කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මලකුණු කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මලකුණු කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ
ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ
මෙවන් සතකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ
ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ
මෙවන් සතකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ///
ගායනය - නිහාල් නෙල්සන්
(පද රචකයාගේ හා සංගීතය සැපයූ පුද්ගලයාගේ නම් නොදන්නෙමි.මෑතකදී මෙම ගීතයේ පද රචකයා පැවිදි වී ඇත.)
3 comments:
නියමයි..ස්තුතියි......
මස්කැමෙන් වලකිමු........
කාලෙකින් ඇහැව්වෙ.. හරවත් දෙයක් අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.
සිංහල බෞදයින්ගේ පිස්සු විකාර මනස්ගාත.
Post a Comment