Friday, June 4, 2010

ජීවිතයේ මුල් වරට දුටු සමහරුන්ව කලින් දැක පුරුදු බවක් හැගෙන්නේ ඇයි?

උපදෙස් - විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර.

යම්කිසි කෙනෙක් දැක්කම "එයාව නම් මට හොදට දැකල පුරුදුයි.එයාව දැකපු ගමන් මගෙ හිතට ඇල්ලුවා, එයා නම් හරිම මුස්පේන්තු පාටයි" වැනි දේවල් අපට සිතෙන්නේ ඇයි?

මෙහෙම වෙන්න බලපාන්නෙ කෙනෙකුගෙ රූප සම්පත්තියම නෙමේ.රූමත් කෙනෙක් දැක්කම "එයා පාට තිබුණට මූණ හරි නපුරු පාටයි" වැනි දෙයක් තවත් කෙනෙකුට හිතෙන්න පුලුවන්.ඒ වගේම වැඩි පෙනුම නැති කෙනෙක් දැක්කම "පෙනුම නැති වුණාට එයා හරි අහිංසක පාටයි" වැනි දෙයක් ද හැගෙනු ඇති.

අපේ මොළය කියන්නෙ මතක ගබඩාවක්.මෙහි ස්මරණය සම්බන්ධ වෙනම සෛල කලාපයක්ද පිහිටා තිබෙනවා.අපට අසන්නට දකින්නට ලැබෙන හැම දෙයක්ම මේ සෛල කලාපය තුළ තැන්පත් වෙනවා.මේ සැගවගත් මතකය (Repressed memories) තුළ සමහර විට අප කුඩා දරුවකුගේ කාලයේ බැලූ ළමා චිත්‍රපටියක රගපෑ නලුවකු, නිළියක පිළිබද මතකයත් සටහන් වෙලා තියෙන්න පුලුවන්.ඇතැම් විට අප ඊට පසු යම් කෙනෙකු දකින විට මනසේ සැගව ගත් මතකයේ තිබෙන අර නලුවා හෝ නිළිය පිළිබද මතකය ප්‍රසන්නතාවයක්ද සමග ඉස්මතු වන්න පුලුවන්.එවිට අප දුටු ඒ පුද්ගලයා පිළිබද ප්‍රසන්න බවක් අපේ සිතේ ඉබේම මතු වෙනවා.නමුත් ඒකට හේතුව ළමා කාලයේ දැකපු චිත්‍රපටිය බව අපේ උඩු සිතට කොහොමටවත් හැගෙන්නෙ නැහැ.


මෙය තවදුරටත් පැහැදිලි වන්නට තව උදාහරණයක් ගනිමු.


කිසියම් පුද්ගලයකුගේ මෝටර් රථයකින් ඔබ අනතුරකට පත්වන්නට ගියා හෝ යම් අනතුරක් සිදුවූයේ යැයි සිතමු.ඒ මොහොතේ එම රියදුරාගේ මුහුණුවර ඔබේ මනසේ තැන්පත් වෙනවා.ඊට වසර ගණනකට පසු ඔබේ සොයුරිය බලන්නට මනාලයකු පැමිණෙනවා.ඔහු දුටුමනින්ම ඔබ තුළ අප්‍රසන්න බවක් ඇති වෙනවා.ඊට හේතුව ඔහු දුටු මුල්ම අවස්ථාවේ අර රියදුරා පිළිබද මතකය කුමන ආකාරයකින් හෝ ඔබ තුළ ඉස්මතුවීම නිසයි.නමුත් උඩු සිතට මෙය නිවැරදිව වටහා ගන්න බෑ.තමාට රියදුරා පිළිබද මතකය මතු වූ බවක් තේරෙන්නේ නෑ.හිතට දැනෙන එකම දේ "අපෝ ඒ මනමාලයා නම් මට දැකපු ගමන්ම එපා වුණා" යන්න පමණයි.


තමාට බොහෝ දඩුවම් කළ පාසල් ගුරුවරියකගේ මතකය යම් දිනකදී එම තැනැත්තා විවාහ වූ පසු බිරිද තුළින් ඉස්මතු වුවහොත් ඔහුට කිසිම හේතුවක් නැතිව බිරිදව නොරුස්සන්න පුලුවන්.නමුත් ඒ නොරිස්සුම මිස එයට හේතුව ඔහුටවත් හිතා ගන්න බෑ.


මෙසේ එක අයකු පිළිබද හැගීම තවත් කෙනෙකු වෙත යොමු වීම තිරෝහරණය (Transference) ලෙස හදුන්වන්න පුලුවන්.මේ පදනම තුළ අපට යම් යම් දේවල් පිළිබද හේතුවක් නැතිවම අප්‍රියතාවය හෝ ප්‍රියතාවය හට ගන්නවා.මේ අනුව කෙනෙකු දුටු පමණින් අප ඒ පුද්ගලයා පිළිබදව හොද හෝ නරක වශයෙන් විනිශ්චයකට එළඹීම සුදුසු නෑ.ඔබට ප්‍රියමනාප නොවූ කෙනෙක් හොදින් දැන හදුනාගත් පසුව ඔහු/ඇය ඉතා හොද කෙනෙකු බව වැටහෙන්න පුලුවන්.ඒ වගේම පෙනුමෙන් ප්‍රියමනාප අය කලක් ඇසුරු කරන විට ඒ තැනැත්තා/තැනැත්තිය ඇසුරට නුසුදුසු බවක් වුණත් හැගෙන්න බැරි කමක් නෑ.

9 comments:

  1. අදයි මේ බ්ලොග් එක දැක්කේ මතක හැටියට. ලිපි ටිකක් කියෙව්ව.......

    හොඳ ලිපියක්.....

    සමහර සිදුවීම් කලින් උනා වගේ මතක තියෙන්නෙත් යම් කාරනාවක් සමග ඒ වගේ සිද්ධියක් අපේ යටි හිතේ තියන නිසා වෙන්නැති කියලත් හිතුන මට.......

    ReplyDelete
  2. කලින් ලිපි වගේම ගොඩක් හොඳ ලිපියක් . ..

    ReplyDelete
  3. එල ලිපියක් දිගටම ලියන්න......

    @ හා පැටික්කි:
    "සමහර සිදුවීම් කලින් උනා වගේ මතක තියෙන්නෙත්"
    මෙතෙන්ට දෙයක් එක් කරන්නද?
    පොඩි කාලෙ ඉඳන් මොකක් හෝ සිද්දියක් යමෙක් හෝ තැනක් (කවදාවත් ගිහින් නැති හෝ දැක නැති) එකවර දැක්කම කලින් හුරු ගතියක් දැනෙනවද?

    මේ කියන විදිහට පොඩි කාලෙ දෙයක් වර්තමානයේදී ආදේෂ වීමක්ම විය හැකිද?

    මම දන්න කෙනෙක් ඉන්නව එයාටත් එහෙම හැඟෙනව ඒත් ඒ ගැන හොයල බලනකොට ඒ කියපු තැනට කිසි දවසක ගිහින් නෑ...
    (ඒ කියන්නෙ මුලින්ම කොහෙ හරි ගියා කියමුකො එයා කියනව මම මීට කලින් මෙහෙ ඇවිත් නෑ ඒත් මට හිතෙනව මම මෙහෙ ගැන දන්නව වගේ... මේ පාරෙ කෙරවල අහවල් දෙයක් තියනව අහවල් තැන ගහක් තියනවා [ආ තිබුනා කාලෙකට කලින් ඒත් ඒක දැන් නෑ] ඒ වගේ දේවල් ඒ ගැන හොයල බලනකොට කතාව ඇත්ත ඒ වගේම එයා කවදාවත් එතෙන්ට ගිහින් නෑ අඩු තරමෙ එයාගෙ දෙමව්පියොවත්)

    මේක දැක්කම මම ෆිල්ම් එකක කෑල්ලක් කීව වගේද නෑ මේක ඇත්ත සිද්දියක්

    ReplyDelete
  4. නියම බ්ලොග් එකක්නේ.. නියම පොස්ට් එක..

    මහත්තයද ඊ බ්‍රේන් ලිව්වේ... හෙහ් හෙහ්

    ReplyDelete
  5. මරුනේ මමත් කැමතියි මේ වගේ ලිපි වලට මොකද මනුස්සකම කියන්නෙ තේරුම් ගන්න අමාරු දෙයක් නිසා මේ වගේ ලිපි වලින් ඒකට පොඩි හරි රුකුලක් ලැබෙනව...දිගටම මේ වගේ දේවල් ලියන්න

    ReplyDelete
  6. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  7. ඒ වගේම ඒ ප්‍රිය හෝ අප්‍රිය තාවයට මුහුණ දුන් සිදුවීම පසුව මතක් වී ඒ දේවල් නැවත යතා තත්වයට පත්වීමක් නැද්ද ?

    ReplyDelete
  8. @ හා පැටික්කි (MS) - බ්ලොග් එක දිගටම කියවන්න.බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    @ දුකා - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    @ සහන් - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    ඔය වගේ සිද්ධි මටත් වෙලා තියෙනව.ඒ වෙලාවට කරන්නෙ හිතට එන සිතුවිල්ල කොහොම හරි පාලනය කර ගෙන තැනේ හැටියට ඇණේ ගහන එකයි...:)

    ReplyDelete
  9. @ මාතලන් - මම නෙමේ ඊ බ්‍රේන් තිරපිටපත ලියන්නෙ...:) බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    @ තිසර ප්‍රියංකර - දිගටම ලියන්නම් මචන්.බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    @ har - එම ප්‍රිය හෝ අප්‍රියතාවයට මුහුණ දුන් සිදුවීම රැදී තිබෙන්නෙ අපේ යටි හිතේ.ඒ නිසා බොහෝ විට ඒ සිදුවීම නැවත මතක් වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.

    බොහොම් ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete