Sunday, October 31, 2010

Mega Star හි මෙගා ගුටි කෙළිය

ඊයෙ පැවත්වෙච්ච ස්වර්ණවාහිණියෙ මෙගා ස්ටාර් තරගයෙ අවසන් ප්‍රතිඵලය අද අළුයම 12.30 ට විතර කමල් අද්දරාරච්චි විසින් ප්‍රකාශ කරනු ලැබුව. මෙගාර් ස්ටාර් වුනේ අජිත් වීරසිංහ. දෙවනිය වුනේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.

ඉතින් තරග ප්‍රතිඵල කියල ඉවර වුනාම තැගි දෙන්න සෝමා එදිරිසිංහයි, ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක බුද්ධිකයි වේදිකාවට ආව. දයාසිරිටත් තරගයේ දෙවෙනියට හිමි තෑගි ලබා දුන්නා.

ඒත් තරගයෙන් දිනුව අජිත්ට තෑගි දෙන්න කලින් වේදිකාව උඩ රණ්ඩුවක් ඇති වුණා. ඒත් එක්කම බුද්ධිකයි, සෝමයි වේදිකාවෙන් බැහැල යනව පෙන්නුව. ඊට පස්සෙ එහෙම්ම මෙගා ස්ටාර් රූප රාමුත් නැවැත්තුව. ඊටත් පස්සෙ පැය කාලකින් විතර මෙගා ස්ටාර් අවසන් වූ බව ස්වර්ණවාහිනී තිරයේ පෙන්වනු ලැබුව.

ඕකෙන් මේකෙන් වුණේ අජිත් වීරසිංහ කිරුළු නොපලන් මෙගා ස්ටාර් වීමයි. හරියට අනුර බණ්ඩාරණායක වගේ. අනුර ඔටුන්න හිමි කුමාරයෙක් වුනත් කවදාවත් රජ වෙන්න එතුමටත් බැරි වුනානෙ.

සිද්ධියට අදාළ රූප රාමු පහත දැක්වේ. රූප රාමු අනුව පෙනී යන්නෙ නම් මේ සිද්ධියට කැළණියෙ වැඩ වාසය කරන දුටුගැමුණු කුමාරයා වග කිව යුතු බවයි.





ප.ලි. - මේ සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳ සැබෑ තොරතුරු කිසිවක් තාමත් මම නොදනිමි. මේ ලිව්වේ ස්වර්ණවාහිනියෙන් මම දුටු දේ පමණි. හෙට දින වන විට සැබෑ තොරතුරු දැන ගත හැකි වනු ඇත.

3 comments:

  1. මෙන්න රත්ගමයගේ ලිපිය
    http://rathgamaya.blogspot.com/2010/10/blog-post_30.html

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කෝ ඔයාගේ අර හරක් පත්තර කාරයාට බැනලා දාපු සටහන.ඒක අයින් කලේ මිනිහ ඔයත් එක්ක ආපහු යාළු උනාද?එහෙම නැත්නම් මිනිහගේ තර්ජන වලට ඔයා බය වුනාද?නැත්නම් ඔයා මිනිහගෙන් ගුටි කෑවද?ඕව ඔහොම තමයි මිනිහව ලං කර ගෙන තියෙන්නෙත් ඔයාමනේ.අන්තිමට අහක ඉන්න අපි තමයි නරක මිනිස්සු.කොහොම වුනත් හැමෝමත් එක්ක සමඟියෙන් ඉන්න බලන්න.ඒ වගේ විකාර නොලියා වෙනදා වගේ වැදගත් වටිනා දේවල් ලියන්න.

    ReplyDelete