Thursday, June 25, 2009

අලුත් සමාසිකය

ජූනි 29 වෙනිද දෙවන වසරෙ, දෙවන සමාසිකය පටන් ගන්නව.මේ ලියල තියෙන්නෙ ඒ සමාසිකය අතර කාලයේදී කරන්න ඉන්න දේවල් වලින් ටිකක්.

1. Facebook භාවිතය සතියකට එක් දිනකට සීමා කිරීම.

2. දිනකට පැයකට වඩා අන්තර්ජාලය භාවිතා නොකිරීම.

3. දිනපතා දේශන සදහා සහභාගී වීම.

4. මසකට එක් චිත්‍රපටියක් පමණක් නැරඹීම.

5. රූපවාහිනිය නැරඹීමෙන් සම්පූර්නයෙන් වැලකීම.

6. අනවශ්‍ය යහලු, යෙහෙලියන් ආශ්‍රය කිරීමෙන් වැලකී සිටීම.

7. මගුල් ගෙවල්, මළ ගෙවල්, විනෝද චාරිකා ආදියට සහභාගී වීමෙන් වැලකී සිටීම.

8. දිනකට පැය 6ක් පමනක් නිදා ගැනීම.

9. යහලුවන් සමග පැය ගනන් චැට් කිරීමෙන් වැලකී සිටීම.

මේ ලියල තියෙන ඒවයින් කීයක් ඇත්තටම පිලිපදින්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.ඒත් මේ ලියල තියෙන ඒවයින් හතරක්, පහක්වත් හරියට පිලිපැද්දොත් විභාග හා assignment ටික ගොඩ දා ගන්න එක නම් අමාරු වෙන එකක් නැහැ.

4 comments:

  1. මතක් කරල ඕව පිලිපදින ගමන් ටිකක් පාඩම් එහෙමත් කරපන් :P

    ReplyDelete
  2. නියමයි.. හැබැයි ඕවා ටික කරලා පාඩම් නොකර හිටිය නම් බඩුම තමා...

    ReplyDelete
  3. අංක 5 නම් මට අදාල නෑ. බෝඩිම් වල ඉන්න අපිට මොන TV ද?
    2,3,4,7,8 ටිකක් අමාරුයි අනෙක්වා පුළුවන්.

    ReplyDelete
  4. @ Kanishka & malee - ඇත්තටම මෙතන කරන්න ඕන දේ ලියල නැහැනෙ.පාඩම් කරන එක නම් අනිවාර්යයෙන්ම හැමදාම කරන්න වෙනව.නැත්නම් ඉතින් repeat තමයි.

    @ සුසිත - රූපවාහිනියක් ගෙදර තිබුනත් ඒක දාන්නෙ මැච් එකක් බලන්න විතරක් නිසා හැම තිස්සෙම මට නම් රූපවාහිනිය බැලෙන්නෙ නැහැ.ලියල තියෙන අනිත් ඒවත් කියන තරම් ලේසියෙන් කරන්න අමාරුයි තමයි.ඒත් කොහොම හරි සති 14ක් මේවයින් වැලකිල ඉන්නයි බලන්නෙ.

    ReplyDelete