ඔබටත් වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත නොහැකි රෝගයක් වැළඳී තිබෙනවාද?
පිළිකා, ඇස් නොපෙනීම, කන් නොඇසීම, ගොළු බව, කොර වීම වැනි රෝගාබාධයන් තිබෙනවාද?
මෙන්න එහෙනම් එම රෝගාබාධයන් සුව කර ගැනීමට හැකි එකම මග.
අද දින (මාර්තු 13) සවස 5ට පමණ ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන "දේව පාමුල" යාඥාවට සහභාගි වන්න. ඔබට ඇති සියළුම කායික, මානසික දුර්වලතා මග හරවා ගත හැක.
හැබැයි බැරිවෙලාවත් ඔබේ ආත්මය ශුද්ධාත්මයාණන් වහන්සේ හා එක් වුවහොත් එනම් ඔබ මරණයට පත් වුවහොත් එයට මා වග කියනු නොලැබේ.
මෙය මුදල් නොගෙවා, පිං තකා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
ප.ලි. - මේ යාඥාවන් කරන පාස්ටර්ල්ලා කීප දෙනෙක් මහරගම පිළිකා රෝහල, කොළඹ මහ රෝහල වගේ රෝහල් කීපෙකට අනුයුක්ත කලොත් අනාගතේ දොස්තරලට යන වියදම ඉතුරු කර ගන්න පුළුවන් වෙයි.
4 comments:
හරියට හරි මල්ලි....
මේවා කරන හොර පාදිලි තුමන්ලා බෙහෙත් ගන්න යන්නේත් දොස්තරලා ගාවට... hikkzzz
අපි මේවාට කොහෙන් හිනා වෙන්නද?
අනේ මේවාට යන අසරණ මෝඩ මිනිස්සුන්ට කාගේ සරණද?
ප.ලි:
2010 වසරේදී මොවුන් මිනිසුන් 12 දෙනෙකු ලෙඩ සුව කරන්න ගොස් අමු අමුවේ මරා දමා තිබෙනවා. (මාධ්‍ය මගින් එලි කල) නොකල සහ වාර්ථා නොවූ ගණන 100 - 200ක් හෝ 1000ක් ඉක්මවිය හැකි නේද?
ඉතින් මේ මිනී මරණ දෙවියන් jesus කෙනෙක්?
@ sankalpana - අන්තිම දවසෙ මාත් මේක බලන්න ගියා. හොඳම සීන් එක තමයි හාමුදුරු නමකුත් ඉස්සරහම පේළියෙ වාඩි වෙලා හිටිය එක. හාමුදුරුවොත් ශුද්ධාත්මයාණන් වහන්සේ පිළි අරන් වගෙයි එතන හිටියෙ. මේ අවස්ථාව වීඩියෝ කරන්න හැදුවත් ඒකටත් බාධා කළා මෙතන හිටපු ආරක්ෂකයො. මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් තව ටික දවසකින් දාන්නම්.
m;H oek.;a l, m;H kqnj ksoyia lrhs
Post a Comment