Monday, September 19, 2011

සයිමන් නවගත්තේගමගෙ පොත්වලට ආස කවුද?

සුභ ආරංචියක් කියන්න තියෙනව. කාලයක් හොයා ගන්න බැරුව තිබ්බ සයිමන් නවගත්තේගම මහත්මයගෙ පොත් කීපයක නැවත මුද්‍රණයක් "ෆාස්ට් පබ්ලිෂින්" ආයතනය කරල තියෙන්ව. 25%ක වට්ටමක් පොත් ප්‍රදර්ෂණයෙ දෙනව. මරදානෙ සුරස පොත් හලෙත් 25%ක වට්ටමක් මේ මාසෙ පුරාම දෙනව. දැනට මුද්‍රණය කරල තියෙන්නෙ "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා", "දඩයක්කාරයාගේ කතාව" සහ "සුභ සහ යස" කියන පොත් තුන විතරයි. ලබන මාසෙදි "සංසාරණ්‍ය අසබඩ" හා "සුද්දිලාගෙ කතාව" කියන පොත් දෙකත් මුද්‍රණයෙන් පිට වෙනවලු.


පුළුවන් අය මේ පොත් ටික අරන් කියවන්න. වෙනස් විදිහක සිංහල නවකතා කියවන්න කැමති අයට හොඳ පොත් ටිකක් තමයි මේ. ඒ වගේම අවුරුදු ගාණකට මේ පොත් ටික ආපහු මුද්‍රණයකින් පිට වෙයිද කියල හිතන්නත් අමාරුයි.

3 comments:

  1. " ක්ෂීර සාගරය කැළඹිණ " කියල පොතකුත් තියනවා. ඒකත් අමුතුම විදියකට ලියපු එකක්. සර්වෝදය ප්‍රකාශනයක්

    ReplyDelete
  2. මම නම් නවගත්තේගම මහත්මයා ලියපු පොත් වලින් ආසම සුද්දිලාගේ කතාව පොතට.........

    ReplyDelete
  3. මමත් එයාගෙ ඔක්කොම පොත් කියවල නෑ තවම. අහලවත් නැති නම් තියෙනවනෙ මෙතන.
    හැබැයි සුද්දිලාගෙ කතාවටයි මම වුනත් ආස කලේ.

    ReplyDelete