Thursday, October 15, 2009

"වාසනා ලොවක්"

අහල තියෙනව නේද "වාසනා ලොවක්" කියන සිංදුව.දුෂ්‍යන්ත් වීරමන් "Dancing Star" චිත්‍රපටියෙ ගායනා කලේ.ඒත් මේ සිංදුව මුලින්ම ගායනා කරල තියෙන්නෙ අපි කවුරුත් දන්න "ති.නා."ඒ කියන්නෙ තිස්ස නාගොඩවිතාන මහත්මයා.තිස්ස නාගොඩවිතාන මහත්මයා ගැන "සරසවිය" පුවත් පතේ පල වෙච්ච ලිපියකයි මේ ගැන තිබ්බෙ.තිස්ස නාගොඩවිතාන මහත්මයගෙ මුල් ගීතය මෙතනින් අහන්න පුලුවන්.දුෂ්‍යන්ත් කියපු ගීතය බා ගත කරන්න මෙතනට යන්න.

පරණ ගීත නව පරපුරේ ගායකයින් ගායනා කරල මුල් ගීතය විනාශ කරනව කිව්වට මට නම් දුෂ්‍යන්ත්ගෙ මේ ගීතයෙ ගායනය ගැන වරදක් කියන්න බැහැ.අඩු ගානෙ මේ ගීතය මෙහෙම හරි අහන්න ලැබුනෙ දුෂ්‍යන්ත්ගෙ ගායනය නිසා.නැත්නම් මේ ගීතය කවුරුත් නොදැනම තියේවි.

මේ තියෙන්නෙ "Dancing Star" චිත්‍රපටියෙ "වාසනා ලොවක්" ගීතය තියෙන ජවනිකාව.




මේකත් අහල බලන්න.මේ වීඩියේ එකේ "ති.නා." ගැන සදහන් වෙලා තියෙනව.

4 comments:

  1. මම නම් අදයි මේ ගැන දැනගත්තේ.. ස්තූතියි මල්ලි කිව්වට

    ReplyDelete
  2. thanks a lot machan........... mam a oya video eka hoya hoya hitiye

    ReplyDelete
  3. @ malee and Anonymous - You're welcome...:)

    @ malee - මලී අක්ක දැන් බ්ලොග් එක ලියන්නෙ නැත්තෙ ඇයි?බ්ලොග් ලිවිල්ල එපා වෙලා වත් ද?

    ReplyDelete
  4. ලොකු දෙයක් මේක දාපු එක ඇත්තෙන්ම . . කිව්වත් වගේ මෙක දුෂ්‍යන්ත ගායනා කරපු එක හොඳයී .. නැත්නම් නැත්තටම නැතිවෙලා යන්න තිබුනා . .

    ReplyDelete