Monday, September 7, 2009

අසභ්‍ය වෙබ් අඩවි තහනම සැබෑ ලෙසම ක්‍රියාත්මක වේද?

මේක ගැන ගොඩක් දවස් ඉදන් ලියන්න හිතා ගෙන හිටියත් අද තමයි ලියන්න පුලුවන් වුනේ.මේ ගැන ගොඩක් බ්ලොග් සටහන් ලියවිලා තියෙනවත් දැක්ක.ඒත් තවමත් අපිට මෙවැනි වෙබ් අඩවි වලට proxy sites මාර්ගයෙන් කිසිම අවහිරයකින් තොරව යාමට ඕන තරම් පුලුවන් කමක් තියෙනව.ඒ වගේම මේවායේ ඇති වීඩියෝ දර්ෂන ආදියත් කිසිම අපහසුවකින් තොරව බා ගත කිරීමේ හැකියාවත් තවම තියෙනව.තවමත් මෙවැනි වෙබ් අඩවි වලට එන ලාංකිකයන්ගෙ අඩුවක් නැති බව මෙම වෙබ් අඩවි වල දක්වා ඇති ප්‍රතිචාර මගින් පෙනී යනව.

තමන්ගේ නිවසේ අන්තර්ජාල පහසුකම් ඇත්නම් මෙවැනි වෙබ් අඩවියක් එක් වරක් හෝ බැලූ අයෙක් නැති තරම්ය.නො බැලූ කෙනෙකු ඇත්නම් ඔහු හැගීම්, දැනීම් නැති මනුෂ්‍ය රොබෝවෙකු විය යුතුය.අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට කෑ ගැසූ අයත්, එය ක්‍රියාවේ යෙදවූ අයත් ඉද හිට හෝ මෙවැනි අඩවියකට ගොස් ඇතුවාට සැකයක් නැත.එනිසා රජය කල යුත්තේ මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම නොව කැමති අයට මේවා බැලීමටත්, අකමැති අය තමන් විසින්ම පනවා ගත් ස්වයං වාරණයක් මගින් මේවා නො බලා සිටීමත්ය.

5 comments:

  1. ඊඊඊඊඊඊයා.
    අපිනම් හොඳ ළමයි

    ReplyDelete
  2. මමත් නෑ ඕව බලන්නෙ (puke) (n)
    මම හොද ළමයා

    ReplyDelete
  3. Just use Opera Mini browser. Very private... Nothing is blocked... so sweet.

    I'm putting this comment using Opera Mini. ;)

    ReplyDelete
  4. @ Chanaka & ushan - හොද ලමයි ඕව බලන්නෙ නැහැ තමයි.අපි වගේ නරක ලමයි තමයි ඕව බලන්නෙ....:P

    @ ශාකුන්තල - මාත් Opera Mini දාගෙන බලන්න ඕනෙ.

    ReplyDelete
  5. opera mini ekedi kohomath wena prxyak harahai yanne.ekath anthimata proxy ma thamai ! hihi

    ReplyDelete