වැඩියෙන්ම මම බලන්න කැමති හිංදි චිත්‍රපටි.ඊට පස්සෙ ඉංග්‍රීසි චිත්‍රපටි.ඒත් ඉතින් මගෙ ගාව වැඩියෙන් තියෙන්නෙ නම් ඉංග්‍රීසි චිත්‍රපටි.තව සිංහල චිත්‍රපටි කීපයකුත් තියෙනව.
මගේ මේ චිත්‍රපටි එකතු කරන වැඩේ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ඉදල.මුලින්ම මිලදී ගන්න ගියෙ බම්බලපිටියෙ Eagle එකට.එතන DVD එකක් රු.80ක් නිසා ඉස්සර හැමදාම වගේ ගෙදර යනකොට DVD එකක් අරගෙන යන්න අමතක කරන්නෙ නැහැ.ඒත් දැන් නම් ගන්නෙ වෙන තැන් වලින්.
මම චිත්‍රපටි ගන්න කොට ගොඩක් වෙලාවට බලන්නෙ මම ආස කරන නිළියක් ඒකෙ රගපානවද කියල.මම කැමති නිළියො දෙන්න තමයි Kate Winslet හා Angelina Jolie.Kateගෙ Titanic වලට පස්සෙ ආපු හැම චිත්‍රපටියක්ම වගේ එකතු කරල තියෙනව.වෙන මොන නිසාවත් නෙමේ.Kate මගේ ප්‍රියතම නිළිය නිසා.Titanic, Holy Smoke, Romance & Cigarettes, Little Children, The Holiday, Revolutionary Road මේ චිත්‍රපටි ටික තමයි මට හිතෙන විදිහට Kateගෙ හොදම චිත්‍රපටි ටික.ඒ වගේම Angelina Jolieගෙ Gia, Gone in Sixty Seconds, Original Sin, Beyond Borders, Mr. & Mrs. Smith, A Mighty Heart, Wanted, Changeling කියන චිත්‍රපටි වලට ආසයි.
හිංදි චිත්‍රපටි වලින් වැඩියෙන්ම කැමති Fashion, Bachna Ae Haseeno, Om Shanti Om, Chak De India, Taare Zameen Par, Bhool Bhulaiyaa, Fanaa කියන චිත්‍රපටි වලට.Fashion තමයි ආසම හිංදි movie එක.
මුලින් මුලින් චිත්‍රපටි download කලත්, පස්සෙ ඒත් එක්ක සමහර වෙලාවට නොමිලේම එන virus නිසා download කරන එක එපා වුනා.ඒ නිසා දැන් නම් සල්ලි දීල තමා ගන්නෙ.ඒත් දැන් නම් චිත්‍රපටි බලන්න වෙලාවක් හොයා ගන්න තියෙන අමාරුව නිසා දැන් නම් මිලදී ගන්නෙ කලාතුරකින්.
සිංහල චිත්‍රපටි වල මිල වැඩි නිසා මිලදී ගන්නෙ නම් කලාතුරකින්.ඒත් දැන් අඩුවට මිලදී ගන්න තැනක් හම්බවෙච්ච නිසා දැන් සිංහල චිත්‍රපටිත් එකතු කරනව.සිංහල චිත්‍රපටි වලින් නම් ආස මචං, අබා, නිධානය හා සරුංගලය කියන චිත්‍රපටි වලට.ලගදිම ලීඩර් බලන්න යන්නයි හිතාගෙන ඉන්නෙ.තාම වෙලාවක් ලැබුනෙ නැති නිසා යන්න බැරි වුනා.රන්ජන්ගෙ පාර්ලිමන්ට් ජෝක්ස්-1 වලට නම් මම වැඩිය කැමති නැහැ.ඒත් වන් ෂොට් වන් වලට නම් මම කැමතියි.
මේව ඇරෙන්න මම බලපු ඒවයින් ආසම චිත්‍රපටි තමයි Basic Instinct, Basic Instinct 2, Hotel Rwanda, Catch Me If You Can, 13 Going On 30, Sense and Sensibility, The Sleeping Dictionary, Mean Girls, Material Girls, Awake, Border Town, Eurotrip, The Eye කියන ඒව.
දැන් ඉතින් ඇතියි කියල හිතෙනව මගේ මේ විනෝදාංශය ගැන ලියපු ටික.හෙට මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ 2009 වසරට අලුතින් බදව ගත්ත ශිෂ්‍යයින් හට දෙන Freshers Day එකත් පැවැත්වෙනව.හෙට ඒකටත් යන්න ඕන.ඒ වගේම තමයි මගේ ජීවිතයේ මුහුන දෙන පලවෙනි සම්මුඛ පරීක්ෂණය යෙදිල තියෙන්නෙත් හෙට.Dialog වල තමා තියෙන්නෙ.මොනව අහයිද දන්නෙත් නැහැ.රස්සාව ලැබුනත්, නැතත් ඕන දෙයක් වෙන්න ගිහින් බලනව.තාම මට දරු පවුලක් නෑනෙ නඩත්තු කරන්න.ඒත් ඉතින් ඊට වඩා වියදමක් යනව පෙම්වතියගෙ අවශ්‍යතාවලට.ඒ නිසයි දැන්මම රස්සාවකට යන්න කියල හිතුවෙ.
ගිහින් එන්නම්.හැමෝටම ජය වේවා!!!!

