගීතයත්.සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා විසින්.ඒත් මෙම විරූපී පුද්ගලයා කාර්යාලයේ කෑම ගැනීමට ගෙනියන "හයිලන්ඩ් අයිස් ක්‍රීම්" පෙට්ටිය නිසා මෙම චිත්‍රපටියට අදාල කාලය සම්ග යම් නොගැලපීමක් දක්නට තියෙනව.ඒවගේම තමා "Lion Beer" වලටත් නොමිලේම ප්‍රචාරක අවස්තාවක් චිත්‍රපටියෙ ලබා දීල තියෙනව.

ලිංගිකව එක් වන දර්ශන කීපයක් හා සිප ගැනීම දක්වන දර්ශන කීපයක් පමණයි වැඩිහිටියන්ට පමනක් සුදුසුයි කියල හිතන්න පුලුවන්.(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට අනුව වෙන්
ඇති.)ලිංගික දර්ශන වලදි වුනත් පෙන්වන්නෙ නිරෝශා පෙරේරගෙ සුදු පාට කකුල් දෙක විතරයි.ඒත් දැන් ඉන්න පොඩිහිටියොත් මීට වඩා ඒව බලන නිසා මේ වගේ චිත්‍රපටියක් "වැඩිහිටියන්ට පමණක් සුදුසුයි" ලේබලය යටතේ පෙන්වීම විහිලුවක් කියලයි මට හිතෙන්නෙ.

පහත පල කරල තියෙන්නෙ චිත්‍රපටියේ trailer
එක හා චිත්‍රපටිය සදහා පුහුනුවීම් හා රූගත කිරීම් සිදු කරන වීඩියෝ එකක් හා චිත්‍රපටියේ පින්තූර කීපයක්.
















4 comments:

  1. matath balanna one meka, sinhala honda ewwa enawa aduine, wisesayen samajaye ewa gana katha karana. eth ko ithing mata wasanawak? :(

    ReplyDelete
  2. නියමයි..මේ වැඩේ එළ..අපිට විස්ත‍්රේ කියවල ගිහින් ෆිල්ම් එක බලන්න පුලුවන්නෙ..බලපු අය කිව්ව ෆිල්ම් එකේ ව‍රදක්ම නෑ කියල..හ්ම්ම්ම්..වැඩිහිටියන්ට පමණයි ලේබලය නම් මම හිතන්නෙ ඒක සල්ලි වලට අරගෙනද කොහෙද..මොකද නිරෝෂා ඉන්න වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් කිව්වම ඉතින් අපේ කස්ටිය දුවගෙන නෙ යන්නෙ..

    ReplyDelete
  3. මොන ෆීල්ම්ස් ද බං , එක්සෑම් ! , රීපිට් නොවුනොත් ඈතී !!!

    ReplyDelete
  4. @ බිன்ku - තව ටික දවසකින් මේකෙ DVD එක එයි.එතකොට අරගෙන බලන්නකො...:)

    @ පොතේ ගුරා - මේකෙ වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් මොකුත්ම නැහැ.නිරෝෂගෙ සුදු පාට කකුල් දෙක ඇරෙන්න වෙන මොකුත් පෙන්නන්නෙ නැහැ...:P

    @ Priyankara - ඉරිදට විභාගෙ ඉවරනෙ.ඊට පස්සෙ ගිහින් බලන්න....:)

    ReplyDelete