Monday, August 9, 2010

ජය පිරිතෙන් නැගිට මහ පිරිතෙන් නින්දට යාම

සිංහල ගුවන් විදුලි නාලිකාවල අළුත්ම ප්‍රවනතාවය තමයි උදේට, හවසට හා රාත්‍රියට පිරිත්, ජය මංගල ගාථා, පන්සිල් ආදිය ප්‍රචාරය කරවීම. ඒ නිසා දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා උදේට එළාම් එක විදිහට ජය පිරිත යන වෙලාව තියාගෙන කුණු කෙළ පිටින්ම පිරිත් අහගෙන උදෙන්ම නැගිටින්නටත්, හවසට හීනියට අඩියක් ගහන ගමන් ජය මංගල ගාථා ආදී එකී මෙකී නොකී ගාථා අහන්නටත්, රෑට නිදි මර ගාතෙන් මහ පිරිත අහල නින්දට යන්නටත්.

ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ පිරිත් අහන අය හෝ අල්ලපු ගෙදරටත් එක්ක ඇහෙන්න පිරිත් දාන අයට ඇත්තටම මේ පාලි වලින් කියන මේ වචන ටික තේරෙනවද කියන එක. අඩු ගානෙ ඒ වචන ටික තේරුනත් ඒ ගාථාවල කියන දේවල් මේ මිනිස්සු පිළිපදිනවද කියන ප්‍රශ්නය මට තියෙනව. නැත්නම් උපන් දා ඉදලම කරපු පස් පව් දුරු කර ගන්නට මේ පිරිත් අහනවද කියලත් මට හිතෙනව.

ඇත්තටම මේ පිරිත් විදිහට කියන වචනවල කිසියම් හෝ බලයක් තියෙනවනම් මේ පිරිත් අහන කිසිම කෙනෙකුට කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ. මේ පිරිත් වලින් වන එකම දේ විදිහට මට තේරෙන්නෙ මිනිස්සුන්ට මානසිකව ලැබෙන සැනසීම විතරයි කියලයි මට නම් හිතෙන්නෙ. ඒ වගේමයි සමහරුන්ට මේ පිරිත් කියල දෙයක් තියෙනවයි කියල මතක් වෙන්නෙ මරණාසන්න ලෙඩක් හැදිල ඇඳට වැටිල ඉන්නකොට තමයි. ඉතින් ඒ වගේ වෙලාවට පිරිත් කීමෙන් ඇති වෙන එකම ප්‍රයෝජනේ විදිහට මට පේන්නෙ ලෙඩාට හා ඔහුගේ ඥාතීන්ට ඇති වන මානසික සැනසීම විතරයි.

මට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඇයි මේ පිරිත් කියන කොට වචන ඇදලා කියන්නෙ ඇයි කියන එක. බුදුන් වහන්සේවත් එහෙම පිරිත් කිව්වද කියල මට නම් සැකයි. අනික ඇයි අපි නොතේරෙන බාසාවකින් පිරිත් කියන්නෙ කියලත් මට ප්‍රශ්නයක් තියෙනව. හැමෝටම තේරෙන සිංහලෙන් නොකියන්නෙ ඇයි? සිංහලෙන් කිව්වොත් පිරිතෙ බලය අඩු වෙනව හරි නැති වෙලා හරි යනවද? එක් ගුවන් විදුලි නාලිකාවක නම් සිංහලෙන් පිරිත් විකාශනය කලත් ඒකත් අහන් ඉන්න තරම් රසවත් තත්ත්වයක නැහැයි කියලයි මට හිතෙන්නෙ.

අනිත් එක තමයි මේ විදිහට පිරිත් විතරක් ගුවන් විදුලි නාලිකාවල විකාශය කළාම අනිත් ආගමිකයන්ට වන අසාධාරණය. හරි නම් මුස්ලිම් ආගමිකයන් ආගම කියන පස් වතාවෙම ඒකත් විකාශය කරන්න ඕන. එතකොට මුස්ලිම් ජාතිකයොත් ඒ ගුවන් විදුලි නාලිකාව අහන්න එක් වෙනව. ඒ වගේම තමයි හින්දු හා ක්‍රිස්තියානි ආගමේත් ආගමික කටයුතු ප්‍රචාරය කරන්න ඕනෙ. බෞද්ධයන් වැඩි දෙනෙක් බුදුන් වහන්සේට වඩා හින්දු දෙවිවරු විශ්වාස කරන නිසා තව තවත් අසන්නන් ගුවන් විදුලි නාලිකා වටා එක් වේවි.

ලාංකිකයන්ට රාජකාරියට වඩා දේව කාරිය ලොකු නිසා මේ විදිහට සර්ව ආගමික වතාවත් විකාශනය කරන ගුවන් විදුලි නාලිකාව වටා අසන්නන් වැඩි දෙනෙක් එක වේවි.

40 comments:

  1. පිරිත් කියන්නෙ බුදුහාමුදුරුවො කියපු විදිහට නෙවෙයි නේද? මා විසින් මෙසේ අසන ලදී කියලානෙ පටන් ගන්නෙ

    තේරුම දැනගෙන අහනවනම් පිරිත් වල ඉගෙන ගන්න සහ හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
  2. ඕවා ගැන නම් කියලා වැඩක් නෑ බං.....ඒ වුනාට කියපු ගමන් ඔක්කොම යක්කු ඇඟට කඩ පනිනවා...මිත්‍යදෘෂ්ටිකය කියලා...දැන් බෞද්ධ දර්ශනයත් ලාංකීකරනය වෙලානෙව තියෙන්නේ...ඒ හිඳ දේශ ද්‍රෝහියා කියන්නත් බැරි නෑ,.....ඉක්මනට නිවන් යන්න කියලා හාමුදුරුවෝ ලඟින්ම වාඩිවෙලා දෙවදත්ත ගල් පෙරලූ හැටිකියද්දිත් සාධුකාර දෙන එකේ ඕවා මොනවද....හිතෙ කහට පුරෝගෙන සුදුපාට ඇඳන් පන්සල් ගියාම ඔක්කොම පව් සේදෙනවා කියලා තම අපේ අය කියන්නේ....බුදු හාමුදුරුවො අද උන්නනම් ලැජ්ජජවෙයි කොරන විගඩම් වලට...ඔක්කෝම නිකන් රඟ පෑමක් වෙලා....අනික බෞද්ධ දර්ශනයේ එන කරුණු අකාලික වුනාට...බණේ එන සමජ චර්යා සම්නන්ද කොටස් බොහොමයක් යල් පැනලා...ඒක පිළිගන්න තරම් වත් අපේ ඔස්තාර්ලා නිහතමානී නෑ...දන්නේ ඇඟට කඩා පනින්න............

    ReplyDelete
  3. සහෝදරයා, ඔබේ සටහනේ ඉහලින් කියලා තියන දේ ගැන මං එකඟ වුනත් පහලින් තියන දේට නම් එකඟ වෙන්න බෑ. වෙන ලෝකෙ කිසිම රටක පිරිත් විකාශය වෙනවද මේ වගේ ?. බෞද්ධ රටක් විදිහට ඒ අනන්‍යතාවය හෙලිකරන්න ඇයි මෙතරම් අපේ මිනිස්සු බය. මුස්ලිම් පල්ලි හැම නගරයකම තියනවා. ලවුඩ්ස්පීකර් දාගෙන වාංගු කියන්නේ නැද්ද ඒ අය. ?

    ඇයි මේ පිරිත් දේශනාවක් විකාශය වීම ගැන විතරක් කතා කරන්නේ. කැමති කෙනෙකුට රේඩියෝ එක දාලා අහන්න පුලුවන්. අකමැති කෙනෙක්ට නාහා ඉන්න පුළුවන්. බලෙන් අස්සවන්නේ නෑ නේ.
    එහෙමවත් දෙයක් කරන්න බැරි නම් මේ රටේ, බෞද්ධයන්ට මේ රටේ තියන තැන මොකක්ද ?

    ReplyDelete
  4. @ Chanaka - "මා විසින් මෙසේ අසන ලදී" කියල පටන් ගන්නෙ සමහර පිරිත් විතරයි නේද? මහ පිරිතට අයත් රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය හා මිත්තානි සංස සූත්‍රය, අටවිසි පිරිත, චූල ජිනපඤ්ජර පිරිත, අංගුලිමාල පිරිත, ජල නන්දන පිරිත, මෝර පිරිත, ජය පිරිත ආදී පිරිත් පටන් ගන්නෙ "මා විසින් මෙසේ අසන ලදී" කියල නෙමේ. සමහර විට මේ සමහර පිරිත් බුද්ධාගමට පස්සෙ කාලෙක එක් වෙන්න ඇති.

    ගොඩක් දෙනා පිරිත් අහන්නෙ නිකන් අහන්න ලැබෙන නිසා මිසක් තේරුම දැන ගෙන නෙමේ. එහෙම තේරුම දැන ගන්න ගොඩක් දෙනෙකුට උවමනාවකුත් ඇත්තෙත් නෑනෙ.

    ReplyDelete
  5. @ Shadow/හේමලයා - හේමලයා කියන දේ එක්ක මමත් එකඟ වෙනව. පිරිත් කියන්නෙත් අද මාකට් කරන්න පුළුවන් දෙයක්. ඕන්නම් පිරිතුත් රැප් කරල දැම්මොත් අපේ මිනිස්සු ඒකටත් නටයි.

    ReplyDelete
  6. @ හෙළයා - මම දැකල තියෙනව තායිලන්තයෙත් හවසට මේ වගේ ගුවන් විදුලි නාලිකාවල හා රූපවාහිනී නාලිකාවල පිරිත් දානව. ඒ වගේම තමයි තායි ගුවන් සේවයෙ ගමන් කරද්දිත් තමන්ට පුළුවන් පිරිත් ශ්‍රවනය කරමින් යන්න.

    මුස්ලිම් අය ආගම කියන එක තාමත් බිස්නස් එකක් කරගෙන නැහැ. ඒත් සිංහල බෞද්ධයො තමයි වැඩියෙන්ම තමන්ගෙ ආගම විකුනන් කන්නෙ. හොඳම උදාහරණෙ තමයි පාර්ලිමේන්තුවෙ ඉන්න මංත්‍රී හාමුදුරුවරු සෙට් එකත්, මේ පිරිත් විකාශය ආදිය ගැන දැන්වීම් ප්‍රචාරය කරන මාධ්‍ය මුදලාලිලාත්.

    ReplyDelete
  7. අපි හිතනවා අපි ජීවත්වන්නේ විද්‍යාව අතින් හුගක් දියුණු යුගයක කියලා. ඒ නිසා අපි නිසි විද්‍යාත්මක පැහැදිළි කිරීමක් නැති දේවල් පිළිගන්න ලෑස්ති නෑ. අපේ කටින් පිටවන වචනයක සිතුව්ල්ලක බලය ගැන විද්‍යාවට නිසි පැහැදිළි කිරීමක් නෑ.

    දැන් බලන්න ඇස්වහ කටවහ වගේ දෙයක්. එහෙමත් නැත්නම් සෙත්කවි වස්කවි වගේ දේවල්. අපිට මේවා කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට පිරිතක තියන බලය ගැනත් අපිට නිකම් තර්ක කරන්න බෑ.

    මහා මංගල සූත්‍රය පටන් ගන්නෙත් ඒවං මේ සුතං කියලා තමයි.
    මේක කියවන කොට හිතුනා හැමදෙයකම වැරැද්දක් දකින හදන ලිපියක්ද කියලා. එක අතකින් උදේ පාන්දර බයිලා අහනවාට වඩා පිරිත් අහන එක හොද නැද්ද?

    ආ තව දෙයක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පිරිතක් කියන්න ඕනේ ස්වර හතරක් භාවිතා කරලා කියලා. මම හිතන්නේ ඒ කාලේ ඉදන් කිව්ව තාලයට තමයි අදත් කියන්නේ.

    ගුවන් විදුලියේ විකාශනය වන දහසකුත් එකක් කුණු ගොඩවල් වලට ගැළපෙන්නේ නැති නිසා වෙන්න ඇති පිරිත් වලට මෙච්චර අකමැති

    ReplyDelete
  8. උඹේ අනික් ලිපි වල නම් ගත යුතු දෙයක් තිබුනට මේ ලිපිය නම් කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න වෙනවා මචන්. බෞද්ධ රටක් විදිහට ලංකාවේ පිරිත් විකාශනය වෙනවා. ජාතික ගුවන්විදුලියේ සර්ව ආගමික දේශනා විකාශනය වෙනවා. දන්නේ නැත්නම් අහලා බලපන්. උඹ කියන්නේ 70%කට වඩා බෞද්ධයෝ ඉන්න රටේ තියෙන තරමක් රේඩියෝවල හැම එකාගෙම අඳෝනාවල් උදේ පාන්දර දාන්න කියලද? පිරිත් දේශනා කරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒකාලේ ඉඳන්ම ඒක පැවතගෙන ආවේ ඒකේ වටිනාකමක් ඇති නිසයි. ඒ දේවල් නොදන්න කමට විවේචනය කරන එක මහ මුග්ධ ක්‍රියාවක්. සර්ව ආගම් ගැන කතා කරන උඹ කල්පනා කරලා බලපන් උඹ ඔය කියන අනිත් ආගම් තියෙන රටවල් කීයක් උදේට සර්ව ආගමික කියල පිරිත් දේශනාවක් එක විනාඩියක්වත් විකාශනය කරනවද කියලා.උන් එහෙම කරන්නේ නත්නම් අපි මොන මඟුලකට එහෙම කරනවද කියල උඹෙ ඔය පුංචි මොලේට තට්ටු කරලා අහපන්.

    ReplyDelete
  9. මේකයි. " අල්ලාහු අක්බර්" කියලා කෑ ගහනකොට උඹල එකෙක්වත් කටක් අරින්නෑ. ජේසුට හූ කියනකොට කට අරින්නැති උඹල මේ පිරිතට තමා කෑ ගහන්නෙ. ඔය තරම් පහත් තත්වයට වැටෙන්න එපා. පිරිතෙ තේරැම දැනගත්තහම ගුණ වැඩි අැත්ත. ඒත් ඒකෙ ස්වරය, ශාන්න ස්වභාවයට හිත නිකම්ම සන්සුන් වෙනව. අනික ජය පිරිතෙ තේරැම ඉතාම සරළයි. ඒතක තේරැමවත් තේරෙන්නැත්නම් මොන්ටිසෝරි පලයල්ලා....

    ReplyDelete
  10. @ wenupriya ඒක ඇත්ත.මුන්ට තියෙන අමාරුව අපේ මේ බණ ටික නේ.මුස්ලිම් උදේ,දවල්,භවස මහ හයියෙන් දාන ටික පේන්නෙ නෑ.ඒක ගැන කට හොල්ලන්නෙත් නෑ.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.අපේ බණ අපිට හොඳයි.ඒ අනුව ජීවත් වෙන එක, ඒ කරුණු අවබෝධ කර ගැනීම අප විසින් කර ගන්නම්.(එය 100% නොවෙන්න පුලුවන්).නමුත් බෞද්ධ දර්ශනය තිබුණ නිසා තමයි අද මේ රට මෙහෙමවත් තියෙන්නේ එහෙම නොවුණ නම් වෙන දේ බලා ගන්න මේ film එකෙන් - The Stoning of Soraya M

    ReplyDelete
  11. muslim aagama bisnuss 1kak karagena na kiyana moodaya kawda? un unge aagama wapuranna monawada nokaranne? eath ubala ubalage aagamama nathi karannai wada karanne.
    pirithe anuhas theruma denagena kalama nam wadi thamai .eath ea wachana wala thiyena shakthiya adu wenne na .pirithak yanne siwara paraasayak thula .ea swara parasaya matha goda nagena shakthiyak thiyenawa .oka nodanna aya me rate innawa kiyana 1kath pudumai .habei ithin meka liwwa kena nam meka liyala thiyena vidiyata hithenne allapu gedara inna 1ka gen beerenna baruwa ka gahanawa kiyalai .poddak jala nandana pirithe guna gena hoyala balanna ,sabba papassa akaranam kiyana gaathawen monawada karanna puluwan kiyala hoyala balanna .ea dewal karanne theruma dena gena nemei .eath ea wachana wala thiyena vishwa shakthiya hugak balagathui .eaka nodana me wage moda katha samaja gatha karanna hadanna eapa .oyala wage aya thamai me rate thiyena budu dahamath nathi karanna try karanne

    ReplyDelete
  12. Thawa tikak jewithee geniyana kota therei prithe agee...

    ReplyDelete
  13. යමක් පිළිබදව විවේචනයක් කරනව නම් ඒ පිලිබදව හොද අධ්‍යනයක් කරන්න ඕනෙ. උඹ මොනවද පිරිත් ගැන දන්නෙ.
    1 ඡේදයට පිළිතුරැ.
    මෙතන උඹ තමයි ජය පිරිත එලාම් එකට තියල නැගිටින්නෙ. වෙන කවුරැවත් එහෙම කරනව කියල මම නම් හිතන් නෑ. අනික හවසට හීනියට අඩියක් ගහල ගමන් ජය මංගල ගාථා ආදී එකී මෙකී නොකී ගාථා අහන්නෙත් රෑට නිදි මර ගාතෙන් මහ පිරිත අහල නින්දට යන්නෙත් උඹම විතරක් වෙන්න ඕනෙ.
    2 ඡේදයට පිළිතුරැ.
    පිරිත් අහන්න ඒවගෙ තේරැම දැන ගත යුතුම නැත. නමුත් එහි සිංහල තේරැම දැන ගෙන සවන්දෙනව නම් එයින් වඩාත් වැඩි ගුණයක් ලැබේ. තව දෙයක් පිරිත් වල තිබෙන ස්වර ස්ථාන, පිහිටීම ගැන උඹ කිසිවක් නොදන්නා බවයි ම‍ට හිතෙන්නෙ.
    3 ඡේදයට පිළිතුරැ.
    "ඇත්තටම මේ පිරිත් විදිහට කියන වචනවල කිසියම් හෝ බලයක් තියෙනවනම් මේ පිරිත් අහන කිසිම කෙනෙකුට කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ." මේ ප්‍රකාශයෙනුත් මට නම් හැගෙන්නෙ බෞද්ධ දර්ශණය ගැන ඔබේ දැනුම කොතරම් අල්පද කියලයි.උතු නියාම, බීජ නියාම, කම්ම නියාම ... යනාදී නියාම ධර්ම අනුවක් පුද්ගලයෙකුගෙ කර්මය තීරණය වෙන්නෙ. ඒ නිසා පිරිත් අහපු පමණින් කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ කියල කාටවත් කියන්න බැහැ.
    4 ඡේදයට පිළිතුරැ.
    (2 දුන් ඡේදයට පිළිතුරැ ප්‍රමාණවත්ය.)
    5 ඡේදයට පිළිතුරැ.
    මෙසේ පිරිත් දැමීමෙන් වෙන කිසිම ආගමිකයෙකුට අසාධාරණයක් වන බව නම් මා පිළිගන්නෙ නැත. මේක සිංහල බෞද්ධ රටක්. තවමත් එහි ප්‍රතිශතය 70% පමණ වේ. ඔබ කියන ක්‍රිස්තියානි හෝ මුස්ලිම් රාජ්‍ය වල කෝ බෞද්ධ තැනක්. මෙය සිංහල බෞද්ධ රජ්‍යක් නිසයි ඔබ ඔය වගේ ප්‍රකාශ කරන්නෙ. මේ රටේ අන්‍යාගම් වලට තිබෙන නිදහස ලෝකයේ වෙන කිසිම ර‍ටක නැත.
    6 ඡේදයට පිළිතුරැ.
    අවසාන වශයෙන් සියලු අගම් මාකට් කරීමේ ඔබේ අදහසකුත් ඔබ ඉදිරිපත් කර ඇත.
    (මේ ඔබේ සටහන පිළිබදව මා මෙන්ම සිංහල බෞද්ධ සියලු දෙනා කණගාටු වන බව මා දනිමි.)

    ReplyDelete
  14. යමක් පිළිබදව විවේචනයක් කරනව නම් ඒ පිලිබදව හොද අධ්‍යනයක් කරන්න ඕනෙ. උඹ මොනවද පිරිත් ගැන දන්නෙ.
    1 ඡේදයට පිළිතුරැ.
    මෙතන උඹ තමයි ජය පිරිත එලාම් එකට තියල නැගිටින්නෙ. වෙන කවුරැවත් එහෙම කරනව කියල මම නම් හිතන් නෑ. අනික හවසට හීනියට අඩියක් ගහල ගමන් ජය මංගල ගාථා ආදී එකී මෙකී නොකී ගාථා අහන්නෙත් රෑට නිදි මර ගාතෙන් මහ පිරිත අහල නින්දට යන්නෙත් උඹම විතරක් වෙන්න ඕනෙ.
    2 ඡේදයට පිළිතුරැ.
    පිරිත් අහන්න ඒවගෙ තේරැම දැන ගත යුතුම නැත. නමුත් එහි සිංහල තේරැම දැන ගෙන සවන්දෙනව නම් එයින් වඩාත් වැඩි ගුණයක් ලැබේ. තව දෙයක් පිරිත් වල තිබෙන ස්වර ස්ථාන, පිහිටීම ගැන උඹ කිසිවක් නොදන්නා බවයි ම‍ට හිතෙන්නෙ.
    3 ඡේදයට පිළිතුරැ.
    "ඇත්තටම මේ පිරිත් විදිහට කියන වචනවල කිසියම් හෝ බලයක් තියෙනවනම් මේ පිරිත් අහන කිසිම කෙනෙකුට කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ." මේ ප්‍රකාශයෙනුත් මට නම් හැගෙන්නෙ බෞද්ධ දර්ශණය ගැන ඔබේ දැනුම කොතරම් අල්පද කියලයි.උතු නියාම, බීජ නියාම, කම්ම නියාම ... යනාදී නියාම ධර්ම අනුවක් පුද්ගලයෙකුගෙ කර්මය තීරණය වෙන්නෙ. ඒ නිසා පිරිත් අහපු පමණින් කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ කියල කාටවත් කියන්න බැහැ.
    4 ඡේදයට පිළිතුරැ.
    (2 දුන් ඡේදයට පිළිතුරැ ප්‍රමාණවත්ය.)
    5 ඡේදයට පිළිතුරැ.
    මෙසේ පිරිත් දැමීමෙන් වෙන කිසිම ආගමිකයෙකුට අසාධාරණයක් වන බව නම් මා පිළිගන්නෙ නැත. මේක සිංහල බෞද්ධ රටක්. තවමත් එහි ප්‍රතිශතය 70% පමණ වේ. ඔබ කියන ක්‍රිස්තියානි හෝ මුස්ලිම් රාජ්‍ය වල කෝ බෞද්ධ තැනක්. මෙය සිංහල බෞද්ධ රජ්‍යක් නිසයි ඔබ ඔය වගේ ප්‍රකාශ කරන්නෙ. මේ රටේ අන්‍යාගම් වලට තිබෙන නිදහස ලෝකයේ වෙන කිසිම ර‍ටක නැත.
    6 ඡේදයට පිළිතුරැ.
    අවසාන වශයෙන් සියලු අගම් මාකට් කරීමේ ඔබේ අදහසකුත් ඔබ ඉදිරිපත් කර ඇත.
    (මේ ඔබේ සටහන පිළිබදව මා මෙන්ම සිංහල බෞද්ධ සියලු දෙනා කණගාටු වන බව මා දනිමි.)

    ReplyDelete
  15. යමක් පිළිබදව විවේචනයක් කරනව නම් ඒ පිලිබදව හොද අධ්යනනයක් කරන්න ඕනෙ. උඹ මොනවද පිරිත් ගැන දන්නෙ.
    1 ඡේදයට පිළිතුරැ.
    මෙතන උඹ තමයි ජය පිරිත එලාම් එකට තියල නැගිටින්නෙ. වෙන කවුරැවත් එහෙම කරනව කියල මම නම් හිතන් නෑ. අනික හවසට හීනියට අඩියක් ගහල ගමන් ජය මංගල ගාථා ආදී එකී මෙකී නොකී ගාථා අහන්නෙත් රෑට නිදි මර ගාතෙන් මහ පිරිත අහල නින්දට යන්නෙත් උඹම විතරක් වෙන්න ඕනෙ.
    2 ඡේදයට පිළිතුරැ.
    පිරිත් අහන්න ඒවගෙ තේරැම දැන ගත යුතුම නැත. නමුත් එහි සිංහල තේරැම දැන ගෙන සවන්දෙනව නම් එයින් වඩාත් වැඩි ගුණයක් ලැබේ. තව දෙයක් පිරිත් වල තිබෙන ස්වර ස්ථාන, පිහිටීම ගැන උඹ කිසිවක් නොදන්නා බවයි ම‍ට හිතෙන්නෙ.
    3 ඡේදයට පිළිතුරැ.
    "ඇත්තටම මේ පිරිත් විදිහට කියන වචනවල කිසියම් හෝ බලයක් තියෙනවනම් මේ පිරිත් අහන කිසිම කෙනෙකුට කිසිම අපල උපද්රදවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ." මේ ප්රිකාශයෙනුත් මට නම් හැගෙන්නෙ බෞද්ධ දර්ශණය ගැන ඔබේ දැනුම කොතරම් අල්පද කියලයි.උතු නියාම, බීජ නියාම, කම්ම නියාම ... යනාදී නියාම ධර්ම අනුවක් පුද්ගලයෙකුගෙ කර්මය තීරණය වෙන්නෙ. ඒ නිසා පිරිත් අහපු පමණින් කිසිම අපල උපද්ර වයක් සිද්ධ වෙන්න විදිහක් නෑ කියල කාටවත් කියන්න බැහැ.

    ReplyDelete
  16. mahasohon balakaayaAugust 10, 2010 at 12:33 PM

    මේ ලිපිය කියවනවිට හැඟෙන දෙයක් තමයි අද කාලයේ මෙවැනි දේ ලියන්නන්ගේ මනස කොතරම් විකෘති වෙලාද යන්න. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට දැන් මෙවැනි විකෘති මනස් කාරයන් වාරනය කරන්නට කාලය හරි. එක බ්ලොග් කරුවෙක් ළඟදී කිව්වා ලංකාවේ කාම චිත්‍රපට පොඩි දරුවන්ට පෙන්නුවට වරදක් නැහැ කියලා, තව එකෙක් කියනවා උතුර, නැගෙනහිර හමුදාවන් විසින් ඉදිකරන ලද බුදු පිළිම කඩා දමන්න ඕන කියලා(ඌ එහෙම කියලා මාසයක් යන්න කළින් නැගෙනහිර පන්සලක්ම කඩා දැම්මා )දැන් මේ මිනිහා උදේට හවසට පිරිත් යන එකයි, ඒවායේ තාලයයි විවේචනය කරනවා. මේ වගේ රටට ආගමට ජාතියට වින කරන එවුන් වාරණය කිරීමට ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගත යුතුයි.

    ReplyDelete
  17. මෙය මෙහි රචකයාගේ මෝඩ කම සහ අමනක ප්‍රදර්ශනය කිරීමක් පමණි.මුලින්ම කියන්න වෙනවා මොහුට විද්‍යාව ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් න කියන එක. නැත්නම් අර වගේ ගොන් ප්‍රශ්නයක් අහන්නේ නැ. මහත්තයෝ.

    *** "ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ පිරිත් අහන අය හෝ අල්ලපු ගෙදරටත් එක්ක ඇහෙන්න පිරිත් දාන අයට ඇත්තටම මේ පාලි වලින් කියන මේ වචන ටික තේරෙනවද කියන එක.
    *** "ඇත්තටම මේ පිරිත් විදිහට කියන වචනවල කිසියම් හෝ බලයක් තියෙනවනම් මේ පිරිත් අහන කිසිම කෙනෙකුට කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ. මේ පිරිත් වලින් වන එකම දේ විදිහට මට තේරෙන්නෙ මිනිස්සුන්ට මානසිකව ලැබෙන සැනසීම විතරයි කියලයි මට නම් හිතෙන්නෙ."

    ඔබතුම දන්නවද ද්වනි ශක්තිය කියල දෙයක් තියනවා??? දන්නේ නැත්නම් මේ දවස් වල උසස්පෙළ විභාගේ කරන ළමයෙක්ගේ භෞතික විද්‍යා පොතක්වත් අරගෙන කියවන්න. ද්වනි ශක්තිය නිපදවෙන්න එක කියන භාෂාව අදාල නැ.ඒකනිසා පාලි භාෂාව දැනගෙන තියෙන්නම අවශ්‍ය නැ.අනික් කාරණය පිරිතකින් සිද්ද වෙන්නේ මානසික සැනසීමක් ලැබීම පමණක් නොවෙඉ. ඔබතුම දන්නවද ද්වනි බලයෙන් රෝග සුව කල හැකි බව.ඔබතුම දන්නේ නැති උනාට ඔය බටහිර විද්‍යාවෙන් ලගදි හොයාගත්ත music theoropy කියන්නෙත් මේකට. ඔබතුම එකනම් පිලිගන්නවා ඇති නේද. ඕක කළු සුද්දගේ ගතියනේ.එක ඔබතුමාටත් අඩුවක් නැතුවම පිහිටලා තියනවා

    *** "අනිත් එක තමයි මේ විදිහට පිරිත් විතරක් ගුවන් විදුලි නාලිකාවල විකාශය කළාම අනිත් ආගමිකයන්ට වන අසාධාරණය. හරි නම් මුස්ලිම් ආගමිකයන් ආගම කියන පස් වතාවෙම ඒකත් විකාශනය කරන්න ඕන."

    අනික් කරණය ඔබතුම අනික් ජාතීනට වන අසදරණය ගැන කතා කරනකොට ඊ කියන්නේ නැත්තේ මුස්ලිම් පල්ලි වල හැමදාම නගරය වටා ශබ්ධ උපකරණ ගෙන කියවනඒවා නවත්තන්න කියල.ඔබතුම ඒක අසාදාරනයක් විදිහට දකින්නේ නැද්ද???? මෙන්න මේක හොදට මතක තියාගන්න බුදු දහම කියන්නේ විද්‍යාවට කරන නව අර්ථ දැක්වීමක්.ඒක තමි නවීන විද්‍යාවෙන් කරන සියලු සොයාගැනීම් බුදු දහමට එකග වෙන්නේ. අනික් ආගම ටිකෙන් ටික පාලම් බහින්නේ එකී.ඒකනිසා මෙවන් ගොන් කතා නැවතත් කියන්නේ නැතුව ඔබතුමාගේ දැනුම වර්දනය කරගත්තොත් නේද හොද??

    ReplyDelete
  18. මටනම් කියන්න තියෙන්නෙ නොදන්න මඟුල් වලට කට දාලා හොට බිම ඇන ගන්න එපා කියලා. මොළේ විකෘතියක් තියෙනවානම් උඹ අංගොඩ ගිහින් ප්‍රතිකාර ගනින්. උඹ බෞද්ධයෙක්ද නැද්ද කියලා මම දන්නෙ නෑ. හැබැයි මොන දේ වුනත් උඹ පාහර අමනයෙක්.

    ReplyDelete
  19. අපේ ගෙදර තියන් රේඩියො එක කුඩුපට්ටම් කරන්නේ නැතුව මන් ඉවසගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. ඉස්සරත් පිරිත් ගියා ඒත් දැන් වගේ කරච්චලයක් වෙලා තිබ්බේ නැහැ. දැන් එක එක චැනල් වලින් එක එක පිරිත් ජාති දානවා සමහර ඒවා උන් හදපුවාද මන්දා. මිස්සුන්ට බලෙන් පිරිත් අස්සවන්න බැහැ . අවුල තියෙන්නේ මේකට මොනහරි කිව්ව ගමන් සද්ධාවන්ත බෞද්ධයෝ ටික කුලප්පු වෙනවා. උන්ට තේරෙන්නේ නැහැ මේ බනින්නේ පිරිත් වලට නෙමෙයි මේ කරන ඝෝසාවට කියලා. පිරිත් සද්දෙන් දානකොට මහා බලයක් තියෙනවනම් මේ රටේ ගෙයක් ගෙයක් ගානේ, හංදියක් හංදියක් ගානේ ගමක් ගමක් ගානේ පන්සලක් පන්සලක් ගානේ දාන පිරිත් වලහැටියට මේක දිවිය ලෝකෙටත් වඩා සුරපුරයක් වෙන්න ඕනේ. බුද්ධාගමේ විතරක්නෙමෙයි මොන ආගමකින් දැම්මත් මේ ශබ්ද දූෂණය නම් නවත්තන්න ඕනේ. අහන්න ඕනේ අය අහ ගනී නිකන් එෆ් එම් වලින් බලෙන් අස්සවන්න ඕනේ නැහැ නේ.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මේ වගේ අවාසනාවන්ත සිතුවිලි යලි කිසිවෙකු තුල අති නොවේවා! පිරිත් දේශනාවල (ගෞතම සම්බුදු රජණන් වහන්සේගේ ඉහැන්වීම වල) අරුත් හා වටිනා කම් වටහා ගැනීමට ඔබට නොපමාව අවස්තාවක් ලැබේවා.

    සියවස් ගණනකට පසු පුරාණ බෞද්ධ සම්ප්‍රදායන් යලි එක් වූ මේ සොඳුරු දශකයේ, බුදුන් වහන්සේ දායාද කල නිමල සුවය විඳින කිහිප දෙනා අතට එක්වීමට ඔබටත් වාසනාව ලැබේවා!

    ReplyDelete
  22. @ පළගැටියා - මම මේකෙන් කියන්න හැදුවෙ පිරිත්වල බලය ගැන නෙමේ. ඉවක් බවක් නැතුව පිරිත් හැම ගුවන් විදුලි නාලිකාවකම දාන එක ගැන. පිරිත්වල ගුණ දොස් හොයන්න මට උවමනාවක් නෑ.

    ඇස්වහ කටවහ වගේ දෙයක නම් ඇති බලයක් නෑ. ඒකෙන් වෙන්නෙ කෙනෙක්ගෙ මනසට තදින් යමක් ඇතුල් කරල ඒ පුද්ගලයාව බිය ගැන්වීම පමණයි.

    ReplyDelete
  23. @ wenupriya - "උඹ කියන්නේ 70%කට වඩා බෞද්ධයෝ ඉන්න රටේ තියෙන තරමක් රේඩියෝවල හැම එකාගෙම අඳෝනාවල් උදේ පාන්දර දාන්න කියලද?"

    එතකොට පිරිත් කියන්නෙත් වෙනත් ආගමිකයකුට අදෝනාවක් නෙමෙයිද?

    "සර්ව ආගම් ගැන කතා කරන උඹ කල්පනා කරලා බලපන් උඹ ඔය කියන අනිත් ආගම් තියෙන රටවල් කීයක් උදේට සර්ව ආගමික කියල පිරිත් දේශනාවක් එක විනාඩියක්වත් විකාශනය කරනවද කියලා.උන් එහෙම කරන්නේ නත්නම් අපි මොන මඟුලකට එහෙම කරනවද කියල උඹෙ ඔය පුංචි මොලේට තට්ටු කරලා අහපන්."

    වෙන රටවල්වල පිරිත් ප්‍රචාරණය නොකලයි කියල ඒකටත් හරියන්න අපේ රටේ පිරිත් දැම්මම ලංකාවේ මිනිස්සුන්ගෙ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි වෙනවද?

    ReplyDelete
  24. @ samadhi - "ඒත් ඒකෙ ස්වරය, ශාන්න ස්වභාවයට හිත නිකම්ම සන්සුන් වෙනව."

    පිරිත්වල ස්වරය අනුව ශාන්ත දාන්ත වෙනවනම් අනිත් ආගමිකයන්ගේ පූජා විධික්‍රම වලින් ඒ ආගමිකයනුත් ශාන්ත දාන්ත වෙන්න ඕන.

    "අනික ජය පිරිතෙ තේරැම ඉතාම සරළයි. ඒතක තේරැමවත් තේරෙන්නැත්නම් මොන්ටිසෝරි පලයල්ලා...."

    ජය පිරිත කොහොමද කියන්න පාලි නොදැන තේරුම් ගන්නෙ. පාලි නොදන්න මනුස්සයකුට ඒක නිකම්ම නිකන් වචන ටිකක් විතරයි.

    ReplyDelete
  25. @ sinhala - පිරිත් විශ්වාස නොකරන මිනිහෙකුට පිරිත් ඇහුවයි කියල වැඩක් වෙනවද? එහෙනම් දැන් ඩෙංගු බෝවෙනවයි කියල මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකර, සත්ව හිංසාවෙන් වැලකිලා රතන සූත්‍රය රට වටේ දේශනා කර කර ගියොත් ඩෙංගු හොඳ කර ගන්න පුළුවන්ද? රතන සූත්‍රයෙන් විශාලා මහනුවර තුන් බිය නැති කළා නම් දැනුත් මේ තියෙන රෝග බිය නැති කරන්න බැරි ඇයි?

    ReplyDelete
  26. @ mahasohon balakaaya - මේ ලියල තියෙන දේ මට නොකිය සංසදයෙ ඇඩ්මින්ලට කියන්න. එතකොට ඔවුන් මගේ බ්ලොග් අඩවිය සිංඩියෙන් ඉවත් කරල දාවි. එතකොට මේක කියවන පිරිසත් අඩු වෙලා යාවි.

    ReplyDelete
  27. @ Thushantha Sanjeewa - මනස විකෘතියක් තියෙනවනම් මම බේත් ගන්නම්. ඒත් කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්නත් අයිතියක් තියෙන්න ඕනෙ.

    ReplyDelete
  28. @ Aaloka - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  29. @ ම - "උන්ට තේරෙන්නේ නැහැ මේ බනින්නේ පිරිත් වලට නෙමෙයි මේ කරන ඝෝසාවට කියලා."

    මචන් මටත් උවමනා උනේ මේ ටික කියන්න. උබවත් ඒ ටික තේරුම් ගත්ත එක ලොකු දෙයක්.

    හැමෝම තමන්ගෙ තියෙන භක්තිය නිසා ආගමේ නාමයෙන් වෙන දෙයක් ගැන කිව්වොත් බලන්නෙ ඒ දෙය කියපු මනුස්සයට පුළුවන් තරම් පහර දෙන්න. හැබයි ඔය කලබල වෙලා ඉන්න බහුතරයක් අනෙක් ආගමිකයන්ට වඩා පස් පව් කරන උදවිය බව නම් බය නැතිව කියන්න පුළුවන්. පුළුවන් තරම් පව් කරල ඒක වහ ගන්න පිරිත් අහන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නෙ.

    ReplyDelete
  30. ඒකටත් මම උත්තරයක් දෙන්නම්. මේක බෞද්ධ රටක්. මේකෙ ඉන්න අනික් එකාලා මේකේ ඉන්නවානම් ඒ විදිහට ඉන්න ඕනා. උඹ පුලුවන් නම් අරාබි රටකට ගිහින් කෑගහපන්කො උන්ගෙ දවසට දහ පහළොස් පාරක් දාන අඳෝනාව නවත්තන්න කියලා.අහ් අමතක වුනානේ උඹ කොහොමද එහෙම කෑ ගහන්නේ. උඹත් උන් වගේම කොන කපපු එකෙක්නේ.

    ReplyDelete
  31. i. "පිරිත් දේශනා කරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒකාලේ ඉඳන්ම ඒක පැවතගෙන ආවේ ඒකේ වටිනාකමක් ඇති නිසයි. ඒ දේවල් නොදන්න කමට විවේචනය කරන එක මහ මුග්ධ ක්‍රියාවක්."

    - ඒකාලේ ඉඳන්ම පැවතගෙන එන හැම දේම හරිද? වැරදි දේවල් නිවැරදි කළ යුතු නැද්ද?

    ii. "පිරිතෙ තේරැම දැනගත්තහම ගුණ වැඩි ඇත්ත. ඒත් ඒකෙ ස්වරය, ශාන්න ස්වභාවයට හිත නිකම්ම සන්සුන් වෙනව."

    - පිරිතෙ තේරැම දැනගත්තහම ගුණ වැඩි වෙන්න, තේරුම නොදැන අහද්දි තියෙන ගුණ මොකද්ද කියල කියන්න පුළුවන්ද?

    ii. "ඔබතුම දන්නවද ද්වනි ශක්තිය කියල දෙයක් තියනවා??? දන්නේ නැත්නම්....."

    - ඹයාගෙ A/L physics ප්‍රතිඵල කියන්න බලන්න.
    ඹයාට කවුරු හරි බනිද්දිත් එතන ද්වනි ශක්තිය තියනවනේ..

    ".....බටහිර විද්‍යාවෙන් ලගදි හොයාගත්ත music theoropy කියන්නෙත් මේකට....."

    - music therapy වලට පිරිත්ම ඹ්නෙ නෑනේ. Mozartගේ, කේමදාස මාස්ටර්ගේ සින්දු ඒ අතින් මීට වඩා ගොඩාක් බලවත්.

    අනිත් ආගම් සහ අන්‍යාගම් වල අපිට වඩා ගොඩාක් වැරදි බව ඇත්ත. ඒව හදන්න කලින් අපි හැදුනනම් නේද හරි.

    තව දෙයක්. අන් අයගේ මත ඉවසන්න බැරුව ආවේගයෙන් දාන comments remove කරන්න කියල authorගෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  32. තමුන් ගේ දේ කෙන හන්නේ නෙතුව,තෙරෙන්නෙ නෙත්නම් කට වහ ගෙන ඉන්න එක නේද හොද..මේක හෑමොටම සාමාන අයිතිවසිකම් තියෙන නිදහස් රටක්....බෞද්ධ ආගම නොතිබෙන්න අපෙ රට මෙලහට විනාස වෙලා..නොදන්න පිරිතක් අල්ල ගන්න එපා...කරුණාකරලා තමුන්ගේ මොඩ කම පෙන්වන්න...

    ReplyDelete
  33. තමුසෙලා වගේ හාල් පාරුවන්ට හොඳින් කතා කරලා බෑ..මේ ලංකාවේ, මේ ලෝකෙ මේ තරම් බරපතල වැරදි හදන්න තියෙද්දි, මේ තරම් සමාජීය, ආර්ථික, දේශපාලනික වැරදි විවේචනය කරන්න තියෙද්දී, මේ තරම් බරපතළ ඇජෙන්ඩා ලෝකය පුරා ක්‍රියාත්මක වෙද්දී, ඉස්ලාම්-ක්‍රිස්තියානි කඳවුරු ඇණ කොටා ගනිද්දී, සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා ලක්ෂ ගණන් මන්ද පෝෂණයෙන් මැරෙන ලෝකෙ, බරපතළ ලෙඩ රෝග වලින් තව ලක්ෂ ගණනක් මැරෙන ලෝකෙ, මූ වගේ උනහපුළුවන්ට බ්ලොග් ලියන්න පෙනිලා තියෙන්නෙ උදේට හවසට රේඩියෝ එකේ දාන පිරිත් ටික විතරයි..ඒකෙන්ම පේනවා මේ කාපාලුවාගේ පිටිපස්සේ තියෙන්නේ මොන වගේ සැලසුමක්ද කියන එක..තමුසෙට පිරිත් අහන් ඉන්න අමාරු නම් ඇබ දෙකක් කන් දෙකේ ගහ ගෙන නිදිය ගනින් මිනිහෝ..උඹලට ඕන, ඕන හැටියට නටන්න දුන්නොත්, තව ටික දවසකින් මුන් කියාවි, "රුවන්වැලි සෑය දවල්ට අව්ව වැටුණාම දිලිසෙන කොට අපේ ඇස් වලට කරදරයි, අන්‍යාගමිකයන්ගේත් ඇස්වලට කරදරයි..ඒක කඩලා දාන්න" කියලා...
    මෙහි සිටින අනිත් බෞද්ධයන් වෙත: මූ වගේ උන් එක්ක සංවාද, තර්ක විතර්ක පවත්වන්න යන්න එපා..මුන් එක, එක බලවේග වල පිල්ලි..කණට දෙකක් ගහලා එලවලා දාන එක විතරයි මුන්ට කරන්න තියෙන්නේ..

    ReplyDelete
  34. As I see charith is trying to be a star using Pirith chanting as his subject on this blog. Keep triple gem aside, use any other damn thing for your popularity.

    You try stop Waangu (as Helaya said). You try to save Buddhism, colden country, and our Helaya using your valuable skill.

    ReplyDelete
  35. අනේ දරුවො. පිරිත ගැන උඹ දරන අදහස ගැන මට හරිම කනගාටුයි. පස්කම් සැප විදීම ගැනම නිතර දෙවේලෙ හිත යොමුකරමින් ඉන්න උඹලට ඒකෙ අගය නොදැනුනාට බුදු දහමෙ අගය ගැන යන්ත් හරි අවබෝධයක් තියෙන නුවනැත්තන්ට ඒක හරි අගෙයි. නිවැරදි උච්චාරනයකින් හා ඉතා පැහැදිලිව හා ගැලපෙන ලෙස සකස් කොට පිරිත් හා ‍දිවිමග සෙත සලසන ‍‍වටිනා සෙත් කවි නිර්මාණය කොට විකාශය කරන ,නෙත්, වැනි ජාති හිතෛෂී නාලිකා රටේ බහුතරය වෙනුවෙන් කරන ඒ මෙහෙය බොදුනුවන් වන අපි ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව අගය කරන්නෙමු.
    උඹට තෙරුවන් සරණයි පුතේ.
    තිසරණ සරණින් උඹේ නුවණැස පෑදේවා!

    ReplyDelete
  36. හැම දේමට විද්‍යාව ගාව ගත්තත් නිවුටන් නියම 3නට එහා මුකුත් නොදන්න භෞතික වාදින් පිරිලා. ඔය භෞතික වාදින් වුනත් ‍ක්වන්ටම් සහ ස්ට්‍රින් තියරි සහිත නවීන විද්‍යාව හරියට ඉගනගත්තනම් ඔහොම පන්ඩිත කතා කියන්නෑ.

    ඔන්න තේරෙන නිව්ටන් විද්‍යාවෙන් යමක් කියන්නම්. පිරිතට තියෙන්නේ ස්වර 4ක් හෝ 3ක් පමණයි. ඒවගේම පිරිත්පොතේ අදින්න ඕන තැන් කඩන්න ඕන තැන් මාත්‍රා ප්‍රමාණත් තියෙනව. මේ විදියට අර්ථය නොදැන වුනත් පිරිත් ඇසීම නිසා (හෝ වෙනත් ඒ ආකාරයට සක්සකරන ලද සංගීතයකට) රාගය පහල වන්නේ නෑ. අනෙකුත් ගීත වලින් රාගය හටගන්නව. මෙවැනි සංගීතයට සවන්දීම මගින් මොලයේ තරංග පහල මට්ටමකට ගේන්න පුලුවන්. ඒකියන්නේ හිත සංසුන් කරන්න පුලුවන්. මේක මානසිකව වගේම ශාරීරික සෞඛ්‍යටත් බලපානව.

    බෞද්ධ ධර්මය අනුව පිරිතේ නියම අර්ථය ගන්නම් අර්ථ සහිතනව දැනගෙන සජ්ජායනා කරන්න ඕන. අනික පිරිත කියවන පුද්ගලයා අඩුම තරමේ පංසිල් රකිණ කෙනෙක් වෙන්න ඕන. පිරිතකින් බලාපොරොත්තු ව්නනේ ලෝකොත්තර සහනයක් මිස ලෞකික සහන නොවන බවත් මතක තියාගන්න.

    ReplyDelete
  37. තෝ වගේ එවුන් තොගේ අම්මා තාත්තවත් ඉතිරි කරයිද දන්නේ නැහැ බල්ලා තොට ඉක්මණින් මේ වගේ දේවල් දානවට විපාක දෙයි කාලකන්නියා තෝ වරෙන් මා එක්ක විවෘත සංවාදයකට 0714804307

    ReplyDelete
  38. තෝ වගේ එවුන් තොගේ අම්මා තාත්තවත් ඉතිරි කරයිද දන්නේ නැහැ බල්ලා තොට ඉක්මණින් මේ වගේ දේවල් දානවට විපාක දෙයි කාලකන්නියා තෝ වරෙන් මා එක්ක විවෘත සංවාදයකට 0714804307

    ReplyDelete
  39. Ranil Buddika JosephMarch 24, 2013 at 1:31 PM

    වැඩි දෙනෙකුට අවබෝදයක් නැති බව තේරෙනවා ..එත් මට තරහක් ගන්න දෙයක් නැහැ ..නියත මිත්‍යා දුෂ්ටි සිටින අය අනිවාර්යෙන් කල්පයකට වැඩිකලක් නිරයේ .පාලි වලින් උන්වහන්සේ දේශනාකළේ තුන් ලෝකෙටම තේරෙන එකම බාෂාව පාලි වීමත් වෙනස් නොවන එකම බෂවත් පාලි වීමත් නිසාය ..සිංහල භාෂ්වෙත් දැනට කොචර වචන වෙනස් වෙලාද ..අපි පළමුව පාලි ඉගන ගත යොතුඉ ....බුදුරජනන්වහන්සේ තුන් ලෝකෙට පහල උනේ..නමුත් මිනිස් අතමයක් ලබගතේ උන්වහන්සේ අවබෝදකරගනු ලබන ධර්මය වැටහ ගත හැකි අන්තිම පුරුක ...මනුෂයන් වීම නිසාය ,,,නමුත් මේවගේ පොර talk දන අය බුදුන් වැඩසිටි කාලයේද සිටිය ..ඒ හැමෝම එක්කෝ නිරයේ නැතිනම් තිරිසන් ඇපයේ... ඔබසැමට තෙරුවන් සරණ ..Ranil Buddika Joseph -රත්නපුර

    ReplyDelete
  40. ප්‍රථමයෙන් ඔබට බුද්දාගම ගැන නිසි අවබෝදයක් නැත . පිරිතක ගුණ මෙපමනෛ කියා නිම කිරීමට නොහැක . ඔබ බුද්දාගමේ නම් පළමුව පන්සලේ හාමුදුරුවන්ගෙන් පිරිතක ගුණ අස දෙන ගන්න .
    අපි දන්නවා සිගරට් බිව්වම පිළිකාව හැදෙනවා කියලා . එඋනට සිගරට් මිනිස්සු නොබී ඉන්නවද ?
    බිව්ව පිළිකාවක් හෙදෙන්නෙට් නැ නේද .
    පිරිත ඒවගේ දෙයක් කනට ඇහුනට වැඩක් නේ කියල එපා .
    ඉස්සෙල්ලම ඔය ඔයාගේ අගමැ මොකද්ද කියල කරන්න

    ඔබ කියන විදියට ආගමකම ආගමික වතාවත් tv radio යනවා ඒ ගැනවට් අවබෝදයක් නැති ඔයා මේ ගැන කට කරන්න එපා ...

    ගොන් හරක් පැටියෝ පිරිතක් ඇදල කියන්නේ ඇයි කියාලා අහනවා
    සින්දුවක් වට තාලයක් නැතුව කියනවද?
    පිරිතක් කියන්නේ මාත්‍රා කඩලා ඝණ පිහිටවල සින්හල හෝඩියේ තියනවා ගුරු ලගු අකුරු .දන්නවද ඒවා

    වැදගත්ම කරනේ නම් මේ වනකොට බන අහන පිරිත් අහන මුස්ලිම් වගේම කතෝලික මිනිස්සුත් ගොඩක් ඉන්නවා

    හරකෙක් කමක් නෑ උම්බෑ ගාන්න එපා

    ReplyDelete