Friday, October 16, 2009

දුමට තිත ද? තිතට දුම ද?

ලංකාවෙ දැන් ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම තහනම් කියල නීතියක් තිබුනට තාමත් නිදහසේ දුම් බොන්නන් ඕන තරම් දකින්න ඉන්නව.බස් රථවල දුම් බීම තහනම් කියල දැන්වීම් ගහල තිබ්බට බොහෝ වේලාවට කොන්දොස්තර හා රියදුරු බස් රථය ධාවනය කරද්දි දුම් පානය කරනව.

කියන්න ගියෙ බස් රථවල දුම් බීම ගැන නෙමේ.දැන් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවනෙ.ඉතින් ඒකට විවිධ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න විවිධ ආයතනවලට ලබා දීල තියෙනව.ඉතින් කිලිනොච්චිය දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න "මතට තිත" තියපු රජයෙන් ලබා දීල තියෙන්නෙ "ලංකා දුම්කොළ සමාගමට".මේ ගැන විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

දුම්කොළ සමාගමත් මේකට ආයෝජනය කරන්නෙ පිං තකා නෙමේනෙ.දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ගමන්ම එහි වැඩ කරන සේවකයන්ටයි, ඒ අවට සිටින ජනතාවටයි නොමිලේ දුම් වැටි දීල දුම් බීමට කොහොම හරි පුරුදු කර ගනීවි.ඉස්සර යුධ හමුදාවෙ සේවය කරපු සොල්දාදුවන්ට නොමිලේ දුම් වැටිත් දුන්නෙ මේ සමාගමමනෙ.ඒ දවස්වල සොල්දාදුවන්ට දාව ලැබෙන දරුවන්ගෙ අඩුවකුත් දකින්නට ලැබුන කියල අහල තියෙනව.

දුම් වැටි විකුනල හම්බ වෙච්ච සල්ලි වලින් ලැබිච්ච ක්‍රිකට් ලෝක කුසලානෙකුත් තියෙන රටේ දුම් වැටි තහනම නියමාකාරයෙන් කෙරෙයි කියල නම් හිතන්න අමාරුයි.අඩු ගානෙ දුම්
වැටි භාවිතය නවත්වන්න සකස් කරපු වෙලෙද දැන්වීමක් වත් කිසිම රූපවාහිනී නාලිකාවක යන්නෙ නැහැනෙ.සමහර වෙලාවට එහෙම සකස් කරපු දැන්වීමක් දැම්ම වුනත් ඒව ඉක්මනින්ම අයින් කර ගන්නත් දුම් වැටි සමාගම් දක්ෂයිනෙ.

මේ තියෙන්නෙ වෙනත් රටවල් කීපයක දුම් වැටි භාවිතය නවත්වන්න සකස් කරපු දැන්වීම් කීපයක්.










6 comments:

  1. 2006 අංක 26 දරන දුම්වැටි හා මත්පැන් පිලිබද ජාතික අධිකාරියේ පනත යටතේ ප්‍රචාරණය හෝ වෙනත් කවර හෝ කටයුත්තක් සදහා මත්පැන් හෝ දුම් වැටි යොදා ගැනීම සපුරා තහනම්
    documents.gov.lk

    ReplyDelete
  2. පොඩි නිවැරදිකිරීමක් ජනතාව දායක වන වැඩසටහන් වලදී

    ReplyDelete
  3. ‍හික් හික් මල්ලි.. මතට දුමට තිත තියලා ආණ්ඩුව කොහො‍මද සල්ලි හොයා ගන්නේ ආ?? ආණ්ඩු වල අය වැය සමතුලිත කරන්න දුම හා මත කරන සේවය අමතක කරන්න බෑ.. :පී

    ReplyDelete
  4. @ malee - ඒත් ආණ්ඩුව ලබන ආයදාමට වඩා වියදමක් මත්පැන්, දුම් වැටි භාවිතා කරල ලෙඩ වෙච්ච අය වෙනුවෙන් වැය කරනව නේද?

    ReplyDelete
  5. but its a long term investment for the government... People get sick after 20-30 years back...
    so govt would never stop this.....

    ReplyDelete
  6. හරි, ඒකත් ඇත්ත. ඒත් ආණ්ඩුවෙන් හරි හැටි පුනර්තථාපන වැඩ සටහන් කරන්නේ නෑ නෙව.

    ReplyDelete