Monday, December 26, 2011

O/L, A/L ICT ටියුෂන්

දැන් ඉතින් SLIIT එකේ ඉගෙන ගෙන ඉවර නිසාත්, කර කර හිටපු රස්සාවෙන් අයින් වුණු නිසාත් අලුතෙන් මොකක් හරි කරන්න හිතුවා. අන්තිම අවුරුද්දෙ "Entrepreneurship" කියන විෂ‍ය ඉගෙන ගත්තු නිසා මමම බොස් වෙලා මොකක් හරි පටන් ගන්නයි ආසාව වුණේ.


ඉතින් ඒ අනුව මම හිතුව ටියුෂන් කරන්න පටන් ගන්න. කරන විෂය තමයි O/L සහ A/L ICT. හිතුව විතරක් නෙමෙයි, දැනටමත් පටන් අරන් තියෙන්නෙ. කලින් කර කර හිටියෙ ගෙදරටම ගිහින් ටියුෂන් කරන්න. ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ස්ථිර ස්ථාන දෙකක ඉදල ටියුෂන් කරන්නයි ඉන්නෙ.


ඉතින් ඔය වැඩේට ඕන කරන වැදගත්ම දේ වෙන ප්‍රචාරණයට මම පාවිච්චි කළේ hand bill බෙදන එකයි, පෝස්ටර් අලවන එකයි. මේ දෙකම අන්තිම අසාර්ථකයි මේ කාලෙ නම්. Hand bill බෙදන එවුන් ඒව විසි කරල යනව. පෝස්ටර් ගැහුවම පාප්ප වේලෙන්නත් කලින් වෙන මොකෙක් හරි ඒකෙ උඩින් අලවනව. නැත්නම් පහුවදාට නගර සභාවෙන් ගලවන් යනව.



ඉතින් ඔය හේතුව නිසා මම හිතුව ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට බ්ලොග් එක පාවිච්චි කරන්න. ඉතින් කාට හරි O/L ICT වලට හරි, A/L ICT වලට හරි ටියුෂන් ඕන නම් මට email එකක් දාන්න, තමන්ගෙ දුරකථන අංකයත් එක්ක මෙන්න මේ email address එකට.


charithsriyan@gmail.com


මේ පාර A/L කරපු අයගෙන් ICT වලට revision කරන්න ඕන අයටත්, Chemistry වෙනුවට ICT කරන්න ඉන්න අයටත් ටියුෂන් ඕන නම් ඉහත email address එකට email එකක් දාන්න.


පානදුරේ ටියුෂන් කරන්නෙ "U.E.S." කියල තැනක. 10,11 පන්ති තියෙන්න ඉරිදා හවස් වරුවෙ. 10 ශ්‍රේණියට සවස 2 - 4 දකවාත්, 11 ශ්‍රේණියට 4 - 6.30 දක්වාත් පන්ති පැවැත්වෙනවා.


දෙහිවල කරන්නෙ "සිප්සර" කියල තැනක. 10 ශ්‍රේණියට සෙනසුරාදා උදේ 8 - 10 දක්වාත්, 11 ශ්‍රේණියට සෙනසුරාදා 10 - 12.30 දක්වාත් පන්ති පැවැත්වෙනවා.


ඉතින් කාටහරි O/L, A/L ICT වලට ටියුෂන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉහත email address එකට email එකක් දාන්න කියල ඉල්ලනව. හැබැයි බොරුවට email කිරීමෙන් වළකින්න කියලත් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment