මේ සිද්ධිය වුනේ අද දහවල් 12.10ට කොළඹ කොටුවෙන් දකුණු කළුතර බලා යන දුම්රියේදීයි.
දුම්රිය ගල්කිස්සට පැමිණි පසු මා සිටි දුම්රිය පෙට්ටියට කාන්තාවක් හා පිරිමියෙකු අවුරුදු 6ක් පමණ දරුවකු හා මාසයක් වයස යැයි පැවසූ දරුවකු වඩා ගෙන පැමිණියා. ඔවුන් පැමිණ සිටියේ මාසයක් වයස යැයි පැවසූ දරුවාගේ ශල්‍ය කර්මයකට අවශ්‍ය යැයි පැවසූ මුදල් ලබා ගැනීමටයි. එම දරුවාගේ හිස අසාමාන්‍ය ලෙස විශාල වී තිබුණි. ඔවුන් පැවසූ ආකාරයට මුදල් ඉල්ලනු ලබන්නේ එම ළදරුවාගේ හිසේ තිබෙන ජලය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සඳහායි. ඔවුන් එම ළමයාගේ MRI ස්කෑනර් යන්ත්‍රයකින් හිසෙහි විවිධ පැති වලින් ගත් පිටපතක්ද රැගෙන විත් තිබුණි.
අවාසනාවන්ත සිද්ධිය මෙය නොවේ. මේ කාන්තාව මීට පෙරත් මෙවැනිම ළදරුවෙකු වඩා ගෙන සිඟමනේ යෙදෙනු පසුගිය සතියේදී මෙන්ම මීට පෙරත් මා දැක තිබීමයි. නමුත් ඇය මීට පෙර රැගෙන ආවේ මේ ළදරුවා නොවේ. සතියක කාලයක් තුළ ළදරුවකුගේ හිසක් මේ තරම් ඉක්මනින් විශාල විය නොහැකිය. මේ කාන්තාවද ඉතාමත් කෘෂ වූ සිරුරක් ඇත්තියකි. සුද්ධ සිංහලෙන් කියනවා නම් හරියට කුඩු ගසන කාන්තාවක් වැනිය. වෙනත් දිනවලද ළදරුවකු වඩා ගෙන කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙමින්, ළදරුවාට අව් රශ්මියෙන් සිදු වන පීඩාවද නොතකා සිඟමනේ යෙදෙයි. කිසිම දිනක ඇය වඩා ගෙන සිටින ළදරුවා හඩන්නේවත්, දගලන්නේවත් නැත. විශේෂත්වය වූයේ අද දින ඇය පැමිණ සිටියේ වෙනදා මෙන් තනිවම නොව තවත් පිරිමියෙකු හා දරුවකු සමග වීමයි.
මා මේ ගැන විස්තර ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ "මහත්තයාට ඒ ගැන විස්තර ඕනෙ නෑනෙ" යැයි පවසා අඟුලාන දුම්රිය ස්ථානයෙන් බැස ඊළඟ පෙට්ටියට මාරු වී යාමයි.
ඔවුන් පැවසූ විස්තර අනුව ළදරුවාගේ ශල්‍ය කර්මය සිදු කරන්නේ ලබන සතියේදීය. නමුත් ස්ථිර දිනයක් පැවසුවේ නැත. ශල්‍ය කර්මය සිදු කරනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේදීය. නමුත් මට ඇති ගැටළුව නම් නොමිලේ සිදු කරන එම ශල්‍ය කර්මයට ඔවුන් මුදල් එකතු කරන්නේ කුමක් සඳහාද යන්නය. අඩු ගණනේ ඔවුන් එම දරුවාට ඇදුමක්වත් අන්දවා තිබුණේ නැත. එම ළදරුවාගේ නියම දෙමාපියන් ඔවුන් නම් එසේ එම ළදරුවාට සලකන්නේ කුමක් නිසාදැයි මට සිතා ගත නොහැක.
මේ ගැන මම මාධ්‍යවේදිනියක් වන ඉන්දු පෙරේරා මහත්මියට කී විට ඈ කීවේ මෙවැනි දේවල් අද ඉතා සුලබ බවත්, ළදරුවා මැරෙන තෙක්ම ඔවුන් ළදරුවා විකුණා මුදල් සොයනු ඇති බවත්ය. ඇය මෙය උපමා කළේ සිඟන්නාගේ තුවාලයටය. ළදරුවාට ප්‍රතිකාර ලබා දුන හොත් ඔවුන්ගේ ආදායම් මාර්ගය නැති වී යන නිසා ඔවුන් කිසි දිනෙක ළදරුවාව ශල්‍ය කර්මයට භාජනය නොකරනු ඇති බව ඇය පැවසුවාය. මෙය අද සමාජයේ ඉතාමත් සුලභ සිදු වීමක් බවත් ඇය පැවසුවාය.
තමන්ගේ දරුවන් මෙන්ම අනුන්ගේ දරුවන්වත් විකුනන් කන අම්මලා ඉන්න අපේ රටේ මතු දරු පරපුරට දෙයියන්ගේම පිහිටය!
14 comments:
චරිත් කියවන්න
ශ්‍රිලංකාවෙ යචකයා කියන පොත, ආචාර්ය නන්දසෙන රත්නපාල මහතා විසින් රචනා කරන ලද්දක්..
ඔබගෙ සියලු ප්‍රශ්නවලට පිළිතුරු එතන තියනවා..
එත් මාරු සල්ලි කියක් හරි තියනවා නම් නොදී ඉන්න ඉන්න එපා. උන් හම්බ කරන්නෙ නැතුව ගියොත් හිඟන මුදලාලි උන්ට ගහනවා. කන්න දෙන්නෙ නැහැ.
බඩ වෙනුවෙන්නෙ ඔය මිනිස්සුන්ව රවට්ටන්නෙ. ඉතින් කියක්හරි දිලා දාන්න තියනවනම්. උන්ටත් සන්තොෂයි අද කවුරුහරි රවට්ටලා ගාන හොයාගත්ත කියලා, අපිටත් සන්තොශයි අපි රවට්ටන්න ආපු මිනිහවත් සන්තොශකරලා ඇරියනෙ කියලා.
මචන් ඔහොම තමා, හැබැයි ඔය ගැන ළමා රක්ෂණ අධිකාරිය දැනුවත් කලෝත් නරකද අඩු ගානේ ලමයාවවත් බේරෙයිනේ.
රවා ට හිතන්න ඕන යමක් සහෝ
මචන් ඔහොම තමා, හැබැයි ඔය ගැන ළමා රක්ෂණ අධිකාරිය දැනුවත් කලෝත් නරකද අඩු ගානේ ලමයාවවත් බේරෙයිනේ.
රවා ට හිතන්න ඕන යමක් සහෝ
රවා,
kiyana eka hari.. me gollanta loku boss la innava..egollan megollanva mehama karala hambakaranava..
එත් මාරු සල්ලි කියක් හරි තියනවා නම් නොදී ඉන්න ඉන්න එපා. උන් හම්බ කරන්නෙ නැතුව ගියොත් හිඟන මුදලාලි උන්ට ගහනවා. කන්න දෙන්නෙ නැහැ.
meka eththa.. lankave vitharak nevei..Indiaveth ehema thamai.
Me videos balanna
http://www.youtube.com/watch?v=wRyU4iZZRkw&feature=related
http://www.youtube.com/watch?v=PSBSbVvAbuk&feature=related
Meka awards lebu movie eke kotas..meke rangapala thiyanne Srilankan actress Pooja.. Balanna..hingannange loke kochhcara dheval sidda venavadha kiyala :-(
යථාර්තය........අද මාධ්‍ය වලිනුත් මළමිනී විකුණගෙන කනවා......අපිම පත්ත්කොර ගත්තු ලොක්කො අපේ ඇස් පනාපිටම අපි ඔක්කොම අන්දනවා...ඉතින් හිඟන්නොත් ඒකම තමයි කොරන්නේ.....අපි පොඩි මිනිහා කොරන රැවටිලි ගැන කතා කරලා ඒක අඩු කරන්න යෝජනා කරනවා....නමුත් ඒක කොයිතරම් නම් ප්‍රායෝගිකද?..බොබ් ඩිලන් කීව වගේ පිළිතුර අවට සුළඟෙ පාවෙනවද කියලා නම් මට හරියටම පැහැදිලි නෑ......
ශ්‍රී ලන්කාවේ යාචකයා කියන පොත සම්බන්ද වෙන්නෙ 60 දශකයට...අද වෙනකොට තත්වය හරි වෙනස්...ඉතා කුඩා වූ ජාල මට්ටමින් හැරෙන්න..හිඟන්නන් සම්බන්ද විශාල ක්‍රමයක් අද නෑ...මම නන්දසේන මහත්මයෙගෙ පොතේ මේ වාගෙ කැත වැඩ දැකල නෑ...මොනව උනත් ඔය හිඟන්නොන්ට සල්ලි දෙන්නෙ...තමන්ට මොනව ලැබෙනවටද????අඩුතරමෙ ඒ මිනිස්සුන්ටවත් වැඩක් නැත්නම් මොකටද සල්ලි....
හැමදේම විකිනෙන කාලයක්.... කලකිරෙනවා. මම නම් කවදාවත් ඔහොම ඩේලි එන හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නැහ... ඒ කාලේ.
රවා : මචන් මුදලාලිලා පොහොසත් කිරීමක් නෙ බන් ඒකෙන් වෙන්නේ ?
මේවා පැමිණිලි කරන්න පැය 24 දුරකථන අංකයක් දීලා තියෙනවා.
1929
මේ වගේ අවස්ථාවල ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා කියලයි කියන්නේ. මේ අංකය මතක තියා ගත්තොත් මේ වගේ වෙලාවට මොනවාහරි කරන්න පුලුවන්වෙයි.
@ රවා - බඩගින්න වෙනුවෙන් සල්ලි දුන්නත් අර ළදරුවාට ඒකෙන් සෙතක් වෙන්නෙ නැහැනෙ. එහෙමවත් දෙයක් වෙනවනම් සල්ලි දුන්නට වරදක් වෙන්නෙ නැහැ. අනිත් එක අපි මොකටද අහක ඉන්න හිඟන මුදලාලිලාව පෝසත් කරවන්නෙ.
@ V - ඇත්තටම එහෙම පැමිණිලි කරන්න දන්න ක්ෂණික දුරකථන අංකයක් මම එවෙලෙ දැනුවත්ව හිටියෙ නැහැ. එහෙම දැන ගෙන එවෙලෙ හිටිය නම් මම අනිවාර්යයෙන්ම පැමිණිලි කරනවා.
@ எம்.ரிஷான் ஷெரீப் - මේ ගොල්ලන්ගෙ ලොකු බොස්ල ගැන හිතල සල්ලි දෙන්න ගියොත් කවදහරි අපිටත් හිඟා කන්න තමයි වෙන්නෙ.
@ Shadow/හේමලයා - ඔබ කියන දේ හරි. ඒත් අපිට ලොකු මිනිස්සු කරන වැරදි නවත්තන්න බැරි වුනත් පොඩි එවුන් කරන වැරැද්දක් හරි නවත්තන්න පුළුවන් නම් ඒක සමාජයට කරන ලොකු සේවයක් වෙනව. විශේෂයෙන්ම අත දරුවකුව විකුණගෙන කන එක මොන සමාජයකින්වත් අනුමත කරන්නෙ නෑනෙ.
@ indi - ඔබ කියන දේ එක්ක මමත් එකඟ වෙනව.
@ පිස්සා පලාමල්ල - මමත් කවදාවත් හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නෑ. බංග්ලාදේශයේ එක හිඟන්නෙකුට සල්ලි දුන්නොත් වටේ ඉන්න ඔක්කොම හිඟන්නො ඇවිල්ල වට කර ගන්නව. ආපහු ඒ මිනිස්සුන්ගෙන් බේරිලා නම් යන්න ලැබෙන්නෙ නෑ. මේ අත්දැකීම නිසා මම නම් කවදාවත් හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නෑ.
මේ ගෑනු කෙනා දහවල් කාලයට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රියවල නිතර දකින්න ලැබෙන ගෑනු කෙනෙක්. ඒත් කවුරුවත් ඒ ගෑනු කෙනාට විරුද්ධව කටයුතු කරන්නෙ නෑ.
@ Charmi - බොහොම ස්තූතියි දුරකථන අංකය ලබා දුන්නට. අනිත් දවසෙ මම අනිවාර්යයෙන්ම මේ ගෑනු කෙනා ළදරුවෙක් අරන් හිඟමනේ ආවොත් මම මේ දුරකථන අංකයට පැමිණිලි කරනව.
I was really heartbroken to see what happened here, .
Think Child Protection Authority should be given more teeth to deal with unscrupulous people like these.
Post a Comment