Friday, June 11, 2010

සකල සිරින් පිරි සිරි ලංකාව

කලකින් පහල වී ඇත
දියසෙන් කුමරකු අප රටට
යුද්ධය දිනීමෙන් පසු
ඔහු විය අග රජු මුලු රටට



යුද්ධය කල සෙන්පති යා
එකල ඔහු දේශප්‍රේමි යා
රජුට විරුද්ධ වූ නි යා
වීය ඔහු මුලු රටේම දේශද්‍රෝහි යා



වෙමින් ඇත ලංකාවම සිංගප්පූරුව ක්
ටික කලකින් වේය ආසියාවේ ආශ්චර්යය ක්
වැටුනෝතින් කොළඹට මල් වැස්ස ක්
සිහිවේය අතීත පැරකුම් යුගය ක්



හාල්, කිරිපිටි, සීනි සුපිරි ආහාරය
පාන් කන්නේ කොළඹ හතේ සුපිරි ධනවතුන්ය
නැත හොකරුන් දැන් පිටකොටුවේ
කන්නට නැතත් සිටියි සැවොම සතුටින් බෝ සේ



හරක් හොරුන්, රේස් පොළ හිමියන් සිටීය රජ මැදු රේ
හිගන්නන්, ගණිකාවන් හා පිම්පියන් සිටීය මහ පා රේ
දුන්නත් මහ දන්සැල් ඡන්ද කාලෙට අනේපිඩු සිටාණන් සේ
රටෙන් භාගයක් සිටීය බඩගින් නේ



තබා ඇති මුත් මතට තිත
යයි ඉල්ලුම ඉහළට මතට
නොමැති මුත් මුදල් තුන් වේල කන්නට
බොයි "ඇති හිටියා" හා "සුදුවා" ඇති පදමට



අවසන් වූ පසු "අයිෆාව"
දැන් ඇත පටන් ගෙන "සීපාව"
නංගිගෙ මුලු රීරි මාංශෙම
උරා බොයි ලොකු අයියා තම රටෙහි සිට

3 comments:

  1. කැගැස්සෙනවා කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ... නියමයි කවිය...

    යුද්ධය කල සෙන්පති යා
    එකල ඔහු දේශප්‍රේමි යා
    රජුට විරුද්ධ වූ නි යා
    වීය ඔහු මුලු රටේම දේශද්‍රෝහි යා

    නියමයි මෙක ගොඩාක් අයට වැටහිලා එත් මට පුදුමයි..

    ReplyDelete
  2. අපි අසරණවෙලා වගේ අපට දැනෙනවා බුදු හාමුදුරුවනේ...... මචන් උබේ කථාව ලංකාවේ ගොන් මිනිස්සුන්ට නොතේරෙන එකයි වැරද්ද.

    ReplyDelete