මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.
මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ වෙනසක් නැහැ කියල.
ඒ වගේම තමයි "මචන්" චිත්‍රපටිය රූපගත කිරීමට ජර්මනියට ගිය නලුවන්ගෙන් පොලිස් නිළධාරියෙකුට රග පෑ නලුවෙකුත් ඉතාලියට පැන්න එකේ මේ කට්ටිය ජර්මනියෙන් පැන ගත්ත එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.
Thursday, December 17, 2009
Tuesday, December 15, 2009
India Pakistan Wagah Attari Border
පහුගිය දවස්වල මට ඉන්දියාවට යන්න ලැබුන.ඉන්දියාවට ලංකාවෙ අය යන්නෙ එක්කො වන්දනාවෙ, නැත්නම් සාප්පු සවාරිනෙ.මම ගියෙ ඔය දෙකටම නොවෙන නිසා මම ගියා බලන්න ඉන්දු-පාකිස්තාන් දේශ සීමාව විවෘත කරනව හා නැවත දේශ සීමාව වසන ආකාරය බලන්න.
ලෝකෙ වැඩිම ආරක්ෂාවක් යොදවල තියෙන දේශ සීමාව කියල කියන්නෙ මේ ඉන්දු-පාකිස්තාන් දේශ සීමාවට.දේශ සීමාව විවෘත කරනව බලන්න රටවල් දෙකේම විශාල පිරිසක් ඇවිත් හිටිය.දේශ සීමාව විවෘත කරන වෙලාවටයි, ආපහු දේශ සීමාව වහන වෙලාවටයි එතන ඉන්න කොට අමුතු හැගීමක් එන්නෙ.ඒක වචන වලින් නම් කියන්න බැහැ.ඒ වගේම තමා මේ රටවල් දෙක අතර ගමන් කිරීමට තියෙන එකම නීත්‍යානුකූල දොරටුවත් මේක විතරයි.
දේශ සීමාව විවෘත කරන විටයි, වසන විටයි වීඩියෝ කරන්න මට ලැබුනෙ නැහැ.කැමරාවක් ලග තිබුනත් ඒ වෙලාවෙ මේක දැක ගන්න තිබ්බ ආසාව නිසා වීඩියෝ කර ගන්න බැරි වුනා.ඒ නිසා පල්ලෙහ දාල තියෙන්න YouTube එකේ තිබ්බ වීඩියෝ දෙකක්.
ගොඩක් අය ඉන්දියාවට ගියත් මේ වගේ දෙයක් බලන්න යන්නෙ නැහැ.ඒ නිසා ඉන්දියාවට හරි පාකිස්තානයට හරි ගියොත් දේශ සීමාව විවෘත කරන හා වසන ආකාරය බලන්න යන්නත් අමතක කරන්න එපා.
මේ තියෙන්නෙ දේශ සීමාව විවෘත කරන ආකාරය.
මේ තියෙන්නෙ දේශ සීමාව වසන කරන ආකාරය.

Subscribe to:
Posts (Atom)