Thursday, June 18, 2009

Maghbazar rail accident

මේ කියන්න යන්නෙ ජූනි 17, ඒ කියන්නෙ ඊයෙ බංග්ලාදේශයේ ඩකා නගරයට ආසන්න නගරයක් වන "Maghbazar" කියන නගරයෙ සිදු වෙච්ච දුම්රිය අනතුරක් ගැන.

අනතුර සිදු වූ දුම්රියෙහි නම "Jamona" ය.ඉතාමත් කාර්යබහුල වේලාවක සිදු වූ මේ අනතුරින් කාර් 4ක් හා මෝටර් සයිකලයක් ද, බස් රථය ද හානියට පත් විය.කාරයක් තුල සිටි කාන්තාවන් දෙදෙනෙක් හා අවට සිටි පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලැබීය.බස් රථයේ සිටි මගීන් හා රියදුරු, දුම්රිය ඒමට පෙර බසයෙන් ඉවත් වූ නිසා බසයේ ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැත.අනතුරින් කිසිවෙක් මරණයට පත් නොවීය.අනතුරට හේතුව වාහන තදබදය අධික වූ ඒ වේලාවේ බස් රථය ඉදිරියට ගත නොහැකි ලෙස බස් රථය ඉදිරියෙන් තවත් වාහන තිබීමයි.

මෙය රූපගත කර ඇත්තේ "Juwel Rahman" නම් තැනැත්තා වන අතර, මෙය
"ATN Bangla" රූපවාහිනී සේවයේ ප්‍රචාරය කරන ලදී.

3 comments:

  1. මෝඩ රැල නං අපේ රටේ වගේමයි. අනතුර දැක දැකම එතන රැඳිල ඉන්නවා.

    ReplyDelete
  2. @ ශාකුන්තල - අපේ වගේම මෝඩ එවුන් කොයි රටෙත් ඉන්නව.ටිකක් ඉවසන්න බැරි එක තමා හේතුව.මොනව වුනත් කාටවත් ජීවිත අනතුරක් සිදු නොවෙච්ච එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
  3. අනේද කියන්නේ... මෙලෝ මීටරයක් නැති අයනේ.... හදිස්සිය තමා ඉතින් මුල.... ලංකාවේත් මේ වගේ අනතුරු වලට උදාහරන හුගක් තියනවනේ...

    ReplyDelete