පසුගිය දිනවල පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබදව පල වූ බ්ලොග් සටහන්වලට පිලිතුරක් ලෙස හා මා ලියූ බ්ලොග් සටහනට දැක්වූ අදහස් වලට පිලිතුරක් විදිහටයි මේ බ්ලොග් සටහන ලියන්නෙ.
පු.වි.වි. වලට එරෙහි වන්නන් බොහෝ විට කියනු ලබන්නේ පු.වි.වි. වලට ඇතුලු කරගනු ලබන්නේ උ.පෙ. අඩු සාමාර්ථ ලබා ගත් පිරිසක් බවය.මෙය බොහෝ දුරට පිලිගත හැකි මතයක් වනමුත් උ.පෙ. "S" 3ක් ගත් තැනැත්තාද වි.වි. ප්‍රවේශය ලබා ඇත යනුවෙන් උ.පෙ. ප්‍රතිඵල සහතිකයෙහි සදහන් වී ඇත.එසේ නම් වරද ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේය.උ.පෙ. සමත් වුවද වි.වි. ප්‍රවේශය ලැබී නැත යනුවෙන් උ.පෙ. සහතිකයෙහි සදහන් කල යුතුය.මෙසේ අඩු ප්‍රතිඵල මත බදවා ගන්නා සිසුන් සිටිනා පු.වි.වි. මගින් ලබා දෙන උපාධියද තත්වයෙන් බාල විය යුතුය.
මෙසේ තර්ක කරන්නන්ට කිව යුත්තේ විවෘත විශ්ව විද්‍යාලයට උ.පෙ. තබා සා.පෙ. වත් නැතිව සිසුන් බදවා ගන්නා බවය.එසේ නම් රාජ්‍ය වි.වි.ක් වන මෙහි උපාධිය පු.වි.වි. මගින් ලබා දෙන උපාධියටත් වඩා තත්වයෙන් බාල විය යුතුය.
එමෙන්ම මොවුන් නගන තවත් තර්කයක් වනුයේ පු.වි.වි. වලට ඇතුලත් කර ගනු ලබනුයේ මුදල් වියදම් කිරීමට හැකියාවක් ඇති දෙමාපියන්ගේ දරුවන් පමනක් බවය.මෙසේ කියන්නන් පු.වි.වි. කට ගොස් ඇත්නම් මෙහි සත්‍ය තත්වය බලා ගත හැකි වනු ඇත.පු.වි.වි. වලටද දුප්පත් සිසුන් ඇතුලත් කර ගනී.ශිෂ්‍යත්ව ක්‍රම, විවිධ ආයතන මගින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව මගින් මෙවැනි සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ වරම පු.වි.වි. තුලද ලබා දී ඇත.නමුත් මෙසේ ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ උ.පෙ. ඉහල ප්‍රතිඵල ලබා ගත් සිසුන්ටය.පු.වි.වි.ක් සෑම විටම උත්සාහ ගනු ලබන්නේ තම උපාධියේ ගුණාත්මක තත්වය ඉහල නංවා ගැනීමට නිසා මෙවැනි ක්‍රම ඔවුන් විසින් අනුගනය කරනු ලබයි.
නමුත් පු.වි.වි.ක් ආරම්භ කල පමනින් මෙවැනි ශිෂ්‍යත්ව ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.ඔවුන් ආයෝජනය කල මුදලින් කිසියම් ලාබයක් ලැබිය යුතුය.ඉන්පසු මෙවැනි ශිෂ්‍යත්ව ක්‍රම ඔවුන්ට ක්‍රියාත්මක කල හැක.
තවත් සමහරෙක් තමා ර.වි.වි.කින් උපාධිය ලබා ගත්තද පු.වි.වි. ආරම්භ කරනවාට කැමති යයි කියා නැවතත් සෑම දෙනාටම එහි ඉගෙන ගත නොහැකි නිසා පු.වි.වි. වලට විරුද්ධ බව කියයි.මොවුන් පු.වි.වි. වලට අකමැත්තකුත් නැත.නමුත් පු.වි.වි. ආරම්භ කරනවාට අකමැතිය.මෙවැනි නපුංසක ගති ඇත්තවුන්ගෙන් අපේ රටට වන සේවය කුමක්ද?සෑම දෙයකටම විරුද්ධ වනවා හැරෙන්නට ඔවුන් කරන දෙයකුත් නැත.
තවත් සමහරෙක් බාහිර උපාධි මෙයට පිලියමක් ලෙස යෝජනා කරයි.නමුත් මෙම බාහිර උපාධි කිරීමට වසරකට එක් වන ප්‍රමානයෙන් අවසානයේ උපාධිය නිම කරන්නේ කීයෙන් කී දෙනාද?ටියුෂන් ගෙන ඉගෙන ගන්නා ඔවුන්ගේ උපාධියේ ගුණාත්මක තත්වය කෙබදු විය යුතුද?
අප රටට අවශ්‍ය වෛද්‍ය, ඉංජිනේරු ආදී විෂයයන් සහිත නවීන ලෝකයට සරිලන පු.වි.වි. පද්ධතියක් මිස වර්තමානයේ පවතින කට පාඩම් කරන විෂයයන් සහිත(සෑම උපාධියක්ම නොවේ.), අහිංසක, ප්‍රේමණීය, සහෝදරත්වයෙන් පිරි රැග් එකක් දෙන වි.වි. පද්ධතියක් නොවේ.මොවුන් පුද්ගලික අධ්‍යාපන ආයතනවලට බියය.ඒ ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වේය යන බියෙනි.නමුත් විය යුත්තේ තරගකාරීත්වයකින් යුත් වි.වි. පද්ධතියක් අපේ රටේ ඇති කිරීමය.නමුත් එසේ කරනවිට සෑම අයකුටම සාධාරණයක් ඉටු නොවේ.සැමටම සාධාරනයක් සිදු වන අධ්‍යාපන පද්ධතියක් ලොව කොතනක වත් නැත.පු.වි.වි. වලට විරුද්ධවන මොවුන් පුද්ගලික ආයතනවල වැඩි පඩියකට රැකියා කිරීම සදහා යාමට නම් කැමතිය.මෙම පු.වි.වි. පිලිබදව ලියවුනු බ්ලොග් සටහන් වල ර.වි.වි. වල ආචාර්යය, මහාර්යය වරුන්ගේද පැටිකිරිය හෙලිවූ නිසා ඒවාද මහජන මුදල් ගසා කන ආයතන බවට පත් වී ඇති බව පෙනේ.
විශ්ව විද්‍යාල පිං හෝ පව් ලෙස එක්තරා "රාජකීය උගුඩුවකු" පවසන ලෙස බෙදා වෙන් කල නොහැක.විශ්ව විද්‍යාල පුද්ගලික හෝ රජයේ වුවත් ඒවායින් සිදු විය යුත්තේ රටට අවශ්‍ය පර්යේෂන ආදිය සිදු කිරීම හා අධ්‍යාපනය ලබා දීම මිස ආත්මාරක්ෂක සටන් ඉගැන්වීම හෝ පොලිසියෙන් කුනු වතුර නා, කදුලු ගැස් කෑමට ඉගැන්වීම හෝ මාස ගනන් වි.වි. වසා තැබීම නොවේ.එමෙන්ම නවක සිසුන්ට අති ප්‍රේමණීය ලෙස, සහෝදරත්වයෙන් රැග් කිරීම නොවේ.එමෙන්ම විරුද්ධ මතයක් බ්ලොග් එකෙහි සටහන් වන විට රිදුනු "රාජකීය උගුඩුවා" කල යුත්තේ එය ලියූ තැනැත්තාට e-mail එවමින් බ්ලොග් එකෙහි ලිවිය යුතු දේ ඉගැන්වීම හෝ Google Talk මගින් බැන වැදීම නොවේ.අවශ්‍ය නම් තම මතය මෙහි පල කිරීමට කිසිම බාධාවක් නැත.විරුද්ධ මත කිසි විටෙකත් මෙහි ඉවත් කර ද නැත.නමුත් "රාජකීය උගුඩුවා" දන්නේ "බට්ට, ගොන් බට්ට" යයි කියමින් බ්ලොග් කරුට බනිමින් සිටීමය.මෙයයි රාජකීය විදුහලෙහි අධ්‍යාපනය ලැබූ දැන් වි.වි. අධ්‍යාපනය ලබන "උගුඩුවාගේ" තත්වය.විකල්ප මතධාරීන්ට වි.වි. තුල සලකනු ලබන්නේ මෙයාකාරයට විය යුතුය.ඔවුන්ගේ අති සුන්දර වූ රැග් එකේදී මේ කරුනු කියා දෙනු ලබනවා විය යුතුය.
අවසන් වශයෙන් කිව යුත්තේ අපේ රටෙහි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමට නම් කල යුත්තේ පු.වි.වි.ක් ඇරඹීම බවය.