Thursday, September 30, 2010

රංගොජා එන විට පාර කාපට් වීම

පාණදුරේ තියෙන රත්තරන් කොතක් තියෙන පන්සලකට අවුරුදු 200ක් වුනයි කියල ඒකෙ තුන්මහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තියන්න රංගොජා වහන්සේ ඔක්තෝම්බර් මාසෙ දහවෙනිද පාණදුරේට එනවලු. ඉතින් ඒ නිසා මේ මහ වැහි අස්සෙ පන්සලට යන පාරත් අවහිර කරගෙන කාපට් කරනවලු.

ඊයෙ පටන් ගත්ත කාපට් කිරිල්ලත් වැස්ස නිසා අතරමග නවත්තන්න වුනාලු. අදත් පාරෙ ටික දුරක් කාපට් කරනවලු. වහින වෙලාවට කාපට් කරන ටිකත් හේදී ගෙන යනවලු.

පන්සලේ නායක හාමුදුරුවොත් එසේ මෙසේ හාමුදුරු කෙනෙක් නෙමේලු. කැළණිය විශ්ව විද්‍යාලෙ මළ භාෂාවක් උගන්වන මහාචාර්යය කෙනෙක්ලු. ඉස්සර පන්සලේ තිබ්බ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයත් දේවතා එළි විහිදෙන අඹ ගහක් නිසා ඉවත් කරපු කෙනෙක්ලු. හැබැයි ඉස්කෝලෙ අයින් කර ගත්තු ගමන් දේවතා එළි විහිදෙන අඹ ගහත් කපල දැම්මලු. දැන් එතන තිබ්බ පන්ති ටික කඩල පන්සලේ තුන් මහල් ගොඩනැගිල්ලක් හදන්න යනවලු. පන්සලට අඩු වෙලා තිබ්බෙත් තට්ටු තුනක ගොඩනැගිල්ලක් විතරයි මගෙ හිතේ. තනි තට්ටුවෙ ඉඳල නිවන් යන්නත් බැරිව ඇතිනෙ හාමුදුරුවන්ට.

හැම අවුරුද්දෙම පාණදුරා වාදෙ තිබ්බ තැන අනුස්මරණ ශාලාවක් හදන්න හාමුදුරුවො සල්ලි එකතු කරනවලු. එතන අටවපු මඩුව වටේට කැලේකුත් වැවිලලු. ඒ මඩුවෙන් ගන්න එකම ප්‍රයෝජනේ හරක් බඳින එකයි, මිනිස්සු කුඩු ගහන එකයි, බොන එකයි, බූරුව ගහන එකයිලු.

හාමුදුරුවන්ගෙ හැටි මෙහෙම නිසා මේ තට්ටු තුනේ ගොඩනැගිල්ලත් තව අවුරුදු කීයක් හදයිද දන්නෙ නෑලු. හැම අවුරුද්දෙම පාරත් කාපට් කරයිලු ඒ නිසා. හාමුදුරුවො නිවන් යන්න කලින් කීයක් හරි ඊළඟ ආත්මෙටත් එක්ක හම්බ කර ගන්නත් ඕනැනෙ. ඒ විතරක්යැ. පන්සලේ ඊළඟ නායක කම ගන්න ඉන්න තමන්ගෙ ඥාතියටත් කීයක් හරි හම්බ කර ගන්න පොටක් හොයල දෙන එක වල පයයි ගොඩ පයයි ඉන්න හාමුදුරුවන්ගෙ යුතුකමකුත් නොවැ.

රංගොජාවත් රට වටේ පයින්ම දක්ක ගෙන ගියා නම් හරි. එතකොට හැම නගරෙකම මූලික පහසුකම්වත් වැඩි දියුනු වෙයිනෙ. ඒ වගේම රංගොජාගෙ සහෝදර සමාගමටත් කීයක් හරි කොමිස් ගහ ගන්නත් පුළුවන් වෙයිනෙ. දැන් ඉතින් රංගොජාට අභියෝගයක් වෙච්ච මනුස්සයත් මහ උළු ගෙදර බත් කන නිසා රංගොජාට පාරෙ බැහැල පයින් යන එකත් ප්‍රශ්නයක් නෙමේනෙ.

16 comments:

Anonymous said...

තෝ මහ ගොබ්බසේනයෙක් නෙ. කොහොම කොහොම හරි පාරක් හරි කාපට් වෙන එකත් කොච්චර දෙයක්ද හරක් පැටියෝ.!

kumaraya said...

මටත් කියන්න තියෙන්නෙ ඕකමයි. එහෙම හරි පාරක් හැදෙනවට සතුටු වෙයං මිනිහො ...
තොපි වගෙ ඉරිසියා කාරයො හින්ද තමයි යකෝ රටට හෙන ගැහිල තියෙන්නෙ.

Anonymous said...

රජා ට අභියෝග කරපු මිනිහට මිනිස්සු දුන්නු උත්තරේ මතකයි නෙ.
මිනිස්සුන් ට කතා කරන්න පුරුදු වෙන්න. ඔබගේ භාෂාව ඔබේ මානසික මට්ටම පිළිඹිඹු වෙන බව අමතක කරන්න එපා...

Charith Weerakkody said...

@ kumaraya - අලි නාවන්න පුළුවන් වලවල් තියෙන රටක හොඳට තියෙන පාරක් අළුතින් කාපට් කරන්නෙ මොන හේතුවකටද?

මේක ලිව්වෙ ඉරිසියාව නිසා නෙමේ. බොරුවට කරන නාස්තිය ගැන කියන්න. පන්සලට යන පාර කාපට් නොකර පාර දෙපැත්තෙ තියෙන කාණු ටික සුද්ධ කළා නම් ඊට වැඩිය හොඳ නැද්ද? පාණදුරේ තියෙන කැඩිච්ච පාරවල් ටික හදන්නෙ නැතුව එක පාරක විතරක් මීටර් 50ක් විතර කාපට් කරන්නෙ මොකටද? පාරෙ ඉතුරු ටික කාපට් නොකරන්නෙ ඒ ඉතුරු ටිකේ රංගොජා නොයන නිසාද? අනිත් එක ඒ පාර අබලන් වෙච්ච පාරකුත් නෙමෙයි. වැස්ස දවස් වල කරන කාපට් කිරීමෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද?

NIlantha said...

Charith u don't worry about these foolish comments.They are the typical people in Sri Lanka who can't understand what's going on and if they can they just ignore it because of the sake of their own selfishness.Carry on with ur posts.Good luck with ur ideology.

පළගැටියා said...

Jeppa jeppamai. Monawa kalath waradi.

MewMew said...

හපොයි එකදවස්ක් මෙහෙටත් ආව උන්නාන්සෙ මුල්ගලක් තියන්න එදා උදේ වරුවෙම ටවුමෙ මිනිස්සුන්ට කිසි වැඩක් ක‍රගන්න නැහැ මීටර් 500 විත‍ර වාහනයක් තියා බයිසිකලෙයක් වත් ගෙනියන්න දුන්නෙ නැහැ , පොලීසියෙ ඉන්න නකුටො තමයි එදා ටවුමෙ අයිති කාරෙයො වෙලා හිටියෙ අමාරුවෙන් යන වයසක මිනිස්සුන්ටත් බැන බැන තමයි පාරවල් වලින් අයින්ක‍රෙ. බල්ලොන්ට ගිය රට

Ishara said...

මල්ලී ඔයා කියන දේ කොයි විධියට ගත්තත් පාරක් හදන එක කොච්චර හොඳද?. විශේෂයෙන් පණදුරේ පාරවල් (නගරයේ) එකක්වත් පිළිවෙළක් නැහැ. අනික මම දන්න විධියට නම් ඔය පන්සල ගාව තියෙන පාර ගොඩාක්ම අබලන් එකක්. ඒ ක හදන එක කොච්චර හොඳද? තවත් දෙයක් තමයි පාණදුරේ පාරවල් ටික හදන්න පටන් ගත්තෙ මම දන්න විධියට මීට මාස කීපයකට පෙර. උදාහරණ විධියට ඔර්ලෝසු කණුව පැත්තෙන් ස්ටේෂන් එකට යන පාරවල් ටික මීට මාස කීපයකට පෙර හොඳටම අළුත් වැඩියා කළා. ඒ වගේම ටෙලිකොම් එක පැත්තෙන් බීච් එක පැත්තට යන පාර මීට මාස 3-4 ට විතර පෙර කොන්ක්‍රීට් කරා. මතක ඇති සිටීබී ස්ටෑන්ඩ් එකට ඉස්සරහින් මාළු මාර්කට් එක පැත්තට යන්න තියෙන පාර ඒකත් කොන්ක්‍රීට් කරේ මීට මාස ගණනකට පෙර. එතකොට සම්පත් බැංකුව ඉස්සරහින් ඔඩෙල් එක පැත්තට යන්න තියෙන පාර ඒකත් එහෙමයි. තවත් දෙයක් සිද්ධ වෙනවා මල්ලී පාර අයිනෙ තිබ්බ පෙට්ටි කඩවල් (කරදරකාරී) සේරම මීට මාසයකට පෙර අයින් කරා. හැම පාරකම තිබ්බ අනවසර ඉදිකිරීම් ඉවත් කරා. ඉතින් මේවාගෙ හොඳ දේවල් වෙනවානෙ. ඒවත් ලියන්න. තරහා වෙන්න එපා මමත් උදේ හවස පාණදුරේ හරහා තමයි යන්නෙ. බොහෝ විට ඔය කියන පාරවල් වලත් මම ගිහින් තියෙනවා.

@ NIlantha - Thanks for your comment.

Charith Weerakkody said...

@ පළගැටියා - මම ජෙප්පෙක් නෙමේ. ඒ වගේම රංගොජා වගේ මී හරක් රජෙකුට කඩේ යන කෙනෙක්ද නෙමේ.

Charith Weerakkody said...

@ MewMew - ඔහොම වෙනව තමයි රාජාණ්ඩුවක් ඇති වෙන්න යන රටවල් වල. නීතිය බල්ලට යනව. උන් සැප ගන්නවා.

Charith Weerakkody said...

@ Ishara - පෙට්ටි කඩවල් ඉවත් කරපු එක හොඳ වැඩක්. කැඩිච්ච පාරවල් ටික හදපු එකත් හොඳ වැඩක්. ඒත් මෙතන කරන්නෙ කිලෝමීටර් 2.5 - 3ක විතර පාරක මීටර් 50ක විතර දුරක් කාපට් කරන එක. ඉතින් එහෙම පාරවල් හදල වැඩක් තියෙනවද? අනිත් එක මේ කාපට් කරන පාරෙ ආරම්භක ස්ථානවල් දෙක වන ගුණානන්ද ප්‍රතිමාව අසල හා වලානේ බුදු පිළිමය අසල පාර හොඳ මට්ටමක තිබුණා. මේ පාර අබලන් වෙලා තියෙන්නෙ මාර්කට් එක හරියෙ. කරනවනම් කරන්න ඕනෙ මුළු පාරම කාපට් කරන එක. පාරෙ ඉතුරු ටික හදව ගන්න නම් රංගොජාව පාරෙ ඉතුරු ටිකෙත් දක්කගෙන යන්න වෙයි.

nalamudu said...

චරිත්........ඔයා කියන රංගොජා ගැන මොනව හරි දෙයක් කියන කොට මල පනින ගොබ්බසේනල කියන දේවල් ගනන් ගන්න එපා..ඕකනම් රංගොජෙක්ම තමයි...නිකං රංගොජෙක් නෙවෙයි මී රංගොජෙක්...නැත්නම් වැරදි කරපු කරුණාගෙ,පිල්ලෙයාන්ගේ,කේපී ගෙ ඇටේ ලෙවකකා යුද්දෙ මෙහෙයවපු ජනරාල් හිරේට දායිද....?

Charith Weerakkody said...

@ nalamudu - උඹ කියපු කතාවත් එක්ක මාත් එකඟයි මචන්. ඕක ගොඩක් එවුන්ට තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.