Friday, June 12, 2009

අහිමි වූ දත

මීට ටික දවසකට කලින් මගේ උඩු ඇන්දෙ වම් පැත්තෙ අන්තිම දත ටික ටික එන්න පටන් ගත්ත.ඒත් ඉතින් ඒ දත ආවෙ නිකන්ම නෙමේ.අනිත් දත් වලටත් හොද වේදනාවක් දීගෙන.ඉතින් ඊයෙ පානදුරේ ඉන්න දන්ත වෛද්‍යවරයෙක් ලගට ගිහින් දත ගලවල අයින් කලා.

දත ගලවන්න හිරි වට්ටන කොට නම් මම මාලුවෙක් ගොඩට දාල වගේ දැගලුවෙ.ඒත් ඉතින් හිරි වැට්ටුවට පස්සෙ නම් දත් ටිකට මාර සනීපයක් දැනුනෙ.දත ගැලෙවුව බවවත් තේරුනේ නැහැ.දත ගලවල ඇවිල්ල, ඊයෙ රෑ නිරාහාරව ඉදල ඉක්මනටම නින්දට ගිය එක කලේ.

ඒත් දත ගලවපු එකේ වේදනාව ආවෙ අද උදේ නැගිට්ටම.ඔලුව උස්සන්න බැරි තරමටම උන හැදිල හිටියෙ.ආපහු අද උදෙත් දන්ත වෛද්‍යවරයා ලගට ගිහින් බේත් අරන් ආව.දැන් නම් ටිකක් සනීපයි.

ගලවපු දතත් ගෙදර අරන් එන්න මම අමතක කලේ නැහැ.මේ තියෙන්නෙ ඒ ගලවපු දතේ ඡායාරූපයක්.


5 comments:

  1. Made me faint when sew you blood!

    ReplyDelete
  2. මීට වඩා වැදගත් දෙයක් නැද්ද උබෙ මොඩ මොලෙට එන්නේ ලියන්න..

    ReplyDelete
  3. හපේ අ‍ප්පේ... මේක කොටි දතක් වගේනේ ළමයෝ... බලන්ඩකෝ ඒකේ දිග... බයේ බෑ..

    ReplyDelete
  4. @ Chanaka & Udara - අපි හැමෝගෙම දත් ඔය වගේ තමයි.ඔය දතේ දිගම තමා අපි හැමෝටම තියෙන්නෙ.

    ReplyDelete