Monday, September 27, 2010

චිරන් ජයතු දයාවංශ ජයකොඩි මහත්මයාණෙනි

මේ සැප්තැම්බර් මාසෙ මට වගේම තවත් ගොඩක් අයටත් විශේෂ වෙන්නෙ සාහිත්‍ය මාසය යෙදිල තියෙන හින්ද. ඉතින් හැමෝම බලන්නෙ පුළුවන් තරම් අඩු මුදලකට වැඩි වටිනාකමක් තියෙන පොත් මිලදී ගන්නනෙ. මේ පාර වැඩිම වාසියක් පාඨකයාට ලබා දීපු පොත් ප්‍රකාශකයා විදිහට මට හිතෙන්නෙ "දයාවංශ ජයකොඩි" මහත්මයායි. ඒ මහත්මයා මේ පාර සතියක් පුරාවටම පොත් දහයක් රුපියල් දහසක මුදලට මිලදී ගන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ කියන්නෙ එක පොතක් රුපියල් සියයක මුදලකට.

ඉතින් මේ පොත් ප්‍රදර්ශනය පටන් ගත්තු සැප්තැම්බර් 14 වෙනිද උදේ 10 වෙද්දිම දයාවංශ ජයකොඩි මහත්මයගෙ පොත් ප්‍රදර්ශනාගාරයට ගියා පොත් මිලදී ගන්න. මුලින් හිතාගෙන හිටියෙ වැඩි සෙනඟක් ඉන්න එකක් නැහැ කියලයි. ඒත් ගියාමයි තේරුනෙ ටිකක් කලින් ගිය එකේ වටිනාකම. ඒ තරමටම පොත් ගන්න සෙනඟ ඇවිත් හිටිය.

මේ තියෙන්නෙ එදා මම මිලදී ගත්තු පොත්.




මම දයාවංශ ජයකොඩි මහත්මයගෙ පොත් ප්‍රදර්ශනයට ගියෙ ලේඛකයො කීප දෙදෙනෙක්ගෙ පොත් හැකි පමණ මිලදී ගන්න හිතා ගෙන. ඒ ලේඛකයො දෙදෙනා තමයි කේ.ජී. කරුණාතිලක මහත්මයා හා ඔරුවල බන්දු මහත්මයා. ඉතින් එතන තිබිච්ච මේ ලේඛකයො දෙදෙනාගෙ හැම පොතක්ම මිලදී ගත්තා.

මේ ලේඛකයන් දෙදෙනාගෙන් මිලදී ගන්න පොත් තිබ්බෙ පොත් 5ක් විතරයි. ඉතින් ඒ නිසා හෙන්රි ජයසේන මහත්මයගෙත්, ටී.බී. ඉලංගරත්න මහත්මයගෙත්, චන්දන මෙන්ඩිස් මහත්මයගෙත්, සිරිලාල් කොඩිකාර මහත්මයගෙත්, ආචාර්ය ජී.ජී. පුංචිහේවා මහත්මයගෙත් පොත් මිලදී ගත්තා.

ඊට පස්සෙ ආපහු ප්‍රදර්ශනයට නොතිබ්බ පොත් තුනකුත් මිලදී ගත්තා. මේ තියෙන්නෙ ඒ පොත් තුන. මේ පොත් තුන මිලදී ගන්න කොට වෙනද දෙන 20% වට්ටම විතරයි ලැබුනෙ.



මම කැමතිම ලේඛකයෙන් වන ඔරුවල බන්දු මහත්මයගෙ දැනට මිලදී ගන්න පුළුවන් හැම පොතක්ම මිලදී ගන්නත් මේ ප්‍රදර්ශනය නිසා මට හැකි වුණා. ඒ වගේම කේ.ජී. කරුණාතිලක මහත්මයගෙත් පොත් සියල්ලම නොවුනත් පොත් ගොඩක් එකතු කරගන්න මට පුළුවන් වුණා.

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඊළඟ වසරෙදිත් දයාවංශ ජයකොඩි මහත්මයාට මේ වගේ පොත් ප්‍රදර්ශනයක් තියන්න ලැබෙන්න හැකියාව ලැබේවා කියලයි.

2 comments:

  1. මමත් මේකට ගියා. මම ගියේ කේ.ජී. කරුණාතිලක මහතා පරිවර්තනය කල ටාර්සන් පොත් කිහිපයක් මිලදී ගන්න. නමුත් එම පොත් තිබුනේ නෑ. රත්නපුරේ ඉඳන් මේ සඳහාම ගිය මගේ බලාපොරොත්තු කඩ උණා.

    ReplyDelete
  2. පළවෙනි දවසෙ නම් කේ.ජී. කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරපු ටාර්සන් පොත් 2ක් තිබ්බා. ඒ තමයි "බිහිසුණු ටාර්සන්" හා "වානරයන්ගේ ටාර්සන්" කියන පොත් දෙක. සමහර විට පළවෙනි දවසෙම පොත් දෙක ඉවර වෙන්න ඇති.

    ReplyDelete