Saturday, March 12, 2011

මගේ ක්‍රිකට් මතකයෙන් බිඳක් - 2 || එදා මෙදා තුර හොඳම සිංහල ක්‍රිකට් ගීතය

මේ දවස්වල ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ මොරාල් එක නග්ගන්න එක එක සිංදු රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය වෙනවා. ඇත්තටම ඒ එක සිංදුවක්වත් මිනිසුන් අතර ජනප්‍රිය නැහැ. ජනප්‍රිය කියන එකෙන් මම අදහස් කළේ මිනිස්සුන්ට ඒ එක ගීතයක්වත් කටපාඩම් හිටින්නෙ නැති නිසයි.


ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වුනු 1982 කාලයේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ඒ වෙනුවෙන් නිකුත් කළ "Test Cricket Souvenir" නම් ඇල්බමයේ අඩංගු වුනු "තණ නිල්ල දිගේ" ගීතය තරම් වෙනත් ක්‍රිකට් ගීතයක් අපේ රටේ ජනප්‍රිය නොවුනු තරම්. මේ ගීතය තවමත් මිනිසුන් අතර ජනප්‍රියයි. ඒකට හේතුව සරල වචන කීපයකින් මිනිසුන්ට මතක හිතෙන ආකාරයට මේ ගීතය නිර්මාණය කර තිබීම. දැන් කාලෙ ලියැවෙන ගීත වල පද මාලා මීටත් වඩා සරල වුනත් කාටවත් ඒව මතක හිටින්නෙ නෑ.


2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලාංකාවේ ක්‍රිකට් තේමා ගීතය විදිහට "තණ නිල්ල දිගේ" ගීතය යොදා ගත්ත නම් ඒක කොයිතරම් වටිනවද. ඒත් මේ වගේ ගීත යට කරල දාල "කොදෙව් රටේ පොල්ගස්වල කරටි කඩන්න" එන්න කියන සිංදු යොදා ගැනීමෙන් පේන්නෙ අපේ රසඥතාවය 80 දශකයේ ඉඳල 2011 වසරට එන කොට මොට වෙලා ගිහිල්ලා කියන එක නේද?

3 comments:

sankalpana.info said...

ඔව් ඔව් ඉන්දියන් කාරයා මේ WC එක උන්ගේම ප්‍රමෝෂන් එකක් කරගත්තා. අපේ කියලා සින්දුවක් හදාගන්න බැරි අය මොකටද?

ලොකුවට ඉරාජ් චින්ති භාතිය සංතුෂ් තව තව ලොකු ලොකු නම් කිව්වට රැප් රොක් ස්ටාර්ලා කිව්වාට මෙයාලාට ඉන්ටර්නෙට් එක නැත්නම් පේලියක් තාලයට හදාගන්න බෑ මම හිතන්නේ ඔක්කෝම කොපි....

ඒ අතින් මේ සින්දුව 100 වාරයක් හොඳයි.

budhajeewa said...

මේක පට්ට සිංදුව. කික් එකටත් වඩා මාර ගතියක් තියනවා.

හැබැයි ළහිරුගෙ "එන්න" සිංදුවත් නරක නෑ, ඒකට "නිල" පට්ටමක් දීපු එක තමා වැරදි.

Charith Weerakkody said...

@ sankalpana and budhajeewa - මේ සිංදුව ආසාවටවත් ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රචාරය කරන ගීත අතර ප්‍රචාරය කරන්නෙ නෑ. අළුත් සිංදු අහන කොට කිසිම කික් එකක් එන්නෙත් නෑ.

සමහර විට අපි ටිකක් දැන් වයසක මිනිස්සු නිසා වෙන්න ඇති. නැත්නම් අළුත් සංගීතයත් එක්ක අපි වෙනස් වෙලා නැතුව ඇති.