Saturday, January 1, 2011

ටියුෂන් හා ටියුෂන් ගුරුවරු හා රාජකීය විද්‍යාලයේ ගුරුවරු

2011 ජනවාරි පළවැනිදාම 2013 අවුරුද්දෙ උසස් පෙළ කරන අයට ටියුෂන් පන්ති පටන් අරන් තියෙනව. මේ ලියන්නෙ මගේ ටියුෂන් අත්දැකීම් කීපයක්.

මුලින්ම මම උසස් පෙළ ටියුෂන් පන්තියකට කියල ගියෙ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ රසායන විද්‍යාව පන්තියට. පන්ති ගියෙ පාණදුරේ අබාන්ස් එක ගාව තිබ්බ New Academy එකට. මේක group class එකක්. ඒ කාලෙ නම් රුපියල් පන්සීයක් ගත්තා. දැන් නම් කීයක් ගන්නවද දන්නෙ නෑ.  A/L කරපු 2005 අවුරුද්දට කිට්ටු වෙද්දි කළුතර පන්තියට ඒ කාලෙ group class එකේ අය මාරු වෙන්න ඕන. ඒකෙ ගාන නම් මට මතක විදිහට රුපියල් 200ක් 250ක් විතර. දැන් නම් සර් group class එකක් කරන්නෙ කොහුවල සක්යා එකේ විතරයි.

මුලින්ම Chemistry ගැන කිව්ව නිසා Chemistry වලට ටික කාලයක් ටියුෂන් ගිය අනිත් ගුරුවරය ගැනත් කියන්න ඕන. ඒ තමයි ශ්‍රීනාත් වික්‍රමසිංහ සර්. ගියෙ සිප්නා එකට. හැබැයි මාස තුන, හතරකට වඩා ගියෙ නම් නෑ.

ඊළඟට Physics වලට ගිය අය ගැන බලමු. මුලින්ම ගියෙ සුනිල් මෙන්ඩිස් සර් ගාවට. ගියෙ පාණදුරේ එඩික්ස් එකට. ඊට පස්සෙ නුගේගොඩ රොටරියෙ ටිල්නි ද සිල්වා සර්ගෙ ටියුෂන් වලට ගියා. 2004 අවුරුද්ද වෙද්දි ටිල්නි සර්ගෙ කළුතර ටියුෂන් පන්තියට ගියා. හේතුව සෙනසුරාදා පන්තියකට යාම මට පහසු වීම.

Physics වලට ටික කාලයක් ටියුෂන් ගන්න ගිය ගුරුවරු තමයි අමිත් පුස්සැල්ල සර් හා ජගත් පටබැඳිගේ සර්. ජගත් සර්ගෙ පන්තියෙ නින්ද යන නිසාත් පුස්සැල්ල සර්ගෙ පන්තියෙ නින්ද යන්නෙ නැති නිසාත් මේ දෙකින්ම මම අයින් වුණා. මේ සර්ල දෙන්නගෙම රොටරියෙ තිබබ class වලටයි ගියෙ.

දැන් බලමු Biology වලට ගිය ගුරුවරු ගැන. මුල ඉඳලම ගියෙ ආචාර්ය හිරාන් අමරසේකර සර්ගෙ රොටරියෙ තිබිච්ච පන්තියට. නියම විදිහෙ ටියුෂන් ගුරුවරයෙක් කියන්න පුළුවන් පුද්ගලයෙක් තමයි හිරාන් සර්. කවදාවත් නින්ද ගිහිල්ලත් නෑ. එපා වෙලත් නෑ. ළමයින්ව පාඩමට හිත යොමු කරල තියාගන්න පුදුම හැකියාවක් තියෙන්නෙ.

බොහොම පොඩි කාලයක් චිත්‍රාණි ජයවීර මිස්ගෙ සිග්මා එකේ තිබ්බ Biology revision class එකට ගියා. නමුත් මිස්ගෙ අභාවය නිසා ඒ පන්තිය නැවතුනා.

ටියුෂන් ගුරුවරු ගැන කිව්වත් ඉස්කෝලෙ උගන්නපු ගුරුවරුන්වත් අමතක නොකර බැහැ. මම ගියෙ කොළඹ රාජකීය විද්‍යාලයට. 2005 හා 2006 අවුරුදු වල ජීව විද්‍යා අංශයෙන් A/L කළේ.

ඉස්කෝලෙ Biology කළේ පන්ති භාර ගුරුවරිය වෙච්ච කාන්ති දිසානයක මිස්. දැන් නම් ඉස්කෝලෙ උගන්නනවද කියන්න දන්නෙ නෑ. ඒ කාලෙ Bio කරන්න හිටියෙත් මිස්ල විතරයි. පිරිමි ගුරුවරු එක් කෙනෙක්වත් හිටියෙ නෑ.

Bio කියන කොට අමතක කරන්න බැරි නමක් තමයි Biology lab එකේ වැඩ කරපු රංබණ්ඩා අන්කල්. මොන පිස්සු වැඩක් Biology lab එක ඇතුළෙ කළත් කවදාකවත් තරහ ගත්තෙ නෑ.

Physics කළේ රණතුංග සර්. වැඩිය හිනා වෙන්නෙ නැති, හයියෙන් කතා කරන්නෙ නැති සර් කෙනෙක්. පන්තියට ආපු ගමන් ඉඳල උගන්නනව. උගන්නන ඒවයින් වැඩි ප්‍රමාණයක් තේරෙන්න ඇත්තෙ සර්ටම තමයි. එහෙම කිව්වෙ සර් උගන්නන විදිහ වැඩිපුර ගැළපෙන්නෙ Bio කරපු අපිට වඩා Maths කරපු අයට වීමයි.

Physics lab එකේ හිටපු නෝවා වත් රණතුංග සර්ව වගේම අමතක කරන්න බැරි කෙනෙක්. නෝවා වැඩිපුරම ඒ දවස්වල කළේ ජේසුස් ගැන ලියවිච්ච පොඩි පොතක් අතේ තියන් ඒක කියව කියව හිටපු එක.

Chemistry කළේ ඩයස් සිරිවර්ධන සර්. හොඳ සද්ධන්ත පුරුෂයෙක්. එකම එක දවසයි මට මතක විදිහට පුටුවෙ වාඩි වෙලා ඉගැන්නුවෙ. සමහර විට ඒ සර්ගෙ ඇගේ ප්‍රමාණයට පුටුවෙ ප්‍රමාණය හා පුටුවෙ සවි ශක්තිය නොගැලපීම වෙන්න ඇති. ඉගැන්නුවට වඩා කළේ වෙන වෙන ඒවා කියව කියව හිටපු එක.

Chemistry lab එකේ හිටපු එදිරිමාන්න අන්කල්වත් අමතක කරන්න බැහැ. අන්කල්ගෙ පුතා ඉගෙන ගත්තෙත් අපේ පන්තියෙයි.

A/L කරපු කාලෙ රාජකීය විද්‍යාලයේ හිටපු ගුරුවරුන්ගෙන් අමතක නොවෙන ගුරුවරු තමයි පටබැඳිගේ සර්, ශ්‍රීනාත් සර්, දංගල්ල සර්, ඉලේපෙරුම සර්, පොතුපිටිය මිස්, බස්නායක සර්, කළුපහන මිස්, කත්‍රිආරච්චි මිස් වගේ ගුරුවර, ගුරුවරියො. ඒ වගේම සුනාමියෙන් මිය ගිය රාජකීය විද්‍යාලයේ චිත්‍රාණි ජයවීර මිස්වත් ආදරයෙන් මතක් කරන්න ඕනෙ.

4 comments:

  1. කත්‍රිආරච්චි මිස්ගේ ක්ලාස් එකේ මම හිටියෙ. අපට දෙන්නා දෙන්නා ගානෙ කලේ. කලුපහන මිස් මතක ඇතිනෙ?

    ඕසී මිස් සෙල්වා සර් එක්ක කෙමිස්ට්‍රි. අලුත් සර් කෙනෙක් ෆිසික්ස්.

    හිරාන් ගාවටයි, සිරි එදිරිසිංහ ගාවටයි ඩග්ලස් ගාවටයි තමයි ටියුෂන් ගියේ.

    ReplyDelete
  2. මේක වෙලද දැන්වීමක්ද?

    ReplyDelete
  3. @ පිටස්තරයා - කළුපහන මිස්ව හොඳට මතකයි.

    එක subject එකකට දෙන්න දෙන්න දාල උගන්නන්න ගත්තෙ 2006දි ඉඳල. ඔය ක්‍රමේ මට හිතෙන විදිහට නම් සාර්ථකයි කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
  4. @ Anonymous - මේක වෙළෙඳ දැන්වීමක් නෙවෙයි. නමුත් ගුරුවරුන්ගෙ නම් නොකිය ටියුෂන් ගැන කතා කරන්න බෑනෙ.

    ReplyDelete