Monday, November 9, 2009

"සාතන් පලවා හැරීමට ජේසුස් කැදවීම"

මේ තියෙන්නෙ යාඤාවෙන් ලෙඩ සුව කිරීම ගැන සදහන් වීඩියෝ කීපයක්.තොරතුරු හොයා ගත්තෙ Gossip Lanka වල මෙන්න මෙතනින්.

පහුගිය දවස්වල මියගිය කාන්තාවන් දෙදෙනාත් මිය යන්න ඇත්තෙ මේ ආකාරයෙන් වෙන්න ඇති.මේක දැක්කම හිනත් යනව, මිනිස්සු මේ තරම් මෝඩ ද කියල හිතිල.ඒ වගේම හිතට දුකකුත් එනව, බයිබලේවත් නැති විදිහට ආගම් ප්‍රචාරනය කරන්න මේ වගේ වැඩ කරනව දැක්කම.

මේ වගේ වැඩ වලට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේත් ආශිර්වාදය ලැබෙන බව පහත පිංතූරෙන් පේනව.(ඡායාරූපය ලබා ගත්තේ Gossip Lanka වෙතින්.)ඒ වගේම තමා මානෙල් වානගුරුත් මේ යාඤාවලින් සුවය ලබා ගෙන තියෙන බව තව වීඩියෝ එකක තියෙනව.මේවයෙ ඇත්ත නැත්ත දන්නෙ මේව කරන අයම තමයි.


ප.ලි.-මමත් මේ දවස්වල හොදටම අසනීප වෙලා ඉන්නෙ.මටත් මේ වගේ short and sweet ක්‍රමේකින් සනීප වෙලා බලන්න ආසයි.ඒත් ඇදෙන් බැහැල ඔය වගේ තැනකට යන්න විදිහක් නැතුවයි ඉන්නෙ.





9 comments:

  1. යකෝ ලෙඩක් දුකක් වුනාම මාත් යන්නෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙටනෙ.

    ReplyDelete
  2. මගෙ අම්මේ මෙහෙමත් මෝඩ හරක් ලංකාවෙ ඉන්නවනේ. එක අතකට මෙව්වා පුදුම වෙන්න දේවලුත් නෙමයි.මතකනේ කාලයක් කට්ටියක් නිකවැරටියෙ බඩගෑවා. ඊටපස්සෙ දොලුකන්දෙ.. ඊට පස්සේ තව දිහාස් වල. බෞද්ධ ක්‍රිස්තියානි කියල භේද යක් නැහැ. හැමෝම අංධ විශ්වාස වලින් මුලාවෙලා. යන්නෙ කොහේද දන්නෙ නැහැ. කරන තරමක් මගෝඩිකම්, මෝඩ කුප්පකම්, තක්කඩි කම් කරල අන්තිමේදි ඔව්වගෙ තැන්වලට බඩගානව හැදෙන ලෙඩ හොඳ කරගන්න. හිත දුර්වල නම් බෙර සද්දෙ ඇහුනත් මායම් වෙනවා කියලා අපේ සීයත් කියල තියෙනව. මේ පාස්ටර් කරන්නෙත් ඒ ටිකම තමයි. හයියෙන් කෑ ගහල මිනිස්සුන්ව මානසිකව විකුර්ති කරල පෙන්නනව ලෙඩ හොඳ කරනව කියල. මේඉන්න මුහුණු ටික දැක්කම හිතෙනව මොනතරම් නූගත්, මෝඩ රැලක් ඔය බොරුකාරයා වටේ ඉන්නවද කියලා. මෙව්වට අපේ රටේ ඉන්න නායකයොත් වගකියන්න ඕනෙ. හරියට මානසික රෝග, ශාරීරික රෝග හඳුනාගෙන බෙහෙත් කරන්න පුලුවන් දොස්තරවරු බිහිකරන එක ආන්ඩුවෙ වගකීමක්. ඒක හරියට වෙලා තිබුනා නම් මෙහෙම වෙන්නෙ නහැ. මෙහෙම අසනීප වෙන අය හිතනව ඇති දොස්තරලට අල්ලගන්න බැරි අමාරු එයාලට තියෙනවා කියලා. ඒකනෙ දෙය්යන්ගෙන් බෙහෙත් ගන්න යන්නෙ. ගස් ගල් අස්සෙන් හිටිගමන් බුදු පිලිම පෙනෙන්න ගන්න, හිටපුගමන් රැස් විහිදෙන පිලිම තියෙන, කිරිබොන දේව ප්‍රතිමා තියෙන රටේ ඔව්ව්ත් මොනවද.? හැබැයි අපෙ හාමුදුරු ගොල්ලත් සිවුර උස්ස ගන්නේ මෙගෙම දෙයක් උනාම විතරයි. එයාල එයාලගේ වගකීම හරියට ඉශ්ට කරන්නෙ නහැ. පන්සල් මිනිස්සුන්ට එපා කරවනවා.ඇයි නිකමට ගියත් දතක් ගලවනවනේ. හරියට බනක් කියා ගන්න බැහැ.පිස්සු කියවනවා. යමක් ඉගෙනගන්නේ නැහැ. භාෂාව දන්නෙ නැහැ.පන්සල්වලට වෙලා දේපොල ආරක්ෂා කරනවා. නිකාය වලට බෙදිල, කුලභේදය. හරිනම් එයාල බුදු දහම විතරක් නෙමේ අනික් සියලු ආගම් හරියට ඉගෙන ගන්න ඌනෙ. නැතුව කොහොමද හරිවැරැද්ද කියලා දෙන්නෙ..
    අනේ..බුදුහාමුදුරුවො මේ කාලෙ හිටියනම්...

    ReplyDelete
  3. ඉස්පිරිතාලෙ වැහෙන වැඩනේ මුන් කරන්නේ එක දවසක් ගොවියෙක් අවා බණ අහන්න කියලා මෙ ගොවියා හිටියො හොදටම බඩගින්නේ මෙය දැකලා බුදුහිමියන් කිවුවා ආනන්ද හිමියන්ට ජිගජ්ජා පරමා රොගා (බඩගින්න ලොකුම රොගයයි ) කියලා දානසලාවට එක්ක ගිහින් හොදට කන්න දුන්නා
    ඔන්න අපෙ එකයි කතොලික එකයි වෙනස

    ReplyDelete
  4. යකො අපෙ තාත්තාට ඔච්චර දෙයක් කරගන්න පුලුවන්ද ?

    පලමු විඩියො එකේ අන්තිමය අරු කැගහන්නා ජේසු ඉන්නවා ඉන්නවා කියලා උ කැලහපු තාලෙට මට හිතුනා ලගපාකම ඇති කියලා

    ReplyDelete
  5. nodhanna dewal gana vicharaya karanna epa. Thamange aagamika vishwaasayan pilipadhala, anunge vishwaasa walata garahanna epa.

    ReplyDelete
  6. මෙහෙමත් මෝඩ්යො
    ජෙසු ඈවිල්ලා
    මුන් ගෙලපෙන්නෙ මෙවtම තම

    ReplyDelete
  7. It is totally up to them. Believing or not believing is their business. Maybe they are supplying jokes, but we can always laugh.

    Stupid people may do stupid things. And maybe we cannot understand what they are doing actually. Stupidity is the Original Sin!

    It is good that they are not taking people forcibly. If they take people forcibly, even by influence, like children by parents or patients by doctors as in the old times, it would be horrible, but not there. Not any more.

    ReplyDelete
  8. මේවාට මිනිස්සු කෑගැහුවට මේකම සිවුරක් දාගෙන කලා නම් කවුරුත් සද්ද නැහැ. එක ගොයියෙක් කාලයක් දොළුකන්දේ කලා වැව් පිටින් පිරිත් පැන් කරලා ලෙඩ හොඳ කරනවා කියලා තව එකෙක් අතපය වනලා විශ්ව ශක්තියෙන කියලා කරනවා. එවත් මේ වගේම තමා. එකම රැවැට්ටිල්ල වෙනස් ඇසුරුම් වලින් එන

    ReplyDelete
  9. dms කියන එක ඈත්ත.මේකෙ ඈත්ත මේකයී මේ ක කරන එක්කෙනා ගෙ ඒකියන්නෙ මේ ෆාදර් ගෙ කෞරුහරි ඉන්නවා.ඤාතියෙක්. එයා ව ගෙන්නලා තමයී. ඔය ආපු අයට වෑහීලා ඉන්න අයව යවන්නේ.ඒකනේ හාමුදුරු නමක් ලග තියන් ඉන්නේ.ඩී එම් එස් කියන කතාව ඈත්ත මෙයා කරන්නේ අරයගෙ බලෙන්. ඉන්න කෙනාව එලවනවා .කොහාටද කියලා නෑ.කන්න දෙන්නෙ නෑ. එතින් ආයෙත් එන්න තියන ඉඩකඩ වෑඩ්යී.තවෑකක් තියනවා වෑහුනු කෙනා මෙයාට පාලනය කර ගන්න බෑරී උනාම තමයී. අර කට්ටිය මෑරීලා තියෙන්නේ. ඒ ආගමේ මයී කියමන්නේ මරනින් මතු ජීවීතයක් නෑ කීයලා. ඒත් ෆාදර් ඈත්ත දන්න වා. ඒත් එයාට හරීයට ඔක කරනවා නම් ඈත්ත ටම සාර්තකයී.තවෑකක් .හෑම ලෙඩේම හොද වෙන්නෙත් නෑ.වෑහුනු කෙනෙක් ,දීපුදෙයකින් ,බන්දපු දෙයකින් ඒදේවල් කල්ගතවීමෙන් හෑදුනු ලෙඩ පමනයී සුව වෙන්නේ..

    ReplyDelete