Tuesday, December 7, 2010

එකම ගීතය භාෂා තුනකින් ("මගෙ සුදු මාමේ", "Chinna Maamiye", "My Fair Uncle")

පහත දක්වල තියෙන්නෙ සී.ටී. ෆර්නෑන්ඩු ගායනා කරන "මගෙ සුදු මාමේ" කියන ගීතය භාෂා තුනකින් ගායනා කරල තියෙන ආකාරයයි. මේකෙ ඉංග්‍රීසි ගීතය යම් තරමක් සිංහල අය අතර ජනප්‍රිය වුවත් දෙමළ ගීතය නම් ගොඩක් අය අහල නැතුව ඇති. සිංහල අය අතර මේ දෙමළ ගීතය ජනප්‍රිය නැති වුවත් දෙමළ ගුවන් විදුලි නාලිකාවලින් නම් සමහර වෙලාවට මේ ගීතය ප්‍රචාරය වෙනව අහන්න පුළුවන්.

"මගෙ සුදු මාමේ" ගීතය සී.ටී. ෆර්නෑන්ඩු විසින් ගායනා කරන වීඩියෝවක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසා මෙහි දක්වල තියෙන්නෙ "Los Caballeros"ල ගායනා කරපු "මගෙ සුදු මාමේ" ගීතය.



මේ තියෙන්නෙ දෙමළ ගීතය. (Chinna Maamiye)



මේ තියෙන්නෙ ක්‍රිස්ටෝෆර් පෝල් විසින් ගායනා කරන "My Fair Uncle" ගීතය.


4 comments:

ravinrosh said...

සිංහල ගීතය සහ english version එක
දෙකම සමානව ගැලපෙන නමුත් මේ දෙමළ
ගීතයෙන් කියවෙන්නේ "පොඩි නැන්දා" ගෙන්
ඇයගේ දුව ගැන බෑනා විමසන අයුරය.
මෙහි තනුවත් සිංහල ගීතය හා නොගැළපේ.

දුමී said...

ස්තූතියි බෙදා හදා ගත්තට....

Charith Weerakkody said...

@ ravinrosh - වැරැද්ද නිවැරදි කළාට ස්තූතියි.

ඔබ කියූ ආකාරයට ගීතයේ පද වල නොගැලපීමක් තිබුණත් තනුවේ යම් සමානකමක් තියෙනව නේද?

Charith Weerakkody said...

@ දුමී - ස්තූතියි comment එකට.