Monday, September 28, 2009

මම ගත්තු පොත්

මේ අවුරුද්දෙ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ෂනයෙන් ගත්තු පොත් ටික ගැනයි ලියන්න යන්නෙ.පොත් ගන්න දවස් දෙකක්ම ගියා.පටන් ගත්තු සෙනසුරාද සහ බදාදා තමයි ගියෙ.

සෙනසුරාද ගිහින් ගත්තු පොත් ටික තමයි මේ පිංතූර වල තියෙන්නෙ.



"අටවකපුත්තු" පොත ගත්තෙ "ගුණසේන" එකෙන්."පොදු පුරුෂයා" පොත ගත්තෙ "සරසවි" එකෙන්.මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයගෙ "ශ්‍රී ලංකාවේ යාචකයා" පොතයි එස්.බී. දිසානායක මහත්මයගෙ පොතයි ගත්තෙ "ආරිය ප්‍රකාෂකයෝ" වෙතින්."Database Management Systems" පොත ගත්තෙ Expographic එකෙන්.





මම කලෙක ඉදන් ඉස්ලාම් ආගම ගැන ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත් ටිකක් හොය හොයා හිටිය.ඒ නිසයි මේ පොත් ටික ගත්තෙ.පොත් ගත්තෙ "Islamic Book House" එකෙන්.ශුද්ධ වූ කුරාණයේ ඉංග්‍රීසි පිටපතකුත් ගන්න මට එතනින් පුලුවන් වුනා.


මගෙ ගාව තියෙන බයිබලය දැන් ගොඩක් පරණ නිසාත්, දිනපතා භාවිතයට අලුත් බයිබලයක් අවශ්‍ය නිසාත් අලුත් බයිබල් දෙකක්ම ගත්ත.මීට කලින් මම භාවිතා කලේ ඉංග්‍රීසි බයිබලයක්.ඒ නිසා මේ පාර සිංහලෙන් ලියවෙච්ච බයිබලයකුත් ගත්ත.ශුද්ධ වූ බයිබල් දෙක මිලදී ගත්තෙ "Catholic Book Depot" වලින්.

සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ෂන මධ්‍යස්ථානයේ
British Council පුස්ථකාල සාමාජිකත්වය රුපියල් 1400කට දෙනව.ඉතින් හිත හිතා ඉන්නෙ නැතුව British Council පුස්ථකාල සාමාජිකත්වයත් එදාම ගත්ත.

මේ තියෙන්නෙ බදාදා මිලදී ගත්තු පොත්.



මේ ඔක්කොම පොත් ගත්තෙ "Sarath Books" කියන bargain පොත් කඩෙන්.පොත් ඔක්කොටම ගියෙ රුපියල් 1500ක් විතර.

කොච්චර පොත් ගත්තත් හිතට නම් මදි.ගත්තු පොත් ටික කියවන්න වෙන්නෙත් නොවැම්බර් මාසෙ ඉදල.ඔක්තෝම්බර් 19-29 වෙනකම් විභාගෙ නිසා ගත්තු එක පොතක්වත් අතින් වත් අල්ලන්න වෙන්නෙ නැහැ.

මේ පාර රුපියල් 8000ක විතර පොත් ගත්ත.ඒත් අවුලක් නැහැ.මොකද Sir Francis Bacon කියල තියෙන්නෙ "Reading makes a full man" කියලනෙ.

5 comments:

  1. ආ... මේ අටවක පුත්තු පොතත් අරගෙන තියෙන්නේ... එළ එළ! :)

    ReplyDelete
  2. @ Supun Sudaraka - ගත්තට කියවන්න වෙන්නෙ නොවැම්බර් මාසෙදි මල්ලි...:(

    ReplyDelete
  3. මාත් ගියානේ...

    ReplyDelete
  4. @ malee - මලී අක්ක ගත්තු පොත් ගත්තු පොත් මොනවද?

    ReplyDelete