Thursday, March 25, 2010

සමහර පිරිමින් තමන්ගේ බිරිද අන්සතු කොට සතුටු වන්නේ ඇයි?

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා සමග කළ සාකාච්ඡාවක් ඇසුරිනි.

"මගේ හස්බන්ඩ් සමාජයේ ඉහළ පිලිගැනීමක් තියෙන කෙනෙක්.සල්ලි, සැප සම්පත් මේ කිසිම දේකින් අපට කිසි අඩුවකුත් නෑ.අවුරුදු දෙක හමාරක පුංචි දුවෙකුත් අපි දෙන්නට ඉන්නව.බැලූ බැල්මට ඕනෙ කෙනෙක් හිතන්නෙ මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගෑනු කෙනෙක් කියල.ඒත් කාටවත් කියා ගන්න බැරි එක ප්‍රශ්නයක් හින්දා මම ලොකු මානසික පීඩාවක් විදිනව."

මේ නමක් ගමක් සදහන් නොකල එක්තරා කාන්තාවක් දුරකථනය මගින් පැවසූ විස්තරයකි.ඒ අනුව ඇගේ ගැටලුව පිලිබදව දිගින් දිගටම විමසා බැලූ මට ඇය නොකැපිලව එය විස්තර කලේ මේ තත්වයෙන් ගොඩ ඒම සදහා කිනම් හෝ උපදෙසක් දෙන්නැයි ඉල්ලීමක් ද කරමිනි.

තවමත් 28 හැවිරිදි වූ මේ කාන්තාව විවාහ වී තිබුනේ ස
මාජයේ පිලිගැනීමට ලක්ව හිදින ධනවත් පුද්ගලයකු සමගිනි.ඇය පවසන අන්දමට එය යෝජිත විවාහයකි.විවාහයෙන් වසරකට පසු ඔවුනට දියණියක ලැබී ඇති අතර දියණියට වසරක් පමණ වන තුරුම ඔවුන් අතර මතභේද, අවුල් කිසිවක් ඇති වී නොමැත.

මේ කාන්තාව පවසන ආකාරයට ඇගේ සැමියාට දැන් ටික කලෙක සිට වැලදී තිබෙන්නේ අමුතුම 'පිස්සුවකි'.ඔහු මේ තත්වයට පත් වූ මුල් කාලයේදී ඇගෙන් විමසා ඇත්තේ ඇය අතීතයේ ඇසුරු කල පෙම්වතුන් පිලිබදවය.තමාට පාසල් යන කාලයේ මාසයකට දෙකකට පමනක් සීමා වූ කෙටිකාලීන ප්‍රේම සම්බන්ධයක් තිබූ බව ඇය හෙලි කලේ ඔහුගේ ඇවටිල්ල හිසරදයක් තරමට කරදරයක් වූ නිසාය.

ඊළගට ඔහු කීවේ අමුතුම කතාවකි.

"ඔයා එයාට කැමති නම් එයත් එක්ක සම්බන්ධයක් තියා ගත්තට මට කමක් නෑ.හැබැයි පිට කොහේවත් යන්න බෑ.මේ ගෙදර ඇතුලෙ මං දැනුවත්වයි ඒක කෙරෙන්න ඕනෙ."

මේ ලෝකයේ කිසිම සැමියකු නොකියන අන්දමේ කතාවක් තම සැමියා වෙතින් පිට වීමට හේතුව ඔහුට මානසික රෝගයක් වැලදීම නිසා වත්දැයි මෙම කාන්තාව කල්පනා කරන්නට වූවාය.නමුත් ඒ ගැන ඔහුට සෘජුව පැවසීමේ ශක්තියක් ඇයට නොතිබිනි.

කෙසේ වුවද තම පලමු පෙම්වතා නැවත කැදවීමට ඇයට කිසිදු වුවමනාවක් තිබුනේ නැත.ඉන් ටික කාලයකට පසු ඔහු තවත් අමුතු කතාවක් කියන්නට පටන් ගත්තේය.

"මාත් එක්ක මේ ඉන්නව වගේ තවත් කෙනෙක් එක්ක ඔයාට ඉන්න ඕනෙ නම් මගෙ ඒකට අකමැත්තක් නෑ."කායික සම්බන්ධයක් පවත්වන අවස්ථාවලදී ඔහු එලෙස කියන විට ඇය තුළ ඇති වූයේ තදබල පිලිකුලකි.ඔහුගේ මතය වූයේ ලිංගික සම්බන්ධතා නිදහසේ තමන් කැමති කෙනෙකු හා පැවැත්වීමට විවාහය බාධකයක් කර ගත නොගත යුතු බවය.

ඔහුගේ මෙම අදහස් තරුණ බිරිද තුළ මහත් වූ පුදුමයක් ඇති කිරීමට සමත් විය.නමුත් මේ පිලිබදව කටක් ඇර කාටවත් කීමේ හැකියාවක් ඇයට නොතිබිනි.එසේම සැමියා පිලිබදව ඇගේ සිතේ පිලිකුලක් සහ දැඩි කළකිරීමක් ද ඇති වී තිබිනි.

තව ටික කලක් ගත වන විට සැමියාගේ මිතුරෙකු ඔවුන්ගේ නිවසේ නතර වූයේ ඔහුට උසස් විභාගයකට පාඩම් කිරීමට අවශ්‍ය බව කියමිනි.ඔහුට නවාතැන් ලැබුනේ මේ යුවල සිටි කාමරයට යාබද කාමරයෙහිය.

සැමියාගේ මිතුරා ඉතා යහපත් ගති ඇති අයකු බවට ඔහුගේ හැසිරීම් වලින් සනාථ කර ගත හැකි වූ නිසාම මේ තරුණ කාන්තාව වැඩි කල් නොයවාම ඔහුගේ මිතුරියක බවට පත් වූවාය.මේ තරුණයා කොතරම් උසස් ගතිගුණවලින්, හැදියාවකින් යුතු විනි දැයි කිවහොත් ඔහු තම සැමියාට වඩා මොන තරම් ශ්‍රේෂ්ථ අයෙකු දැයි කල් යාමේදී ඇයට හැගෙන්නට විය.මේ කාලය වන විට ඇය සැමියාගේ අමුතු යෝජනා නිසා ඔහු එපා වන තත්වයකට පත් වී සිටියාය.

කෙසේ හෝ කල් යාමේදී මේ තරුණයා සමග ඇගේ අනියම් සම්බන්ධයක් ඇති වූ අතර එය කිසිදු ආකාරයකින් සැමියාට දැන ගන්නට ඇය ඉඩ තැබුවේ නැත.නමුත් දිනක් ඇය තම අනියම් පෙම්වතා සමග කායික සම්බන්ධතාවයක යෙදී සිටියදී හදිසියේම ඇගේ සැමියා කාමරයට කඩා වැදුනේ ඇය බියෙන් සහ ලැජ්ජාවෙන් මුසපත් කරවාලමිනි.එසේ වුවද සැමියා ඒ මොහොතේ ඇගෙන් කළ ඉල්ලීම ඇය තුළ තදබල කල කිරීමක් ඇති කරවීමට සමත් විය.පසුව ඇයට දැන ගන්නට ලැබුනු පරිදි සැමියාගේ මිතුරා ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයකට මුල පුරා ඇත්තේ සැමියාගේ ඉල්ලීම මත ඔහු දැනුවත්වය.එසේම ඔවුන් අතර වූ සෑම කායික සම්බන්ධතාවයක්ම ඔහු රහසේම නරඹා ඇත.

මේ හේතුව මත ජීවිතය පිලිබදව බෙහෙවින් කළකිරී තිබූ ඇය දරුවා නිසා සැමියාගෙන් වෙන් වී යාමට බැරිකමට ඔහුගේ නිවසේ වෙනත් කාමරයක ජීවත් වන්නට පටන් ගෙන තිබේ.ඇය දුරකථන ඇමතුමක් දී විමසා සිටියේ මේ ගැටලුවට විසදුමකි.

සාමාන්‍යයෙන් සතුන් මෙන් නොව මනුෂ්‍යයන් අතර ලිංගික ක්‍රියාකාරකම් සිදු වන්නේ අන් අයට නොපෙනෙන්නට රහසේය.එසේ නොවන සමූහ ලිංගික ක්‍රියාකාරකම් වැනි දෑ සමාජයේ විවිධ කොටස් තුළ ඇතැම් විට පවතින මුත් මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.අපේ සමාජයෙහි පිලි ගත් සම්ප්‍රදාය පිලිබදවය.

නමුත් එසේ නොවන ඉහත කී සිද්ධියේ එන ආකාරයේ පුද්ගලයෝද මේ සමාජය තුළ සිටිති.විවාහක කාන්තාවක් අන් පිරිමියකු සමග මෙන්ම විවාහක සැමියකු අන් කාන්තාවක සමගද අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම අසාමාන්‍ය දෙයක් හෝ මානසික විකෘතියක් ලෙස පිලි නොගන්නා මුත් තමන්ගේ බිරිද අන් අයකු හා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනු බලා යම් සැමියකු තෘප්තියක් ලබන්නේ නම් එය ලිංගික විකෘතියක් හෙවත් අවවර්තනයක්(Disorders of sexual preference.) ලෙස මනෝ වෛද්‍ය විද්‍යාවේ සදහන්වේ.ඒ අනුව මානසික ආබාධයක් වන මෙය මනෝ වෛද්‍යවරුන් නම් කරන්නේ ට්‍රොයිලිසම්(Troilism) ලෙසිනි.

මේ මානසික ආබාධයේ ස්වභාවය නම් ලිංගික ක්‍රියාවලියට තිදෙනෙකු සම්බන්ධ වීමය.එනම් ලිංගික ක්‍රියාකාරකමෙහි නිරත වන දෙදෙනා සහ එය නරඹමින් සතුටු වන්නාය.බොහෝ විට පිරිමින් තුළ දැකිය හැකි මේ මානසික ආබාධය කාන්තාවන්ටද වැළදෙතත් එය පිරිමින්ට සාපේක්ෂව අඩු බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි.

යුවලක් අතර කාලයක් ඒකාකාරී ලිංගික සම්බන්ධතා ඇති වන විට සමහර පිරිමින් එය නීරස වීමෙන් මෙවැනි දේකට යොමු විය හැකිය.මෙහි මුලින්ම සදහන් කල සිදුවීමේදී මෙන් මෙහිදී තම බිරිදට අන් පිරිමියකු හා ලිංගිකව එකතු වීමට ඉඩ සලස්වන්නේ සැමියාය.මෙසේ එකතු වනු බලා හිදින විට ඔහු තුළ ලිංගික උත්තේජනයක් සහ ප්‍රාණවත් භාවය ඇති වනු ඇත.සමහරු එය නරඹමින් ස්වයං වින්දනයේ යෙදී
සුරතාන්තයට ද පත් වෙති.එවැනි දෙයක් දැකීමෙන්ම සුරතාන්තයට පත් වන පිරිමින් සිටිති.තවත් සමහර පිරිමින් ඒ අවස්ථාවේ ඒ දෙදෙනා අතරට වැද ලිංගික ක්‍රියාකාරකමට සම්බන්ධවේ.

බොහෝ දෙනා මෙවැනි දේවල් ලිංගිකත්වයට අදාළ විවිධත්වයක් වශයෙන් සලකන්නට ඉඩ ඇතත් සැබවින්ම මේවා මානසික ආබාධයන්ය.නමුත් මේවා බොහෝ විටම බාහිරට අනාවරණය නොවන්නේ සමහර බිරියන් මුලින් අකමැති වුවත් පසුව ඒවාට හුරු වීම වැනි හේතු නිසාය.අනෙක් විශේෂම දෙය නම් මේවා මානසික ආබාධ බව සමාජය නොදැන හිදීමය.

ට්‍රොයිලිසම් වැලදෙන පිරිමින් අතර බහුතරයක් මැදි වියේ අයයි.මත්පැන් සහ ගංජා ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිමින්ටද ට්‍රොයිලිසම් වැලදීමේ හැකියාව තිබේ.

කුඩා කල සිට නිසි ලෙස පෞරුෂය සංවර්ධනය නොවීම නිසා වැඩිහිටි වියට එන විට පෞරුෂ දුබලතා සහිත පුද්ගලයන් බවට පත් වූ අයටද මෙවැනි මානසික රෝග වැළදීමට පුලුවන.එසේම ආත්ම විශ්වාසය අඩු තමන්ගේ ප්‍රශ්ණ විවෘතව කතා කිරීමට ඉදිරිපත් නොවන පිරිමින්ද පසුකාලීනව මෙබදු මානසික රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් පවතියි.

කෙසේ වුවත් ඉහත සිද්ධියේ මෙන් යම් බිරිදකට සැමියාගෙන් මෙබදු බලපෑම් තිබේ නම් කළයුතු එකම දෙය වන්නේ ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමය.මන්ද මෙවැනි දේට යොමුවන පිරිමින් පසුව ඒ ඔස්සේම හබා යාමට ඉඩ ඇති බැවිනි.සමාජයට හානිදායක වන මෙබදු මානසික ආබාධවලට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සියලු ආකාරයෙන්ම යහපත්වේ.




14 comments:

  1. :O බලාගෙන යනකොට ලෝකෙ මාර ගෝලාකාරයින... :|

    ReplyDelete
  2. හොද වැදගත් ලිපියක්....තව ලිපි වැඩිපුර ලියන්න. අපි කියවන්න ආසාවෙන් ඉන්නේ.

    ReplyDelete
  3. එකගෙයී කෑම? බිරිදන් හත් අට දෙනෙක් ඉන්න පිරිමියෙක් එක්ක ඉදීම?

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. nice letter..write more..don't care abt talks of foolishes...
    coz this's science.n this's 21st century.
    they dn't beleive this. write more....

    ReplyDelete
  7. මගේ බිරිඳට මේ 'Troilism' කියන ලෙඩේ එහෙම හැදුනොත් මම නම් මානසික වෙද්‍යවරයෙක් ගාවට එක්කගෙන යන එකකුත් නැහැ...

    ha ha just kidding.. :D

    ReplyDelete
  8. මාත් හිතනව මේක මානසික රෝගයක් නෙමේය කියල... අනුන්ට හානියක් නොකොට මේ ලෝකෙ ඕනම කෙනෙකුට, තමන් කැමති ඕනම විදිහකට ලිංගිකව සතුටු වීමට අයිතියක් තිබිය යුතුයි.
    එය වරදක් නොවේ කියලයි මට හිතෙන්නෙ. අපි ලෝකය දිහා මීට වඩා විවෘතව බැලිය යුතුයි.

    ReplyDelete
  9. මිනිසුන් ලෙස (මනසින් උසස් / සිතීමේ හැකියාව ඇති)ජීවත් වන අපද මේ ස්වභාව ධර්මයේම තවත් එක් සතෙකි. ඔහුගේ ලිංගික නිදහස ඔව්න් විසින්ම තනා ගන්නා ලද සදාචාරය නම් වූ නීති මාළාවකින් ආවරණය කරගෙන ඇත. එය ලොව පොදු පිළිගැනීම වී ඇත. එහෙත් අවස්ථාව ලද විටක රහස්‍ය බව ආරක්ෂා වෙයි නම් ඕනෑම අයෙක් එම නිදහස භුක්ති විඳියි. එය විද්‍යාත්මකයි. ස්වභාවය එයයි. අප ගමන් කරන්නේ ස්වභාව ධර්මයෙන් එපිටටයි. යම් යම් අවස්ථා වලදී ස්වභාව ධර්මය ඉස්මතු වෙයි. එම නිදහස සුළු වශයෙන් භුක්ති විඳින අවස්ථාවක් ලෙස දැක්විය හැක්කේ ෆෙස් බුක් එකවුන්ට් එකක් තනා ගැනීමයි.

    ReplyDelete
  10. බොහොම වැදගත් හොද ලිපි පෙලක්.
    මා හට ඔබගෙන් ඇසිමට ප්රපශ්ණ කීපයක් ඇත.
    ඇත්තෙන්ම මෙවා රෝග වශයෙන් හැදින්විය යුතුද ?
    යම් ආකාරයක් වෙනස් විදියට ( සාපෙක්ෂව වෙනස් එනම් විකෘතියක් ) තිබෙන පලියට මෙය රෝගයක් වන්නේ කෙසේද ?
    උදා
    යම් සමාජයක් සියලු දෙනා ඉහත විස්තරකරන “Troilism” තත්වයේ සිටිනවානම් එවිට වෙනස් ගුණයක් පෙන්වන් නා එනම් සාමන්යෙ ගුණ පෙන්වන අය ( අපට සාපේක්ෂව ) රොගියෙන් වෙනවා නේද.
    සමහර විට මෙවැනි අවස්තා මිනිසාගේ පෙර පරිණාමිය පරම්පරවේ හෝ ඉදිරි පරම්පරාවේ ලක්ෂණ විය නොහැකිද ?
    සාමන්යි තත්වය යයි අප ව්යේහාර කරන තත්වයට ගැනීම සදහා කුමන ප්රේතිකාර කලයුතුද
    මා සිතන්නේ ශ්රිතලංකාවේ මීට ප්රයතිවිරුද්ධ තත්වය වන " ඔතෙලෝ " වැඩි බවය.

    ReplyDelete
  11. @ ගයන්ත, Prashan, Rosha - බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට.

    @ kolu - එකගෙයී කෑම, බිරිදන් හත් අට දෙනෙක් ඉන්න පිරිමියෙක් එක්ක ඉදීම වගේ දේවල් ගොඩක් දුරට සමාජයෙන් ඈත් වෙලා තියෙන්නෙ ඒවා වර්තමාන සමාජයේ මිනිසුන් නොපිලිගන්නා නිසා නේද?

    ReplyDelete
  12. @ kumaraya, සුදර්ශන - "Troilism" වැනි රෝගයකින් බොහෝ විට පීඩා විදින්නෙ කාන්තා පාර්ශවයයි.ගොඩක් වෙලාවට ඔවුන් කාටවත් මේ ගැන නොකියන නිසා ඔවුන් මානසිකව පීඩා විදිනව.නමුත් සමහරුන් කාලයත් එක්ක මේ තත්වයට පුරුදු වෙනව.ඒ නිසා කෙනෙකු අකමැති දෙයක් කරන්නට සලස්වා සතුටු වීම මානසික රෝගයක් නෙමේද?

    ReplyDelete
  13. @ V - "ඇත්තෙන්ම මෙවා රෝග වශයෙන් හැදින්විය යුතුද ?" - මේවා රෝග වශයෙන් සැලකෙන්නේ මෙයින් එක් අයකු මානසික පීඩාවකට පත් කරන නිසාය.

    "යම් ආකාරයක් වෙනස් විදියට ( සාපෙක්ෂව වෙනස් එනම් විකෘතියක් ) තිබෙන පලියට මෙය රෝගයක් වන්නේ කෙසේද ?" - විකෘතියක් මගින් කුමන හෝ අයකුට පීඩාවක් වේ නම එය රෝගයක් ලෙස සැලකේ.

    "සමහර විට මෙවැනි අවස්තා මිනිසාගේ පෙර පරිණාමිය පරම්පරවේ හෝ ඉදිරි පරම්පරාවේ ලක්ෂණ විය නොහැකිද ?" - නිශ්චිතව පැවසිය නොහැක.

    "සාමන්යි තත්වය යයි අප ව්යේහාර කරන තත්වයට ගැනීම සදහා කුමන ප්රේතිකාර කලයුතුද" - බොහෝ විට මෙවැනි මානසික රෝගවලට ප්‍රතිකාර වශයෙන් කරනු ලබන්නේ උපදේශනයයි.

    මේ ගැන විස්තර පහත සබැදි වලින් ලබා ගන්න.

    http://en.wikipedia.org/wiki/Troilism

    http://www.depression-guide.com/troilism.htm

    ReplyDelete
  14. i also nt see a offense on that case.everyone have to be open in sexuality.

    ReplyDelete