Wednesday, October 14, 2009

අහෝ "තුෂාරා"

අද ගිහින් බැලුව නැවත නිෂ්පාදනය කරල තියෙන "තුෂාරා" චිත්‍රපටිය.ඇත්තම කියනවනම් යසපාලිත නානායක්කාර මහත්මය නිර්මාණය කරපු "තුෂාරා" චිත්‍රපටිය ලගින්වත් තියන්න බැහැ අලුත් චිත්‍රපටිය.

මීට කලින් පරණ චිත්‍රපටිය බලල තිබ්බ නිසා චිත්‍රපටි දෙකේ වෙනස හොදට තේරුන.මීට කලිනුත් මේ විදිහටම නැවත නිෂ්පාදනය කරපු "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටියෙයි, "තුෂාරා" චිත්‍රපටියේ කිසිම වෙනසක් නැහැ.දෙබස්, පසුතල ආදිය බොහෝ දුරට පරණ චිත්‍රපටියෙ ආකාරයටම යොදා ගෙන තියෙනව.වෙනසකට තියෙන්නෙ පරන කලු, සුදු චිත්‍රපටිය වෙනුවට මෙදා වර්ණ චිත්‍රපටියක් වීමත්, විජය කුමාරතුංග නම් සිංහල සිනමාවේ ජනප්‍රිය නලුවා වෙනුවට සාලිය සත්‍යජිත්වත්, මාලිනී ෆොන්සේකා වෙනුවට ශාලිකා එදිරිසිංහවත් යොදා ගැනීමයි.එදා සෝනියා රග පෑ චරිතය මෙදා රගපාන්නෙ පියුමි පුරසිංහ
යි.සෝනියා මෙම නව නිෂ්පාදනයේ සාලියගේ මව ලෙස කුඩා චරිතයක් රග පායි. තව වෙනසකට තියෙන්නෙ අලුත් ඇදුම්, පැලදුම් යොදා ගෙන තිබීමත්, පියුමි පුරසිංහගෙ ලස්සන කකුල් දෙක පුන පුනා පෙන්වීමත්ය. නව නිෂ්පාදනයෙ තියෙන, පරණ චිත්‍රපටියෙ නැති තවත් විශේෂ දෙයකට තියෙන්න ජංගම දුරකතන භාවිතයත්, sms පණිවිඩ යැවීමත්ය.

"තුෂාරා" චිත්‍රපටියෙහි තිබු සියලුම ගීත නව සංගීතය යොදා මෙහිදී යොදා ගෙන තියෙනව.ජෝතිපාල මහතා, ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හා සුජාතා අත්තනායක මහත්මිය මෙහි ගීත ගායනා කර තිබෙනව.

අන්තිමට කියන්න තියෙන්නෙ පරණ සිංහල චිත්‍රපටි නැවත නිෂ්පාදනය කරන්න කලින් අපේ අධ්‍යක්ෂකවරුන්ට ඉන්දියාවෙ කරපු "Don" චිත්‍රපටියෙ නව නිෂ්පාදනය හා පැරණි චිත්‍රපටියවත් බලල ඒකෙන් දෙයක් ඉගෙන ගන්න කියලයි.

"තුෂාරා" පැරණි චිත්‍රපටියෙ ගීත කිහිපයක්.












"තුෂාරා" නව නිෂ්පාදනයේ trailer එක.

8 comments:

  1. owwata kiyanne Remake nevei, Remix. parana eken kali kali aran aluth Rap kali ekathu karala film eka Remix karanawa.....maru wade!! :D :D

    ReplyDelete
  2. loku aparaadhayak wage karala tiyenne parana film ekatai sindu tikatai . . . . hafoi

    ReplyDelete
  3. ඕවා හදන එවුන්ට බැනල වැඩක් නෑ මචන් බලන්න යන එවුන්ටයි ගහන්න ඕන. ඒකෙ වැදගත් කමකට තියන්නෙ ප‍රණ සින්දු ටික විත‍රයි.

    ReplyDelete
  4. තුක් විතර්ක්.............

    ReplyDelete
  5. mata nan mulinma hithuna machang,oka ala film ekak wenna athi kiyala !

    ReplyDelete
  6. බලන්න යන්න කලින් ඔය ගැන ටිකක් හිතලා ඉන්න තිබුනානේ මල්ලි.....

    ReplyDelete
  7. @ Prashan, දුකා, මාස්ටර්, Hasitha, මුචලින්ද - චිත්‍රපටිය වැඩක් නැති බව දැන දැනමයි බලන්න ගියෙ.දෙන්නයි චිත්‍රපටිය බලන්න හිටියෙත්.

    @ malee - මම ඉතින් පානදුරේට එන හැම සිංහල චිත්‍රපටියක්ම බලනවනෙ.ඒකයි "තුෂාරා" බලන්න ගියෙත්.

    ReplyDelete
  8. මේ කරපු වියදමෙන් වෙන දෙයක් කරන්න මේ මිනිස්සුන්ට හිතුනේ නැත්තේ කාගේ අවාසනාවට ද?

    චිත්‍රපටයක් හදන්න කොයි තරම් මුදලක් යනව ද?

    මිනිස්සු බලන්නෙත් නැත්නම් චිත්‍රපටිය සාර්ථකත් නැත්නම් ඒ කියන්නේ මේවා විදේශ චිත්‍රපට උලෙළවල් නියෝජනය කරන්න තරම් දෙයකුත් නැති නිසා කරන්න වෙන්නේ බකං නිලං ඉන්න තමයි නිශ්පාදක මහතුන්ට.

    අපරාධයක්.

    ReplyDelete