Monday, August 1, 2011

ඔයා මාරයි සුනේත්‍රා!!!

සුනේත්‍රා, ඔයා මේ පාරත් කොහොම හරි අර ස්වර්ණ පුස්තක කියන සම්මානෙ ගන්න කොහොම හරි ඔයාගෙ පොතක් රිංගවා ගත්ත නේද? කොහොම හරි ගිය අවුරුද්දෙ "බුද්ධදාසිට" ලැබුනෙ රුපියල් පනස්දාහක් විතරක් හින්ද මේ පාර "කවි කඳුර" රිංගවා ගත්ත නේද?


කාටවත්ම කියවන්න බැරි "පොදු පුරුෂයා" පොතෙන් එක පාරම රුපියල් පන් ලක්ෂ පනස්දාහක් හොයා ගත්තු ඔයා දැන් හැමදාම ස්වර්ණ පුස්තකේ අන්තිම පොත් පහට තේරෙන්නෙ කොහොමද කියන එක ගොඩක් දෙනෙකුට නොතේරෙන දෙයක්. ඔයා ඔය ලක්ෂ පහමාර වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයට වියදම් කරන ගාණත් කිව්වනම් හොඳයි නේද?


බොරුවට සුදු සිල් රෙද්දක් පොරව ගෙන සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්න ඔයා ලක්ෂ පහමාරක් වෙනුවෙන් කරන මේ බොරුවෙන් වෙන්නෙ ස්වර්ණ පුස්තකේ හැමදාමත් එක් පිරිසකට විතරක් ලැබෙන එක විතරයි නේද? කවදාවත් මේ ස්වර්ණ පුස්තකෙන් අපේ සිංහල සාහිත්‍යය නගා සිටුවන්න ඔයා වගේ මේ කීප දෙනෙක් කරන වංචාවෙන් බැරි වෙනව නේද?


විනිශ්චය මණ්ඩලවල ඉන්න උදවියත් ස්වාධීනව කටයුතු කරනවනම් මේ වගේ හැමදාම එකම කට්ටියකට විතරක් සම්මාන ලැබෙන්න විදිහක් නැහැ නේද?

No comments:

Post a Comment