Friday, September 9, 2011

රස්සාව


topjobs වල කරක් ගහල vacancies ගොඩකට apply කළා.


එයින් එකක interview ගිහින් අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තා.


Training එකටත් ගියා.


Production එකට ගිහින් දවස් තුනකින් නොදන්වාම නිවාඩු 2ක් ගත්තා.


ආපහු රස්සාවට යන්නද? එපාද? නැත්නම් දැනටමත් මාව රස්සාවෙන් අයින් කරල ඇද්ද?


පළවෙනි රස්සාවෙ මේ වගේ අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දීල යන්න.

6 comments:

sameera said...

හොද ආයතනයක් නම් ගැටලුවක් නෑ ආපහු යන්න ගිහින් අදාල පුද්ගලයන් හමුවෙලා නිවඩු ගැනීමට සිදුවූ බව කියන්න... මොනව උනත් නිවඩුවක් අවශ්‍යනං නිවාඩු ඉල්ලලා නිවඩු ඉල්ලුම් පතක් පුරවා දීම ඉතා සුදුසු ක්‍රමයයි.

deeps said...

අමාරුවෙන් හොයා ගත්ත රස්සාවට නොයා ඉන්න එක නම් එච්චර හොඳ නැහැ මම හිතන විදියට.

Chanaka Aruna Munasinghe said...

කෝල් එකක් දෙන්න,

Charith Weerakkody said...

රස්සාවෙන් අයින් වෙන්න කියල ගෙදරින් කියන නිසා අයින් වෙන්න වෙලා තියෙන්නෙ. ඒ ගොල්ලන්ගෙ තියෙන හීනමානෙ නිසා මටයි රස්සාවෙන් අයින් වෙන්න වෙලා තියෙන්නෙ. ආපහු රස්සාවල් හොයන්නෙත් නෑ. රස්සාවකට යන්නෙත් නෑ කියල තීරණය කළා.

Sandamal said...

හොඳ එකක් හම්බෙනකන් තියෙන එකට යමන්.. නැත්තං කාලෙ අපරාදෙ

Nadun Dissanayake said...

මම ලොක්ක නම් උඹව රස්සාවෙන් දොට්ට..

බන් රැකියාව දේව කාරිය වගේ හොඳින් කරන්න ඕන. රැකියාව කියන්නේ උඹේ අතට හම්බවෙන මුදල නොවෙයි. ඒක විශාල වගකීමක්.

අපි දන්නවා කාටත් කරදර, අත්‍යාවශ්‍ය කාරණා ඇති වෙනවා. ඒත් යුතුකමක් තියනවා අදාල ඉහල නිළධාරීන්ට අඩුම තරමේ ඇමතුමක් ලබාගෙන සිද්ධිය කියන්න. එතකොට එයාල පිළියමක් දෙනවානේ.

උඹනම් කරලා තියෙන්නේ අන්තිම වැරදි වැඩක්.