Saturday, June 20, 2009

ලගදි ගත්ත පින්තූර ටිකක්

පහුගිය දවස් ටිකේ මම හිටියෙ ලංකාවෙ නෙමේ.කාටවත් නොකියම ගෙදර ගිහින් ආව.හොරෙන්ම ගියෙ රට යන බව ආරංචි වුනොත් හැමෝටම බඩු උස්සගෙන එන්න වෙන හින්ද.කියන්න බැරි වුනානෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියල.බංග්ලාදේශයෙ චිතගොං වලට ගියෙ.මේ තියෙන්නෙ මගෙ ගෙදර අවට ගත්තු පින්තූර කීපයක්.


මේ තියෙන්නෙ මස් මිලදී ගන්න පුලුවන් තැනක්.තමන්ට කැමති කුකුලව තෝරල එවෙලෙම මස් කර ගත්තෑකි.මේ විදිහට තමා එහෙ අය මස් මිලදී ගන්නෙ.ලංකාවෙ අය වගේ සුපිරි වෙලද සලකින් සීත කරපු මස් අරන් තවත් සති ගානක් සීත කර කර කෑමට ගන්න සිරිතක් එහෙ නෑ.සාමාන්‍යයෙන් එක කුකුලෙක් හතර දෙනෙකුට එක කෑම වේලකට ඇති.මේ වගේ තැන් ලංකාවෙත් කලාතුරකින් තියෙනව.ඒත් මේ කඩ වල තියෙන විශේෂත්වය තමයි තමන්ට ඕනෙ නම් හරකෙක්, එලුවෙක් වගේ සතෙක්ව උනත් තෝරගෙන මස් කර ගත හැකි වීම.හැබැයි ඌරු මස් නම් කොහෙවත් ගන්න නැහැ.ඌරන් ඇති කිරීම තහනම් නිසා.කුකුල් මස් 1kgක් 30Tkක්, ඒ කියන්නෙ රුපියල් 45ක් විතර වෙනව.හරක් මස් 1kgක් 25Tkක්, ඒ කියන්නෙ රුපියල් 38ක් විත වෙනව.එලු මස් 1kgක් 40Tkක්, ඒ කියන්නෙ රුපියල් 60ක් විතර වෙනව.හැමදාම එලු මස් කෑවත් පාඩු නෑ නේද?



ඊලගට තියෙන පින්තූර දෙකේ ඉන්නෙ භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයන් කීප දෙනෙක්.ඔය වගේ මනුස්සයෙක්ට සාමාන්‍යයෙන් 50kg-60kgක බරක් තමන්ගෙ බයිසිකලයට සවි කල ලෑල්ල උඩ තියාගෙන 10km-20kmක දුරක් වුනත් යන්න පුලුවන්.10kmක විතර දුරක් බඩු ගෙනියන්න මේ කෙනෙක් 30Tkක්, ඒ කියන්නෙ රුපියල් 45ක වගේ ගානක් අය කරනව.ලාබයි නේද?



මේ තියෙන්නෙ එහෙ ලාබම මගී ප්‍රවාහන ක්‍රම වලින් එකක්.කුඩා නගර දෙකක් අතර තමා මේව ධාවනය වෙන්නෙ.ඇතුලෙ වාඩි වෙලා 12ක් විතරත්, වාඩි වෙලා ඉන්න අයගෙ ඔඩොක්කු වලයි, වාහනෙ බිමයි වාඩි වෙලා 8ක් විතරත්, පින්තූරෙ ඉන්නව වගේ එල්ලිලා 5 දෙනෙක් විතරත්,රියදුරු අසුනෙ තවත් දෙන්නෙකුටත් වාඩි වෙලා යන්න පුලුවන්.නැවතුම් දෙකක් අතර ගාස්තුව වෙන්නෙ 2Tkක්, ඒ කියන්නෙ රුපියල් 3ක් විතර.මේකක නැගල යන එක ලංකාවෙ බස් එකක යනවට වඩා ලාබ නැද්ද?


මේ තියෙන්නෙ කුඩා කඩ කීපයක් තියෙන තැනක පොලිස් නිලධාරියෙක් වාඩි වෙලා පත්තරයක් කියවන අවස්ථාවක්.මේ කඩේ තියෙන අඹ ගෙඩියක් 5Tkක් විතර වෙන්නෙ.ඒ කියන්නෙ රුපියල් 8ක් විතර.කෙ
සෙල් නම් ගෙඩියක් 1Tkක්, ඒ කියන්නෙ රුපියල් 1.50ක් විතර වෙන්නෙ.හැබැයි කෙසෙල් වර්ගය අනුව මිල වෙනස් වෙනව.දොඩම් ගෙඩියක් 7Tkක්, ඒ කියන්නෙ රුපියල් 10.50ක් විතර වෙන්නෙ.


මේ ඉන්නෙ මගෙ නිවස ඉදිරිපිට පාරෙ වාහන හසුරුවන පොලිස් නිලධාරියෙක්.පිටිපස්සෙන් හංග ගෙන ඉන්නෙ බැටන් පොල්ලක්.වැරදි කාරයින්ට නඩු ඇසීමකින් තොරවම එතනදීම දඩුවම් ලැබෙනව.වාහනයක රියදුරෙක් වැරැද්දක් කලොත් වාහනේ නතර කරන්නෙ ඔය පොල්ලෙන් ගහල.ඒ නිසා වාහන වල පැති කණ්ණාඩි, විදුලි බල්බ එහෙම පොලු පාරට ඔරොත්තු දෙන්න වෙනම ආවරණයක් යොදලයි තියෙන්නෙ.තව ඉතින් වැරැද්දක් කරල ඒක පිලිගත්තෙ නැත්නම් වෙඩි තියල එතනම ප්‍රශ්නය විසදල දාන්නත් මේ පොලිස් නිලධාරීන්ට බලය තියෙනව.ඒ නිසා ලංකාවෙ වගෙ අවුරුදු ගනන් දිගට ඇදෙන නඩුත් මෙහෙ නැහැ.ඒ වගේම තමා මෙහෙ පොලිස් නිලධාරීන්ට කීයක් හරි දීල බේරිල යන්නත් බැහැ.මොකද පගාව ගැනීමට බොහෝ විට හිමි වන දඩුවම අතක් කපා දැමීම නිසා.


මේ තියෙන්නෙ ගෙවල් වල වැඩට එන කාන්තාවන් දෙදෙනෙක් ආපසු සවස තමන්ගෙ නිවස කරා යන ආකාරය.රෙදි සේදීම, කෑම ඉවීම, නිවස පිරිසිදු කිරීම ආදී හැම දෙයක්ම කෙරෙන්නෙ මේ ගොල්ලො අතින්.මාසෙකට 3000Tkක්, ඒ කියන්නෙ රුපියල් 4500ක් විතර ගෙවන්න ඕනෙ.අවුරුදු 15, 16 වගේ කාලෙදි තමයි මේ අය මේ රස්සාව කරන්න පටන් ගන්නෙ.උදේ ආහාරය හා දවල් ආහාරය නොමිලේ දෙන්න ඕනෙ.උදේ 8ට විතර වැඩට ආවම හවස 7 විතර වෙනකම් දිගටම වැඩ කරන්න ඕනෙ.ලංකාවෙ ඉන්න සේවකයො වගෙ හොරකම් නම් මේ ගොල්ලො අතින් සිද්ධ වෙන්නෙ නැහැ.

මේ පින්තූර ටික දකින ඕනෙම කෙනෙක්ට හිතෙන්නෙ බංග්ලාදේශය කියන්නෙ දුප්පත් රටක් කියලනෙ.ඒත් මේ අන්තිමට තියෙන ඩකා නගරයෙ පින්තූරෙ දැක්කම ඔය හැගීම වෙනස් වෙයි.හැබැයි මේක මම ගත්තු පින්තූරයක් නෙමේ.අන්තර්ජාලයෙනුයි හොයා ගත්තෙ.බංග්ලාදේශයෙ ගමෙයි, නගරෙයි වෙනස මේ පින්තූර වලින් තේරෙයි.

10 comments:

  1. harak marana hati balanna giye nadda?

    ReplyDelete
  2. බඩු මාර ලාබයිනේ
    මෙහෙ අපි කන්නේ අවුරුද්දක් පරණ කුකුල් මස්ලු
    ෆාම් වලින් අළුතින් මරන කුකුලො ෆ්‍රරීසර් එකට දාල ඒකෙ තියෙන පරණ එවාලු විකුනන්නේ කියලා කවුද කිව්වා

    ReplyDelete
  3. එනකො‍ට පළතුරු එහෙම ගෙනාවෙ නැද්ද?

    ReplyDelete
  4. බංග්ලාදේෂය මාර ලස්සන රටක් මචං.මාත් එක පාරක් ගිහින් තියෙනවා. අඩු ගානට බලන්න යන්න පුලුවන් ර‍ටක්.

    ReplyDelete
  5. @ ම - එහෙ බඩු ලංකාවට වඩා ගොඩක් ලාබයි.හැබැයි ඩකා වල නම් බඩු මිල ටිකක් වැඩියි.හැබැයි ලංකාවෙ තරම් නම් නැහැ.

    @ අනූ - පලතුරු නම් ගෙනාවෙ නැහැ.ඇදුම් වගයකුයි, ඕන කරන softwares ටිකකුයි, පොත් ටිකකුයි විතරයි ගෙනාවෙ.

    @ Chamara - බංග්ලාදේශය කියන්නෙ ගොඩක් ලස්සන රටක්.බොහොම අඩු මුදලකින් රට ඇතුලෙ සංචාරය කරන්න පුලුවන්.ඒත් දැන් air ways වල ගනන් වැඩි නිසා එහාට යන වියදම තමා වැඩි.

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි මේ වගේ ලිපියක් දැම්මට... කාට නැතත් මට නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි... මමත් ගිහින් ආවාම මේ වගේ ලිපියක් දාන්නම් පින්තූරත් එක්ක..

    නැවතත් ස්තූතියි කිව්වා ඕං....

    ReplyDelete
  7. මටත් ගිහින් එන්න හිතුනා අඩුම තරමේ ලාබෙට ජීවත් වෙන්න වත් පුලුවන් නේ

    ReplyDelete
  8. උබ නිකමටවත් කිව්වේ නෑහෑ නේ....!
    අවුලක් නෑහෑ , කෑන්ටිමෙන් චොකලට් අරන් දෙන්න පුලුවන්නේ !

    ReplyDelete
  9. බඩු වල ගාණ ඇහුවම යන්න හිතුනේ ආ‍යේ එන්න නම් නෙවෙයි... ඒත් ඉතිං මෙහේ දාලා එහේ ගිහිං හරි යන්නේ නැහැ නේ... මං නයා බුදු පිළිමේ ළගට එන්නම්.. චොකෝ ගත්තැහැකි ද? :p

    ReplyDelete
  10. @ Udara - ගිහින් ඇවිල්ල පින්තූරත් එක්කම විස්තරයක් දාන්නකො.

    @ චතුරංග - ලාබෙට ජීවත් වෙන්න ඕනෙ නම් එහාට යන්න.

    @ Priyankara - උබට ඉතින් කන්න තියෙනවනම් වෙන මුකුත් ඕන් නෑනෙ....:P

    @ malee - නයා බුදු පිලිමෙ ගාවට එන්නකො.එතකොට චොකෝ දෙන්නම්...:P

    ReplyDelete