Friday, January 29, 2010

බංග්ලාදේශ මැතිවරණ ක්‍රමය


පහුගිය දවස්වල ලංකාවෙ පැවැත්වුනු ජනාධිපතිවරණය ඉවර වෙච්ච නිසා ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට පවත්වන බංග්ලාදේශ මැතිවරණ ක්‍රමය ගැන කියන්නයි මේ යන්නෙ.

අපේ රටේ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් හිටියට බංග්ලාදේශයෙ ඉන්නෙ විධායක බලතල නැති නාමික ජනාධිපතිවරයෙක්.මොහුට අයත් රාජකාරිය වන්නෙ වෙනත් රටක රාජ්‍ය නායකයෙක් පැමිණි විට ඔහුව පිළිගැනීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැනි ඉතාමත් සීමිත රජකාරියක් පමණයි.හරියට ඉන්දියාවේ සිටින ජනාධිපතිවරයාට සමානයි.නමුත් ඔහු කිසි දිනෙක දේශපාලන කටයුතුවල නිරත නො වූ, උගත් පුද්ගලයෙකුයි මේ සදහා ඔවුන් තෝරා ගන්නෙ.බොහෝ විට ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙකු වැනි උගත් පුද්ගලයෙකුයි.

දැන් බලමු විධායක බලතල සහිත අගමැතිවරයා තෝරා ගන්නා ආකාරය.අගමැතිවරයා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගන්නෙ කොට්ඨාශ මට්ටමින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින්.මෙම මන්ත්‍රීවරුන්ගෙන් අනිවාර්යයෙන් 30% කට වඩා වැඩි පිරිසක් කාන්තාවන් විය යුතුයි.එසේ 30%ක් හෝ කාන්තාවන් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් නොවුනහොත් එය වලංගු මැතිවරණයක් ලෙස පිළිගන්නේ නැහැ.

දැන් බලමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ආකාරය.වසර 4ක පාර්ලිමේන්තු කාලය අවසන් වීමත් එක්කම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබනවා.ඉන්පසු රට පාලනය කිරීම ව්‍යවස්ථානුකූලව බාර දෙනු ලබන්නේ
ප්‍රධාන උපදේශකවරයෙකු ටයි.මොහු කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොව පුද්ගලයෙක්.පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් රට පාලනය කරනු ලබන්නේ මොහු විසින්.එමෙන්ම මොහු රට පාලනය කිරීම සදහා බොහෝ දුරට යුධ හමුදාවේ සහාය ලබා ගනු ලබනව.ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් කාලය තුළ බංග්ලාදේශයේ පවතින්නේ හමුදාමය රජයක් කිව්වත් වැරැද්දක් නැහැ.

දැන් බලමු පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ තිබෙන විශේෂත්වය.පසුගිය පාර්ලිමේතුවේ සිටි මන්ත්‍රී
වරුන් කල දූෂණ, අක්‍රමිතා පිලිබද සොයා බලා දඩුවම් පැමිනවීම මේ කාලය තුලදී සිදු කරනු ලබනව.මෙයට හොදම උදාහරණය තමයි පසුගිය පාර්ලිමේන්තුවේ සිටි අගමැතිනියටත්, විපක්ෂ නායිකාවටත් ඔවුන් කල දූෂණ, අක්‍රමිතාවලට දඩුවම් වශයෙන් ඔවුන්ට සිර ගත වීමට සිදු වීම.එමෙන්ම එම පාර්ලිමේන්තුවේ සිටි ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් තවමත් සිර දඩුවම් ලැබීම.සමහරුන්ට "ෂරීයා නීතියට" අනුව මරණීය දණ්ඩනය, අත් පා කපා දැමීම වැනි දඩුවම්ද ලැබී තිබෙනව.මේ නිසා බංග්ලාදේශය තුල සිටින දේශපාලඥයන්, ලංකාවේ දේශපාලඥයන් මෙන් නොව බොහෝ දුරට දූෂණ චෝදනාවලට ලක් නොවූවන් වීම විශේෂ ලක්ෂනයක්.

බංග්ලාදේශයේ ඡන්ද රැස්වීමක් පවත්වන ආකාරය.





බංග්ලාදේශයේ ඡන්ද දිනෙක ඡායාරූප කීපයක්.




බංග්ලාදේශයේ ඡන්ද පෝස්ටරයක ඡායාරූපයක්.


(බංග්ලාදේශයේ ඡන්ද රැස්වීමක් පවත්වන ආකාරය මා විසින් ගන්නා ලද ඡායාරූප 2ක් වන අතර, අනෙක්වා අන්තර්ජාලයෙන් ගන්නා ලදී.)

5 comments:

  1. ක්‍රමය නම් මරු.හැබැයි ලංකාවේ තිබුනානම් ඉලග මැතිවරණයට ජන්දය ඉල්ලන්න කට්ටිය නැතිවෙනවා.මොකද කට්ටියම හිරගෙදරනේ.

    ReplyDelete
  2. සසික ගේ කතාව නම් හරියට හරි.. එහෙම තිබ්බා නම් අපේ රටේ කවුරුවත් දේශපාලනේ දිහා ඇහැක් අරින එකක් නෑ..

    ReplyDelete
  3. බොහොම ස්තුතියි දැනුවත් කිරිම වෙනුවෙන්!

    ReplyDelete
  4. ඔබ ඉන්නේ බංග්ලාදේශයේද?
    මන් ලඟදී ග්‍රමීන් බැංකුව ගැන පොතක් කියෙව්වා. ඇත්තටම ඒ ණය දෙන එකෙන් බංග්ලාදේශයේ ඉන්න අයට සේවයක් වෙලා තියෙනවද? පොතේ තිබ්බ තරම්ම ඒක හොඳ එකක් ද?

    ReplyDelete
  5. @ සසික, මලී, බින්කු - මේ ක්‍රමයෙත් අඩු පාඩු ගොඩක් තියෙනව.ඒකට හොදම උදාහරණය තමයි බංග්ලාදේශය, පාකිස්තානයෙන් නිදහස ලැබුවයින් පස්සෙ වැඩිම කාලයක් රට පාලනය කරල තියෙන්නෙ ප්‍රධාන උපදේශකවරයෙකු විසින් පාලනය කරනු ලැබූ භාරකාර රජයන් විසින් වීම.

    @ ම - ග්‍රාමීන් බැංකු ක්‍රමයෙන් ගොඩක් ලොකු සේවයක් වෙලා තියෙනව.විශේෂයෙන් දුප්පත් කාන්තාවන්ට තමා ග්‍රාමීන් බැංකු ක්‍රමයෙන් වාසියක් වෙලා තියෙන්නෙ.

    මම නිතරම බංග්ලාදේශයට යන එන කෙනෙක්.යන එන එකටත් වඩා ලොකු සම්බන්ධයක් බංග්ලාදේශයත් එක්ක මගෙ තියෙනව.ඒත් ඒ ගැන බ්ලොග් එකේ ලියන්න මගෙ කැමැත්තක් නැහැ.

    මේ තියෙන්නෙ කලින් මම බංග්ලාදේශය ගැන ලියපු ඒව ටිකක්.ඒ ටිකත් කියවල බලන්න.තව විස්තර බ්ලොග් එකේ පස්සෙ ලියන්නම්.

    http://charithsriyan.blogspot.com/2009/06/blog-post_20.html

    http://charithsriyan.blogspot.com/2009/06/maghbazar-rail-accident.html

    http://charithsriyan.blogspot.com/2009/03/38.html

    ReplyDelete