Thursday, June 17, 2010

"ජේසු නම් වූ මා" - තවත් පොඩි විස්තරයක්

"ජේසු නම් වූ මා" නමින් ලියූ බ්ලොග් සටහන ගැන වචන කීපයක් තමයි මේ ලියන්නෙ.

මේ නිසදැස ලිව්වෙ කිසිම ආගමකට අගෞරව කරන්න කරන්න හිතා ගෙන නෙමේ.ජේසුගේ උපත හා ඔහුගේ මරණය ගැන ප්‍රශ්න කරන්න හිතාගෙනයි මේක ලිව්වෙ.

ජේසු නම් තැනැත්තාගේ උප්පත්තිය ඉතාමත් ප්‍රශ්නකාරී එකක්.ඔහු ඉපදී ඇත්තේ කිසිම පුරුෂයකු හා සිදු වූ කායික සම්බන්ධයකින් හට ගත් ඵලයක් ලෙස නොවේ.එනම් ජේසුගේ මවගේ ඩිම්බයක්, පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් මගින් සංසේචනය නොවී සිදු වූ උපතක් ලෙසයි ජේසුගේ උපත සදහන් කළ හැක්කේ.


සමහට විට මෙය ඇමීබා වැනි ක්ෂුද්‍ර ජීවින්ගේ සිදු වනවා වැනි තමාගේම සෛලයක් ද්විඛණ්ඩනය වී අලුත් ජීවීන් දෙදෙනෙකු ඇති වනවා වැනි උපතක් වීමටද බැරි නැත.එහෙත් මෙහිදී උපත ලබා ඇත්තේ එක් දරුවෙකු නිසා ඉහත තර්කය අදාළ වන්නේ සෛලය ද්විඛණ්ඩනය වී සෑදුනු අනෙක් ජීවියා ජේසුගේ උපතට පෙර ගබ්සා වූවේ නම් පමණයි.

මෙම දරු උපතට සම්බන්ධව කළ හැකි තවත් උපකල්පනයක් වන්නේ ජේසුගේ මව යම් පුරුෂයකු අතින් ලිංගික අපයෝජනයකට ලක් වීම නිසා එය වසන් කර ගැනීමට ඇය විසින් පතුරුවා හරින ලද බොරුවක් බවය.


එමෙන්ම ජේසුගේ උපත සත්‍යයක් නම් මදසරු බවට ලක් වූ පුරුෂයන් සමග විවාහ වී සිටින කාන්තාවන්ට දරුවෙකු ලබා ගැනීමට ද මේ ක්‍රමය භාවිතා කළ හැක.එමෙන්ම සමලිංගික විවාහකයින්ට ද මේ ක්‍රමය මගින් දරුවන් ලබා ගත හැක.නමුත් වෛද්‍ය විද්‍යාවෙන් ද ඔප්පු කළ නොහැකි මෙවැනි දරු උපතක් සත්‍යය යැයි සිතීම ආගමික විශ්වාසයන්ගෙන් මනස පුරවා ගත් මෝඩයන්ගේ හෝ මානසික විකෘතිතාවයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි.


ජේසු මරණයෙන් පසු තම කායික ශරීරය හැර දමා යළි උපත ලැබූ බව ද අසත්‍යයක් විය යුතුය.මන්ද මරණයෙන් පසු, ඒ මරණයට පත් වූ පුද්ගලයාට ජීවත් වන්නවුන් සමග කිසිමදාක සන්නිවේදනය කළ නො හැකි බැවිනි.මේ ආකාරයේ ක්‍රියාවක් නවීන විද්‍යාවෙන් ද පැහැදිලි කළ නොහැක.අනෙක් අතට ඔහු සර්බලධාරියෙකුගේ පුතෙකු නම් ඔහුට කිසි දිනෙක බයිබලයේ සදහන් ආකාරයට දුක් විද මිය යන්නේ ද නැත.


ජේසු දේශනා කළ යමක් වේ නම් එය ලෝකය පුරා පතුරුවා හරින ලද්දේ තුවක්කුවේ බලයෙනි.කුරුස යුද්ධ ඇති වූයේත්, පෙරදිග තිබූ බොහෝ වටිනා හරයන් විනාශ වී ගියේත් මොහු දෙසූ ධර්මයේ නාමයෙන්ය.වර්තමානයේ දුප්පතුන්ට මුදල් දී තම ආගමට හරවා ගන්නේත් මොහුගේ නාමයෙන්ය.යාඥාවෙන් ලෙඩ සුව කරනවා කියා හොදින් සිටින මිනිසුන් මරා දමන්නේත් මොහුගේ නමින්ය.ජේසු සත්‍යය වශයෙන්ම සර්බලධාරියෙකුගේ පුතෙකු නම් හා ඔහු මරණින් පසු නැවත උපත ලැබු වේ නම් මෙවැනි දේවලට ඉඩ නො තබනු ඇත.අඩු තරමින් මෙවැනි බ්ලොග් සටහන් ලියන මා හට යහතින් ජීවත් වීමට ඉඩ නොදෙනු ඇත.ඔහු මිය ගිය ආකාරයට මාවත් කුරුසයේ ඇණ ගසා මරා දමනු ඇත.නමුත් මේ කිසිවක් සිදු නො වන්නේ ජේසු යනු සවර්බලධාරී දෙවියෙකුගේ පුතෙකු නිසා නොව ඔහු සාමාන්‍ය අප වැනිම මනුෂ්‍යයකු වන නිසාය.


අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත.එනම් මේ බ්ලොග් සටහන ලියූ මා කිසිම ආගමක් අදහන්නෙකු නො වේ.එමෙන්ම ඕනෑම ආගමක ඇති දෙයක් විවෘත මනසකින් ප්‍රශ්ණ කිරීමට නිදහසක් තිබිය යුතු යැයි සිතන්නෙක් වෙමි.එසේ යම් ආගමකට සම්බන්ධ අවිද්‍යාත්මක දෙයක් පෙන්වා දුන් විට "දෙවියන්ගෙන් සමාව ගනින්", "සිංහල බ්ලොග් ලියන අය අතරෙ කකුල් හතරෙ නැට්ට තියන එවුනුත් ඉන්නවා", "යන්න හිතන් ඉන්නේ මොන ලෝකෙකටද මන්ද ?පවු කාරයා" යයි කියන්නවුන් ගැන සිතෙන්නේ අනුකම්පාවකි.ඔවුන් ආගම නැමැති කඩතුරාවෙන් මනස වසා ගෙන සිට්න, ආගමෙන් තොරව විවෘත මනසකින් සිතිය නොහැකි මිනිසුන් ලෙසය මට පෙනෙන්නේ.


මේ ගැන තවත් තර්ක කිරීමට අවශ්‍ය නම් මගෙන් "යන්න හිතන් ඉන්න ලෝකය" ගැන නො අසා විද්‍යාත්මකව සත්‍යය යැයි පෙන්විය හැකි සාක්ෂි ගෙන තර්ක කිරීමට පැමිනෙන්න.


ඕනෑම ආගමක් දෙස ආගම නම් කෝණයෙන් නො බලා විවෘත මනසකින් තර්ක කර එම ආගමෙහි පැවසී ඇති දේ සත්‍යය යැයි හැගේ නම් පමණක් එය විශ්වාස කරන්න.


පහත සදහන් බ්ලොග් සටහන්ද මේ සමග කියවා බලන්න.

http://charithsriyan.blogspot.com/2009/11/blog-post.html

http://charithsriyan.blogspot.com/2009/01/blog-post.html
http://charithsriyan.blogspot.com/2008/11/blog-post_27.html

51 comments:

  1. /////මෙම දරු උපතට සම්බන්ධව කළ හැකි තවත් උපකල්පනයක් වන්නේ ජේසුගේ මව යම් පුරුෂයකු අතින් ලිංගික අපයෝජනයකට ලක් වීම නිසා එය වසන් කර ගැනීමට ඇය විසින් පතුරුවා හරින ලද බොරුවක් බවය. ////

    බරපතලයි බරපතලයි...

    මේකත් ටිකක් බලන්න...

    http://www.youtube.com/watch?v=X3bRFIinbwg

    ReplyDelete
  2. kollo umba ipadenna hitiya kale umbe amma thaththata keewe oya kathawama thama .ethkota umba hitiye ammage bade nisa umba me gana hodata dannawa. "special thanks for your ammiya,give us to good lesson.

    ReplyDelete
  3. මචන් උබේ මේ පෝස්ට් එකට මම කමෙන්ට් කරලා මමත් අර කියුවා වගේ කකුල් හතරෙ එකෙක් වෙයිද දන්නෙ නෑ. කොහොම නමුත් ඔබ කියන දෙයින් එකක් පැහැදිලියි. ඒක තමයි තමුන් කිසිම ආගමක් අදහන්නෙ නෑ. තමුන් අමුතු පුද්ගලයෙක්, අනිත් අයගෙන් වෙනස් කෙනෙක් කියලා බොරු ආටෝපයකින් පෙන්වන්න හැදීම. ඒක ඇත්තටම විද්‍යාත්මකව ලෙඩක්. මන්ද ඕනෙම විද්‍යාඥයකුට උවද තමන් අදහන ආගම දහමක් තියෙනවා.
    අනිත් කාරනය ඔබ කියන විදියට ඔය කාරනය ජේසු තුමාට පමනක් පොදු වෙන්නෙ නෑ. මන්ද බුදු හාමුදුරුවන් ඉපදිලා තියෙන්නෙ නෙලුම් මලක. ඒ වගේම ඔහු ආත්ම 550 ක ඉපදිලත් තියෙනවා. ඔයවගේ දෙයක්ම තමත් මුස්ලිම් ආගම තුල අල්ලා දෙවියන් තුලත් මුස්ලිම් භක්තිකයින් විශ්වාස කරන්නෙ.
    අනිත් කාරනය ඔබ කියනවා ආගම් නිසා තමයි වැඩි පුරම යුද්ධ ඇතිවී තියෙන්නෙ කියලා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. මිනිස්සු තමන්ගේ මතය වැඩිපුරම අනිත් අය මත ඔවා දක්වන්න යෑමෙන්. හුදෙක්ම එක බලෙන් කරන්න යෑමයි. හරියට ඔබ තුමා මේ බ්ලොග් පෝස්ට් තුලින් කරන්න යනවා වගේ. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. නොදන්න දේ කියන්න එපා බුදු හාමුදුරැවන්ට පැහැදිලිවම මවක් පියෙක් ඉන්නවා පියා සුද්ධෝධන රජතුමා මව මහමායා දේවිය ඒ වගේම බුදු හාමුදුරුවෝ අනිවර්යෙන්ම සුද්දෝධන රජුට දාව මහමායා දේවියගේ කුසේ උපන් උවුන් දෙපලගේ පුතා

      Delete
    2. බෝසතානෝ ආත්ම 550 ක් ඉපදුනෙ යේසු වගෙ අසාමාන්‍ය විදියට නෙවෙයි.

      Delete
  4. @roy
    බෝධිසත්වයෝ නෙලුම් මලක ඉපදිලා කියලා කවුද කිව්වේ නොදන්න දේ කතා නොකර ඉන්නවා.

    උන්වහන්සේ භව 550 ක් විතරක් නෙවෙයි අපරිමිත භව ගනනක් ඉපදිලා තියනවා.අපිත් එහෙමයි. ඔය ආගම් වලින් තමයි ඇත්ත තත්වෙ වහලා මුල්ම වතාවට ඉපදිලා ඉන්පසු මැරෙන මැරෙන අය <>සුවර්ගෙ <> යනවා කියලා කියන්නෙ. ලැජ්ජ නැතුව තව බුදුන්වහන්සේත් උදාහරණයට ගන්න එනවා.

    ReplyDelete
  5. ඔබ දන්නවා ඇති මල මුහුද ගැන. ඒකෙ මිනිස්සු ගිලෙන්නේ නැති බවත් ඔයා දන්නවා ඇති. අතීතයේ මිනිස්සුන්ට ඒක පුදුමයක් වුණා. ඒකාලේ මිනිස්සුන්ට ගණත්වය ගැන වටහිඉමක් තිබුනේ නැහැ. නමුත් පාවීම බොරුවක් වුනේද නැහැ. ප්‍රශ්නය වුනේ ඒකාලේ අය ඊට හේතුව සොයාගෙන තිබුනේ නැති එකයි. ඒ වගේම තමයි ජේසුගේ ඉපදීම. මරිය මව්තුමිය පිළිසිඳ ගත්තේ කොහොමද කියල තාම විද්‍යාත්මකව ඔප්පුකරන්න බැරිවීම ජේසුස් වහන්සේගේ වරදක් නෙවෙයිනේ? ඔප්පුකරන්න බැරිහින්දා ඒක බොරුවක් කියල කියන්න බැහැනේ. සාපේක්ෂතාවාදය තවම වාදයක් ලෙස හදුන්වන්නේ ඒක තවමත් ඔප්පු කරලා නැති හින්දා. ඒක තවම ඔප්පු කරලා නැති හින්දා, ඔයා කියනවද අයින්ස්ටයින් කිව්වේ බොරු කියලා? තවමත් විද්‍යාව තුලින් සොයාගෙන ඇත්තේ සාගරයක් බදු රහස් ප්‍රමාණයකින්, දිය දෝතක් විතරයි.
    ඔයාගේ වචන වලින් කියන්න පුළුවන්, ඔයාගේ කතෝලික දර්මය පිළිබද කොතරම් දන්නවද කියල. අඩුම ගානේ ඔයා කතෝලිකයන් කියන්නේ කවුද?ක්‍රිස්තියානිකාරයන් කියන්නේ කවුද?ඔවුන්ගේ ඉතිහාසය මොකක්ද? කියලවත් දන්නේ නැතුවයි කතා කරන්නේ. චිත්‍රපටියක් විවේචනය කරන්න කලින්, මුලින්ම එය සම්පුර්ණයෙන්ම නරබන්න, ඉන්ටර්වල් ඒකෙදී නැගිටලා ඇවිත් බ්ලොග් ලිපි ලියන්නේ නැතිව . තවද, ඔයා ආගමක් අදහන්නේ නැත කියා කීම මට පෙනෙන්නේ, ස්ටයිල් එකක් ලෙස හෝ නැතිනම් අපට ඔයාගෙන් පෙරලා ප්‍රශ්න එල්ලකිරීම වලක්වා ගැනීමට ගත් උත්සහයක් ලෙසයි.
    ඔයා දන්නවද දෙයක්?දෙයක් ගැන සම්පුර්ණයෙන්ම දන්නා කෙනෙක් එක්ක තර්ක කරන්න පුළුවන්. දෙයක් ගැන සම්පුර්ණයෙන්ම නොදන්නා කෙනෙක් එක්කත් කතා කරන්න පුළුවන්. ඒත් අඩක් පමණක් දන්නා කෙනෙක් එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
    "science and religion are not enemies! There are simply some things that science is just too young to understand." - Angels & Demons[2009]

    ReplyDelete
  6. ආගමික කාරනාවක් මිනිස් ඇසින් බැලූ විට ඔහොම දේවල් හිතෙනව....... ඔබ උපහාසයට ලක් කරල තියන්නේ කිතුදහමේ මූලික විශ්වාසය...කිතුදහම ආගමක් විදියට ගොඩ නැගුනේ ඔය කියන කාරනා නිසා......මෙය ඔබට ආ සිතුවිල්ලක් ලෙස මා නොසිතමි....මෙම කාරනය ලෝක ඉතිහාසය තුල ඕනා තරම් විමසීමට භාජනය වී ඇත...... නමුත් ඒ මීට වඩා හරයාත්මකවය...... ඔබත් මෙය කොහෙන් හෝ සොයාගෙන පොර වීමේ අදහසින් පල කල එකක් වීමේ හැකියාව වැඩිය......නමුත් ඔබ එය සිදුකර ඇත්තේ කිතුදහම ගැන කිසිදු දැනුමකින් තොරව බව පෙනීයයි...

    වැදගත් ලෙසම කිව යුතු දෙයක් තියනව.... ඔබ අනාගමිකයකු කියන එකනම් කොහෙත්ම පිලිගන්නට බෑ... ඔබ සටහන අවසානයේ සදහන් links දෙස බැලීමේදී පෙනෙන්නේ ඔබත් තම ආගමේ පිරිස අඩුවීමට බයෙන් අන්‍යාගම්කරනයට එරෙහිවන ජනප්‍රිය බුද්ධාගම් කාරයකු පමනක් වන බවයි.. ඔබ අනාගමික ලෙස පෙනී සිටින්නේ පෙරලා ලැබෙන ප්‍රතිචාර වලට මුහුන දීමේ නොහැකියාව නිසා හෝ තමන් විවේචනය කරන කරුනු සිය ආගමේද පවතින බව හොදින් දන්න නිසා විය හැකිය....

    විද්‍යාව කිසිසේත් දේව සංකල්පය ප්‍රතික්ෂේප නොකරයි... කිසිදු නියම විද්‍යාඥ්ඥයෙකු දෙවියන් ප්‍රතික්ෂේප කර නැත...... විද්‍යාවේ මතය වන්නේ දේව සංකල්පය විද්‍යාවට ගෝචර නොවන බව පමනි......... විද්‍යාවේ නිසි හරය නොදන්නා.,, ව්ද්‍යාව සුලුවට ලෙවකෑ උන් දේව සංකල්පය ප්‍රතික්ෂේප කිරීම විද්‍යාවේ ගිණුමට බැර කල නොහැක....

    ReplyDelete
  7. ඔබ වැනි අය අපේ භාෂාවෙන් අපි හදුන්වන්නේ “ අති පන්ඩිත උන් “ ලෙසයි. කල යුතු කිසිවක්ම නැතිව නොදන්නා යමක් අරගෙන මෝඩ තර්ක ඉදිරිපත් කරන්නේ අති පන්ඩිතයින් මිසක් වෙන කවුරුන්ද ?

    ඔබ උපහාස කරමින් තර්ක ඉදිරිපත් කරන්නේ කිතුණුවන්ගේ විශ්වාසය හෑල්ලුවට ලක් කරමින් නිසා මට ඔබෙන් යමක් අසන්නට සිතුනා.

    1. ඇත්තෙන්ම ඔබ බෞද්ධයෙක්ද ? එසේ නම් බෞද්ධාගම ඔබ විශ්වාස කරනවාද ?
    2. ඔබ බයිබලය අධ්‍යනය තිබෙනවාද ? ඔබ ඔවැනි උපහාසයන් එල්ල කලේ කතෝලික ආගම අධ්‍යනය කිරීමෙන් පසුවද ?

    මම ඇසූ දේවලට ඔබෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.මගේ පිළිතුර ඉන් පසුවට

    ReplyDelete
    Replies
    1. පෘතුවියට කොන් සතරක් ඇත. (හෙළිදරව්ව 7:1). එමෙන්ම හිරු පෘතුවිය වටා භ්‍රමණය වේ. (ජෝෂුවා 10:13).

      Delete
  8. //*ජේසු සත්‍යය වශයෙන්ම සර්බලධාරියෙකුගේ පුතෙකු නම් හා ඔහු මරණින් පසු නැවත උපත ලැබු වේ නම් මෙවැනි දේවලට ඉඩ නො තබනු ඇත.අඩු තරමින් මෙවැනි බ්ලොග් සටහන් ලියන මා හට යහතින් ජීවත් වීමට ඉඩ නොදෙනු ඇත.ඔහු මිය ගිය ආකාරයට මාවත් කුරුසයේ ඇණ ගසා මරා දමනු ඇත.*//

    ඔබගේ මෙම කමෙන්ටුවෙන කිතුදහම පිලිබදව ඔබගේ දැනීම හොදටම පැහැදිලිවනව......
    කරුනා කර නොදනා දේ ලිවීමෙන් වැලකී දන්නා දේ ගැන පමනක් ලියන්න..... ඔබට සැබවින්ම කිතුදහම විවේචනය කිරීමට අවශ්‍යනම් ඒ ගැන හොදින් හදාරා ඉන් පසුව විවේචනය කරන්න...... කිතුදහමේ විවේචනයට භාජනය වන ආකාරයේ කරුනු ඕනා තරම් තිබේ......ඒ ගැන කතෝලිකයකු වශයෙන් මම හොදින් දනිමි..... නමුත් ඒ ඔබ සදහන් කර ඇති ආකාරයේ බොළද තර්ක නොවේ.....

    ReplyDelete
  9. මුලින්ම කියන්න ඕනෙ මම බුදුරජාණන් වහන්සේව අනුගමනය කරන කෙනෙක්.

    ඒ උප්පැන්නෙ නිසා නෙවෙයි මට ජීවත් උන අවුරුදු 16ට පාසල් ගිය අවුරුදු 11ටත් දැනුත් ගොඩක් දේවල් ඉගෙනගත්ත, ඉගෙනගන්නව. ඒත් ඒ සේරම ඔය නම කියන ප්‍රසිද්ධ පුද්ගලයන්ට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනව. මට හිතෙන හොඳම උදාහරණය නිව්ටන්ගෙ තුන්වෙනි නියමය. සෑම ක්‍රියාවකටම ක්‍රියාව අනුව හොඳ හෝ නරක ප්‍රතිඵලයක් තියනව. ඉතින් "සෑම ක්‍රියාවකටම සමාන හෝ විරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත" කියල නිව්ටන් කීවෙත් ඕකම නේද ?

    ජේසුගෙ මම හිතන හොඳ ඉගැන්වීමුත් සියල්ලක්ම ඊට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනව. අසල්වැසියාට ප්‍රේම කරන්න කියන්නෙ මෛත්‍රීයටමනෙ. එකක් ගැහුවොත් දෙවනි ගුටියටත් කණ අල්ලන්න කීවෙ වෛර කරන්න එපා කියල. ඒත් ඒ සේරම ඊට කලින් දේශනා කරපුව.

    සැබෑ ආගමක් හරි දර්ශනයක් හරි කරන්න ඕනෙ මිනිස්සු එකතු කරන එක. ක්‍රිස්තියානි නැත්නම් කතෝලික බැතිමත්තු පල්ලියකට යන්නෙ සභාව බලල. ඒකෙන් වෙන්නෙ එකතු කිරීමක් නෙවෙයි වෙන් කිරීමක් නේද?

    ඕනෑම දෙයක් ගෙඩි පිටින් විශ්වාස නොකර ටිකක් හිතල බලන්න. ඒ ගැන හොයල බලන්න. ඒක ජේසු ගැනද, බුදුරජාණන් වහන්සේ ගැනද නැත්නම් වෙනත් දාර්ශනිකයෙක් ගැනද කියල ප්‍රශ්නයක් නෙවෙයි.

    තමන් පිලිගන්න දේ ඇත්තද කියල හොයල බලන එක හිතල බලන එක අපේ වගකීමකුත් නේද ?

    ReplyDelete
  10. @ roy - මම අමුතු පුද්ගලයෙක් නො වෙමි.උදාහරණයක් ලෙස දැක්වූවොත් මම ලෙඩ වූ විට බෙහෙත් ගනිමි.නමුත් මගේ නිවස අසල පිහිටා ඇති පෙන්තකොස්ත දේවස්ථානයට එන එම ආගමේ බැතිමතුන් ලෙඩ වූ විට යන්නේ වෛද්‍යවරයෙකු වෙත නොව එම දේවස්ථානයටය.එහි විත් මිය ගොස් ඇති ජේසුට කියා ලෙඩ සුව කර ගනිති.ඔවුන් බෙහෙත් නො ගනිති.අමුතු පුද්ගලයෙකු වන්නේ මම ද?එම ජේසු අනුගාමිකයන් ද?

    ReplyDelete
  11. @ JANA - ආගමක් දෙස මිනිස් ඇසකින් නො බලා දේව ඇසකින් බැලීමට ද මට කියන්නෙ.නැත්නම් බල්ලෙකුගේ ඇසකින් ද?ඕනෑම දෙයක් දෙස බැලිය යුත්තේ විවෘත මනසකින් නොවේ ද?

    ජේසුගේ උපත මීට වඩා හරයාත්මකව සකාච්ඡා වී ඇති බව මම පිළිගනිමි.එහෙත් ඒවා බොහෝ විට සිදු වී ඇත්තේ ආගම නමැති පාට කණ්ණාඩිය දමා ගෙන මිස විවෘත මනසකින් නො වේ.

    බුද්ධාගමට සිටින පිරිස අඩු වුවත්, වැඩි වුවත් මට ප්‍රයෝජනයක් නැත.

    විද්‍යාව දේව සංකල්පය ප්‍රතික්ෂේප නො කලේ නම් තවමත් මිනිසුන් සිතා සිටිනු ඇත්තේ පෘථුවිය සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ පිහිටා ඇති බව නො වේද?පෘථුවිය ගෝලාකාර ග්‍රහ වස්තුවක් ලෙස නො ව පැතලි වස්තුවක් ලෙස නේ ද?මේ සරල උදාහරණ 2ක් පමණි.

    දෙවියන් ප්‍රතික්ෂේප කළ විද්‍යාඥයන් දෙදෙනෙකු වන්නේ Fred Hoyle හා Subrahmanyan Chandrasekhar ය.තවත් ඕනෑ තරම් විද්‍යාඥයන් ඇත.ලංකාවේ සිටි දෙවියන් ප්‍රතික්ෂේප කළ ප්‍රසිද්ධ පුද්ගලයකු වන්නේ ඒබ්‍රහම් ටී. කොවුර් මහතාය.

    "ඔබගේ මෙම කමෙන්ටුවෙන කිතුදහම පිලිබදව ඔබගේ දැනීම හොදටම පැහැදිලිවනව......
    කරුනා කර නොදනා දේ ලිවීමෙන් වැලකී දන්නා දේ ගැන පමනක් ලියන්න..... ඔබට සැබවින්ම කිතුදහම විවේචනය කිරීමට අවශ්‍යනම් ඒ ගැන හොදින් හදාරා ඉන් පසුව විවේචනය කරන්න...... කිතුදහමේ විවේචනයට භාජනය වන ආකාරයේ කරුනු ඕනා තරම් තිබේ......ඒ ගැන කතෝලිකයකු වශයෙන් මම හොදින් දනිමි..... නමුත් ඒ ඔබ සදහන් කර ඇති ආකාරයේ බොළද තර්ක නොවේ....."

    දෙවියන් සර්වබලධාරී නම් මෙවැනි දේ ලියන මා වැන්නෙක් මෙලොවට එවාවි ද?දෙවියන් කියා කිසිවෙක් නැතැයි මීටත් වඩා හොද තර්ක ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධියේ තර්ක කළ කොවුර් වැන්නෙක් දෙවියන් මෙලොවට එවාවි ද?

    ReplyDelete
  12. @ Prashan - "මරිය මව්තුමිය පිළිසිඳ ගත්තේ කොහොමද කියල තාම විද්‍යාත්මකව ඔප්පුකරන්න බැරිවීම ජේසුස් වහන්සේගේ වරදක් නෙවෙයිනේ?"

    මෙය ජේසුගේ වරදක් නො වේ.නමුත් කිසිම ප්‍රශ්ණ කිරීමකින් තොරව ඔහුව අදහන්නන් එය විශ්වාස කිරීමයි වැරැද්ද.

    "සාපේක්ෂතාවාදය තවම වාදයක් ලෙස හදුන්වන්නේ ඒක තවමත් ඔප්පු කරලා නැති හින්දා. ඒක තවම ඔප්පු කරලා නැති හින්දා, ඔයා කියනවද අයින්ස්ටයින් කිව්වේ බොරු කියලා?"

    අයිස්ටයින් කීවේ බොරු කියා මම නො කියමි.නමුත් ජේසුගේ උපත සංසේචනයකින් තොරව සිදු වූ බව පිළිගැනීම නම් බොරුවක් බව නො පැකිළ කියමි.ජේසුගේ මවට පුලුවන්නම්, මේ ආකාරයටම සමලිංගික කාන්තාවන්ට ද මේ ආකාරයෙන්ම පුරුෂයකු නො මැතිව දරුවෙකු ලබා ගත හැකි නොවේ ද?

    "තවද, ඔයා ආගමක් අදහන්නේ නැත කියා කීම මට පෙනෙන්නේ, ස්ටයිල් එකක් ලෙස හෝ නැතිනම් අපට ඔයාගෙන් පෙරලා ප්‍රශ්න එල්ලකිරීම වලක්වා ගැනීමට ගත් උත්සහයක් ලෙසයි."

    පෙරලා අහන ඕන තාර්කික ප්‍රශ්නයකට උත්තර දෙනව.ආගමක් අදහන්නේ නැතිකම ජේසුගේ උපත ගැන ප්‍රශ්ණ කිරීමට බාධකයක් නො වේ.

    ReplyDelete
  13. @ දිල් - "1. ඇත්තෙන්ම ඔබ බෞද්ධයෙක්ද ? එසේ නම් බෞද්ධාගම ඔබ විශ්වාස කරනවාද ?"

    බෞද්ධයෙක් නො වේ.නමුත් බුද්ධාගමේ ඇති පංච ශීලය වැනි දේ පමණක් විශ්වාස කරමි.නමුත් බුද්ධාගමේ කියවෙන පුනරුප්පත්තිය විශ්වාස නො කරමි.

    "2. ඔබ බයිබලය අධ්‍යනය තිබෙනවාද ? ඔබ ඔවැනි උපහාසයන් එල්ල කලේ කතෝලික ආගම අධ්‍යනය කිරීමෙන් පසුවද ?"

    ශ්‍රී ලංකා බයිබල් සමාගමෙන් ප්‍රකාශිත බයිබලය, United Church of God මගින් ප්‍රකාශිත "Heaven & Hell", "Who is god?", "The Road to Eternal Life" හා Paul C. Jong විසින් රචිත "Sermons or those who have become our coworkers" නම් කෘති කියවා අධ්‍යයනය කිරීමෙන් පසුයි මේ සටහන ලියුවෙ.

    මින් පසු "මම බෞද්ධයෙක් ද?", "මරණින් පසු යන්නෙ ඉන්න ලෝකය" වැනි මෝඩ ප්‍රශ්ණ නො අසා බ්ලොග් එකේ ලියා ඇති කරුනු පමණක් ප්‍රශ්ණ කරන්න.මරණින් පසු වෙන දේවල් ගැන දැන් තියාම මම සැලසුම් සකස් කරන් නෑ.

    ReplyDelete
  14. කොවුර් කියන්නේ විද්‍යාඥ්ඥයෙක්ද ??? ඔහු හේතුවාදියෙක්... ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශයේ කිතුදහම අවසන්කිරීම අරමුනුකරගත් අසාර්ථක ව්‍යාපාරයකින් තමයි හේතුවාදය පැවත එන්නෙ...... හේතුවාදයයි විද්‍යාවයි අතර වෙනස හදුනාගත නොහේ නම් කරුනා කර ඒ පිළිබදව හදාරන්න....

    //*විද්‍යාව දේව සංකල්පය ප්‍රතික්ෂේප නො කලේ නම් තවමත් මිනිසුන් සිතා සිටිනු ඇත්තේ පෘථුවිය සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ පිහිටා ඇති බව නො වේද?පෘථුවිය ගෝලාකාර ග්‍රහ වස්තුවක් ලෙස නො ව පැතලි වස්තුවක් ලෙස නේ ද?*//
    කරුනා කර දේව සංකල්පයත් පෘථුවි පිහිටීමත් අතර සම්බන්දය පැහැදිලිකරනවාද????

    ReplyDelete
  15. දේවත්වය කියන්නෙ මනුශත්වය තුල ඉන්දගන තේරුම් ගත හැක්කක් නොවේ උඹට වඩා සිය දහස්ගුනයක් බුද්දිමත්තු මේ ලෝකෙ හිටියත් ආගමට දහමට ගරු කලා ඇරුනම මේ වගේ මෝඩ තර්ක ඉදිරිපත් කෙරුවෙ නැහැ
    සියලු අශාවන් අත ඇරල භාවනා කරල බලපන් සත්‍යය අවබෝධ වෙයි
    තෙරුවන් සරනයි!

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. දේවත්වය කියන්නෙ මනුශත්වය තුල ඉන්දගන තේරුම් ගත හැක්කක් නොවේ උඹට වඩා සිය දහස්ගුනයක් බුද්දිමත්තු මේ ලෝකෙ හිටියත් ආගමට දහමට ගරු කලා ඇරුනම මේ වගේ මෝඩ තර්ක ඉදිරිපත් කෙරුවෙ නැහැ
    සියලු අශාවන් අත ඇරල භාවනා කරල බලපන් සත්‍යය අවබෝධ වෙයි
    තෙරුවන් සරනයි!

    ReplyDelete
  18. මම ඇසූ දේට ඔබ දී ඇති පිළිතුරු ඉතා පැහැදිලියි. ඔබ කියවා ඇති පොත් සියල්ලම හේතුවාදීන් විසින් ලියා ප්‍රකාශයට පත් කල පොත්. උත්තරය ඉතාම සරළයි. ඔබත් සැබවින්ම හේතුවාදීයෙක් වන්නට පෙරුම් පුරන ඉතාම ලපටි මනසක් ඇත්තෙක් මිසක වෙන කිසිවෙකුත් නොවේ.. :D

    මම ඔබට සහ ඔබේ මෝඩ අදහස් වලට හිනා වෙමි.සැබවින්ම ඔබ හිනාවට ලක්විය යුතු අයෙකි.

    ReplyDelete
  19. දැන් මේක ලියපු එකා කියන විදියට (මූට ආගමක් කියලා එකක් නැති නිසා ඒ පැත්තෙන් කියලා වැඩක් නෑනේ ) 2010 ජුනි 17 වෙනිදා වෙනකොට විද්‍යාව කියන දේ සම්පූර්ණයෙන්ම හොයාගෙන ඉවරයි. ඒ හොයාගත්ත විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි වුන හින්දා කිතුණුවන්ගේ ඇදහිලි ඔක්කොම බොරු කියලනේ මේ යකා කියන්නේ. එතකොට ඔය යකාගේ විද්‍යාවෙන් පුලුවන්ද මහරගම පිලිකා රෝහලේ තියන පිලිකාව අතුරුදහන් වීම ගැන තියන වාර්තා ඔප්පු කරන්න ? දන්නේ නැත්තන් ගිහින් හොයලා බලන්න. 2001දී සිරිමා බණ්ඩාරනායකගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වඩ කරපු ලේකම් වරියක්ගේ පිලිකාව එක දවසකින් අතුරුදහන් උනා සිරුරේ කොටස් 5ක් අයින් කරලා තියයෙද්දිත්.

    ReplyDelete
  20. @ Chrishi - "2010 ජුනි 17 වෙනිදා වෙනකොට විද්‍යාව කියන දේ සම්පූර්ණයෙන්ම හොයාගෙන ඉවරයි. ඒ හොයාගත්ත විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි වුන හින්දා කිතුණුවන්ගේ ඇදහිලි ඔක්කොම බොරු කියලනේ මේ යකා කියන්නේ."

    කිතුනුවන් කියන්නෙ මිත්‍යාදෘෂිටිකයන් පිරිසක් කියල බය නැතිව කියනව.

    "එතකොට ඔය යකාගේ විද්‍යාවෙන් පුලුවන්ද මහරගම පිලිකා රෝහලේ තියන පිලිකාව අතුරුදහන් වීම ගැන තියන වාර්තා ඔප්පු කරන්න ? දන්නේ නැත්තන් ගිහින් හොයලා බලන්න. 2001දී සිරිමා බණ්ඩාරනායකගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වඩ කරපු ලේකම් වරියක්ගේ පිලිකාව එක දවසකින් අතුරුදහන් උනා සිරුරේ කොටස් 5ක් අයින් කරලා තියයෙද්දිත්."

    මේ ගැන තොරතුරු වෛද්‍යවරයෙක්ගෙන් අසා දැන ගන්න.පිළිකාව සමහර මෝඩ ක්‍රිස්තු භක්තිකයන් කරන ආකාරයට යාඥාවෙන් සුව කළ නො හැකි බව නම් දනිමි.

    මට කියන්නකො පිළිකා රෝහලට එන ලෙඩුන්ව රවට්ටලා යාඥා කරල ලෙඩ හොද කරන්නෙ කොහොමද කියල?

    ReplyDelete
  21. @ shehan - "දේවත්වය කියන්නෙ මනුශත්වය තුල ඉන්දගන තේරුම් ගත හැක්කක් නොවේ."

    දෙවියන් කියල දෙයක් තියෙනවයි කියල පුලුවන් නම් ඔප්පු කරල පෙන්වන්න.දෙවියන් කියන්නෙ මිනිස් මනසේ මැවිච්ච රූපකායක් විතරයි.

    "උඹට වඩා සිය දහස්ගුනයක් බුද්දිමත්තු මේ ලෝකෙ හිටියත් ආගමට දහමට ගරු කලා ඇරුනම මේ වගේ මෝඩ තර්ක ඉදිරිපත් කෙරුවෙ නැහැ."

    ඕන තරම් මට වඩා බුද්ධිමත්තු මේ ලෝකෙ ඉන්නව.ඒත් ගොඩක් දෙනෙක් මේ වගේ ආගමික දේවල් ප්‍රශ්ණ නො කර ඉන්න එකයි වැරැද්ද.

    ReplyDelete
  22. @ දිල් - "ඔබ කියවා ඇති පොත් සියල්ලම හේතුවාදීන් විසින් ලියා ප්‍රකාශයට පත් කල පොත්."

    ශ්‍රී ලංකා බයිබල් සමාගම හේතුවාදී සංගමයක් නො වේ.

    "United Church of God" හේතුවාදී සංගමයක් නො වේ.(http://www.ucg.org)

    "Paul C. Jong" හේතුවාදී පුද්ගලයෙක් නො වේ.(http://www.thebereans.net/arm-pauljong.shtml)

    මේ සියල්ලම ජේසුගේ උපත පිළිගන්නා ආයතන හා පුද්ගලයන්ය.

    "ඔබත් සැබවින්ම හේතුවාදීයෙක් වන්නට පෙරුම් පුරන ඉතාම ලපටි මනසක් ඇත්තෙක් මිසක වෙන කිසිවෙකුත් නොවේ.. :D"

    හේතුවාදියෙක් වීම මිත්‍යදෘෂ්ටික ජේසුව අදහනවාට වඩා හොදය.

    "මම ඔබට සහ ඔබේ මෝඩ අදහස් වලට හිනා වෙමි.සැබවින්ම ඔබ හිනාවට ලක්විය යුතු අයෙකි."

    මගේ අදහස් මෝඩ නම් හැකි නම් ඒවා ඔප්පු කර පෙන්වන්න.ස්ත්‍රියකට පුරුෂයකුගේ ශුක්‍රාණු නො මැතිව දරුවකු ලබා ගන්නා හැටි පැහැදිලි කර පෙන්වන්න.

    හිනා විය යුත්තේ මට නො ව ඔබටය.මන්ද මෙවැනි බොරු විශ්වාස පොතේ පතේ තිබුනු නිසා හෝ පරම්පරාවෙන් පැවත එන නිසා කිසිදු හිතා බැලීමකින් තොරව විශ්වාස කිරීම නිසාය.

    ReplyDelete
  23. @ JANA - "කරුනා කර දේව සංකල්පයත් පෘථුවි පිහිටීමත් අතර සම්බන්දය පැහැදිලිකරනවාද????"

    පහත සබැදි බලන්න.

    http://en.wikipedia.org/wiki/Flat_Earth

    http://en.wikipedia.org/wiki/Flat_Earth_Society

    http://theflatearthsociety.org/cms/

    මෙවැනි දේ පිළිගන්නා මිත්‍යාදෘෂ්ටික, ජේසු ලබ්ධික මිනිසුන් මෝඩයන් නොවේ ද?

    "කොවුර් කියන්නේ විද්‍යාඥ්ඥයෙක්ද ??? ඔහු හේතුවාදියෙක්... ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශයේ කිතුදහම අවසන්කිරීම අරමුනුකරගත් අසාර්ථක ව්‍යාපාරයකින් තමයි හේතුවාදය පැවත එන්නෙ...... හේතුවාදයයි විද්‍යාවයි අතර වෙනස හදුනාගත නොහේ නම් කරුනා කර ඒ පිළිබදව හදාරන්න...."

    කොවුර් යනු විද්‍යාඥ්ඥයෙකි.

    හේතුවාදයෙන් කෙරෙන්නෙ යම් දෙයක් පිළිබදව වටහා ගැනීමට ප්‍රශ්ණ කර එය වටහා ගැනීම යයි කෙටියෙන් සදහන් කරන්න පුලුවන්.

    දේව වාදයට වඩා හේතුවාදය සිය දහස් ගුණයක් හොදය.දෙවියන් ඇදහීම මිත්‍යාදෘෂ්ටික ක්‍රියාවකි.හේතුවාදය ඊට වඩා බුද්ධිමත් ක්‍රියාවකි.

    ReplyDelete
  24. චරියෝ...මෙතන අවුල තියෙන්නේ ඔයා කතෝලික ආගමේ ඉතිහාසය ගැන දන්නැතිකමයි. ඔයා ඔය කියන ම්ත්‍යා මතදාරීන් ඉන්නේ රෝමානු කතෝලික ආගමේ නෙවේ. ජේසුස් වහන්සේ ඔහුගේ මරණින් පසු ඔහුගේ කාර්ය කරගෙන යාමට බලය ලබාදුන්නේ පේදුරු තුමාටයි. ඒ අනුව පේදුරුතුමා පළමු පාප්තුමා වුනා. ඉන්පසු විවිද කාරී බාදක මැදින් ජේසුස් වහන්සේගේ ගෝලයන්, ජේසුස් වහන්සේ දේශනාකළ දර්මය ඉදිරියටම කරගෙන ගියා. මෙසේ ඒ දවස්වල සිට අදවෙනතෙක් රෝමානු කතෝලික ආගම පැවතගෙන ආවා. මේ අතරමග විවිදාකාර හේතු මත විවිද අය කතෝලික ආගමෙන් වෙන්වී වෙනත් නිකායන් හදාගෙන තියෙනවා. සමහර නිකායන්ගේ ආරම්බය, ඒවා අරම්බ කල අයගේ පුද්කාලික අවශ්‍යතා වුණා. සමහර ඒවා සාදාරන හේතුමත ඇතිවුනා(උදා : මාර්ටින් ලුතර් කින්). මෙලෙස පුද්ගලික හේතුමත සාදාගත් නිකායන් ඔවුන්ට ආවේනික විවිද යාච්ක්නා ක්‍රම බාවිතා කරනවා. විවිදා කාර නීති යොදනවා. සමහර නිකායන් වල බෙහෙත් ගන්නේ නැහැ. සමහර අය රත්තරන් දාන්නේ නැහැ. මෙලෙස විවිදාකාර මතය මත දරනවා. නමුත් ඒ කිසිම දෙයක් ජේසුස් වහන්සේ කියපු දේවල් නෙවේ. රෝමානු කතෝලික ආගමේ මේවගේ මත නැහැ. මම රෝ. කතෝලිකයෙක්. මට ලෙඩක් හැදුනම මම රෝහලට යනවා. රත්තරන් දාන්න මම නම් කැමති නැහැ. ඒත් අපේ අනික් අය නම් දානවා. ඒ විතරක් නෙවේ වතිකානුවේ පාප්තුමටත් නිල වයිද්යවරයෙක් ඉන්නවා. ඒවායේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ජේසුස් වහන්සේගේ මිත්‍යා මත කියල කියන්නේ, ඔය එක එක නිකායන් වලින් එයාලගේ පුද්ගලික වාසි තකා හදා ගත්තු මත. එයාලම තමයි දුප්පත්ත් මිනිස්සුන්ට උදව් කරල එයාලගේ ආගමට හරවගන්නේ. ඒ තර්ජනය අනෙක් ආගම් වලට වගේම කතෝලික ආගමටත් තියෙනවා.
    ඔයා අනෙක් අයට කියනවා ජේසුස් වහන්සේ සාමාන්‍ය සන්සේචනයකින් නොවේ ඉපදුනේ කියල ඔප්පුකරල පෙන්වන්න කියලා. එහෙම බැරි නිසා එක බොරුවක් කියලා. ඔයාට පුලුවන්ද ජේසුස්ගේ ඉපදීම සාමාන්‍ය සන්සේචනයකින් වුනේ කියලා ඔප්පුකරන්න??

    ReplyDelete
  25. Flat earth society ගැන මම අහල තියනව... කතෝලික දහමයි ඒකයි අතර මොකක්ද තියෙන සම්බන්දය ????
    ඔබ හිතන් ඉන්නේ ක්‍රිස්තියානිකාරයින් තාමත් පොලව පැතලියි කියල හිතන බවද ???
    ඔබේ මෝඩ තර්ක ඉදිරිපත් කිරීමේ නිමාවක් නොමැතිදැයි මම නොදනිමි......

    මහත්තයො... ඔව් ක්‍රිස්තියානි කාරයින් හිතන් හිටිය පොලොව පැතලිය කියල 17 වන සියවස පමන වෙනකන්..... නමුත් ඔවුන් විතරක් නොවේ ඒ වන තෙක් මුලු ලෝකෙම හිතන් හිටියේ පොලොව පැතලියි කියල...... නමුත් දැන් කවුරුත් ලෝකය පැතලිය කියන්නෙ නෑනෙ අර වගේ පිස්සු කන්ඩායම් හැර.....
    ඒ කාලයෙ පැතලිය කියන මතයේ හිටියයි කියල... මේ වනතෙක් කිතුනුවන් ලොකය පැතලිය කියන මතයේ ඉන්නව කියලද ඔබ හිතන්නේ ????

    පරිනාමවාදය තහවුරු කරන්නට 19 වන සියවසෙහි පැවතුන මතය වූයේ පොලොවට ජීවය ඉබේ ජනිත වූවක් වන බවයි...... ඒක තහවුරුකරන්නට එකල විද්‍යාඥ්ඥයින් උදාහරන ලෙස ඉදිරිපත් කලේ මස් වලින් ඉබේ පනුවන් ඇති වීම හා තිරිගු (ගබඩා වල )වලින් මීයන් ඇති වන බවයි...විද්‍යාව සිතා සිටියේ ජීවය ඇති වීමට හේතු වන්නට ඇත්තේ අජීව ද්‍රව‍ය(non-living matter) වන බවයි...
    මේ අදහසට කියුවෙ Spontaneous generation theory කියල....

    1860 දී ලුවී පාස්චර් මෙම මතය බොරුවක්යැයි ඔප්පු කර.. ජීවය පැවතෙන්නේ ජීවයකින් පමනක්මය (life only comes from life) යන්න ඔප්පු කරන තෙක් විද්‍යාව සිතා සිටියේ Spontaneous generation theory සත්‍ය බවයි....

    නමුත් Spontaneous generation theory එක තාමත් විද්‍යාවේ සාකච්චාවට බදුන් වනව..... සමහර විද්‍යාඥ්ඥයින් තාම හිතනව Spontaneous generation theory එක හරිය කියල..... නමුත් ඒක සමස්ථ විද්‍යාවේම මතය කියල ගන්න පුලුවන්ද ??? ඔබට කියන්න පුලුවන්ද විද්‍යාව තාම හිතන් ඉන්නෙ මස් වලින් ඉබේ පනුවන් හටගන්නව කියල හරි තිරිගු වලින් මීයන් ඇති වනව කියල.......?

    දැන් අනිත් කාරනය.... කොවුර් කොහෙද විද්‍යාඥ්ඥයෙක් වන්න...??? හේතුවාදියකුයි විද්‍යාඥ්ඥයකුයි අතර වෙනස ඔබට තවම හදුනා ගත නොහැකිද......???

    හේතුවාදය විද්‍යාවෙන් සම්පූර්නයෙන් වෙනස් දෙයක්..... හේතුවාදය සම්පූර්නයෙන්ම දේවවාදය හා අනෙකුත් ආගමික කරුනු බැහැර කලත් විද්‍යාව කිසිම විටෙක දේවවාදය ප්‍රතික්ශේප කර නැහැ........

    හේතුවාදය ආගමික කරුනු සම්පූර්නයෙන් බැහර කරනු ලැබූ දර්ශනයක්..... නමුත් ලංකාවේ හේතුවාදය භාවිතා වූ ආකාරය ඔබ දන්නවාද...??? කොවුර් සමග ලංකාවේ හේතුවාදය ව්‍යාප්ත කිරීමට මහන්සි වූ බොහෝමයක් දෙනා බොදුනුවන්.......කොටින්ම කියතොත් ලංකාවේ ව්‍යාප්ත වුනේ බොදුනු හේතුවාදයක්.... කොවුර් වුවද බුදුදහම ගැන පැහැදීමකින් සිටියවූවකු ලෙස සදහන් (කොවුර් බෞද්ධයකු නොවන බව මම දනිමි).... ඉතින් ඔහුව නියම හේතුවාදියකු ලෙස හදුන්වාලීමටත් අසීරුය....

    හේතුවාදය ආගම ප්‍රශ්න කිරීමට බිහිවූවත් ලංකාවේ හේතුවාදය කිසිවිටක බුදුදහම ප්‍රශ්න කලේ නැත.... (ඔවුන් අභියෝගයට ලක් කලේ බොදුනු දේව වන්දනාව සහ හින්දු දහම පමනි..... කොටින්ම කොවුර් ඇතුලු නඩය ලාංකික ක්‍රිස්තියානිය ප්‍රශ්න කලේවත් නැත ) හේතුව බුදුදහම හේතුවාදයට අනුකූලවීම නොව ලංකා හේතුවාදීන් බොහෝ දෙනා බොදුනුවන් වීමය (බුදුදහම නියම හේතුවාදයේදී ඔනෑ තරම් ප්‍රශ්න කිරීමට ලක්ව ඇත )

    ඔබ හේතුවාදියකු වීමටනම් ලාමක වැඩිය.... හේතුවාදය ඔබ සිතනවාට වඩා පුළුල් වූ දර්ශනයකි...... ඔබ සටහනේ පවසා ඇති පරිදි පංච ශීලය විශ්වාස කරමින් හේතුවාදියකු විය නොහැක........ඔබටත් කොවුර් මෙන් බෞද්ධ හේතුවාදියකු වීමටනම් පුලුවන් වේවි....

    ** දෙවියන් ඇදහීම මිත්‍යාදෘෂ්ටික ක්‍රියාවකි **
    මෙය විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද ??? කරුනා කර නියම පරීක්ෂන වාර්තා සමග ඉදිරිපත් කරනවාද ???

    ReplyDelete
  26. @ Prashan - "ඔයා ඔය කියන ම්ත්‍යා මතදාරීන් ඉන්නේ රෝමානු කතෝලික ආගමේ නෙවේ."

    එතකොට රෝමානු කතෝලික දහම අදහන්නන් ජේසුගේ උපත පිළිබදව කියන්නේ කුමක් ද?

    "විවිදා කාර නීති යොදනවා. සමහර නිකායන් වල බෙහෙත් ගන්නේ නැහැ. සමහර අය රත්තරන් දාන්නේ නැහැ. මෙලෙස විවිදාකාර මතය මත දරනවා. නමුත් ඒ කිසිම දෙයක් ජේසුස් වහන්සේ කියපු දේවල් නෙවේ."

    නමුත් මෙවැනි දේවල් කරන්නේ ජේසුව විකුනමින් නොවේ ද?

    "එයාලම තමයි දුප්පත්ත් මිනිස්සුන්ට උදව් කරල එයාලගේ ආගමට හරවගන්නේ. ඒ තර්ජනය අනෙක් ආගම් වලට වගේම කතෝලික ආගමටත් තියෙනවා."

    එතකොට කතෝලික ආගම ලොව පුරා පැතිරුනේ කිසිම වරදාන ලබා දීමකින් නොවේ ද?පෘතුගීසීන් ලංකාවට ආපසු ආගම පැතිරුවේ මෙහි තිබූ අනෙක් ආගමික සංස්ථාවන් විනාශ කර නොවේ ද?තවමත් සමහර කතෝලික පාසල්වලට අන්‍යාගමික ළමයකු ඇතුල් කරන විට භෞතිස්ම කරනු නො ලබන්නේ ද?

    "ඔයා අනෙක් අයට කියනවා ජේසුස් වහන්සේ සාමාන්‍ය සන්සේචනයකින් නොවේ ඉපදුනේ කියල ඔප්පුකරල පෙන්වන්න කියලා. එහෙම බැරි නිසා එක බොරුවක් කියලා. ඔයාට පුලුවන්ද ජේසුස්ගේ ඉපදීම සාමාන්‍ය සන්සේචනයකින් වුනේ කියලා ඔප්පුකරන්න??"

    ජේසුගේ ඉපදීම පුරුෂයෙකුගේ සම්බන්ධයකින් තොරව සිදු වූ වක් බව ඔහු ගැන ලියවුනු සෑම පොතකම තිබෙන එය මිත්‍යාවක් බව ඕනෑම කෙනෙකුට තේරේ.

    ReplyDelete
  27. මට පේන්නෙ උබේ අම්මට උබව ඉපදිල තියන්නෙ උබේ තාත්තට දාව නෙමෙයි..... එකනේ මේ වෙන කෙනෙක්ගේ උපතක් ගැන ඔනෙ නැති මගුල් අල්ලගෙන කෑ ගහන්නෙ

    ReplyDelete
  28. @ JANA - "දැන් අනිත් කාරනය.... කොවුර් කොහෙද විද්‍යාඥ්ඥයෙක් වන්න...??? හේතුවාදියකුයි විද්‍යාඥ්ඥයකුයි අතර වෙනස ඔබට තවම හදුනා ගත නොහැකිද......???"

    කොවුර් තෘණ විද්‍යාඥයෙකි.

    "කොවුර් සමග ලංකාවේ හේතුවාදය ව්‍යාප්ත කිරීමට මහන්සි වූ බොහෝමයක් දෙනා බොදුනුවන්."

    බොදුනුවන් ඔහු සමග එක් වූවාට මට කිරීමට දෙයක් නැත.

    "හේතුවාදය ආගම ප්‍රශ්න කිරීමට බිහිවූවත් ලංකාවේ හේතුවාදය කිසිවිටක බුදුදහම ප්‍රශ්න කලේ නැත."

    බුදුදහමේ එන පුනරුප්පත්තිය, භාවනා ක්‍රම වැනි කරුනු ඕනෑ තරම් ප්‍රශ්ණ කර ඇත.

    "ඔබ හේතුවාදියකු වීමටනම් ලාමක වැඩිය.... හේතුවාදය ඔබ සිතනවාට වඩා පුළුල් වූ දර්ශනයකි...... ඔබ සටහනේ පවසා ඇති පරිදි පංච ශීලය විශ්වාස කරමින් හේතුවාදියකු විය නොහැක........ඔබටත් කොවුර් මෙන් බෞද්ධ හේතුවාදියකු වීමටනම් පුලුවන් වේවි...."

    මට කෙසේ වුවත් ඔබට නම් හේතුවාදියෙකු වීමට කෙසේවත් බැරිය.ජේසු නම් තැනැත්තා විශ්වාස කරන මිත්‍යාදෘෂ්ටික මෝඩයන්ට එය කෙසේවත් කළ නො හැකිය.

    "නමුත් දැන් කවුරුත් ලෝකය පැතලිය කියන්නෙ නෑනෙ අර වගේ පිස්සු කන්ඩායම් හැර....."

    සර්බලධාරී දෙවියෙකුයි, ජේසුගෙයි නාමෙන් තමයි ඔවුන් තවමත් මේ මතය දරා ගෙන සිටින්නෙ.

    "ඔබ සටහනේ පවසා ඇති පරිදි පංච ශීලය විශ්වාස කරමින් හේතුවාදියකු විය නොහැක."

    පංච ශීලය ඕනෑම කෙනෙකුට ආගමික විශ්වාසයක් හිසින් නො දරා ගෙන විවෘත මනසකින් සිතා බැලුවොත් එය අසත්‍යය යයි කිව නො හැකි දෙයකි.

    ReplyDelete
  29. අවසන් වශයෙන් කියන්නෙ ජේසුගේ උපත මිත්‍යාවකි.ශුද්ධ සිංහලෙන් කිව්වොත් ඔහු අවජාතයෙකි.මන් ද ඔහුට පියෙකු නැති නිසාය.

    කොතරම් කරුණු කීවත් මම මගේ මතය වෙනස් කර නො ගන්නෙමි.ඒ නිසා තව දුරටත් මේ ගැන තර්ක කිරීමට අවශ්‍ය නම් ජේසුගේ උපත සත්‍යය වශයෙන්ම පුරුෂයෙකුගේ ශුක්‍රාණු එකතු වීමකින් තොරව සිදු වූ බව ඔප්පු කර පෙන්වන්න.එසේ නො මැතිව වෙනත් කරුණු කියමින් ලියන ප්‍රතිචාර වලට පිළිතුරු නො දෙන්නෙමි.

    ReplyDelete
  30. හරි මම ඔබගේ මතය පිළිගන්නම්, ඔබ ජේසුස් වහන්සේ ඉපදුනේ සාමාන්‍ය සන්සේචනයකින් කියල ඔප්පුකලොත්? ඒ පිලිබඳව ඇති සාක්ෂි මොනවද? දෙයක් ඇත්ත කීමට එය ඔප්පු කල හැකිවිය යුතු වගේම, බොරුවක් කීමටත් එය බොරුවක් බවට ඔප්පුකිරීමට හැකිවිය යුතුයි. ඒ වනතෙක් එය බොරුවක් කියා කියන්න බැහැ නේද? සාපේක්ෂතා වාදය කියෙව්වම අපිට එය ඇත්තක් කියල පෙනුනත්, එය තවම ඔප්පුකර නොමැති නිසා එය පිළිගන්න බැහැ නේද?

    ReplyDelete
  31. කාට හරි පුළුවන්නම් කම්පියුටර් කෝස් කරන්න කියල ගෙන්නගන්න ලමයින්ට ආගම මාරුකරන්න කියන්න ඒ කෙනා ඇත්තටම ආගමික නායකයෙක්ද?

    මම මේක අහන්නෙ හේතුවක් ඇතිව.

    කොළඹ නුවර පාරෙ වේවැල්දෙනියෙ වෙන්ඩෝල් ලංකා වලට මෙහයින් තියන "අස්පොතුළුත්මන් උදෙසා" කියන පල්ලියෙ මේ දේ වෙනව. ඒ "නිව් බ්‍රිජ් අයර්ලන්ඩ්" කියල දාගත්ත ට්‍රේණින් සෙන්ටර් එකකින්.

    මුන් විශ්වාස කරන්නෙත් ජේසුවවත් නෙවේ. කවුද අශ්වයෙක් උඩ ඉන්න කෙනෙක්ව.

    මේක මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායක් කියල මම බය නැතුව කියනව. අපේ ලොකුඅම්මත් ඕකට දවසක් ගිහින් අයියගෙන් බැණුම් අහපු නිසා.

    මෙහෙම උන්ට පස්ස අල්ලගෙන ඉන්න ඈයො සුද්ධ කරන්න ඕනෙ මුලින්ම. මොකද මුන්ගෙ මූලික ටාගට් එක රෝමාණු කතෝලිකයින් ඊලඟට අපි.

    @ප්‍රශාන්
    මෙවුන් වගේ උන්ගෙන් ප්‍රවේසම් වී මදක් හෝ යථාර්තය දැකීම ගැන ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
  32. *//මට කෙසේ වුවත් ඔබට නම් හේතුවාදියෙකු වීමට කෙසේවත් බැරිය.//*
    මට හේතුවාදියකු වීමට කිසිදු උවමනාවක් නැත...... මම ජේසුස් වහන්සේගේ ධර්මය විශ්වාස කරන කතෝලිකයෙක්මි.....

    //*සර්බලධාරී දෙවියෙකුයි, ජේසුගෙයි නාමෙන් තමයි ඔවුන් තවමත් මේ මතය දරා ගෙන සිටින්නෙ*//
    මම කතෝලිකයෙක් මම විශ්වාස කරන්නේ ආරම්භයේ සිට පැවත එන සැබෑ ක්‍රිස්තියානි දර්මය.... ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි මතයන්ටවත්, ඔය කියන පිස්සු කන්ඩායම් වලටවත් ජේසුව සම්බන්ද උනා කියල මට කරන්න දෙයක් නෑ.......... කතෝලික සභාව කිසි විටක විද්‍යාව ප්‍රතික්ශේප කරන්නෙ නෑ.... කතෝලික දේව ධර්මය මිනිස් හැකියාව වන විද්‍යාවට සැමවිටම ගරු කරනව...


    //*කොතරම් කරුණු කීවත් මම මගේ මතය වෙනස් කර නො ගන්නෙමි.//*
    ඔබ දරන මතය වෙනස් කිරීමේ කිසි උවමනාවක් මා හට නැත........ මා එම උපත සම්බන්දයෙන් දරන මතයද කිසි දිනක වෙනස් නොවේ...... ඔබට මාගේ මතය බොරුයැයි ඔප්පු කිරීමට නොහැකිය... මටද ඔබේ මතය බොරුයැයි ඔප්පු කිරීමට නොහැක.... ඒ අප දෙදනා විශ්වාස කරන ස්වභාවයයි.... අප දෙදෙනාගෙන් කවුරු හෝ වැරදි විය හැක...... නමුත් වැරදි කවුරුදැයි ඔප්පු කිරීමට සමතකු මෙලොව නැත.......

    ReplyDelete
  33. *//මට කෙසේ වුවත් ඔබට නම් හේතුවාදියෙකු වීමට කෙසේවත් බැරිය.//*
    මට හේතුවාදියකු වීමට කිසිදු උවමනාවක් නැත...... මම ජේසුස් වහන්සේගේ ධර්මය විශ්වාස කරන කතෝලිකයෙක්මි.....

    //*සර්බලධාරී දෙවියෙකුයි, ජේසුගෙයි නාමෙන් තමයි ඔවුන් තවමත් මේ මතය දරා ගෙන සිටින්නෙ*//
    මම කතෝලිකයෙක් මම විශ්වාස කරන්නේ ආරම්භයේ සිට පැවත එන සැබෑ ක්‍රිස්තියානි දර්මය.... ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි මතයන්ටවත්, ඔය කියන පිස්සු කන්ඩායම් වලටවත් ජේසුව සම්බන්ද උනා කියල මට කරන්න දෙයක් නෑ.......... කතෝලික සභාව කිසි විටක විද්‍යාව ප්‍රතික්ශේප කරන්නෙ නෑ.... කතෝලික දේව ධර්මය මිනිස් හැකියාව වන විද්‍යාවට සැමවිටම ගරු කරනව...


    //*කොතරම් කරුණු කීවත් මම මගේ මතය වෙනස් කර නො ගන්නෙමි.//*
    ඔබ දරන මතය වෙනස් කිරීමේ කිසි උවමනාවක් මා හට නැත........ මා එම උපත සම්බන්දයෙන් දරන මතයද කිසි දිනක වෙනස් නොවේ...... ඔබට මාගේ මතය බොරුයැයි ඔප්පු කිරීමට නොහැකිය... මටද ඔබේ මතය බොරුයැයි ඔප්පු කිරීමට නොහැක.... ඒ අප දෙදනා විශ්වාස කරන ස්වභාවයයි.... අප දෙදෙනාගෙන් කවුරු හෝ වැරදි විය හැක...... නමුත් වැරදි කවුරුදැයි ඔප්පු කිරීමට සමතකු මෙලොව නැත.......

    ReplyDelete
  34. බලා ගෙන යනකොට ජේසු කියන්නෙත් මාර බුවෙක්නෙ.ඌ ඉපදිලා තියෙන්නෙත් උගෙ අම්මගෙ කන්‍යා පටලය කඩා ගෙන නෙමේනෙ.උගෙ අම්මත් මාර බඩුවක් තමයි බලා ගෙන යනකොට.

    ReplyDelete
  35. [මම JANA ගෙන් හා දිල් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව.]

    මම නම් ආගම් වලට අපහාස කරන එක අනුමත කරන්නෙ නෑ. ඒත් අවධාරනය නොකරම බැරි කාරනා කීපයක් තියනව.

    @Google Bot (Related to first part of this blog)

    අමතක කරන්න එපා අපේ මලක් වගේ තිබුනු සංස්කෘතිය සුද්දො විනාශ කලේ සක්කිලි විදිහට ආගම් ප්‍රචාරනයට ගිහිල්ල කියල. ඉංග්‍රිසි, ලංදේසි, පෘතුග්‍රිසි මේ ඔක්කොම ආවෙ ක්‍රිස්තියනි ආගම ප්‍රචාරය කරන්න. මේ ඔක්කොටොම තිබුනෙ ක්‍රිස්තියනි ආගමෙන් ආපු ආභාශය.

    @Anonymous
    සුද්දො වටිනා ශිශ්ඨසම්පන්න මිනිස්සු දහස් ගානක් මැරුව. අපේ උරුමයන් කොල්ලකෑව, ගම්බිම් විනශ කල. මෙකත් දෙවියන්වහන්සේගෙ කැමැත්තද?

    ලංකවෙ ඉන්න ක්‍රිස්තියානි ආගමට හැරුනු ගොඩක් අය ඒකාලේ තිබුනු ප්‍රශ්න(බලකිරීම්), බලයට(තානාන්තර ) වලට තිබුනු අශාව, දුන්නු වරප්‍රසාද(කිරි පිටි,ආහාර ) නිසා ක්‍රිස්තියානි ආගමට හැරුනු අය(සත්තයය ඉතිහාසය සොයාබලන්න ). ක්‍රිස්තියානි ආගමේ හොද දේවල් ඇති. නමුත් තියන බොහෝ දේවල් එදා තිබුනු පල්ලියට බලය කේන්ද්‍ර කරගත් පාලනයට පහසු වෙන ආකරයට ගොඩනගපු දේවල්(අපි තවදුරටත් ඒවා තුල සිරවිය යුතුද?).දෙවියන්වහන්සේගෙ ඉගැන්වීම් වලට විරුද්ධ උනොත් පවු සිද්ද වෙනව කියල සතයය සොයායාමට තියන මග වල්ක්වල. දැන් අතීතය වෙනස්කල නොහැක.

    නවින විදයාව හමුවේ සියලුම දේවවාදි ආගම් බිදවටෙමින් පවතිනව. අදිමානසික විද්දයාව[Parapshycology] වැනි නවීන විෂයන් මගින් හෙලිකරන දේවල් ගැලපෙන්නේ බෞද්ධ හා හින්දු ආගම් සමග පමනි. උදාහරණයක් ලෙස ගත් කල මෙම විෂය මගින් නැවත ඉපදීම ගැන බොහෝදේ සනාථ කරයි(Google එකේ search කරල බලන්න ). තමා ලද බුද්ධිමත් මනසත් විචාර බුද්ධියත් භාවිතා කරන්න. නවීන දැනුමටත් නිදහස් අදහස් වලටත් ගලාඒමට ඉඩහරින්න. මා බෞද්ධයකු ලෙස මා ලද නිදහස ගන අප්‍රමාන ලෙස සතුටු වෙමි. බුදුරජානන් වහන්සේ දේශනා කරන්නේ උන් වහන්සේ දේශනා කල ධර්මය වුවද තමාගේ නුවණින් විමසා බලා සත්තයය නම් පමණක් පිළිගන්න කියායි.

    මාගේ comment එක දැනටමත් ගොඩක් දික්වෙලා. එම නිසා දේව වාදය බිද වැටෙන ථර්කයක දෙකක් පමණ්ක් ඉදිරිපත් කරන්නම්.

    මේ මහා සංකීර්ණ ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බව කියයි. එසේ නම් එවනි මහගු හැකියාවක් තියන දෙවියන් වහන්සේ කාගේ නිර්මාණයක්ද?. දෙවියන් වහන්සේට මැවීමකින් තොරව ඉබේ ඇතිවිය හැකිනම්, මේ මහා සංකීර්ණ විශ්වයට මැවීමකින් තොරව ඉබේ ඇතිවිය නොහැකිද?

    අනෙක් තර්කය නම්, ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බව කියයි. එසේ නම් මේ විශ්වය කාගේ නිර්මාණයක්ද?. විශ්වයගැන ප්‍රාකශ නොවන්නේ දේව වාදය ඉදිරිපත් කරන කාලයෙදී විශ්වයගැන දැන ගෙන හිටියේ නෑ. එම නීසා ලෝකය නිර්මාණය ගැන පමණක් සඳහන් කලා. අවසානය දක්වා කියවු ඔබට ගොඩක් ස්තුති.

    සියලු දෙනාටම ප්‍රඥාවත් විචාර බුද්ධියත් වඩ වඩාත් පහල වෙත්වා.

    ReplyDelete
  36. බයිබලේ තියෙන උප්පත්ති කතාවෙ ඉදලම තියෙන්නෙ බොරු.ඉතින් එහෙව් එකේ ජේසු කියන බොරුකාරයා කන්‍යා ස්ත්‍රියකට දාව උපන්න කියන එකත් බොරුවක්නෙ.ඔහොම ළමයි ලැබෙනවනම් දැනුත් ළමයි ලැබෙන්න එපැයි.

    තව ටික කාලෙකින් අපේ සුනිල් ටී මහත්තයටත් පුලුවන් වෙයි චිත්‍රපටියකුත් නිෂ්පාදනය කරන්න "කන්‍යාවියකට උපන් බොරුකාරයා" කියල ජේසුගෙයි, එයාගෙ කන්‍යා පටලය කඩා ගත්තෙ නැති අම්මගෙයි පැටිකරේ ගැනයි දාල.

    ReplyDelete
  37. @Anonymous....
    ලංකාවට මුලින්ම ආව පෘතුගීසීන් කතෝලික...... ඉන්පසු ආපු ලන්දේසීන් රෙපරමාදු ක්‍රිස්තියානි...... ඉන්ග්‍රීසීන් ඇන්ග්ලිකානු ක්‍රිස්තියානීන්........ මේ තුන් ගොල්ලන් එකිනේකාට විරුද්දවයි ආගම පැතුරවුවෙ.... . පෘතුගීසින්ගෙන් පසුව ආපු ලන්දේසීන් ලංකාවෙ කතෝලික දහම විනාශ කරල රෙපරමාදුව පතුරුවන්න සෑහෙන උත්සහ කලා.... කතෝලිකයන් මැරුව... පියතුමන්ලාව පිටුවහල් කලා.... නමුත් මේ පීඩන සියල්ල මැද්දේ කතෝලිකයන් සිය විශ්වාසය දිගටම පවත්වාගෙන ගියා.... ඔබ කියන විදියට ඔව්න් වරදාන මත ආගම වෙනස් කලානම් අද ලංකාවෙ ක්‍රිස්තියානින්ගෙන් වැඩි කොටස රෙපරමාදු හෝ ඇන්ග්ලිකානු ක්‍රිස්තියානින් වෙන්න ඕනෙ.... නමුත් එහෙම නෙමේනෙ වෙලා තියන්න.... ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ කතෝලිකයන්..... වරදාන වෙනුවෙන් ආගමක් වැලදගත්ත උන් ටිකක් පසුකාලීනව එම ආගම නිසා මැරෙන්න යද්දිත් එය අත නොහැර ඉදීවිද.... ඔවුනට තිබුන පහසුම මග ඔබ හිතපු විදියට ඔවුනට ඇති වරදාන වලට ආගම මාරු කරන පුරුද්ද මත රෙපරමාදු ආගම වැලදගෙන ලන්දේසි ආන්ඩුවෙන් වරදාන ලබා ගැනීම... නමුත් එහෙම වුනේ නෑන.....

    අනුරාධපුර යුගයෙදි ලංකාව බෞද්ධ උනේ කොහොමද කියල ඔබතුමා දන්නවද.... මිහිදු හිමියන් රජතුමාව බෞද්ධ කලා කියල විතරයි සදහන් වන්නෙ..... ඉතුරු මිනිස්සු ටික කොහොමද බෞද්ධ උනේ...... ඔබ කවදාවත් හිතල තියනවද ????..... සමහර විට රාජ්‍ය බලයෙන් වෙන්න පුලුවන්.......

    අනුරාධපුර යුගයේ මැදභාගය වන විට ලංකාවෙ ප්‍රබලව තිබුනු මහායාන බුදුදහම පුලුටක්වත් ඉතිරි නොවෙන්න අතුරුදහන් වුනේ කොහොමද කියල අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ...... මහායානය ලංකාවෙන් තුරන් කලේ බුදුදහමේ එන මෛත්‍රිය පදනම් කරගෙනද ?????

    විද්‍යාව හමුවේ කිසිදු දේව වාදී ආගමක් බිද වැටී නෑ...... මා කලිනුත් කියූ ආකාරයට විද්‍යාව කිසිවිටක දෙවියන් ප්‍රතික්ශේප කර (දෙවියෙක් නැතැයි කියා ) නෑ..... විද්‍යාවේ මතය වන්නේ දේව සංකල්පය විද්‍යාවට ගෝචර නොවන බව පමනයි..... දේව වාදී ආගම් වලිනුත් කියන්නේ එයමයි.... එනම් දෙවියන්ව කිසිකලේක සාමාන්‍ය මිනිස් බුද්ධියට තේරුම් ගත නොහැකි බවයි... ("මේ ලෝකයේ ප්‍රඥ්ඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙලි කර ඇත. මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රඥ්ඥාවන්ත සැළැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥ්ඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය-1 කොරෙන්ති1:20 ශු.බයිබලය)
    මේක තේරුම් ගන්න අකමැති සමහරු ආගමෙන් වෙන් වෙලා යනව.... හැම ආගමකින්ම වෙන් වෙලා යන කට්ටිය ඉන්නවනෙ.... නමුත් දේව වාදී ආගම් බිද වැටී නෑ...

    //*දෙවියන්වහන්සේගෙ ඉගැන්වීම් වලට විරුද්ධ උනොත් පවු සිද්ද වෙනව කියල සතයය සොයායාමට තියන මග වල්ක්වල//*
    ඔබ කවදාවත් සිද්ධාර්ථ බුදුබව ලබා ගත් (his claim) බව ප්‍රශ්න කරල තියනවද ???? ඔහු කියූ සෑම දෙයක්ම සත්‍යද කියල ඔබම සොයා බලා ප්‍රත්‍යක්ෂ කරගෙන තියනවද ??? ඔබ සන්සාරය හා කර්මය ගැන ඔබේ නුවනින් විමසා බලා ඒවා සත්‍යයැයි ප්‍රත්‍යක්ශ කරගෙන තිබෙනවාද ????

    අනිත් එක අදිමානසික විද්දයාව පරිපූර්න භෞතික විද්‍යා ප්‍රවේශයක් නෙවේ...... එක විද්‍යාවේ එක් අංශයක් විතරයි.... මානසික විද්‍යාවට අදාල සමහර කරුනු විද්‍යාත්මක පරම සත්‍ය බවට නොසලකන බවට ඔබ දන්නව ඇතිනේ....

    ඔබේ ප්‍රශ්න දෙකට පිලිතුරු....
    පලමු ප්‍රශ්නයට පිලිතුරු ලියන්න මෙතැන ඉඩ මදි..... ලියුවොත් කමෙන්ටුව දිග වැඩි වෙනව..... නමුත් එයට පිලිතුර පහත වෙබ් අඩවි වල දැක්වෙනව..... කරුනාකර ඒවාට ගොස් බලන්න.....
    *( http://www.christiananswers.net/q-aig/aig-c039.html )
    *( http://www.christiancourier.com/articles/673-who-made-god )

    දෙවන ප්‍රශ්නයට පිලිතුර.... බයිබලයෙ කියල තියන්නෙ දෙවියන් විශ්වය මවනු ලැබූබව තමයි....නමුත් එය ලියූ ආකාරයෙන් ලෝකයට විශේෂත්වයක් ලැබිල තියනව...("අහස් කුසෙහි ආකාශ වස්තු ඇති වේවා කියාද, පොළොවට එලිය දීමට ඒවා අහසෙහි බැබළේවා කියාද වදාල සේක. - උත්පත්ති1:15- ශු බයිබලය )
    වැඩිදුර කියවන්න... http://www.answersingenesis.org/articles/wow/does-the-bible-say-anything-about-astronomy

    ReplyDelete
    Replies
    1. ආනේ බන් උබල වගේ මොඩයෝ ඔය දෙයියන්ට බය නොවී බුදු දහම ගැන හොයල බලන්න ඇත්ත සොයාගෙන මේ සංසාරෙන් එතෙර වෙන්න කටයුතු කරගන්න සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න තමන්ග් ආගම මුල් තැන තියන්න නෙවෙයි ඇත්තටම මැදිහත් සිතින් සොයා බලන්න එක් අනතයක ඉදල බලනකොට අනික් අන්තය පේන්නේ නැහැග මැද ඉදන් බලන්න බුද්ධිමත්ව සිතන්න මේ ලොකේ අනිත්‍යයට පත් නොවන දෙයක් තියනවද කියල හිතල බලන්න හිතන්න ඹයා පොඩිකාලේ ඉපදෙනකොට දැකපු ඔයාගේ අම්ම අද වෙනකොට කොච්චර අනිත්‍ය වෙලාද ඔයාගේ ඇසින් දුටු රෑප වගේම එ රූප දකින ඇත කොච්චර අනිත්‍ය වෙලාද?? හිතල බලන්න ඔයාල තර්ක කරන එක පැත්තකින් තියල නවතින්න උත්සහ කරන්න ලෝකය ඉදිරියට යනව ඒත් අපි නවතින්න ඕනෙ නවතිනව කියල කියන්නේ මේ සංසාර ගමන නවත්තගන්නවා කියන එක නැවතුනේ නැත්තන් ස්වර්ගයට ගියත් ඒ පිං ඉවරඋනාම නැවත දුකට වැටෙනවා බුද්දිමත්ව සිතන්න

      Delete
  38. @Charith Weerakkody
    අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නනම් හොඳයි නේද ? මම අහන්නේ දැන් විද්‍යාව 100% හොයාගෙන ඉවරද ? ඉවර වුනා නම් ඔයාගේ තර්කය පිලිගන්න තිබ්බා.

    මට කියන්නකො පිළිකා රෝහලට එන ලෙඩුන්ව රවට්ටලා යාඥා කරල ලෙඩ හොද කරන්නෙ කොහොමද කියල?

    කියන්න දෙයක් නෑ. පිලිකා රෝහලට ගිහින් අහලා බලන්න 2002 දී විතර හිටපු දොස්තර කෙනෙක්ගෙන්.
    ඔය කියනවිදියට පිලිකාව අතුරුදහන් වෙන එක වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුලුවන්ද ? කරන්න පුලුවන්නම් ඔබ හරි. සියලුම ආගම් මිත්‍යාදුශ්ටිකයි. එත් බැරිනම් ඔබට පිලිගන්න වෙනවා වෛද්‍ය විද්‍යාවටත් තේරුම් ගත නොහැකි දේවල් තියනව කියලා. එතකොට ඔප්පු කරන්නේ නැතිව කිසි දෙයක් බොරුයි කියන්න බෑ.

    ReplyDelete
  39. මම June 18, 2010 10:20 AM උත්තර දීපු Anonymous part 1

    [මම JANA ගෙන් හා දිල් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව.]

    ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇත. කොටස් වශයෙන් පළකරමි.

    පළමුව මම කිතුණු දහම ගැන දරණ අදහස කියන්නම්. ජේසුස් නම් අධයාත්මික වශයෙන් ඉතා ඉහල ශාස්තෘන් වහන්සේ නමක් සිටිය බවට නම් මට කිසිම සැකයක් නහැ. නමුත් ධර්මය ප්‍රචාරණය කරන කොට පල්ලිය තමා වටේ මිනිසුන්ගේ පාලන බලය ස්ථාපිත කර ගැනිමට බොරුත් ධර්මයට එකතුකලා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා(අධයාත්මික හැකියා නිසා එසේ සිතන්නට ඇති, නමුත් ඊට වඩා හැකියා ඇති යෝගීන් මෑත ඉතිහසයේ ඉන්දියාවේ සිටියා, තාමත් සිටිනව, මෙම ඡේදය අවසනයේ ඇති වෙබ් ලිපින බලන්න ) ලෝකය දෙවියන් වහන්සේගේ මැවීමකි, උන්වහන්සේගේ ඉගැන්වීමට පිටුපෑවොත් පවු සිදු වෙනවා මෙවැනි දේ බලයට ආශාකල මිනිසුන්ගේ නිර්මණ වියහැක.

    [http://en.wikipedia.org/wiki/Ramana_Maharshi]
    [http://en.wikipedia.org/wiki/Devraha_Baba]
    [http://en.wikipedia.org/wiki/Swami_Vivekananda]
    [http://en.wikipedia.org/wiki/Swami_Rama_Tirtha]

    කරුණාකර පහත වෙබ් ලිපින වලට ගොස් බලන්න.
    ඔබට මෙම ගුලිය දුන්න එංගලංතය. විශේෂයෙන් පළමු වාකයය කියවන්න.
    /*Buddhism is quite a recent religion to arrive in England. Despite this, 144,453 people declared themselves to be Buddhist at the 2001 Census*/
    [http://en.wikipedia.org/wiki/Buddhism_in_England]

    ඕස්ට්‍රලියාවේ වේගයෙන්ම ප්‍රචාරය වන ධර්මය, බෞද්ධ ධර්මය.
    [http://www.jucee.org/China/Why-is-Buddhism-the-fastest-growing-religion-in-Australia.html]

    සමස්ථ බටහිර තුල බෞද්ධ ධර්මය.
    [http://en.wikipedia.org/wiki/Buddhism_in_the_West]
    [http://www.buddhanet.net/e-learning/buddhistworld/to-west.htm]
    [http://www.saetawwin2.org/Theravada%20Buddhism%20in%20the%20West.pdf]

    ඇමරිකාවේ
    [http://en.wikipedia.org/wiki/Buddhism_in_the_United_States]
    පුනුරුප්පත්තියට විදයායාත්මක ඔප්පු කිරීම් කීපයක් ගැන.
    [http://reluctant-messenger.com/reincarnation-proof.htm]

    ඔන්න ඉහත ලිපි මම ලියපුවනම් නෙමෙයි.

    මම බටහිර උදාහරණයට ගත්තේ හේතු ගොඩක් උඩ. මම රටවල් බොහොමයක් කිතුණු දහම පදනම් කරගත් රටවල්. ස්වාමින් වහන්සේ නමක් ධර්මය ප්‍රචාරය කරන්නේ ඔයගොල්ලොවගෙ ගෙයින් ගෙට ගිහින් පොත් දීල,ඉස්සර වගෙ කිරිපිටි දීල නෙමෙයි. උන්වහන්සේ ධර්මය දේශනා කරනව. කැමති කෙනකුට පැමිණිලා ධර්මය අහන්න පුළුවන්. මම කලින් කීවා වගේ කිතුණු දහම පදනම් කරගත් රටවල්. ඒගොල්ලො විශ්වාස කරන්නේ හාත්පසින්ම වෙනස් ධර්මයක්. එම නිසා ඒගොල්ලො කියු පමණින් පිළිගන්නේ නෑ. ප්‍රශ්න අහනව, ථර්ක කරනව. ඉන් පසුව තමාට සත්තයය බව වැටහුනොත් විතරක් පිළිගන්නව.උදාහරණ ලෙස (මෙම වෙබ් ලිපිනය ඉහත දැක්වුවකි )[http://www.jucee.org/China/Why-is-Buddhism-the-fastest-growing-religion-in-Australia.html]. මෙම ලිපියේ 4 වන ඡේදය කියවන්න.


    මේ වනවිට ලංකවේ හා වෙන රටවල බෞද්ධ භාවනා මධයයස්ථානවලට බටහිර ජාතිකයන් විශාල වශයෙන් එනව.මට බටහිර ජාතීන් බෞද්ධ වීම මහත් වු විශේෂ දෙයක් නොවෙයි(ඔවුන් සත්තයය දැකිම සතුටකි ). මට බටහිර ජාතින් ඔබට මෙන් ලොකුද නැත. මම කීමට උත්සහ කරන්නේ ඔබට ඔය ගුලිය දුන්න අයගෙන් බොහෝමයක් අය දැන් දැන් සත්තයය දැකීමට පටන්ගෙන. ඔබ තාම ගුලිය ගිලගන්න බැරුව දගලනව.

    ප්‍රශ්න වලට පිළිතුරු දීමට ප්‍රථම තව එක දෙයක් මතක් කරන්නම්. මීට පෙරද ලංකාවේ කිතුණු දහම හා බෞද්ධ ස්වාමින් වහන්සේලා(ජාතික වීරයන්) අතර පානදුරා වාදය වැනි විවාධ ඇති වුනා. විශාල අසාධාරණකම් හමුවේ ඉංග්‍රිසියෙන් පවත්වපු ඒ හැම වාදයක්ම උන්වහන්සේලා දිනුව. සත්තයය දිනනවම තමා.

    ReplyDelete
  40. මම June 18, 2010 10:20 AM උත්තර දීපු Anonymous part 1

    [මම JANA ගෙන් හා දිල් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව.]

    දැන් මම ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ආරම්භ කරන්නම්.

    1. ජේදයට පිළිතුරු.

    ඔවුන් ආවේ ආගම් ප්‍රචාර කරන ගමන් රටේ තියන දේවල් කොල්ල කන්න. එයට අවශයය බලය ගන්න එකිනෙකා මරා ගත්ත. හැමතිස්සෙම කියනව වගේ ආහමට පිටුපෑම ගැන හිතේ ඇතිකරපු භය(තාමත් එහෙමයි ) ආගම මාරු කිරීම වැලකුව. ජේසුස් වහන්සේ පැහැදිළි ධර්මයක් දේශනා කරල නැහැ. ජේසුස් වහන්සේ මුල් කරගත් ආගම් සිය දහස් ගනනක් ලෝකයේ තිබෙනවා. පැහැදිළි දහමක් තිබෙනව නම් මෙපමන ප්‍රබේධ ඇයි? මහා විසංවාධ ගොඩයි. සියල්ලම මිනිසුන්ගේ අභිමතය පරිදි සකස්කල දේවල්.

    වරප්‍රසාද ගැන කථා කරනවම්,ගොඩාක් ඉස්සර රජයේ තානාන්තර ඔක්කොම දිල තියෙන්නෙ ආගමට ගිය අයට තමා. ගොඩක් වයසක ආච්චි සීයා කෙනෙක් ඉන්නව නම් අහල බලන්න ඒ ගොල්ලො ලබපු වරප්‍රසාද ගැන හා බෞදධයන්ට කරපු අකටයුතුකම් ගැන. එයාල දන්නව(ඇත්ත කියයි ද?). තාම ලංකාවෙ තියනව ආගමට ගියාම (පල්ලියට ගියාම ) සල්ලි දෙන, පරිගණක පාඨමාලා දෙන, කෑම දෙන ජේසුස් මුල් කරගත් ආගම්(ආගමේ ආකල්පය පෙන්නන ජීවමාන සාක්ෂි ).

    2. ජේදයට පිළිතුරු

    (ඔබ දී ඇත්තේ ද්වේශය හිතේ පුරවාගත් බොලඳ ථර්ක පමණී ඔබ නොදැන ප්‍රකාශ කරන්නේ මහත් වු පට්ටමපල් බොරුවකි. රජතුමා රටේ සියළුම දෙනා එක්ක ගෙන දඩයමේ යන්නෙ නෑ. මිහිඳු මහා රහතන් වහන්සේ පළමුව හමුවුනේ රජතුමා විතර වෙන්න ඇති.ධර්ම දේශනාව කලේ පසුව. චුල්ල හස්ථි පදෝපම සූත්‍රය දේශනා කරන විට ඉතා විශාල ජනකායක් සිටිය බවට සඳහන් වෙනව. විශාල පිරිසක් පැවදිවුනා. මිහිඳු මහා රහතන් වහන්සේ සමඟ තවත් විශාල පිරිසක් පැමිණියා(කම්මල්කරුවන්, කුඹල්කරුවන්,තවත් බොහෝ ). මේ අයද බෞද්ධ අය. මේ වනවිට ලංකාව තුල හොදින් මුල්බැස ගත් ආගමක් තිබුනේ නෑ. එම නිසා බෞද්ධ ආගම ඉතා හොදින් ප්‍රචලිත උනා.

    ReplyDelete
  41. මම June 18, 2010 10:20 AM උත්තර දීපු Anonymous part 3

    [මම JANA ගෙන් හා දිල් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව.]

    3. ජේදයට පිළිතුරු

    නැවතත් බොලඳ තර්කයකි. ශාස්තෘන්ගේ දේශන අතර වෙනස බලන්න. තිලෝගුරු බුදු රජානන් වහන්සේ සියල්ල මෛත්‍රියට අනුව සිදුවන බවක් දේශනා කර නැත(නියාම ධර්ම 5 කට අනුව සිදුවෙයි[http://www.buddhanet.net/e-learning/karma.htm] ). මෛත්‍රිය යනු අප වඩිපුර සිත තුල වඩා ගත යුතු එක් ගුනාංගයක් පමණි. ඔබගේ ශාස්තෘන්ගේ දේශනය නම් සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත මතම පමණක් සිදුවන බවය. අනුගමිකයන් ලොව පුරා ආගම් ප්‍රචාරණයට ලේ වැගිරුවේ ද දෙවියන් වහන්සේගේ කැමත්තය.

    මිනිසුන් දසදහස් ගණනක් මරගෙන ආපු සුනාමිය බලන්න. මෙයත් දෙවියන් වහන්සේගේ කැමැත්තද?වෙරළ බඩ ධිවර කර්මාන්තය කරපු විශාල සංඛයාවක් කිතුනුවන්. ඔවුන්ටද ගැලවිමක් තිබුනෙ නෑ(ප්‍රශ්නයක් නේද? ). අංගවිකල ලෙස උපදින දරුවෙක් බලන්න. මෙයත් උන්වහන්සේගේම කැමැත්තද?. මෙවැනි කැමැත්තක් තියෙන දෙවියන් වහන්සේ මටනම් එපා. ඔබට අවශයයද? උන්වහන්සේ මෙපමණ පව් කරනවා කියා පව් පුරෝ ගන්න එපා. කිසිවක් දෙවියන් වහන්සේගේ කරන්නේ නැත. අඩුම තරමේ එය ස්වභාව ධර්මයයි සිතන්න.

    4. ජේදයට පිළිතුරු

    මම එකම එක කෙටි උදාහරණයක් ගන්නම් [quantum physics] වල එන E=MC²[Mass–energy equivalenc] සමීකරණය සලකන්න. ස්කන්ධය ක්ෂයවී ශක්තිය නිපදේ. අප හොදින් දන්නා නෂ්ටික ප්‍රතික්‍රියා තුල සිදුවෙයි. මෙම නිපදවෙන ශක්තිය දෙවියන්වහන්සේගේ මැවීමක්ද?. සියල්ල දෙවියන්වහන්සේගේ මැවීම් නොවේ නේද?

    ReplyDelete
  42. මම June 18, 2010 10:20 AM උත්තර දීපු Anonymous part 4

    [මම JANA ගෙන් හා දිල් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව.]

    5. ජේදයට පිළිතුරු


    (ආයෙත් ද්වේශසහගත බොලඳ ථර්කයක් ). බුදුන් වහන්සේ ලොව පහල වුනේ අවු:2500 කට පෙර. නමුත් උන්වහ්සේ දේශනා කල ප්‍රඥාගෝචර අංගසම්පුර්ණ ධර්මය තාම තියනව. මෙවැනි ප්‍රඥාගෝචර ධර්මයක් දේශනා කිල උන්වහ්සේගේ ප්‍රඥාව ගැන සිතන්නට පුලුවනි. උන්වහ්සේගේ ප්‍රදාන ඉගැන්වීමකි රාග, ද්වේශ, මෝහ පවතිනතුරා අප සංසාරය තුල නැවත නැවත ඉපදෙන බව. මම භාවනා කරමින් සිතතුල විශ්ලේශනය කරන විට සිතතුල රාග, ද්වේශ, මෝහ ඇතිවන ආකරය පෙනේ. එය නැති කිරිම භාවනාව මගින් සිත දියුනුකරමින් කලයුතු දෙයකි. සරල නැත. මෙ වෙබ් ලිපිනය බලන්න

    [http://www.youtube.com/watch?v=rLGAbcEhozc&NR=1]


    මම මේ ප්‍රශ්න ටිකම ඔබගෙන් ඇහුවොත් ඔබ දෙන පිළිතුර දැනගන්න කැමති. මට නම් හිතේනේ "සුද්දෙක්ගෙන් අහල පස්සෙ කියන්නම්" කියයි කියල. කොහොම උනත් හොද උත්තරයක් බලාපොරොත්තුවෙනව.


    6,7. ජේදවලට පිළිතුරු


    තර්කය තාම එසේමයි. පහත කියමන ඔබ දුන් වෙබ් ලිපිනයෙන් උපුටා ගන්න ලිදි.


    [If the universe needs a cause, then why doesn't God need a cause? And if God doesn't need a cause, why should the universe need a cause?]


    සහෝදරයා මමත් කියන්නේ ඕකම තමා. විශ්වය මවන්න ඕනේනෑ. එය ස්වභාවධර්මය.


    දෙවියන් වහන්සේට ආරම්භයක් නැති දෙයක් තිබිය හැකිද?. වචන හරභයක් පමණයි. ඔබගේ කණ්ණාඩිය නිසා ඔබට සතතයය ලෙස පෙනනු ඇත. පහත විස්තරය හොදින් කියවන්න.


    ඔබ දුන් ලිපිනයේ සාපේක්ෂතා වාදය මගින් දේව මැමීම ඔප්පුකිරීමට උත්සහ කරනව. නමුත් සාපේක්ෂතා වාදය ඉදිරිපත්කල [Sir. Albert Einstein] නම් ඔයවැනි දේවාදය ප්‍රතික්ශේපකලා. එතකොට ඔබ කොහොමද එතුමා ඉදිරිපත්කල සාපේක්ෂතා වාදය දේවාදය ඔප්පුකිරීමට යොදාගන්නේ.


    මෙම වෙබ් ලිපිනය බලන්න [http://www.spaceandmotion.com/Theology-Albert-Einstein.htm]. මෙහි ඔහු දේව්වාදය ප්‍රතික්ශේප කලබටත් බුදු දහම පිළිගත් බවටත් කල ප්‍රකාශ("Albert Einstein Quotes on Philosophy of Religion, Theology, God" කියන මතෘකාවේ පළමු ජේදය ) ඇත.


    ("අහස් කුසෙහි ආකාශ වස්තු ඇති වේවා කියාද, පොළොවට එලිය දීමට ඒවා අහසෙහි බැබළේවා කියාද වදාල සේක. - උත්පත්ති1:15- ශු බයිබලය ). හොදින් කියවන්න. ඔබ අහසට විශ්වය කියා කියනවාද? අහස යනු අප පොළවට අයත් දෙයකි. තරු අහසේ ඇති දෙවල් ලෙස පෙනේ. නමුත් එම වස්තූන් ආලෝක වර්ෂ ගණනාවක් දුරින් පිහිටයි. එකල මිනිසුන් සිතුවේ අහස පොලවට උඩින් ඇති ස්ථරයක් බවත් තරු එයට සවිකර ඇති බවත්ය. බැබිලෝනියානු ශිශ්ඨාචාරය කාලයේ අහස දේව කාන්තාවක් බවත් තරු ඇඳුමට සවිකල ආභරණ ලෙසද සිතූහ([2300 BC]- මෙය අහස ගැන තිබුන ආකල්පයට උදාහරණයකි ).දැන් ඔබට අහස ගැන තිබුනු ආකල්පය වැටහෙනවා ඇති(බැබිලියානු සමය තරම් දුර්වල නැතුව ඇති ). මෙහි අහස ලෙස දක්වන්නේ අප ග්‍රහ ලෝකයේම කොටසකි. ඇසට පෙනෙනේ ඒ ආකාරයටය. ඇයි ඇසට නොපෙනන දෙය ගැන ප්‍රකශ නොකලේය. විශ්වය ගැන දැන සිටියා නම් අනෙක් වස්තු(අනෙක් ග්‍රහ ලෝක, කළු කුහර, චක්‍රාවාට ) ගැනද මෙම ප්‍රකාශයට ඉදිරිපත් කරනවා. පැහැදිලිව තේරැම් ගන්න, මෙහි විශ්වය ගැන කිසිම ප්‍රකාශයක් නෑ.


    මට කීමට අවශයය වුන වැදගත්ම දෙය පළමුව කියා සිටින්නම්. විවෘත මනක් ඇති එක් අයෙකුට හෝ සත්තයය කුමක්ද යන්න සොයගනීමට මාගේ [comment] එක උපකාරයක් වේවායි මම සිතුවෙමි. ලෝකයේ සිටින බොහෝ අය ඔබට වඩා විවෘතයි, විචාරශීලියි. එවැනි විවෘත,විචාරශීලියි මිනිසුන් සත්තයය සොයා යනව, සමහරැ දැනටමත් සොයාගෙන. එංගලන්ථය,ඕස්ට්‍රලියාව වැනි රටවල බෞද්ධ ප්‍රොබෝධය ඊට උදාහරණ.


    JANA ඔබ නම් සත්තයය පිළිනොගනීවි නමුත් බුද්ධිමත් අයෙකුට සසදා බලා සතයය සෙවීමට මෙම කරුණු හොදටම ප්‍රමාණවත්. එම නිසා මම මෙම ලිපියට තවදුරටත් comment නොදාවි. JANA ඔබ ඔබේ මතය හැර වෙන කිසිවක් සතයය විය නොහැක යයි සිතන අයෙකි. ඔබේ මතය ඔප්පුකිරීමට ඔබ බොරු පවා ඉදිරිපත් කර තිබෙනවා(මම එම ස්ථාන පෙන්නුවා ). ඔබට ගුලිය දීපු සමහර අයත් දැන් ඔයා ගිලින්න හදන ගුලිය අතඇරල. ඔයා තාම ගුලිය ගිලගන්න බරුව දගලනව. තමා ලද විචාර බුද්ධිය පාවිච්චි කරන්න. නැත්නම් මට කියන්න වෙන්නෙ "අනේ පව් ජෝන් තාම සිගරැට් බොනවා කියල තමා." අවසානය දක්වා කියවු ඔබට ස්තුති.

    ReplyDelete
  43. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete
  44. Mage namaya nisa owun obata peeda karana kala santhosha wanna....
    Methana cmnt karapu kithunuwanta kiyanna thiyenne obage wiswasayata hani nowewa... mandayath wiswasaya tharkayen oppu kala hakkak nowe... eya oba thulama adurin alokayata pamineemak pamani.

    ReplyDelete
  45. Mage namaya nisa owun obata peeda karana kala santhosha wanna....
    Methana cmnt karapu kithunuwanta kiyanna thiyenne obage wiswasayata hani nowewa... mandayath wiswasaya tharkayen oppu kala hakkak nowe... eya oba thulama adurin alokayata pamineemak pamani.

    ReplyDelete
    Replies
    1. ජේසු ඔයාල වගේ මොඩයින්ට සමාව දෙනවා. ඔයාල වගේ පිස්සො නිසයි ආගම් වාදය ඇති වෙන්න ඉඩ තියෙන්නේ. කිසිදු ආගමකට ගරහනවාද එයා මෝඩයෙකි. ඔයා වගේ ආගමක් දහමක් නැති පිස්සන්ට දියුණුවකුත් නැහැ. හැමදාමත් එකතැනමයි. ඔය ගරහන දේ තම දරුවන්ගෙන් හෝ පරම්පරා හතකින් හෝ ගෙවන්න වෙනවා. හැබැයි මෝඩයෙක් උනාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න යන්න එපා. වනචර කම ප්‍රදර්ශනය කරන්නත් එපා. ජේසු තුමා ඔබ සමගම වන සේක්වා. ජේසු පිහිටයි.

      Delete
  46. Umba kiyanawa puluwannam dewiyan innawa kiyala oppu karanna kiyala. Nuthana widyawata thawama baa eeka oppu karanna. Habai ee widyawatama bariuna dewiyan kiyala kenek naa kiyala oppu karannath. Mewage gin tharka idiripath karanna epa. Eekota minihekta muwa wela inna ohege gon Kama pradarshanaya wenawa.

    ReplyDelete